IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


චීන නාවික හමුදා කඳවුරක් ශ්‍රී ලංකාවේ ඉදිවෙයි?: ඇමෙරිකා සරසවියක් පවසයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකා එකසත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ විලියම් සහ මේරි විශ්ව විද්‍යාලය ප්‍රකාශයට පත්කළ නව වාර්තාවකට අනුව ඉදිරි වසර වලදී චීනයේ නාවික හමුදා කඳවුරක් ඉදිකිරිම සඳහා සත්කාරකත්වය දැරිය හැකි රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව බැංකොක් පොස්ට් පුවත්පත වාර්තා කර ඇත.

චීනය දැනමටත් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.19 ක මුදලක් හම්බන්තොට වාරයේ ආයෝජනය කර තිබීම හේතුවන් ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය ඒ සඳහා සුදුසුම ස්ථානය විය හැකි බව එම වාර්තාව පෙන්වා දී තිබේ.

චීන මහජන විමුක්ති හමුදාවට දැනට ඇත්තේ නැගෙනහිර අප්‍රිකාවේ රාජ්‍යයක් වන ජුබොටි හි එක් නාවික කඳවුරක් පමණක් බවත් එක්සත් ජනපදය හා චීනය අතර සබඳතා උණුසුම් වීම හේතුවෙන් ඇමෙරිකාවේ සමුද්‍රීය ශක්තියට සමාන වීමට චීනයද තීරණය කර ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.චීනය වරායක් සඳහා මෙතෙක් සිදුකළ විශාලතම ආයෝජනය හම්බන්තොට වරයාට සිදුකර ඇති බවත් චීනය වාරය පාලනය කිරීම චීනයට කළ හැකි බවත් එම වාර්තාව පෙන්වා දී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී චීනය ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය, ශ්‍රී ලංකාව තුළ චීනයේ ජනප්‍රියත්වය සහ චීනය ශ්‍රී ලංකාවේ සිදුකර ඇති ආයෝජන පිළිබඳ සලකා බලන විට චීනයට නාවික හමුදා කඳවුරක් ඉදිකිරීම සඳහා සත්කාරකත්වය දැරිය හැකි රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව එම වාර්තාවේ දැක්වේ.



අදහස් (4)

චීන නාවික හමුදා කඳවුරක් ශ්‍රී ලංකාවේ ඉදිවෙයි?: ඇමෙරිකා සරසවියක් පවසයි

සමන් Saturday, 29 July 2023 10:34 AM

අපේ මෙහෙ ඉන්න කොන්ද පණ නැති පාලකයෝ සල්ලිවලට ඕන දෙයක් කරයි...

:       0       1

ravin Saturday, 29 July 2023 10:46 AM

ඇමෙරිකාව දකින හීනවල ප්‍රතිඵලවලින් මුළු ලෝකයම දුක් විඳිනවා. තවතවත් ඇමෙරිකානු හීනවලට නොරැවටෙන්න.

:       1       0

Bunny Preena Saturday, 29 July 2023 10:58 AM

ලංකාවට වඩාත් උචිත ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ප්‍රකාශ කළා වගේ ලංකාවේ සාගර කලාපය, නොබැඳි පිළිවෙත මූලික කරගත් සාම කලාපයක් හැටියට පවත්වාගෙන යාමයි.

:       0       1

කිරිපුතා Saturday, 29 July 2023 05:09 PM

එහෙම නොවෙයි කියන්න බෑ. විකුණගෙන කන මානසිකත්වය තුළින් මතුවන අතුරු ආබාධ...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආහාර ප්‍රතිපත්ති කමිටුව සංශෝධනය කරයි
2024 ඔක්තෝබර් මස 15 138 0

ආහාර ප්‍රතිපත්ති කමිටු නිලධරයන්ගේ සංයුතියේ සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ධීවරයන්ට සහන මල්ලක්
2024 ඔක්තෝබර් මස 15 289 0

ආර්ථික අර්බුදය හේතුවෙන් ධීවර කර්මාන්තයට ඇති වී තිබෙන බලපෑම අවම කර, ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පාසල් ළමුන්ට මත්කරල් විකුණා පොලිසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 15 224 0

ළමුන් ඉලක්ක කර මත්කරල් අලෙවි කල පුද්ගලයන් දෙදෙනකු රුපියල් ලක්ෂ 36 පමණ වටිනාකමකින් යුත් මත්කරල් 24,000 ක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .


හම්බන්තොට දිසාපති තනතුරේ වෙනසක් කරයි
2024 ඔක්තෝබර් මස 15 824 0

හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් දිසාපති තනතුරට පත්කිරීමක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ආණ්ඩුවේ රස පරීක්ෂක පත් කරයි
2024 ඔක්තෝබර් මස 15 334 0

ආණ්ඩුවේ රස පරීක්ෂක තනතුර සඳහා පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගංජා සමඟ පොලිස් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 15 618 0

අනුරාධපුර කඩ 12 ප්‍රදේශයේදි කේරළ ගංජා සමග අනුරාධපුර කොට්ඨාශ බුද්ධි අංශයේ රාජකාරි කළ පොලිස් සැරයන් වරයෙකු සහ තවත් පුද්ගලයෙකු මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාර


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 448 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 461 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1441 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site