IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


චීන කොරෝනා ප්‍රභේදය ඉන්දියාවටත්

චීනයේ බිහිසුණු අයුරුන් ව්‍යාප්ත වන, ‘කොවිඞ් 19 බී.එෆ් 7 ඔමික්‍රෝන් උප- ප්‍රභේදය’ ඉන්දියාවට ද ව්‍යාප්ත වී ඇතැයි ඉන්දීය සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

‘කොවිඞ් 19 බී.එෆ් 7 ඔමික්‍රෝන් උප- ප්‍රභේදය’ සැලකිල්ලට ගනිමින්, කඩිනමින් චීනය සමඟ ගුවන් ගමන් අත්හිටවිය යුතු යැයි ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂයේ ප්‍රධානී මනීෂ් තිවාරි මධ්‍යම රජයෙන් ඉල්ලීමක් ද කර තිබේ.

‘කොවිඞ් 19 බී.එෆ් 7 ඔමික්‍රෝන් උප- ප්‍රභේදය’ හේතුවෙන් රටවල් රැසක ‘කොවිඞ් 19’ වයිරස ව්‍යාප්තියේ වැඩිවීමක් පෙන්වීම සැලකිල්ලට ගනිමින් කොවිඞ් රෝගය පාලනය කිරීම සඳහා හඳුන්වා දී තිබුණු සෞඛ්‍ය නීති සහ සීමා නැවත ගෙන ඒමට මධ්‍යම රජය කටයුතු කළ යුතු බව ද මනීෂ් තිවාරි වැඩි දුරටත් පවසා තිබේ.

මේ වන විට සමාජ මාධ්‍ය ජලා හරහා ද යළි කොවිඞ් රැල්ලක් පැමිණේවි යැයි බියක් පැතිරීම හේතුවෙන් ඉන්දීය ජනතාව චීනයේ සිට පැමිණෙන ගුවන් ගමන් අත් හිටුවිය යුතු බවට මත පළ වීමට ද පටන් ගෙන තිබේ. විපක්ෂයේ මන්ත්‍රීවරුන්, වෛද්‍යවරුන්, ජනතාව ගුවන් ගමන් හැකි ඉක්මනින් නතර කරන ලෙස ඉල්ලීමක් කළත් තවමත් මධ්‍යම රජයෙන් මේ පිළිබඳ නිල වශයෙන් තීරණයක් ගෙන නැතැයි ආරංචි මාර්ග පවසයි.

කෙසේ නමුත් ජාත්‍යන්තර මගීන් අහඹු ලෙස පරික්ෂා කිරීම ඉන්දීය රජය නැවත වරක් තීරණය කර ඇතැයි ද එරට රජය පවසා තිබේ. ඉන්දියාවට පැමිණෙන ජාත්‍යන්තර මගීන් සියලු දෙනා කොවිඞ් පරික්ෂාවකට යොමු කිරීමටද මාධ්‍යම රජය තීරණය කිරීමට ඉඩ ඇතැයි ද ආරංචි මාර්ග පෙන්වා පවසා ඇත.

‘කොවිඞ් 19 බී.එෆ් 7 ඔමික්‍රෝන් උප- ප්‍රභේදය’ චීනයෙන් සහ ඉන්දියාවෙන් පමණක් නොව, ඇමෙරිකාවෙන්, මහා බි්‍රතාන්‍යයෙන්, බෙල්ජියමෙන්, ජර්මනියෙන්, ප්‍රංශයෙන් සහ ඩෙන්මාර්කයෙන් වාර්තා වී ඇත. තද උණ, කැස්ස, උගුරේ සහ පෙනහළු ආසාදන ආදිය කොවිඞ් 19 බී.එෆ් 7 ඔමික්‍රෝන් උප- ප්‍රභේදයේ රෝග ලක්ෂණ වන අතර, රෝග ලක්ෂණ මතු වන සැණින් ප්‍රතිකාර ලබා ගතහොත් වයිරසයෙන් මිදීමට හැකි බව වෛද්‍යවරුන්ගේ පැහැදිලි කිරීම බව ද පැවැසෙයි.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී)

034



අදහස් (1)

චීන කොරෝනා ප්‍රභේදය ඉන්දියාවටත්

මහසෙන් Friday, 23 December 2022 02:56 PM

අලුත් අවුරුද්දට මාස්ක් එක ගලවලා නිදහසේ හුස්මක් ගන්න හිටියේ... නොමිලේ ලැබෙන්නේ එච්චර නිසා. මදැයි කලා...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site