IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


චොකලට් එකක් හොරා ගත්තැයි තරුණියට වටකරගෙන ගහලා

(යොහාන් භාසුර)

බොරැල්ලේ සුපිරි වෙළඳසැලකදී ඊයෙ (22) තරුණියක අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය පිළිබඳව පොලිස් මූලස්ථානයට පැමිණිලි කරන සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංමයේ සභාපති අසේල සම්පත් මහතා අද පැවැසීය.

නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් මෙම සිද්ධිය පිළිබඳව වහාම ආරම්භ කළ යුතු යුතු බවත් ඔහු පවසයි.

සමාජ මාධ්‍යයක ඇතැම් දේවල් පළ කර වහාම අත්අඩංගුවට ගන්නා ශ්‍රී ලංකා පොලීසිය මෙම සිද්ධිය පිළිබඳ ක්‍රියාත්මක නොවීම පිළිබඳ දැඩි සැකයක් මතුවන බව කී අසේල සම්පත් මහතා මෙම සුපිරි වෙළෙඳ සැල තුළ දී තරුණියකට අමානුෂිකව පහර දීමේ සිද්ධිය සමාජ මාධ්‍යවල පළ වී පැය 24කට ආසන්න කාලයක් ගතවී තිබුණද කිසිදු පියවරක් ගෙන නොමැති බවද සඳහන් කළේය.

කාගීල්ස් ෆුඩ්සිටි සුපිරි වෙළඳසැල් ජාලය මේ සම්බන්දයෙන් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ අදාල සිද්ධිය පිළිබඳ කනගාටුව පළ කරන බවත් එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව විනය පියවර ගන්නා බවත් කියා ඇත.

 

 

 

 

 



අදහස් (37)

චොකලට් එකක් හොරා ගත්තැයි තරුණියට වටකරගෙන ගහලා

සනුක Saturday, 23 September 2023 11:41 AM

හොරකමක් වුණොත් පාඩුව ඔය වැඩකරන ළමයින්ගේ පඩියෙන් කපාගන්නේ. ඉතින් සේවකයින්ට තරහ යන්නේ නැද්ද? දැන් ඔය හෙරගේ පැත්තට කතාකරන මෝඩයින් තමන්ගේ පොකට් එක හොරාකාපු මිනිහාව අහු වුණොත් මෛත්‍රී කරකර නිකන් ඉන්නවාද? ඔය සැලකුවා හොඳ වැඩියි...

:       158       36

anton austriaSaturday, 23 September 2023 02:00 PM

තවත් හරකෙක්. කොහෙද බන් තියෙන්නේ හොරෙක් ට ගහන්න කියලා. නූගත් කම පෙන්වන්න එපා..

:       12       100

Pradeep KumaraSaturday, 23 September 2023 03:45 PM

ඒ කියන්නේ රටේ ඕනෑම කෙනෙකුට පවතින නීතියෙන් පරිභාහිරව නීතිය තමන්ගේ අතට ගන්න පුළුවන්? හපොයි රටකට ගිය කලක්...

:       7       57

ChSaturday, 23 September 2023 03:58 PM

පහර දෙන අයත්, පහර කන අයත් එකම පන්තියේ. පහර දීමට හා පහර කෑමට යොමුවීමට මගපාදපු අය ඉහළ පන්තියේ...!

:       5       61

NIMALSaturday, 23 September 2023 06:14 PM

වරද කුමක් වුවද නීතිය අතට ගැනීමට කිසිවකුට නොහැකියි. මෙම සිදුවීම ලංකාවේ මෙවැනි පහරදීම කරනා පුද්ගලයින්ට හෝ අනාගතයේදී මෙවැනි සිදුවීමක් නොවීමට, මෙම සිදුවීම අමතක නොවන සිදුවීමක් වීමට නීතිය ක්‍රියාත්මක විය යුතුවේ. වරදක් නිසා හෝ වෙනත් හේතුවක් නිසා පුද්ගලයකු වෙනත් පුද්ගලකුට පහර දුන්නොත් පළමුව පහරදුන් පුද්ගලයාද පහරදීම නිසාම වරදකරුවකු බවට පත්වන නීතිය ලංකාවේත් හඳුන්වා දී ක්‍රියාත්මක විය යුතුවේ. පොලිසිය තිබෙනුයේ නීතිය ක්‍රියාත්මක කිරීමට වේ...

:       0       1

Bamunuarachchi Saturday, 23 September 2023 11:42 PM

මෙයා නම් ගොනෙක්. මේ වගේ මෝඩයෝ තමයි සුපිරි වෙළඳ සලකදී මිනිස්සුන්ට ගහන්නේ... මේක අම්මාගේ, අප්පාගේ බූදලයක් නොවෙයි. Shop lifting වලට අසු වුණා නම් එතැන ආරක්ෂක නිලධාරීන්ට සොරාව බාරදීලා අයින් වෙන්න. මිනිස්සුන්ට ගහන්න කාලකණ්ණින්ට බලයක් දීලා නැහැ...

:       1       8

KumaraSunday, 24 September 2023 08:00 AM

ශිෂ්ඨ සමාජයක නීතිය කියලා දෙයක් තියෙන්නේ ඒකට... කඩේ ඇතුලේ ගුටිකෑව කෙනාත් ඒ විදියටම හිතුවොත් ඔය සිද්ධියට සම්බන්ධ සියලුම දෙනාට වෙනත් අවස්ථාවක තමනුත් අමානුෂික දඬුවමක් දෙන්න අයිතිය තියෙනවා ඔය හිතන විදියට කැලෑ නීතියට අනුව... අද ලංකාවේ නීතිය යුක්තිය නෙමෙයි. ශිෂ්ඨ සමාජයක මෙය අනුමත කළ නොහැක්කක්...

:       0       7

Dushar Dayarathna Saturday, 23 September 2023 11:43 AM

ගොඩක් දුකයි.

:       4       50

Lal Saturday, 23 September 2023 11:47 AM

මේවායේ ඉන්නේ ඉතාම දුර බැහැර ගොඩක් දුක් විඳපු.. සමාජය ගැන වයිරයෙන් ඉන්න අන්ත දුප්පත් කොටස් ... ඔවුන්ගේ පීඩනය පිට කරන්නේ මෙහෙමයි .. JVP වගේම තමයි.

:       97       69

sweneSunday, 24 September 2023 06:41 AM

ලාල්ට JVP එක කරපු හොරකම මොකද්ද කියලා කිව්වා නම් හොඳයි...!

:       1       2

Nimal Saturday, 23 September 2023 11:50 AM

ගෙදර යන ගමන් පහර කන්න එන්න. දිවයින පුරාම ශාඛා ඇත.

:       10       89

gamage Saturday, 23 September 2023 12:18 PM

ලාල්ට අමු කැවිලාද? කොහෙද යන්නේ මල්ලෙ පොල්... ජවිපෙ කාරයින්ගේ හැදිච්ච හැසිරීම්, මීටින් එකක් අවසානයේ එම බිම පිරිසිදු කිරීම වැනි යහගුණ දකින්නේම නැද්ද? තවමත් අර රැළ පස්සේමද යන්නේ? ඉතින් කොහොමද රටක් හදන්නේ.? මේ වගේ ගොන් රැළක් එක්ක.

:       39       70

mahi Saturday, 23 September 2023 12:21 PM

දේශපාලන ගේමක්...!

:       14       3

Krishan Saturday, 23 September 2023 12:29 PM

හොරකම් කළා කියලා ඔහොම පහරදිම වරදක්... අනික කාන්තාවකට පුරුෂයින් පහර දෙනවා... කෝ දැන් රෝසි ඇන්ටිලාගේ කාන්තා හඬවල් කෝ ජවිපෙ සමාජවාදි කාන්තා සංගම් කෝ? ඇයි නිහඬ? හොරකම් කළා නම් ඒකට පොලිසියට පැමිණිලි කරලා 119 තියෙන්නේ ඕකට පොලිසියට භාරදෙන්න ඕනෑ. ඕකේ සේවකයින් කළ පළමු පහරදිම නොවේ. ඒනිසා පහර දුන් අයට වගේම කාගිල්ස් ආයතනයටත් එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. පොලිසිය සල්ලිවලට නිහඬද යන්න ගැටළුවක්... මොකද හරක් කටා ගැන සිදුවිම් නිසා පොලිසිය ගැන මිනිස්සු බලන්නේ දැන් ඌරන් දිහා බලන විදියට තමයි..

:       8       67

සත්‍යපාල Saturday, 23 September 2023 12:45 PM

ඔය ආයතනයේ කට්ටිය සමහර වෙලාවට ප්‍රොමෝෂන් එකක් කියලා වංචා කරන අවස්ථා තියෙනවා. එහෙම වැඩකින් පස්සේ මම ඔය ආයතනයෙන් මිලට ගැනීම නතර කළා. ඒත් කියන්න ඕන බොහෝවිට ඔය ආයතනයේ භාණ්ඩ මිල අනෙක් ආයතනවලට සාපේක්ෂව අඩුයි කියලා. ඒත් සමහර අවස්ථාවල සේවකයින් හරිම අහංකාර ගතියකුත් පෙන්වනවා. කිරලා ගන්න භාණ්ඩ ගන්න සෑහෙන වේලාවක් ඉන්නම වෙනවා. සමහර වෙලාවට සිකියුරිටි නෝනා බඩුකිරන්න යනවා මිස කඩේට එන අයට වාහනය නවතන්න හෝ පිටවීමේදී වාහනය මාර්ගයට ගන්න උදව්වක් කරන්නේම නැහැ. කොටින්ම කිව්වොත් සේවකයින්ට පුහුණුවක් නැහැ කළමනාකරණය ඉතාමත් දුර්වලයි...

:       5       78

GunendraSaturday, 23 September 2023 02:22 PM

ඇත්ත තමයි.

:       2       14

Ravindra Saturday, 23 September 2023 12:56 PM

මෙය කාර්යමණ්ඩලය පිළිබඳ ආචාරශීලී හෝ දුර්වල පසුබිමක් නොවේ! මෙය දුර්වල කළමනාකරණයකි. තත්වය ඔවුන්ගේ වැඩ ආචාර ධර්ම පෙන්නුම් කළේය. මම ජීවත් වන්නේ එංගලන්තයේ, අපට විශාල සාප්පු එසවුම්කරුවන් සිටි නමුත් අපි ඔවුන් සලකන්නේ ගනුදෙනුකරුවන් ලෙසය. අපට යමක් අහිමි වුවහොත්, අපි අපගේ පද්ධතියට ඇතුළු වී නැවත පොලිසියට කතා කරමු. පාරිභෝගිකයා හෝ සාප්පු සොරකම් කරන්නන් ස්පර්ශ කිරීමට අපට අයිතියක් නැත. අපි ඔවුන්ට පාරිභෝගිකයෙකු ලෙස සමානව සලකමු. අපේ මේ වගේ හැසිරීමක් නම් අනිවාර්යයෙන්ම අපේ රැකියා නැති වෙනවා. මෙම සිදුවීමෙන් පෙනී යන්නේ කාර්ය මණ්ඩලයට ද කිසිදු අනුකම්පාවක් නොමැති බවයි...

:       4       61

Nihal Saturday, 23 September 2023 12:58 PM

වැරැද්දක් කළා නම් පොලිසියට බාර දිය යුතුයි.

:       4       57

සුරංග Saturday, 23 September 2023 02:04 PM

මේ අදහස පිළිගන්න බැහැ.. මොකද මෙහෙම දේවල් වලටත් පොලිසියට ගියාම පොලිසියට අත්‍යාවශ්‍යම දෙයක් කරන්න කාලයක් නැහැ. ඇත්තටම ඔය කියන ආයතනවල පාලකයෝ ඉන්නවා. ඉතින් ඔවුන් මැදිහත්වෙලා සාකච්ඡා කරලා විසඳුමක් දෙන්න පුළුවන්. කොහොම වුණත් ගහන්න යන්න බැහැ...

:       5       18

sweneSunday, 24 September 2023 06:38 AM

ලංකාවේ හොරකමත් දඬුවම ක්‍රියාත්මක කෙරෙන හැටිත් ඉතාමත් ප්‍රශංසනීයයි... තෝරු, මෝරු නිදැල්ලේ ඉන්න ගමන් කුඩා එවුන් පොලිසියේදීම මැරෙනවා...

:       0       3

Rosa Saturday, 23 September 2023 02:45 PM

අනේ ගමගේ... ඔයා 89/89 ඉපදිලා හිටියේ නැද්ද..? ඔයා කියන විනයගරුක JVP අයගේ විනය ගැන ඒ කාලේ හිටපු කෙනෙක්ගෙන් අහගන්න.

:       30       32

ගුණවර්ධන Saturday, 23 September 2023 03:47 PM

කවුරු විරුද්ධ වුණත් රෝසා හරියටම හරි. ඒ කාලයේ ජෙප්පන් පමණක් නොවෙයි, එකල විපක්ෂයේ ප්‍රධානියන් මෙන්ම ආසන සංවිධායකලාත් භීෂණය කළා. ජෙප්පො හරියට විනය ගරුකව කටයුතු කළා නම් ඔවුන්ට කියන්න තිබුණා ඒවා කලේ අපි නොවෙයි, අරුන් කියලා ජෙප්පෝ එහෙම කළේම නැහැ. ඉතින් කොහොමද ජෙප්පෝ විනයානුකූලව කටයුතු කළා කියලා කියන්නේ...? 

:       12       20

මරාSaturday, 23 September 2023 03:51 PM

ඉපදිලා හිටියා, ඔයාලා වගේ මරි මෝඩයින් නිසා තමයි අද රට මේ තත්වයට පත්වෙලා තියෙන්නේ... ඇස් ඇරලා බලන්න ඔයාලාගේ විනය තියන පාලකයින් රට පත්කරලා තියන තත්වය...

:       14       21

sweneSunday, 24 September 2023 06:48 AM

88/89 කෙරුණු වැඩ සියල්ල JVP එකටම පටවන එක වැරදියි. අනික 88/89 දි නොවියයුතු දේවල් සිදුවූ බවත් ඒ වෙනුවෙන් සමාව ඉල්ලීමත් JVP එකේ නායකයා ප්‍රසිද්ධියේම කියල තියෙනවා. වසර 35 ක අතීතයක් ගැන මෙනෙහි කරමින් කෑ මොරගහන අය ගේ අතින් වැරදි සිදුවී නැද්ද?

:       4       4

Ranga Saturday, 23 September 2023 03:29 PM

මෙතන අර හොරකම් කරපු ගෑණිගේ කොණ්ඩෙන් ඇදලා ගහන්නේ ගෑණු ටිකක්නේ... වීඩියෝ එකේ තියෙනවා ඔක්කෝම...

:       0       14

BUDDHIKA Saturday, 23 September 2023 03:46 PM

ඔය වගේ පහරදීම් සිදුවෙනවා. මමත් සුපිරි වෙළඳ සැලක වැඩ කළා. හොරකමක් කරලා අහුවුණොත් අල්ලගෙන ගිහින් ගහනවා. දණගස්වලා පින්තූර ගහනවා. වොෂ්රූම් හෝදවනවා. මේ දේවල් වලට ඇක්ෂන් ගන්න ඕනේ.

:       1       21

සාරංග Saturday, 23 September 2023 03:57 PM

කට්ටියක් ජේවීපී එකට බැනලා බොරදියේ මාලුබාගන්න හදනවා. රට පාලනය කරපු අනිත් පක්ෂ දෙකම ජේවීපී එකට වඩා මිනීමරලා හොරකම් කරලා රාජ්‍ය දේපල විනාශ කරපු බව ඒ අයට අමතක වෙලා...!

:       18       22

p0rasanna Saturday, 23 September 2023 03:59 PM

කාන්තාවන්ට පහර දෙන, ඝාතනය කරන අය ඉන්න එකම රට ශ්‍රී ලංකාව.

:       4       13

Vassntha Wijetunga Saturday, 23 September 2023 04:24 PM

මොන වරදක් කළත් කාන්තාවකට අමානුෂික ලෙස පහරදීම වැරැදියි. දඬුවම් ලබාදීම අධිකරණයේ රාජකාරියක්. කාන්තා කාර්යාංශය, මිනිස් අයිතිවාසිකම් සංවිධාන, කාන්තා අයිතිවාසිකම් සංවිධාන හ කාන්තා අමාත්‍යංශය නිහඬ ඇයි?...

:       0       1

kamal Saturday, 23 September 2023 04:39 PM

ඇයි සාරංග මතක නැද්ද 88/89 කාලේ ඔය ජේවීපී එකේ උදවිය ඇත්තටම රට ගිනි තියපු හැටි...!

:       10       19

pakeer Saturday, 23 September 2023 04:40 PM

හොරකම් කළා නම් කෙල්ලත් වැරැදියි. එයාට ගැහුවා නම් ඒ අයත් වැරැදියි. ඒකනේ කිව්වේ. පළමු ගල... පව් නොකරපු කෙනෙක් ගහන්න කියලා.

:       3       13

Kanchana Saturday, 23 September 2023 06:22 PM

ආයතනයේ නම කියන්න බැරිද?

:       0       1

Sampath Saturday, 23 September 2023 08:15 PM

නීතිය අතට ගන්න මේ සමාගම්වලට බෑ. ඒකට තමයි පොලිසිය තියෙන්නේ. මේ වගේ පහරදීම් සිදුවූ පළමු අවස්ථාව නොවෙයි, මීට පෙරත් මේ වගේ පහරදීම් සිදුවෙලා තියෙනවා. මේ වෙලාවේ ජනතාව ආයතනය සම්බන්ධව විනය පියවරක් ගැනීමයි කළ යුත්තේ. මම නම් ආයේ ඔහෙන් බඩුගන්න යන්නේ නැහැ. එච්චරයි...

:       0       1

Lalla Saturday, 23 September 2023 10:44 PM

හොරකම කළ ගෑණු ළමයා ප්‍රධාන සමාගමක විධායක නිලධාරීනියක් කියලා තිබුණා. ඒ වගේ අය තියාගෙන ඉන්න සමාගම්වලට දේව පිහිට තමයි ඉතින්...

:       0       0

පැරකුම් Sunday, 24 September 2023 09:31 AM

කවුරු මොනවා කිව්වත් අපිනම් මීට පස්සෙ ෆුඩ්සිටි නොයන්න තීරණය කළා...

:       0       5

Nimal Sunday, 24 September 2023 09:56 AM

මේ විකාර ඔක්කොටෝම මුල හරි සිස්ටම් එකක් නැති එක...

:       0       1

නිමල් Sunday, 24 September 2023 12:19 PM

මේක සිදුවෙලා තියෙන්නේ බොරැල්ල නොවෙයි හංවැල්ලේනේ. ඉතින් බොරැල්ල පොලිසියෙන් ක්‍රියා කරන්නේ කොහොමද?

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 1531 3

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 7585 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1367 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 398 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2206 1

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2220 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40067 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25965 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 246 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 407 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1310 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site