චීනයේ ව්‍යාප්ත වන ‘ඔමික්‍රෝන් බී.එෆ්.7’ නමැති ‘කොවිඞ් 19’ නව උප ප්‍රභේදය ලෝකයට තර්ජනයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කර තිබේ.
මේ වනවිට චීනයේ ‘කොවිඞ් 19’ ව්‍යාප්තිය දරුණු බවත් දෛනිකව ‘කොවිඞ් 19’ ආසාදිතයන් 50,000 කට ආසන්න පිරිසක් වාර්තා වන බවත් පැවැසෙයි.
චීනයේ ‘කොවිඞ් 19’ ව්‍යාප්තිය දරුණු වී ඇත්තේ, එරට සෞඛ්‍ය අංශ පනවා තිබූ සෞඛ්‍ය සීමා ලිහිල්කිරීමට රජය පියවර ගැනීමත් සමඟය. සෞඛ්‍ය සීමා ලිහිල් කිරීමට රජයට සිදුවූයේ එම සීමා සම්බන්ධයෙන් රජයට ජනතා විරෝධයක් එල්ල වුණු බැවිනි.
චීනයේ ව්‍යාප්ත වන ‘ඔමික්‍රෝන් බී.එෆ්.7’ උප ප්‍රභේදය මීට පෙර ඇමෙරිකාවෙන් මෙන්ම යුරෝපා රටවලින් ද වාර්තා වී ඇත. ඒ පසුගිය අගෝස්තු මාසයේය. කෙසේ නමුත් සාර්ථක එන්නත්කරණය හමුවේ ‘ඔමික්‍රෝන් බී.එෆ්.7’ අඩපණ විය.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, චීනයේ ‘කොවිඞ් 19’ ව්‍යාප්තිය දරුණු වී ඇත්තේ චීන වැසියන් නිසි එන්නත්කරණයකට ලක් නොවුණු බැවිනි. චීන වැසියන්ට ලබා දී ඇත්තේ චීනයේ නිපදවූ ප්‍රතිශක්තිකරණ එන්නත් පමණි. බටහිර රටවල එන්නත් චීනය ප්‍රතික්ෂේප කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඞ්හොම් ගෙබ්‍රියේසිස් චීන රජයට සහ සෞඛ්‍ය අමත්‍යාංශයට පැහැදිලි කර ඇත්තේ, සාර්ථක එන්නත්කරණයක් ක්‍රියාවට නංවා වයිරස ව්‍යාප්තිය පාලනය කර ගන්නා ලෙසය.
(රොයිටර්)
වරෙන්තු ලබා සිටි ඇපකාරියක අත්අඩංගුවට ගැනීමට ගොස් ඇය නොමැති නිසා ඇගේ වයස අවුරුදු 08 ක බාලවයස්කාර පාසල් දරුවකු අත්අඩංගුවට ගෙන පොලීසියේ රාත්‍රී කාලයේ රඳව
මරදාන සහ කොළඹ කොටුව අතර දුම්රියක් පිලී පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමය සංවිධාන කරන ළමා චිත්‍ර තරඟයට මැයි 10 වැනිදා තෙක් චිත්‍ර බාර ගන්නා බව එම සංගමය පවසයි.
මග නැගුම මාර්ග ඉදි කිරීම් සමාගමට ස්කැවේටර් යන්ත්‍රයකින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් කඩුවෙල කොරතොට, මයික්වත්ත ප්‍රදේශයේ ඉඩමක කළුගල් ව්‍යා
පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අනිද්දා (2) පැවැත්වීමට නියම
කූඨ ලේඛන සකස්කර රුපියල් කෝටි 3 ක් වටිනා දේපොළ අත්පත් කරගත් බව කියන විශ්‍රමික කාන්තා පොලිස් සැරයන්වරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
චීන කොරෝනා විකෘතිය ලෝකයට අලුත් තර්ජනයක්
Senaka Thursday, 22 December 2022 11:53 AM
ඔය විරෝධය හෙන ගේමක් දීලා බටහිර මාධ්‍ය විසින් තමයි හදලා උලුප්පලා ගත්තේ... මේ කට්ටිය කරන වැඩනිසා දැන් ලෝකෙටම ආපහු විඳවන්න වෙනවා...
sharm warn Thursday, 22 December 2022 11:54 AM
වටේම ගිහින් ගෙටම ඇවිදින්ද?
Mahasen Thursday, 22 December 2022 01:16 PM
අපිටත් නත්තල් තෑගි සතියකින් වගේ එවයි. තව අවුරුදු දෙකකට විතර ඇති...
DewA Thursday, 22 December 2022 02:26 PM
අපි චීන සංචාරකයන් ඉඹලා පිලිගනිමු