(විමුක්ති එස් රුද්‍රිගු)
පසුගිය ජූනි 25 වැනිදා සිට අතුරදන්ව සිටි චීන විදේශ කටයුතු අමාත්‍ය චෙන් ගාන්ග් මහතා ඉවත් කර නැවතත් හිටපු විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා එම අමාත්‍ය ධුරය සඳහා පත් කිරීමට චීන රජය කටයුතු කර ඇත.
චීන විදේශ කටයුතු අමාත්‍ය චෙන් ගාන්ග් මහතා ධුරයෙන් ඉවත් කළත් එසේ ඉවත් කිරීමට චීන රජය පැහැදිලි හේතුවක් ඉදිරිපත් කර නැත.
චීන විදේශ කටයුතු අමාත්‍ය චෙන් ගාන්ග් මහතා පසුගිය ජූනි 25 වැනිදායින් පසුව ප්‍රසිද්ධියේ පෙනී සිට නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණ.අවසන් වරට විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකා, වියට්නාම සහ රුසියානු නියෝජිතයන් මුණගැසී ඇති බවත් ඉන්පසුව ඔහු කිසිඳු අවස්ථාවක ප්‍රසිද්ධියේ පෙනී සිට නොමැති බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.
බෙයිජිං රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාකාරකම් අතින් කාර්ය බහුල වී සිටින අවස්ථාවක විදේශ කටයුතු අමාත්‍යවරයා දින 30 කට අධික කාලයක් මහජනතාවගේ ඇසට හසු නොවී අතුරුදහන් වී සිටීම අසාමාන්‍ය කරුණක් බවත් ඒ හේතුවෙන් විවිධ පාර්ශ්ව උපකල්පනයන් ඉදිරිපත් කිරීමට පටන් ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.
පනස් හත් හැවිරිදි චීන විදේශ කටයුතු අමාත්‍ය චෙන් ජනාධිපති ෂී ජින්පින් ගේ සමීපතමයෙකි.එරට විදේශ කටයුතු අමාත්‍යංශය පැවැත්වූ මාධ්‍ය හමුවලදී චීන විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙම අතුරුදහන් වීම පිළිබඳ මාධ්‍යවේදින් කිහිපවතාවක් ප්‍රශ්න කර ඇතත් එහිදී අමාත්‍යවරයා සම්බන්ධයෙන් ලබා දීමට තොරතුරක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශකයන් පැවසූ බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.
දිවයිනට බළපා ඇති වැසි තත්වය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණ ඇති දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අද (15) දහවල් සිට විවෘත කළ බව ජලාශය භාර වාරි ඉන්ජිනේරු එම්.ජී
මහවැසි හේතුවෙන් තාවකාලික වසා දැමුණු පාසැල් හෙට(15) සිට සාමාන්‍ය පරිදි යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අනුව මැතිවරණ වියදම් වාර්තා ලබා නොදුන් බත්තරමුල්ලේ සීලරතන හිමි ඇතුළු තිදෙනාට එරෙහිව නඩු පැවරීමට මැතිවරණ කොමිෂන් සභ
මරදන්කඩවල ගනේවල්පොල ප්‍රදේශයේ දී යතුරුපැදියක් සහ ලොරියක් එකිනෙක ගැටී අද (15) සිදුවූ රිය අනතුරකින් යතුරු පැදි කරුවකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය අවලංගු කර ඒ සඳහා යළි විභාගයක් පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලා සිටින මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සි
සෙවණගල ප්‍රදේශයේ ප්‍රකට ආයුර්වේද වෛද්‍යවරයකුගේ ඖෂධාලයක තිබු ගංජා සමඟ එහි සේවකයන් කීපදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
චීන විදේශ ඇමති ඉවත් කරලා
Bunny Preena Wednesday, 26 July 2023 09:14 AM
ඕවා ඔහොම තමයි