(අංජුල මහික වීරරත්න)

එක්සත් ජනපදය සහ එහි මිත්‍ර පාක්ෂිකයින් සමඟ ශ්‍රී ලංකාවේ මිලිටරි සහයෝගීතාව තවදුරටත් පුළුල් වීම පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරන බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

විශේෂයෙන්ම එක්සත් ජනපදයේ අභ්‍යවකාශ කක්ෂේත්‍රය " (space domain) ආශ්‍රිත ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සම්බන්ධ කර ගැනීම ගැන කනස්සල්ලට පත්වන බවද කොමියුනිස්ට්  පක්ෂය කියයි.

"ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා, එක්සත් ජනපදයේ සහ එහි මිත්‍ර පාක්ෂිකයින්ගේ සන්නද්ධ හමුදා සමඟ ක්‍රමයෙන් ඒකාබද්ධ වෙමින් පවතින බවට ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය නැවත නැවතත් ජනතාවට අනතුරු අඟවා ඇත.

 මෙම ක්‍රියාවලිය 2017 වසරේ අත්සන් තැබූ අත්පත්කර ගැනීමේ සහ අන්‍යෝන්‍ය සේවා සැපයීමේ ගිවිසුම' (ACSA) මතපදනම් වී ඇති අතර, ඊට මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය (Montana National Guard) සමඟ ඇති කරගත් රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන' (SPP) පිළිබඳ අවබෝධතා ගිවිසුම ද ඇතුළත් වේ. තවද මැද පෙරදිග කලාපයේ එක්සත් ජනපදය මෙහෙය වන මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහභාගී වීම, එක්සත් ජනපද හමුදා සමග ඒකාබද්ධ අභ්‍යාස  සහ එක්සත් ජනපදය විසින් ඒක පාර්ශ්විකව පනවා ඇති සමුද්‍රිය සම්බාධක ක්‍රියාත්මක කිරීමට දායක වීම ද මෙහිලා සඳහන් කල යුතුය යනුවෙන්ද එම නිවේදනයේ සඳහන්ය.

කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී.වීරසිංහ මහතාගේ අත්සනින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.