මිස් ෆ‍්‍රාන්ස් 2014 රූ රැජින තරගාවලියේ කිරුළ සඳහා තරග වදින අවසන් වටයට තේරුනු සුරූපී ප‍්‍රංශ යුවතියන් තිස්තුන් දෙනෙකු අද ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් ගුවන්යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියහ.
මෙම සුරූපිනියන් සමග 2013 මිස් ෆ‍්‍රාන්ස් කිරුළ හිමිකරගත් මැරීන් ලෝෆෙලීන් මෙනවියද වුවාය. ඇය පසුගිය ලෝක රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය හිමිකරගත්තාය.
මිස් ෆ‍්‍රාන්ස් රූ රැජින තරගාවලියේ මුලික වටයේ තෝරා ගැනීම් ප‍්‍රංශයේ පැරිස් නුවර ආශී‍්‍රතව සිදු කර ඇති අතර ප‍්‍රංශයේ කලාප 33 කින් පැමිණි වයස 18 ත් 25 ත් අතර වයසේ පුසවන සුරූපී යුවතියන් දහස් ගනනක් අතරින් අවසන් වටයට තේරුන සුරූපිනියන්ට මෙම ශ‍්‍රී ලංකා සංචාරය හිමි විය.
සිනමන් හෝටල් කාර්‍යමන්ඩලය සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්‍යමණ්ඩලය විසින් ගුවන්තොටුපොළ සේද මාවතේදී මෙරටට පැමිණි සුරූපිනියන් ඉතා උනුසුම් අන්දමින් පිළි ගනු ලැබීය.
මෙම සංචාරයේ ප‍්‍රචාරන කටයුතු සඳහා විදෙස් මාධ්‍ය වේදීන් 23 දෙනෙකුද අද දිවයිනට පැමිණි අතර එරට ප‍්‍රමුඛ පෙලේ පුද්ගලයින් 50 කට අධික පිරිසක්ද මෙරටට පැමිණියහ.
යුරෝ පන්ලක්ෂය වඩා වටිනාකමින් යුතු ප‍්‍රචාරන ප‍්‍රසිද්ධියක් ලබා ගනිමින් මෙය ටීඑෆ්1 ඔස්සේ මිලියන 10 කට අධික ලෝක වාසී පේ‍්‍රක්ෂයන් වෙත සජීවීව විකාශය කිරීමටද නියමිතය.
මීට පෙර තායිලන්තය, මාලදිවයින, මෙක්සිකෝව හා මුරුසි වැනි රටවල් කරා මිස් ෆ‍්‍රාන්ස් හි වැඩසටහන් ගමන් කර ඇතත් මිස් ෆ‍්‍රාන්ස් තරගාවලි ඉතිහාසයේ පළමු වරට එහි අවසන් වටයේ තරගකාරිනියන් ශ‍්‍රී ලංකාවට පැමිනි අවස්ථාව මෙය වෙයි.
ප‍්‍රංශ යුවතියන්ගේ ශ‍්‍රී ලංකා සංචාරය සඳහා නිල චාරිකා සහකරු ලෙස ශ‍්‍රී ලංකන් ගුවන්සේවයද, නිල සත්කාරක සේවා සහකරු ලෙස සිනමන් හෝටල් හා රෙසෝට්ස් ජාලය කටයුතු කරයි.
මෙම සංචාරයේදී සිනමන් ලොජ් හබරණ හා සිනමන් බේ බේරුවල යන සිනමන් හෝටල්හි මෙම පිරිස නවතැන් ගැන්මට අපේක්ෂිතය. විශේෂයෙන් සංස්කෘතික ත‍්‍රිකෝණයට හා වනජීවී උද්‍යාන වලට මධ්‍යගතව පිහිටා ඇති සිනමන් ලොජ් හබරන ඔස්සේ අතිශය සුන්දර සංස්කෘතික විවිධත්වය හා වනජීවී සුන්්දරත්වය සංචාරයට එක්කරන අතර සිනමන් බේ බේරුවල හරහා රන් පැහැ වෙරළ තිරයක විවේකී සුන්දරත්වය ලගා කරමින් සුර්්‍යාලෝකය විඳිමින් මුහුද හා වෙරළ හරහා මොවුන් යොමු කිරීමට කටයුතු කර ඇත.
2014 වසරේ මිස් ෆ‍්‍රාන්ස් කිරුළ දිනාගන්නා ජයග‍්‍රාහිකාව මෙම සංචාරයෙන් පසු නැවත මෙරටට පැමිනෙන අතර එහිදි සිනමන් හෝටල් හා රෙසෝට්හි සන්නාම තානාපතිනිය ලෙස කටයුතු කරමින් මෙරටදි මෙන්ම ප‍්‍රංශයේදී ද විවිද වැඩසටහන් කිහිපයකට එක් වීමට නියමිතය.
සිනමන් හෝටල් හා රෙසෝට්හි සන්නාම අලෙවි ප‍්‍රධානී හා උප සභාපති දිලිප් මුද්දෙනිය මහතා පැවසූවේ මෙම උත්කර්ශවත් අන්තර්ජාතික ඉසව්ව සඳහා නිල සත්කාරන සේවා සැපයුම්කරු ලෙස කටයුතු කිරීමට ලැබීම මහත් ගෞරවයක් වන බවයි.
2014 මිස් ෆ‍්‍රාන්ස් තරගාවලිය ඔස්සේ ශ‍්‍රී ලංකාව උසස් තත්වයේ ගමනාන්තයක් ලෙස ගෝලීය වශයෙන් අවධානයට පත් වන බවත් ඔහු පැවසීය.
මෙරට සුන්දර දර්ශන තල ආශ‍්‍රීතව සිදුකෙරෙන රූප ගත කිරීම් හරහා මෙරට සුන්දරත්වය පිළිබිඹු කරන අතරේදීම මෙරට සතු අද්විතීය සංස්කෘතිය හා උනුසුම් ආගන්තුක සත්කාරශීලිත්වය තරගාවලිය නරමන්නන් කරා ගෙන යා හැකි වන බවත් කීය.
තමන් ඇතුළු සමස්ත සිනමන් කාර්‍ය මණ්ඩලයම මෙම සුන්දර යුවතියන් පිළිගෙන ඔවුන්ට හරවත් අත්දැකීමක් සමීප කිරීමට අපේක්ෂාවෙන් සිටින බවත් කීවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට හරිම සතුටුයි(දිල්)
ඇමති පුතාලගෙන් පරිස්සම් වෙන්න (දිල්)
ඔන්න කට්ටිය අතින් වියදම් කර ගෙන ආවා නම් කමක් නැත.එකටත් අපෙන්ම වගෙයි පෙන්නුම් කරන්නේ.කරන්න දෙයක් නැහැ නම් කුසගින්නේ ඉන්න කෙනෙකුට කන්න දෙන්න.පිනක්.(දිල්)
කෙනෙක්ව බදින්න පුලුවන්නම් (දිල්)
ලැජ්ජයි.... අඩ නිරුවතින් එන්නෙ.පොඩ්ඩක් කියන්න බලන්න අර රටේ සංස්කෘතිය ගැන දොඩන අය කොහෙද කියල?(දිල්)
පොල් කඩන්න වගේ හොඳ නැද්ද (දිල්)
රවී හරි , මුළු ලංකාවම හොඳි උන් ටික ඇරෙන්න (දිල්)
ආසියාවේ සුන්දරම දිවයිනට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු (නි)
ඊයේ පුවතක් තිබුනා රටවල් 33 ක් ආවා කියලා. අද කියනවා කෙල්ලෝ 33 ක් ආවා කියලා. අපේ කොල්ලන්ගෙන් කෙල්ලන්ට කිස්.(නදී)
බුදුන් වහන්සේ ඛේමා වට කියපු දෙය පොඩ්ඩක් මෙයාලට දේශනා කරන්න .අපේ රටට ආපු එකේ ජිවිතේටම වටින පණිවුඩයක් වෙවි එයාලට.අනේ අපොයි උපදිනවා, පවතිනවා, නැති වෙන කුණු ශරීරය.(නදී)
හරිම සතුටුයි...!!(නදී)
අනේ පව් දන් නැතිව ඇවිල්ල වගේ දවසින් තේරෙයි (දිල්)
අහ එයාල තවමත් මිනි ගවුම් අඳින්නේ අපේ අය ඕව ඇන්දේ 1977 නේ අපේ අය ඊට වැඩ කොච්චර දියුණුද.(දිල්)
ඇත්ත පසිදු .ලෝකය ගැන සමහර විටක කල කිරෙනවා (දිල්)
සන්ජීව ....ඔව් බදින්න පුලුවන් නම් දැවැද්දට හොද දේවල් ලැබෙයි.(නදී)
අල වගේද ගෝවා කියල ඇහුවලු. දැන් චෝගම් ඉවරයි. ඉතින් මෙම වැඩ සටහන ගොඩක් වටිනවා ලංකාවේ සුන්දර නම ලොව වටා ගෙනියන්න. මෙම උළෙල සංවිදානය කරන සැමට අපේ ගෞරවය හිමිවෙනවා. රටක් හැම පැත්තෙන්ම දියුණුවෙන්න මේ වගේ වැඩසටහන් ගොඩක් වටිනවා. ලංකාව සුන්දර රටක් වගේම සෑම දේටම නිදහසක් තියෙන රටක් නිසා මෙම වැඩසටහන ගොඩක්ම ලස්සන වේවි. මම නම් කියන්නේ මේක ඉවර වෙනකොටම තව වැඩසටහනක් දියත් කරන්න ඕනි. ඒකට තමයි කියන්නේ විප්ලවීය වෙනස කියලා. මම කියන්නේ සංචාරක කර්මාන්තයේ දියුණුව ගැන. (නදී)
මේ කෙල්ලෝ ටිකනම් හරිම ලස්සනයි. ලංකාවේ නෑනේ මෙහෙම කෙල්ලෝ .කොහෙද අපේ අය නාන්නේ නෑනේ.(නදී)
ශ්‍යාමලී කළුපහන, ලංකාවේ අය ඔයිට වඩා අඩ නිරුවතින්නේ පාරේ යන්නේ. ඒ අයට සංස්කෘතිය අවුලක් නැද්ද?(නදී)
ගින්දර....!! (නදී)
කොහොමද රූපයි ,චන්දියි ,කුසුමයි සමදරාටයි,නිලුටයි ඉන්දුටයි මේ වගේ අන්දලා කැකනදුර පැත්තේ බැස්සුවා නම්!(නදී)
අපි මොනවා කිව්වත් ඔයාල දියුනුයු කියන ලෝකේ ඕවට තමා ඉල්ලුම වැඩි. ඉල්ලුමට සරිලන සැපයුම තිබුනොත් අපී ආර්ථිකයට හොදයි. මේ වගේ කිරිල්ලියන් පුළුවන් තරම් ඇමරිකාවෙන්, එංගලන්තෙන්, ජර්මනියෙන් ගෙන්නලා මාද්‍ය මෙහෙයුමක් තියන්න ඕනේ. විශාල ප්‍රතිචාරයක් ලැබෙනවා සිකුරුයි. අද ඔක්කොමටම ඕනේ සල්ලි. සල්ලි වියදම් කරා නම් ඔය චෝදනා මොහොතින් උඩු යටිකුරු කරන්න පුළුවන්. (නදී)
මට නම් අපේ කෙල්ලෝ පොඩී මේක්අප් එකක් දාල ඔසරියක් අන්දලා ගත්තම හරිම ලස්සනේ (දිල්)
ශ්‍යාමලී කළුපහනට එයාගෙම නිරුවත පෙනිලා වාගේ. මේ ඇවිත් සිටිනා ප්‍රංශ යුවතියන්ගේ නිරුවතක් පෙන්නේ නැහැ අප කාටවත්. එහෙත් ශ්‍යාමලී කළුපහන ට මොනවා හෝ පේනවා . මම සිතන්නේ එයා දකින්නේ එයාගෙම නිරුවත.(නදී)
මේක ලංකාවට හොඳම අවස්ථාවක් සංචාරක ව්‍යාපාරය ලොව පුර ගෙන යෑමට . මේවගේ දෙයක් ලංකාවේ පවත් වීමෙන් මෙය ප්‍රන්සයේ සහ ලොව පුරා රුපවාහිනී නාලිකා වලින් ප්‍රදර්ශනය වනවා . මෙහි ගත කරනා කාලයේදී මැති ඇමති පුතුන් අතින් කරදර නොමැතිව ඔබලාගේ කටයුතු සාර්ථකව කරගෙන යාමට සතුටින් ගතකිරීමට හැකිවේවා පතමි (දිල්)
මේ කට්ටිය යන ප්‍රදෙස වල ඉන්න පළාත් සබා මන්ත්‍රී වරුන්ට පිස්සු බලු එන්නත විදලා දන්වැල් වලින් ගැටගසා තිබ්බොත් හොදයි.(නදී)
මෙයාලට බණ ටිකක් අහන්න දීලා අර කුණු කය වැහැරෙන විදිහත් පොඩ්ඩක් හරි කියලා දීලම යැවුවා නම් නේද එයාලාගෙ අනාගතයට ,ජීවිතයට මෙහෙන් ඇත්තටම යමක් ගත්තා වෙන්නේ. (නි)
ප්‍රවේශම් වෙන්න හොදේ (නි)
නිරුවත තියෙන්නේ ලංකාවේ අයගේ. මෙයාලගේ එහෙම දෙයක් නැහැ. ඉරිසියා කරන්න එපා.සතුටු වෙන්න (නි)
මට නම් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කෙල්ලෝ ටික ලස්සනයි (නි)
මම හිතන්නේ අපේ දේශපාලකයන් සහ ඔවුන්ගේ දරුවන්ගේ "වැඩ කිඩ" නොදැන යවපු ගමනක් මේක. (නි)
ගුවන් තොටේ අපේ දරුවනුත් හරි පෙනුමයි මේ අයටත් වඩා (නි)
අපිට ඉතින් කිව්වේ නැහැනේ ඔය සදහා විය හියදම් පැත්තෙන් කව්ද භාරකාරත්වය දරන්නේ කියලා.මේ අපිද දන්නේ නැහැ. (නි)
සිත කඩන දර්ශනයක්! (නි)
ආසියාවේ ආශ්චර්යය...!!! මොනවා වුණත් කමක් නැහැ. අපේ කෙල්ලෝ අපිට අගෙයි. අාපු විදියටම යන්නත් ඉඩ පාඩු සකසා දුන්නොත් හොදයි. අපේ පුතාලා ගැන ලියන්න අවශ්‍ය නැහැනේ ... (නි)
දිගට හරහට ෆොටෝ අරන් වගෙයි (නි)
"එසැණ පුවත්" විසින් වැඩිම ඡායාරූප ප්‍රමාණයක් (36) යොදාගනිමින් පලකළ පුවත ලෙස වාර්තාගත වනු ඇත. මේ ඡායාරූප දිහා බලලා උඩුහිත කියනවා ෂාහ්!! හරිම ලස්සනයි!!! මනස්කාන්තයි !!! සුන්දරයි!!! යටිහිත කියනවා ඔබ මනෝ විකාර සුනාමියකට හසුවෙලා උඩුහිත කියලා. ඒ වුණාට සුන්දරයිනේ.යටි හිත සුන්දර වෙන්නේ කොහොමද? කපුටා දන්නවද මිදී රස? මම දන්නවා සුරලොවයි පිළිස්සුන හේනකයි අතර වෙනස. මම අතරමං වෙලා වගේ දැනෙනවා (නි)
මෙයාලට පුරවැසිකම දීලා තියාගන්නකෝ (නි)
එන්න නංගි එන්න !!! ඔයාලා වගේ අය එන්න ඕනෑ (නි)
කැසිනෝ සම්පුර්න වෙන්න මෙන්න මේ වගේ අයත් ඉන්න ඕනේ.(නදී)
ප්‍රවේශම් කරලා නැවත යැවුවොත් සංචාරක ව්‍යාපාරයට නව ජිවයක් (නි)
ගුණේ විතරයි හරියට කල්පනා කරලා ලියල තියෙන්නේ. හරියට හරි පලා බබාලගෙන් තමයි පරෙස්සම් කරලා ඉක්මනට පිට කරන්න තියෙන්නෙන් රටේ නම කන්නේ නැතුව. (නදී)
නියමයි කෙල්ලෝ ටික. කැසිනෝත් එනවගේ නියම ප්‍රතිලාභ ගන්න පුලුවන්.(නදී)
ලංකාවේ නම කැතවෙන වැඩ සිදු නොවී රටට ගෞරවයක් සහ ආදායමක් වෙන විදියට සියල්ල සිදුවේවා! (නදී)
මේවා ලාංකීය බෞද්ධ සමාජයම විනාශ කරන බටහිරකරනයට ආවඩන දරිද්‍රතාවයෙන් පෙළෙන සමාජයටම කරන්නාවු විශාල අපරාධයක් ලෙස අප දකිමු.(නදී)
බලන්න. අපේ රටේ ගුවන්තොටුපල කාර්ය මණ්ඩලයේ නිරතව සිටින යුවතියන්ගේ රුව හා මොවුන්ගේ රුව සැසදිය හැකිද? අපේ රටේ යුවතියන් කොතරම් ලස්සනද? (නි)
ලබන ආත්මෙවත් මේ වගේ කෙනෙක් බදින්න පුලුවන් වුණොත්? (නි)
අනේ ළමයිනේ, තංගල්ලේ පැත්තේ යනවා නම් පරිස්සමින් (නි)
ලංකාවේ ගත කරන මේ සතිය ලෝකය පුරා සජීවීව විකාශනය වීම අපේ රටට වාසිදායකයි. ශ්‍යාමලී, අපි මීට වසර 35 කට එහා ඇන්දේ මීටත් කොටට.ඒ කාලේ ගත් ෆොටෝ දැක්කම දැන් ලැජ්ජයි. (නි)
පසිඳු ඇතුලු මෝඩ රැල,කොහෙද කියලා තියෙන්නේ මේකට අපි වියදම් කරනවා කියලා.ඔයගොල්ලොන්ගේ පව තමයි. හැමතිස්සෙම මොකක් හරි නැති වැරැද්දක් අල්ලාගෙන ඔලුව නරක් කරගෙන ලේ පුච්චා ගන්නවා. කවදාවත් හිත හොඳින් නැහැ. මනුස්සයෙක් විදියට ඉපදුන පළියට මනුස්සයෙක් විදියට ජීවත් වෙන්න බැහැ කියලා මේකෙන් හොදටම් තේරෙනවා.මේ ආත්මෙදිවත් පින් කරගන්න ලබන ආත්මේ ඉඳලා මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න පුළුවන් වෙන්න කියලා (නි)
ප්රංශයේ කොහොමත් ගැහැනු අය ඇදුම් අඳින්නේ මේ විදියට තමා. අපේ රටට වෙනසක් විදියට පෙනුනට මේක ප්‍රංශයට සාමාන්‍ය දෙයක්.කොහොම වුණත් හොදින් ප්‍රවේශම් කරන්න වෙයි.නැත්නම් දන්නවනේ ඉතින් (නි)
තිලක් කුමාර,බෞද්ධකම තියෙන්න ඕනෑ ඒක අදහන කෙනාගේ හිතේ. නැතුව වටපිටාවේ ඉන්න අයගේ ඇඳුම් වල නෙමෙයි. තමන්ට තමන්ගේ හික්මීම පවත්වාගන්න බැරි වුණහම ඒකට අනිත් මිනිස්සුන්ට දොස් කියලා වැඩක් නැහැ.ඔයගොල්ලෝ කියන විදියට ලංකාවට කාටවත් එන්න බැරි වෙනවා. ඇයි තිලක්ලාගේ සීලේ බිදෙනවලුනේ (නි)
අපේ පලා බබාලාත් තවම ක්‍රීඩාවට හරිම කැමතියි. (නි)
බලන්න අපේ දියුණුව. මට හිතාගන්නවත් බැහැ (නි)
අම්මෝ! මොවුන්ගේ ලස්සන. (නි)
ඔය ඔක්කොමලට වඩා අර ශ්‍රී ලංකන් ළමයා ලස්සනයි.(නදී).
පව්! පිටිගල මිලානෝ, එයාගේ නෝනත් නාන්නේ නැති කෙනෙක්ලු. (නි)
අනේ අම්මපා අවුරුදු තුන හතරකට කලින් නැව් ගුවන් යානා ගෙන්න ගන්න වෙනම රක්ෂණ ගෙවන්න උණු රටකට ගිය කල..මිනී කන්නන්ගේ දේසෙකට ගිය කල..නේද ඩුබායි තිලක් මහත්තයෝ..ටිකිරි බන්ඩෝ....තාමත් ඩුබායි තිලක්ට ප්ලේන් එකට නගින කොට බය හිතෙනවද? (නදී)
අම්මෝ මෙයාලගේ උස? පසිදු මොකක් ගැනද කියන්නේ? (නි)
ගුණේ හරි (නි)
කෝටි ප්‍රකෝටි ගානක් මුදල් යොදවලා හදපු මත්තලින් එන්නේ නැත්තේ ඇයි? (නි)
මම දකින විදිහට හොදම අදහස දාලා තියෙන්නේ අසෝකා. (නි)
බන්දුල පෙරේරා,2012 දී මාසෙටම දවස් දෙකක් ආ එයාර් අරාබිය දැන් මත්තලින් එන්නේ නැහැ.ඩිරාම් 300 (රුපියල් 9,000)ට සෙනග ගෙන්වා ගන්න බැරි වූ නිසා දැන් මත්තල කියන නමත් ඉවත් කරලාලු. (නි)
තිලක් කුමාර නමැති පුද්ගලයා බෞද්ධ මෝහයෙන් මුලාවෙලා (නි)
මෙතනත් කැපිල්ල දාල අපිට නේද...? කමක් නැහැ.හරිම ලස්සන කෙල්ලෝ ටිකක්. බලාගෙන නගෝ,අපේ ශ්‍රී ලංකන් අයියලා, මල්ලිලා වීඩියෝ කරනවා. පරිස්සමින් හොදේ ....!!! (නි)
රවී කියන එක හරියටම හරි. මොන ලෝකයෙන් ආවත් ඇමති පුතාලා සැප ගන්නමයි බලන්නේ. (නි)
ඉඩෝරයේ නගර කොනේ අයිපල් සිමාවේ..... නුඹව පෙනේ ...../ ප්‍රංශ යුවතියන්.... හදේ කොන අරන්.... ලිලි මල් සුළං මීදුමෙන් වහන් මායාවී පායාවි පමාවී....../ (අමල් පෙරේරා) (නි)
මට නං අපේ කෙල්ලො ටික ලස්සනයි (නි)
ශ්‍යාමලී කළුපහන, ඔයාට ඊර්ෂ්‍යාව වගෙයි නේද? (නි)
දෙකක් නැහැ අපේ රටේ සල්ලේ තමා මේ. අහිංසක මිනිස්සු දුක් විදිනවා රටේ කන්න නැතුව. මෙයාලා පිස්සු නටනවා. (නි)
අපේ ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවෝ ටික ගොඩක් ලස්සනයි. ප්‍රංශ රූ රැජිණිය සදහා සිහින් සිරුර, උස, ඒ වගේම බුද්ධි පරික්ෂණයකුත් තිබෙනවා(.අධ්‍යාපන සුදුසුකම්).... (නි)
මෙතන අදහස් පළකරලා තිබෙන ගොඩක් නෝනලා මහත්තුරු ඊර්ෂයාව හා නොහැකියාව පෙන්නුම් කරලා තියෙන්නේ.පරිඝනකයක්,ඉන්ටර්නෙට් ,සිංහල අකුරු ,තිබුන පළියට ලියන්නේ නැතුව ලියූ දේ දෙපාරක් හිතලා පළ කළා නම් නේද හොද? (නි)
රුවන් ඔයා හරි.අපේ කෙල්ලෝ හොඳයි (නි)
හොද දේ හොදයි. ලස්සන දේ ලස්සනයි (නි)
අහා..මෙන්න තිලක් ඩුබායි මතුවෙලා.පසුගිය දවස්වල දැක්කේ නැහැ.චෝගම් වලට බනින්න විදියක් හොයාගන්න තිබුනේ නැද්ද? එකපාරටම මත්තලට බනින්න පටන අරගෙන.මේ රටේ හොඳ දේවල් හොඳ දේවල් විදියට දකින්න බැරි මිනිස්සු ගැන කවර කතාද. (නි)
මේ ටිකිරිබණ්ඩා නමින් ඉන්න කෙනා තමුන්ගේ අතින් මුදල් දෙනවා වගේනේ කතාව.හැමතැනම යන මුදල් ප්‍රමාණය ගැන බලන්න හදනවා මුදල් ඇමති වගේ. (නි)
කොතරම් ලස්සන වුණත් මට ඊෂ්‍යවකුත් අැතිිවෙනවා මම ඒතරම් ලස්සන නැති හන්දා (නි)
දැන් බඩු මිල වැඩිවේද දන්නේ නැහැ? (නි)
දිගටම තියාගන්න බැරිද ඔවුන්ව? (නි)
අපේ ලංකාවේ කෙල්ලෝ ටික ලස්සනයි මේ කට්ටියට වැඩියෙන් (නි)
අපේ කෙල්ලෝ ටික ලස්සනයි (නි)
මටත් අපේ කෙල්ලෝ ටික හොදයි. ප්‍රංශ යුවතියන් කිසි ගතියක් නැහැනේ. කොහෙද මෙයාලගේ ලස්සන? (නි)
4, 5, 6 පින්තූර වල බලන්න. ප්‍රංශ කෙල්ලන්ට එස්කැලේටර් එක වෙන් කරලා. සාමාන්‍ය මිනිසුන් පඩි පෙලේ බෑග් උස්සාගෙන එනවා. ඕක තමයි ලැබෙන දේ ඉදිරියටත්. (නි)
කළුපහන, ඇයි මේ මිනිපහන් වගේ එන අයට ඕනෑ නැති වදන් පවසන්නේ ? (නි)
සමහර අදහස් දැක්කම ඊර්ෂ්‍යාවද මෝඩකමද කියලා හිතා ගන්න බැහැ. (නි)
අපේ ශ්‍රි ලංකන් කෙල්ලො ටික ඊට වඩා සුරූපියි (නි)
පසිදු-නුගේගොඩ,නුඹට බඩගිනිද?කොයිවෙලෙත් කන එක ගැනම කතාකරන්නේ? (නි)
නංගිලා, ජංගම දුරකතන තියාගෙන ඉන්න අපේ අය ළගින් යන්නේ පරිස්සමින්. (නි)
චාන්දීම, ඔබ හරියට හරි. ඔය තිලක් කුමාර වගේ කුහකයන් ඉන්නා තාක්කල් කිසිම රටක්හරි, ජනතාවක් හරි දියුණු වෙන්නේ නැහැ. (නි)
මේ කෙල්ලෝ ටික අරගෙන තංගල්ල පැත්තේ යන්න එපා. අනික් එක සමහර ඇමති පුතුන්ගෙනුත් පරිස්සම් කරන්න හොඳට. ලංකාවේ නම කැත නොවන්නට (නි)
මේ කෙල්ලෝ ටික ලංකාවට ආසා වෙලා යන්න බැහැ කිව්වොත් අපි තියාගනිමු. මමත් තාම තනිකඩ ජිවිතේ. මම කෙනෙන් බඳිනවා නවතිනවා නම්. අපේ ගමේ ගෙදර ඉන්න පුළුවන්. කෙසේ වෙතත් මම පතනවා ලංකාවේ සුන්දර ප්‍රදේශ නරඹා සතුටෙන් ආ කාරණා ඉටු කරගෙන ආපසු ගියාම රටට කියන්න අපේ රටේ සුන්දරත්වය පුළුවන් තරම් අපේ රටේ ලස්සන සුන්දරත්වය බලන්න එන්න කියලා. ඔබලාට කිසිදු පීඩාවක් කරදරයක් නොවේවා ලංකාවේ ගත කරන කාලයේ කියා පතමි (නි)
ලස්සන කෙල්ලෝ ටික. කිසිම ආඩම්බරකමක් නැහැ (නි)
ලංකාවේ කෝච්චි වල නම් අනුරාධපුරේ පැත්තේ යන්ට එපා. එයාලා කෝච්චි පාරේ නිදාගෙන අපි වෑන්වල කොළඹ ගේනවා. (නි)
ලස්සන නම් නෑ පෙනෙන්නේ.. කොක්කු වගේ උසැති ළඳුන්නේ.. (නි)
මේ වගේ ගොඩාක් අය සමග මම ආශ්‍රය කරලා තිබෙනවා පිට රට වල, ලස්සන වුණාට වැඩක් නැහැ ...රැවටෙන්න එපා. (නි)
ලස්සනට ලස්සනයි කියන්න ඕනෑ,ඒත් අපිට අපේ කෙල්ලෝ තරම් සුන්දරව පෙනෙන්නේ නැහැ. මොනවා වුණත් කැමරාවට නම් පිස්සු හැදිලා. (නි)
පැංචි, ඔය කඩේ යනවා වගේ.ට්‍රයි එකක් දෙන්නකෝ චැනල් 4 කට්ටියත් එක්ක ලන්ඩන් යන්න. (නි)
ලස්සනම යුවතිය ඉන්නේ 19,22,23 යන ෆොටෝස් වල නිල්පාට සාරියක් ඇඳන් !(නදී)
ඕගොල්ලොත් ඒ වගේ බොලද දේවල් නම් හොදට කවර් කරලා තියනවා අපරාදේ කියන්න බෑ.(නදී)
මෙතනත් මගේ නමින් අදහස් දාල මොන කරදරයක්ද මේ , කව්ද මේ හොර නම් වලින් දාන්නේ, (නදී)
ලංකාවේ කෙල්ලෝ තරම් ලස්සන නෑ.(නදී)
ඕක නිසා තමයි චන්දි නංගි මම නිෂ්ශබ්දව ඉන්නේ..? ලස්සන ගැහැණු ළමයි ටිකක් ...ඊරිසියාව අපේ කටියගේ ..බේරෙනවා ..?අපේ කට්ටියටත් ඔහොම ඇදුම් අන්දුවනම් ඔය අසහනකාරයින්ගේ ලෙඩ සුව වෙනවා ..පාර අතුගාන ඇදුම් නිසා තමයි .. ඔය වීඩියෝ කාරයෝ වැහි වැහැල තියෙන්නේ...? (දී)
නාමල් අපිව ගාව නොගෙන ඔයාගේ පවුලේ අයව ලවා ඔය වැඩේ කර ගත්තානම්. මොකද මම(නිලූ)චන්දි අක්කා,රුපවති,ඉන්දු,ඔයාගේ පවුලේ අය වගේ නෙමේ. විහිලු කරාට හැදියාව උපරිම තියනවා. ඒ වගේම ඔයාගේ පවුල් වල මට්ටමෙන් අපිව මනින්න එපා කියා මා ඔබට කියා සිටිනවා. (නදී)
මාවත් දාන්න ඔය තරඟයට මම පළවෙනියා වෙලා පෙන්වන්නම්. ඔය ඔක්කොටම වඩා මම උසයි, සම මෘදුයි සහ දඹ රන් පැහැයයි (දිල්)
අත තැබීමෙන් වළකින්න (නි)
මේවා දකින්න සළස්වන අපේ ජනාධිපතිතුමාට ජයවේවා! සුබ උපන්දිනයක් වේවා! (නි)
අනේ මීට වඩා අපේ සිංහල කෙල්ලෝ ලස්සනයි.මොකෝ මෙයාලා වයසට යන්නේ නැතුවයැ? හම රැලි වැටුනම වැඩක් නැහැනෙ. (නි)
මීට වඩා කොච්චර ලස්සනද අර අපේ ලංකාවේ ශ්‍රී ලංකන් එයාලයින් එයාර් හොස්ටර් අර තලෙළු කොන්ඩය කඩාගෙන ඉන්න ගැහැනු ළමයා? (නි)
අපේ ලංකාවේ අයත් කොටට ඇදලා ඉන්නේ ඕනෑ තරම්. මට නම් සතුටුයි.ඒ අය ලංකාවට ආ එකට (නි)
හා හොදයි (නි)
මේවා ජාතික අපරාධ (නි)
මගේ රටට දළදා හිමි සරණයි! (නි)
හොදයි. ලස්සනයි (නි)
අපේ ලංකාව කෙල්ලන්ගේ පැත්තකින් වත් තියන්න බෑ. ගම්පහ පැත්තෙ පන්ති ඇරුන වෙලාවක ගියොත් මේ කෙල්ලෝ කැලේ. මීට වඩා හොඳයි අපේ කෙල්ලන්ට සාරි අන්දවල ලස්සනට තිබුන නම්.ලංකාව කෙල්ලෝ තරම් ඔය මොකවත් ලස්සන නෑ. (ස)
අපේ කෙල්ලො ලස්සනයි කියන සෙට් එකට මේ මං අහන්නෙ.බැරි වෙලාවත් ඔය කෙල්ලො වෙනුවට ප්‍රංශ කොල්ලො සෙට් එකක් බැස්සා නම් අපේ කෙල්ලො ටික කියයිද අපේ ලංකාවේ කොල්ලො මීට වඩා කඩවසම් කියලා. (ස)
ෂා ... ලස්සන ගැහැණු ළමයි ටික... සාදරයෙන් පිළි ගනිමු ! (ස)
ලැජ්ජයි.... අඩ නිරුවතින් එන්නෙ. පොඩ්ඩක් කියන්න බලන්න අර රටේ සංස්කෘතිය ගැන දොඩන අය කොහෙද කියල? (නදී)
මේ චොගම් අස්සේ ආවේ ඇයි? (නදී)
මම නම් හිතන්නේ මේ පින්තූර ටිකේ ලස්සන කැත බලනවට වඩා හිතන්න ගොඩක් දේ තියෙනවා. මෙම වැඩසටහන මඟින් අපේ රටට විශාල සංචාරක ආකර්ෂණයක් ලබා ගන්න පුලුවන් වේවි. ඒ වගේම අපේ රටට තවත් මෙවැනි අවස්ථාවන් රැසක් පස්චාත් චෝගම් සමයෙන් පසු බලාපොරොත්තු විය හැකිය. මගේ රටට දළදා සමිදු පිහිටයි! (ස)
ඔබලාගේ පැමිණීම සතුටක්...!!! (ස)
මේ පින්තුර ටික දැක්කම මට සතියක් විතර හිතේ හැටියට තනියම විනෝද වෙන්න පුළුවන් .. (ස)
මට නම් ලස්සනම 19,22,23 පින්තූර වල ඉන්න අපේ නිල් පාට සාරිය ඇඳන් ඉන්න ළමයා. හරිම හැඩයි. ඒ ගෑනු ළමයා මේ අදහස් බලත්වා... (ස)
සමහරු මේකටත් බනිනවා..! සංස්කෘතියට මුකුත් වෙන්නෑ.. දකින දකින හැම එකම කරන්න යන්නේ නැත්නම්. අනික ඔය ශාමලී මහත්මිය කියන තරම් නිරුවක් නම් මම මෙතන දැක්කේ නෑ.. සමහරු කොහොමත් බලන්නේ අඩ නිරුවතින් දැක්කොත් ඒක තමන්ගෙ ඇස් වලින් සම්පූර්නෙන්ම නිරුවත් කරගෙන බලන්න නේ.. එහෙම බලනවා නම් පිටරැටියන්ට ආඩපාලි කියන්න කලින් රටේ ඉන්න සමහර ප්‍රවීනයන්ගේ නිරුවතට පත්තර කොළ අලවලා ඉන්න ඕන. මෙවැනි වැඩසටහන් ලංකාවටත් එන එකෙන් අපේ රට ගැන/ රටේ සෞභාග්‍යය ගැන ලෝකේ ප්‍රරාවට ප්‍රචලිත වෙනවා..ඒ වගේම රටට එන සංචාරකයන් ප්‍රමානය ඉහල යනවා.. අනේ මේවට අද කුද කියන අය ටිකක් නිහඩ වෙලා ඉන්නකෝ.. මේ දියුණු වෙන ලෝකේ.. අපේ රටටත් ටිකක් හරි ඉදිරියට යන්න දිලා.. හැමදාම නහයෙන් ඇඩුවොත්.. කිසිම වගතුවක් නැ.. පිට රටින් එන දේවල් වලින් අපිට ගන්න පුළුවන් දේ පමනක් ගන්න . එතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. (නදී)
අම්මෝ! මේ පින්තූර වල ඉන්න අක්කලාගේ උස? (නි)
සහෝදරවරුනි,අපේ මේ ශරීරය පිටින් ලස්සනට පින්තාරු කරපු අසූචි ගොඩක් වගේ. ඔය කව්රුත් ඒ ගැන හිතලා කාමුක සිතුවිලි වලින් ඈත් වන්න.අපි සරසවියේ ඉන්න කාලේදී හිත හදා ගත්තේ ඔය ක්‍රමයට තමයි. (නි)
කවුරු මොනවා කිව්වත් අපේ ලංකාවේ කෙල්ලෝ තරම් නම් එයාල ලස්සන නැහැ....... (ස)
ඔයාලට අනිත්‍ය ගැන මෙනෙහි කරන්න හිතෙන්නේ නැද්ද... මට නම් කටු සැකිලි ටික පෙනෙනවා (අ)
සුද්දියෝ කොච්චර ලස්සනද? (නි)