චීන විශ්ව රූ රැජින තරගයේ අවසන් වටයට සුදුසුකම් ලැබු රූ රැජිනියෝ 15 දෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සේද මාවතින් අද (26) දිවයිනට පැමිණියහ.
සිනමන් හෝටෙල් ඇන්ඩ් රිසෝට් හා ශ්‍රි ලංකා ගුවන් සමාගමේ ගුවන් තොටුපළ නිලධරයන් විසින් රූමතියෝ උණුසුම් ලෙස පිළිගනු ලැබූහ.
මෙම පිරිස සමග චීන ජාතික මධ්‍යවේදී කණ්ඩායමක් ද පැමිණියහ. සිනමන් හෝටෙල් ඇන්ඩ් රිසෝට් සත්කාරකත්වය යටතේ ශ්‍රි ලංකා ගුවන් සමාගම ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රි ලංකා සමාගම මොවුන්ගේ සංචාරය සදහා පහසුකම් සපයයි.
චීන සංචාරක වෙළද පොළ මෙරට වර්ධනය කිරීමේ තවත් පියවරක් ලෙස චීන රූ රැජිනියන්ගේ සංවිධානය කර ඇත. මෙම පිරිස අද සිට සැප්තැම්බර් 01 වැනිදා දක්වා මෙරට සීගිරිය, හබරණ, ඇතුළු දැකුම්කළු ස්ථාන නැරඹීමට යාමට නියමිතය.
මෙම තරගකාරියන්ට මෙරටදී රූ රැජින තරගාවලියේ තරග ඉසව් කිහිපයක් පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා චීන වෙළද පොළ දැවැන්ත ප්‍රචාරයක් අත්පත් කර ගැනීමට අපේක්ෂා කරයි.
මෙම තරගාවලියේ අවසන් මහා තරගය සැප්තැම්බර් 13 වැනි දා චීනයේ ෂැන්හයි නුවරදී පැවැත්වීමට නියමිතය.

















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සන ළමයි ටික (දී)
හැමෝම ලස්සනයි. මමත් ලංකාවේ හිටියනම්.... (දී)
ලස්සනයි, ඒත් අපේ රටේ ඉන්නව කළු උනත් මිට වඩා ලස්සන තරුණියන්.(දී)
මේ අය එක්ක බලද්දී ලංකාවේ කෙල්ලෝ කොයිතරම් ලස්සනද (නදී)
මට නම් අපේ කෙල්ලෝ ලස්සනයි (දී)
ලස්සන කෙල්ලෝ ටික...(දී)
ඇත්තම කියනවනම් අපේ රටේ කෙල්ලක් ගාවින් තියන්නවත් බෑ.අපේ අය ඒ අතින් කොච්චර ලස්සනද? (අ)
දිල්ෂාන් මල්ලි ,අපේ රටේ කෙල්ලන් ලස්සනයි කියලා අනෙක් රටවල කෙල්ලන් පහත දමන්න එපා. (නි)
මේ කට්ටිය හරි කෙට්ටුයිනේ. හැබැයි ඒකත් නරක නැහැ. ලස්සනයි. ලස්සනට ලස්සනයි කියන්න ඇඹරෙන්න ඕනෑ නැහැනේ (නි)
ආයුබෝවන් ! ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. (නි)
කෙල්ලෝ කොයි රටෙත් ලස්සනයි. බාහිර පෙනුම වගේම ඒ අයගේ තියෙන සුකුමල කම නිසාත් ලස්සනයි. සමහර කුමාරිහාමිලා නම් ඒ ලස්සන කමට නින්දා කරමින් හැසිරෙනවා (නදී)
මේ තමා ස්වභාවික ලස්සන මතකනේ, අපේ අය ලස්සන වෙන්න ගිහින් වුණ හරිය .පසුගිය දිනවල ලස්සන නොනාකෙනෙක් ලස්සනට අවසන් ගමනක් ගියා, (අ)
මෙි මොන කෙල්ලොද හැම කෙල්ලම එක වගේ නේද (නදී)
මටනම් අර පටිය පළදවන අපේ නංගි ඔක්කොටම වඩා ලස්සනයි (අ)
ඔබලා නැවත යන තුරු අපේ ආයියලාගෙන් බේරී , දුෂණය නොවී , කරදරයක් නොවී ඔබගේ රටට ආපසු ගොස් අපගේ රටේ ලස්සන පවසන්න (අ)