IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


චීනා හොරෙන් මැණික් ගරා කෝටි ගණනක් හම්බකරලා

(මනෝප්‍රිය ගුණසේකර)

බලපත්‍රයක් නොමැතිව මැණික් ව්‍යාපාරයක් කර මාස හයකදී රුපියල් තිස් හය කෝටි පනස් ලක්ෂයකට අධික මුදලක් උපයා ගැනීමේ චෝදනාවකට වරදකරු වූ චීන ජාතිකයකු සතු එම මුදල රජසන්තක කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඔහුට රුපියල් කෝටි තුන හමාරක දඩයක් ද නියම කළේය.

නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවන බව පෙන්වා දෙමින් විත්තිකරුට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර එය වසර 15ක කාලයකට අත්හිටුවීමට ද විනිසුරුවරයා නියම කළේය.

චීන භාෂා පරිවර්තකයකු වශයෙන් රැකියාවක් කිරීමට ලංකාවට පැමිණ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ බලපත්‍රයක් නොමැතිව ලංකාව තුළ මැණික් ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් මාස හයක් වැනි කෙටි කාලයක් තුළදී රුපියල් කෝටි 36 ½ කට අධික මුදලක් උපයා ගත් බවට චෝදනා ලැබූ චූ ෂෙන් නමැති චීන ජාතිකයාට මෙලෙස දඬුවම් නියම විය.

2017 සැප්තැම්බර් පළමුවැනිදා සිට 2018 පෙබරවාරි 28 වැනිදා දක්වා අතර කාලය තුළ කොළඹදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ බලපත්‍රයක් නොමැතිව ලංකාව තුළ මැණික් ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් රුපියල් තිස් හයෙකා්ටි පනසි ලක්ෂයක මුදලක් උපයා ගත් බවට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි පනත යටතේ සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතතුරුව විත්තිකරුට එරෙහි චෝදනාවලට ඔහු වරදකරු බවට විනිසුරුවරයා තීරණය කළේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා කරුණු දක්වමින් මෙම තත්වය රටට ඉතා අහිතකර බව පැවැසීය.

එම නිසා සෙසු විදේශිකයන්ට ද පාඩමක් වන ලෙස මෙම විත්තිකරුට දැඩි දඬුවම් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රන්ජන් ද සිල්වා මහතා ලංකාව තුළ මැණික් වෙළෙදාම් කිරීම සඳහා බලපත්‍ර අවශ්‍ය බව නොදැන කළ ව්‍යාපාරය නිසා තම සේවාදායකයාට එරෙහිව මෙම චෝදනා එල්ල වූ බවත් ලංකාව තුළ මැණික් වෙළෙදාම් කිරීම සඳහා බලපත්‍ර අවශ්‍ය බව දැනගත් වහාම ඔහු ඊට අවශ්‍ය බලපත්‍ර ලබාගත් බවත් කීය.

කෙසේ වුවත් විදේශිකයකු වන තම සේවාදායකයාට ලිහිල් දඬුවම් නියම කරන්නැයි නීතීඥ රන්ජන් ද සිල්වා මහතා ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව පොදු දේපළ පනත යටතේ ගොනුකර ඇති දෙවැනි චෝදනාවට වරදකරු කරනු ලැබූ විත්තිකරුට නීති විරෝධී ආකාරයෙන් උපයාගත් බවට චෝදනා එල්ල වී ඇති රුපියල් මිලියන 365 මුදල මෙන් තුන් ගුණයක මුදලක් දඩයක් පැනවිය හැකි වුවත් විත්තිකරුගේ නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු අනුව එවැනි නියෝගයක් හෝ සක්‍රීය සිර දඬුවම් නියම නොකරන බවත් විනිසුරුවරයා පැවැසීය.

ඉන් අනතුරුව විත්තිකරුට අදාළ දඬුවම් පැනවීය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ රජයේ අධිනීතීඥ පද්මලාල් ද සිල්වා මහතා සමග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා පෙනී සිටියේය.

විත්තිකරු වෙනුවෙන් නීතිඥ හේමන්ත වික්‍රමසිංහ මහතා සමග නීතිඥ රන්ජන් ද සිල්වා මහතා පෙනී සිටියේය.

 



අදහස් (4)

චීනා හොරෙන් මැණික් ගරා කෝටි ගණනක් හම්බකරලා

ලුම්බිණි Friday, 17 May 2024 08:10 AM

සක්‍රීය සිර දඬුවම් නියම නොකරන මෙයාව ආපහු චීනෙට යවන්න නැද්ද?

:       0       6

වසන්තා පද්මිනී Friday, 17 May 2024 10:01 AM

නීතිය කියන්නෙම මකුලු දැලක්ලු නේ. පුලුවන් එකා ඇතිහැකි එකා කඩා ගෙන යනවා, බැරි එකා දුබලයා පැටලිලා දුක් විඳිනවා. අනික් අතට නීතිඥයො සල්ලි වෙනුවෙන් ඔ්නැම අපරාධකාරයෙක් අපචාරකාරයෙක් වෙනුවෙන් බොරු කියනවා. දැං මේ චීනා කරපු වැඩේ සාධාරණීකරණය කරනවා විත්තියේ නීතිඥයා. වැරදි බව, නීතියට පටහැණි බව දැන දැනම චීනා වෙනුවෙන් පෙනී ඉන්නවා, ‌නිදහස් කරගන්න මාන බලනවා. කෝ ඉතිං නීතියේ නීත්‍යනුකූලභාවය?

:       0       12

Jayan Friday, 17 May 2024 01:49 PM

අපේ එවුන් සල්ලි හොයන්න බැරිව නහයෙන් අඩනවා... චීන්නු ඇවිත් මාස 6 ට කෝටි 36 ක් හොයනවා

:       0       6

siril Sunday, 19 May 2024 06:02 AM

china ලංකාවෙ 6ක‍් ම‍ැණික‍් ගරනව ද‍ැකලා න‍ැ කවුර‍ැත‍් .ලංකාවෙ එකෙක‍් කරානම්‍ දවස‍් 2න‍් කුඩුවෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 0 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 20 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 2440 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1394 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 2073 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1421 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37980 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25017 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 241 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 280 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site