දිවයිනට පැමිණි චීන විශ්ව රූ රැජිණ තරගාවලියේ අවසන් වටයේ රූ රැජිණියෝ හබරණ සිනමන් බේ ලොජ් හිදී දේශීය ආහාර පිසීමට උගත්හ.
පැය තුනකට ආසන්න කාලයක් එහි මුළු තැන් ගෙයි ආහාර පිසු චීන යුවතියෝ රසද බැලුහ.
ලබන 29 වෙනිදා ඔවුහු දේශීය ආහාර පිසීමේ තරගාවලියකටද සහභාගී වෙති.
රූ රැජින තරගාවලියේ එක් අංගයක් ලෙස එහිදී කටට රසට ආහාර පිසින චීන රූමතිය තේරීමටද නියමිතය.




















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුණත් මොකටද? මේඩ් ඉන් චයිනා නේ (නි)
මෙවැනි වෙලාවක මම අර වගේ චූටි බලු කුක්කෙක්වත් වුණා නම්.... (නි)
ඔය ඉන්න බල්ලෝ පුසෝ කබරයෝ නයි ටිකකුත් දුන්නනම් මරු (නදී)
මොනවද ඉව්වේ කන්කුන්ද? (අ)
චාමලීගේ අදහස ඉතා වැදගත්. කව්රුත් නොසිතපු දෙයක් ඉදිරිපත් කිරීම ඉතා වැදගත් (නදී)
මම ඒත් බැලුවා මොකක්ද මේ වෙනස කියලා. චමාලි කියන කල් වරලස උනා දමා ඇති බවක් හැඟුනේ නැහැ. (නදී)
චීන්නුන් ටත් චයිනීස් කෑම හදන හැටි උගන්නලා වගේ. (නදී)
මම නම් මා ගැන හරිම ආඩම්බරයි. ලෝකේ බොහෝ රටවල කෑම වට්ටෝරු මගේ අතින් පිළියෙළ වෙනවා. අපේ පවුලේ පාටියක් ඇතිදාට ඒ වැනි දේ ඉව්වට, විශේෂ පාර්ටියකට බුෆේ එක " සිලෝන් " හැමෝම අාසාවෙන් කනවා. ඉතාමත් සිත් ඇදගන්නා සුළු කෑම මේසය ..විදේශික හිතවතුන් ආඩම්බරයෙන් මට තුති කරනවා ...කෑම ගැන ඔවුන් ආඩම්බර වෙන්නේ මෙවැනි කෑම කිසිම දිහාවකින් ඔවුන්ට රස බලන්න නොලැබෙන වග කියමින්. ඉතින් මට කොපමණ ආඩම්බර වෙන්න පුලුවනිද (නදී)
හා හා බලාගෙන. (නදී)
ගේ දොර වැඩ නොදත් එකී ගත් මිනිහා අමාරුවේ. (නි)
අපේ රට කෙරෙහි විදේශිය රටවල් දක්වන විශේෂ උනන්දුව මෙයින් පෙනෙනවා. (නි)
නියමයිනේ! (නි)
මේක නම් නියම සුපිරි වැඩක් (නි)
චීන කෙල්ලෙකුගෙන් යාලු වෙන්න කොල්ලෙක් ඇහුවහම මුලින්ම කියන්නේ තෑන්ක් යූ කියලා. එහෙම අහන එක ඒ කෙල්ලට ගෞරවයක් කියලා හිතන්නේ. තමන්ට කෙනෙක් ඉන්නවා නම් ඉන්නවා කියලා කියනවා.එහෙම නැත්නම් අම්මලාගෙන් අහන්න කියනවා. අපේ රටේ කෙල්ලන්ට සාපේක්ෂව බොරු නැහැ. (නි)
සන්තෝසයි (දී)
රටේ මෙච්චර දේවල් වෙද්දී චීන සුරූපිනියන් තමයි ලොකු වෙලා තියෙන්නේ. (නි)
ගමේ කෑම කියලා හෝටලෙන් මේ අයට මොනවා උගන්වනවද දන්නෙ නැහැ (නි)
අපිට චීන හෝටල්. චීනයේ ශ්‍රී ලංකා හෝටල්... (නි)
මමත් සුපවේදිනියක් වෙන්න පුහුණුව ලබනවා. නමුත් අපිට නම් මොනම අවස්ථාවකවත් මුළුතැන්ගෙයි සිටින විට කොණ්ඩවය කඩාගෙන ඉන්න බැහැ. දිගු කොණ්ඩා ඇති උදවිය ඒවා එහෙන් මෙහෙන් නොවැටෙන සේ පිටුපසට කර බැඳගෙන තමයි හිස් වැසුම් පළදින්නේ. මම හිතන්නේ මේක ප්‍රවර්ධන වැටසටහනක් නිසා ඒවා ගැන වැඩිය හිතන්න නැතුව ඇති. (නි)
විවිධ වර්ගයේ කෑම බීම හදන්න පුළුවන් නෝනා කෙනෙක් ලැබීමත් වාසනාවක්. ලස්සන කන්නද? හවස කාර්යාලයෙන් මහන්සිවෙලා එනකොට ගෙදර හැදූ කෑමක් ලැබෙන්න දැන් කාලයේ පිනක්ම තියෙන්න ඕනෑ (නි)
කෝකියා මල්ලිට තියෙන සතුට! (නි)
කාන්තාවක් වුණාම තමන් මොන සමාජ තත්ත්වයක හිටියත් ඉහුම් පිහුම් ඇතුළු ගෙදර දොරේ වැඩ ගැන දැනුමක් හැකියාවක් තිබිය යුතුයි යන්න මගේ අදහසයි. අපේ නෝනාගේ බාලම නංගි, පවුලේ බඩපිස්සී කියලා ඒ උදවිය ගෙදර තේ එකක්වත් හදන්න ඉඩ නොදී හුරතල් කරලා ඔන්න දැන් බැඳලා ගිය තැන නැන්දම්මාගෙන් හොඳ පරිප්පුවක් කනවා. (නි)
මේ තරුණියන් පිටරටින් ඇවිදින් මෙහෙ ඉවුම් පිහුම් ගැන උනන්දුයි. ඒකට අපේ රටේ සමහර තරුණියන්ට ඉවුම් පිහුම් ලොකු කරදරයක්. අපේ ඥාති සහෝදරෙක් විවාහ වුණ නෝනාට තවමත් එයාගේ මහගෙදරින් කවුරුහරි ඇවිල්ලා උයලා දෙනවා. මේ කියන්නේ මෙහෙම බිරින්දෑවරුත් අපේ රටේ ඉන්නවා කියලා දැනගන්න. (නි)
ලංකාව පුරාම අස්සක් මුල්ලක් නෑර චීන ආපන ශාලා... දැන් ඉතින් චීනය පුරාමත් එහෙම වේවිද ? (නි)
සාපේක්ෂව බැලුවොත් හරිම ලස්සනයි (නි)
ඉතාම හොඳයි. විශිෂ්ටයි! (නි)
ඔයාලා වැරදිලාවත් තංගල්ල පැත්තටනම් යන්න එපා. (ස)