රුපියල් බිලියන 4.2 ක මුදල් අවභාවිතා කළැයි චෝදනාවට රිමාන්ඩ් බාරයේ සිටි චානුක රත්වත්තේ ඇතුළු පස් දෙනාට ඇප දීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (21) නියෝග කළාය.
රුපියල් ලක්ෂ 20 ශරීර ඇප 3 ද රුපියල් ලක්ෂ තුනක මුදල් ඇප ද චානුක රත්වත්තට නියම විය.
දෙවැනි හා තෙවැනි සැකකරුවන් ට රුපියල් ලක්ෂ දෙකක මුදල් ඇප ද රුපියල් ලක්ෂ 15 බැගින් ශරිර ඇප දෙකක් ද නියම විය.
සිව්වැනි හා පස්වැනි සැකකරුවනට රුපියල් ලක්ෂය බැගින් මුදල් ඇප ද රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් ද නියම විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර පොත කියෙව්වට පස්සේ ලංකාවේ අධිකරණය ගැන මට පුදුම පැහැදීමක් ඇතිවෙලා තියෙන්නේ. (නි)
අනේ මන්දා වැරදි නොකළ කෙනෙක් කොහෙන් සොයාගන්නද කියලා (නි)
යහපත් ආශ්‍රය නිසා අංගුලිමාලලා සසර කෙළවර කළා මෙන්ම තමයි හොර තක්කඩි ආශ්‍රය කළාම වැදගත් පවුල්වල ළමයින්ටත් හිරේ විලංගුවේ වැටෙන්න සිදුවනවා. (නි)
අනේ මෙහෙමත් මිනිස්සු!
අවභාවිතය ටිකක් සැර අඩුවෙලා වගෙයි. (නි)
බලනකොට හොඳයි කියලා කියන්න කෙනෙක් නැහැනේ (නි)
දිල්රුක්ෂි මහත්මිය යැව්වේ ඔය ටික කරන්න තමයි, දැන් ඉතින් ආයිත් අර පරණ හොරු රැළගේ හොරකම් ඔක්කොම යට. ලංකාවේ තියෙන්නේ තිරිසන් දේශපාලනය. (අ)
අැයි නැත්තේ, ඔය ඉන්නේ ඕනෑතරම් (කතාවෙන්) එළකිරි වගේ අය. (නි)