සූක්ෂම ලෙස සඟවා රුපියල් එක්කෝටි දාසය ලක්ෂයක මැණික් චීනයේ ෂැංහයි නුවරට හොරෙන් රැගෙන යාමට අද (21) අලුයම චීන කතක ගත් උත්සහය රේගුවේ උකුසු ඇසින් වැළකී ගියේය.
සංචාරක නියෝජිතවරියක සේ හඳුනාගත් මෙම කත රැගෙන යාමට තැත්කළ පඩියන්, ආර් නූල, මර කත, ගෝමේද, නිල් කැට,රතුකැට,වෛරෝඩි,පසිංගල් ආදිය රාජසංතක කළ රේගුව තුන් ලක්ෂයක දඩ නියම කළේය.
දඩය ගෙව් ඇය අද උදෑසන චීනය බලා පිටත්ව ගියාය.මෙම කත 15 වරක් ලංකාවට පැමිණ ඇතැයිද රේගුව කියයි.
ඇය මුදල් ගෙන යන බවට රේගුවට ලැබුන ඔත්තුවක් මත ඇය අත් අඩංගුවට ගෙන තිබේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය මැණික් ටික යන්නේ කාගේ සාක්කුවටද?මම එහෙම අහන්නේ නිකම්ම නෙමෙයි.ඉස්සර නම් අල්ල ගත්තු රත්තරන් ටිකත් විකුනම් කාපු ගැහැණු හිටිය. (අ)
අනේ එහෙම කරන්න නරකයි. චීන්නු අපට හරි ආදරෙයි. (නි)
අපොයි! පන්නපු මැණික් තොගයේ වටිනාකම කොපමණ ඇද්ද මීට කලින් 14 වෙනි වතාවේ? (නි)
ඔය මැණික් ගල් ටිකට මොකද වෙන්නේ.(හේ)
තුන්වන ලෝකේ දුප්පත්ම රටවල් හැර අනිකුත් සියලුම රටවල් තමන්ගේ රටෙන් මුදල් දීලා අරන් යන බඩු වලට බදු ගහන්නෙත් නැහැ. දඩ ගහන්නෙත් නැහැ. තවත් පුළුවන් තරම් ගැනුම්කරුවාව දිරිමත් කරනවා. ඒකට ලංකාවේ! (නි)
"හැමදා නියං එකදා වැහි වළාවේ" කියලා අපේ වැඩිහිටියෝ කට කහනවට නොවෙයිනේ කිවුවේ. මෙතරම් විශාල මැණික් තොගයක් අල්ලාගත් රේගු නිලධාරීන්ට විශාල දීමනාවක් ලැබිය යුතු වෙනවා (නි)
අපිට ඉතින් මේවා දකින්න වෙන්නේ ඡායාරූප වලින් පමණයි (නි)
තවත්චීන කාන්තාවක් අපට දෙන්න තොගයක්ම ගෙනවිත් අහුවුනා (අ)