IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


චන්දිමාල් අයි.පී.එල්. ආරාධනා ප‍්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායක දිනේෂ් චන්දිමාල්ට ඉන්දීය ප‍්‍රධානතම විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ (අයි.පී.එල්.) කණ්ඩායම් දෙකකින් ලැබුණු ආරාධනා ප‍්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් සහ පූනේ වෝරියස් යන කණ්ඩායම්වලින් මෙවර තරගාවලියට සහභාගි වන ලෙස චන්දිමාල්ගෙන් ඉල්ලීම් කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේදී ඉදිරි මාස දෙකක කාලයේ තමන්ට විශේෂ පුහුණු සැසියකට සහභාගි වීමට ඇති බව චන්දිමාල් දන්වා ඇතැයි වැඩි දුරටත් වාර්තා වේ.  

 



අදහස් (0)

චන්දිමාල් අයි.පී.එල්. ආරාධනා ප‍්‍රතික්ෂේප කරයි

රවී Sunday, 31 March 2013 10:44 PM

පරණ අයට හොඳ පාඩමක් නේද දීල තියෙන්නේ අපේ සුබ පැතුම්. (ස)

:       0       0

සිල්වා Tuesday, 02 April 2013 05:06 AM

මේ කොල්ලා ගත් තීරණය හරි. මේ දකුණේ කොල්ලෙක්. (නි)

:       0       0

කපිල වසන්ත කුමාර Sunday, 31 March 2013 10:53 PM

ඔබට ශුභ පතනවා.

:       0       0

චන්දිම Monday, 01 April 2013 02:27 PM

විශිෂ්ටයි චන්දිමාල්... (දී)

:       0       0

මධුභාෂණ Sunday, 31 March 2013 11:12 PM

සල්ලිපස්සේ යන අයට හොඳ ආදර්ශයක් ගන්න පුළුවන් දිනේෂ් ගෙන්. අර්ජුන පෙන්වූ මග යන නව ශ්‍රී ලංකාවෙ නායකයාට ඉදිරිය පැහැදිලිව ජය ගන්න හැකියි. පාවා නොදෙන දිනේෂ් ජය ඔබටයි. ඒකාන්තයි. (ස)

:       0       0

විහඟ Tuesday, 02 April 2013 05:48 AM

අන්න එහෙම තමයි ඉන්න ඕනේ (දී)

:       0       0

කුමාරි Monday, 01 April 2013 10:02 AM

ඔබ අපට ආඩම්බරයකි‍‍‍. සැබෑ සිංහ පුතෙකි ඔබ අප මැවූ රටට. ඔබට සුබ පැතුම් ! (ස)

:       0       0

තිලක් Sunday, 31 March 2013 11:49 PM

පුතා මගේ රජවෙන්නේ.... (නි)

:       0       0

කුසුමලතා ලංකාමුල්ල Monday, 01 April 2013 10:17 AM

ක්‍රිකට් ගැන කිසිදු උනන්දුවක් මට නැහැ. ඒත් පුතේ ඔබට රට ගැන තිබෙන හැගීම ගැන ලොකු සතුටක් ඇතිවුණා. සල්ලිත් එක්කම හැප්පෙන ක්‍රීඩාවක් කරන ඔබේ සිතිවිලි මුදලට යට නොවීම පිළිබද ව ඇත්තේ ඊටත් වඩා ලොකු සතුටක්. ඔබට හැකි දේ ඔබ කළා. පුතේ ඔබට ජයවේවා!.(නදී)

:       0       0

ජයලත් Monday, 01 April 2013 10:19 AM

ඔබ දක්වපු ප්‍රතාචාරය නම් හොදයි. නමුත් එය ඔබ ප්‍රතික්ෂේප කළේ ඔබට පුහුණු සැසියක් තියෙන නිසා නේද?(නදී)

:       0       0

තුෂාර Monday, 01 April 2013 02:44 PM

මම හිතුවේ ජය ලලිතාට බයේ කියලා (දී)

:       0       0

විතාන‍ගේ Monday, 01 April 2013 10:36 AM

ආනන්දෙ කොල්ලො මෙහෙම තමා (ස)

:       0       0

වරුණ Monday, 01 April 2013 02:44 PM

ප්‍රථමයෙන් රට, ඔබට මම සුභ පතනවා (දී)

:       0       0

සිල්වා Tuesday, 02 April 2013 12:41 PM

මොකාක් හරි විශේෂිත හේතුවක් තියෙනවාද (දී)

:       0       0

අනුර Monday, 01 April 2013 10:42 AM

නියමයි පුතා ඔබත් අර්ජුනගේ ‍පාසලේ (ආන්නදේ ) රට පෙරට තවත් එක කොල්ලෙක් හරි ඉන්න එක සතුටුයි (ස)

:       0       0

සමන් Monday, 01 April 2013 12:15 AM

අද 20- 20 දිනුවා. ඉදිරියේදීත් ජය ගැනීමට ශක්තිය ලැබේවා දිනේෂ්ට (ස)

:       0       0

සුජානි Monday, 01 April 2013 12:23 AM

මෙන්න බොලේ ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමට නැවතත් සිංහල කොල්ලෙක් ඇවිල්ල ජය අපටයි ලංකාවේ.දිනේෂ් ඔබට ශුභ පතනමු. (ස)

:       0       0

අනුර Monday, 01 April 2013 01:04 AM

ඔබගේ නිහතමානී ක්‍රියාවට මගෙන් සුබ පැතුම්. ඔබට හොඳ අනාගතයක් තිබෙනවා. (ස)

:       0       0

ශ්‍රීනාත් දයානන්ද Monday, 01 April 2013 03:03 PM

පාර.... පාර............! මගේ හිසනමා ආචාර කරමි. (ස)

:       0       0

ආෂා Monday, 01 April 2013 10:59 AM

ජ්‍යේෂඨ ක්‍රීඩකයන් මුදලට රටේ ගෞරවයට හානි කරද්දී රට වෙනුවෙන් කොන්ද කෙලින් තියාගෙන ඔබ ගත් තීරණය පිළිබද අපිට සතුටුයි. රට ඉදිරියෙන් තබා ක්‍රීඩා කළොත් ඔබට සල්ලි පස්සෙන් යන්න ඕනේ නැහැ. සල්ලි ඔබව හොයාගෙන එයි. ඔබට ජයෙන් ජය.(නදී)

:       0       0

මොරිස් Monday, 01 April 2013 11:10 AM

සහබාගි නොවන එම පිලේ අනිත් ක්‍රීඩකයින්ට ගෙවන අවම මුදල ඩොලර් ලක්‍ෂ හයයි (6)...චන්දිමාල්ට විතරක් ඩොලර් ලක්ෂයයි (1)..හරිම අසාදරනයි (ස)

:       0       0

වික්ටර් Monday, 01 April 2013 02:06 AM

නියමයි. ඔහොම යමු. (නි)

:       0       0

ෂාන් Monday, 01 April 2013 11:20 AM

ඇයි ගනුදෙනුව මදිද (ස)

:       0       0

රෝහිත Monday, 01 April 2013 02:44 AM

සල්ලි වලට වඩා ආත්ම ගෞරවයේ වටිනාකම පෙන්වූ අපේ කොල්ලාට සුභ පැතුම්! (නි)

:       0       0

නිශාන්ත Tuesday, 02 April 2013 01:09 PM

නියමයි

:       0       0

තිලක් Monday, 01 April 2013 03:21 PM

සල්ලි වලට නැවෙන්නේ නැති චරිත දෙකක් (දී)

:       0       0

සිල්වා Monday, 01 April 2013 05:50 AM

සංගා, මාලිංග, මහේල, දිල්ෂාන්, ඔයාලා මොකද කියන්නේ? (නි)

:       0       0

සිල්වා Monday, 01 April 2013 06:02 AM

මෙන්න නියම කොල්ලෙක්. (නි)

:       0       0

යොහාන් Monday, 01 April 2013 07:35 AM

ජීවිතය වටිනවා ඔක්කොටම වඩා (දී)

:       0       0

ගයාන් Monday, 01 April 2013 12:21 PM

ප්‍රථමයෙන් තමන්ගේ රටට සෙලල්ලම් කරන එක ඉතා වදගත් (දී)

:       0       0

අනුර Monday, 01 April 2013 07:48 AM

සල්ලි වලට රටත් පාවාදෙන මේ රටේ මම දැකපු උතුම්ම ක්‍රීඩකයෙක්. (නි)

:       0       0

බන්දු Monday, 01 April 2013 08:06 AM

බොහොම සතුටුයි ඔබ ගැන. (නි)

:       0       0

දුලාන් Tuesday, 02 April 2013 09:55 AM

රට වෙනුවෙන් ඔබ ගත් තීරණය අති විශිෂ්ඨයි. ඔබ වැන්නෙක් ජාතික කණ්ඩායමේ නායක වීම ඉතා වැදගත් (ස)

:       0       0

වරුණ Monday, 01 April 2013 08:04 AM

අන්න කොන්ද පණ තියෙන, ආඩම්බර දේශ හිතෛෂී කොල්ලෙක්. (නි)

:       0       0

නිලන්ත Monday, 01 April 2013 08:05 AM

මෙන්න නියම රටට ආදරේ ඇති ලාංකික පුතෙක්. (නි)

:       0       0

කරු Monday, 01 April 2013 08:10 AM

නියම කොල්ලෙක්. (නි)

:       0       0

ශාන්ත Monday, 01 April 2013 08:13 AM

නියමයි කොල්ලෝ. ඔහොම තමයි නියම සිංහලයෝ. (නි)

:       0       0

සමන් Monday, 01 April 2013 08:35 AM

ඔබට අපගේ ප්‍රණාමය ! ජයලලිතාට ඉන්දියාව නටවන්න පුලුවන් නම් අපිටත් පුළුවන් ලාංකිකයන් හැටියට නැගිසිටින්න. සිරිලක දේ සිරි සැප දේ කියන කියමන ගැන දැන් අපි හිතන්න ඕනෑ ඉතා ඉහලින්ම. (මම මෙය අනුගමනය කරනවා) (නි)

:       0       0

කසුන් සදරුවන් Monday, 01 April 2013 09:04 AM

මේ අවස්ථාවට ගත් ඉතා හොද තීරණයක් (නි)

:       0       0

රංජිත් Tuesday, 02 April 2013 08:43 PM

නුඹ නියම සිංහල ලාංකිකයක්(නු)

:       0       0

පහන් Monday, 01 April 2013 01:16 PM

ජය ලලිතා ලංකාවේ ක්‍රිකට් වලට බලපෑම් කරයි (දී)

:       0       0

යොහාන් Monday, 01 April 2013 01:18 PM

කලින් තෝරා නොගත් කේන්තියට (ස)

:       0       0

කපිල Tuesday, 02 April 2013 10:49 AM

ලංකාවේ ක්‍රිකට් වලට සුභපතනවා (දී)

:       0       0

නිශාන්ත Tuesday, 02 April 2013 02:24 PM

අපිට නිගා කරන රටට ගිහින් සෙල්ලම් කරන්න එපා (දී)

:       0       0

මේනකා Monday, 01 April 2013 01:28 PM

මුදලට වහල් වූ සමාජයක ඔබ වැනි අය ඉතා දුර්ලභයි. මේ අවස්ථාවේ ඔබ ගත් තීරණය ඉතා නිවරදියි. ඔබට සුභපැතුම්.(නදී)

:       0       0

අනුර Monday, 01 April 2013 01:45 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

ලාල් ගලබඩ ඉතාලියේ ලෙක්කෝ සිට Sunday, 31 March 2013 08:12 PM

ඔබේ ක්‍රියාව ගැන අප ඉතා පැහැදීමකට පත් වෙමු.(නදී)

:       0       0

තත්සරණි Wednesday, 03 April 2013 07:51 PM

එත් අපි කාටවත් වැරද්දක් කරපු නැති රටක් හින්ද අපි කාටවත් බය විය යුතු නැහැ. මගේ රට කාටවත් වැරද්දක් කරලා නැත්තන් අපි මොන දීකටවත් බය විය යුතු නෑ. මගේ වීරයන්ට ජය.(නදී)

:       0       0

අසේල Sunday, 31 March 2013 08:35 PM

කුමන හේතුවක් මත හෝ මෙය ප්‍රතික්ෂේප කිරීම පිළිබද ඔබට අපගේ ප්‍රණාමය. (නි)

:       0       0

ඉන්දු Sunday, 31 March 2013 08:46 PM

ඔබ ගැන අපි ආඩම්බර වෙමු . (ස)

:       0       0

ඡායා Monday, 01 April 2013 09:34 AM

ලබන අවුරුද්දේ යයි. චන්දිමාල් ඉන්නේ ලබන මාස දෙකේ එයා ඉංග්‍රීසි කෝස් එකක් තියෙන නිසා.(නදී)

:       0       0

ප්‍රියන්ත Monday, 01 April 2013 01:55 PM

ඔබ වැනි ලක් පුතුන් රටට අවශ්‍ය යුගයක්.(නදී)

:       0       0

සිසිර Sunday, 31 March 2013 08:53 PM

මුදලට ක්‍රිකට් යට වුනු කාලෙක ඔබගේ ක්‍රියාව අගය කරමි. (ස)

:       0       0

අෂාන් Monday, 01 April 2013 09:35 AM

කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයෝ සල්ලි වලට රටේ ගරුත්වය විකුණන කොට ඔබ ගැන ආඩම්බරයි.. සුභ අනාගතයක් දිනේෂ් (ස)

:       0       0

අනිල් පෙරේරා Sunday, 31 March 2013 08:53 PM

මෙන්න සැබැ ක්‍රීඩකයෝ ,රට වෙනුවෙන් ඔබ ඉදිරියටම යා යුතුව ඇතේ ,ඔබ හරි .රටට පක්ෂව ගන්නා තීරණ ඔබට ජය ගෙනෙනු ඇත . (ස)

:       0       0

රොෂාන් Monday, 01 April 2013 09:32 AM

මේ වගේ ක්‍රීඩකයෝ ඉන්නවා නම් අපි ආයි ක්‍රිකට් මැච් බලනවා... (ස)

:       0       0

මොහොමඩ් Monday, 01 April 2013 06:57 PM

චන්දිමාල්, ඔබගේ මුහුනේ නිතරම අවංක සිනහවක් තියෙනවා. ඒ නිසයි මම ඔබට ගොඩක් කැමති.(නදී)

:       0       0

කුරුවිට Sunday, 31 March 2013 09:23 PM

ඔබගේ ජනප්‍රියතාවය ඉන්දියාවට නොවේ ලංකාවටයි ඔබල සියලු දෙනාම එහි නොයන්න එයයි අපේ ඉල්ලීම (අ)

:       0       0

කිත්සිරි Tuesday, 02 April 2013 11:15 PM

මම නම් මේ ගැන හිතන්නේ මේ විදියට. කණ්ඩායමේ ඉන්න ජ්‍යෙෂ්ට අයව පාවල දෙන්න බැරි නිසා මෙයා කොලේ වහල තියෙනවා. නමුත් මම ගෞරව කරනවා චාන්දිමල්ට. මේක අපේ රටට තීරණාත්මක අවස්ථාවක්. අපිට අපේ එකමුතුකම පෙන්වන්න. අපේ කටියම නොගියානම් ඒක පෙන්නුම් කරන්න තිබුනා හොද අවසටවක් ලෝකයට. අයි එහෙම උනේ? හමුදාව රට වෙනුවෙන් දිවි පිදුවා නම් රට වෙනුවෙන් සෙල්ලන් කරන්නේ නැතුව ඉන්න තිබුනා. රටට ආදරයක් තියෙනවනම්. වෙන රටකට මෙහෙම ප්‍රශ්නයක් ආවානම්, ඒ රටවල්වල ක්‍රීඩකයෝ මේකට එන්නේ නැහැ. එනෙම උනනානම්, ලොකු අඩුවක් දැනෙනවා ඉන්දියාවට. ඒ වගේම ඊළඟ සැරේ අපට හොද ඉල්ලුමකුත් එනවා වගේම ජයලලිතත් පරාද වෙනවා. (නදී)

:       0       0

බණ්ඩාර Sunday, 31 March 2013 09:45 PM

මෙන්න නියම ක්‍රිකට් ක්‍රිඩකයො..සල්ලි වලට හැමොම විකිනෙන කාලෙ.. ඔබෙ ක්‍රියාව අගය කරමි... (අ)

:       0       0

අශේන් Sunday, 31 March 2013 09:53 PM

සැබැ ක්‍රීඩකයෝ .ඔහොම යං (අ)

:       0       0

කෙවින් Sunday, 31 March 2013 10:08 PM

මෝස්තර කාරයන්ට කනේ පාරක් ගැහුවට වඩා මෙකෙන් රිදෙනවා ඇති. (ස)

:       0       0

ගයාන් සිල්වා Sunday, 31 March 2013 10:26 PM

හොඳ කොල්ලෙක් නියමයි පුතා.. අනිත් අයගේ ඇස් ඇරෙන්නත් එක්ක (අ)

:       0       0

තුසිත් ලියනගේ Monday, 01 April 2013 07:11 PM

නියම සිංහල කොල්ලෙක්. රට පාවා නොදෙන ඔබ වැනි අය ලංකාවේ තවම ඉන්න එකට ස්තුතියි. ඔබ නියම ක්‍රීඩකයෙක්.(නදී)

:       0       0

රත්නායක චිකාගෝ සිට Monday, 01 April 2013 07:19 PM

සියලු දෙනාට කියන්න දෙයක් තියනවා. අයි.පී.එල් කියන්නේ මුදල් හම්බුකරන තරගාවලියක් ඒක දේශපාලනීකරණය කලේ ජයලලිතා අපි නොදන්නවා උනාට චන්දිමාල් වෙන්දේසියේදී ඩොලර් 100,000 වත් අලෙවි උනේ නෑ. හේතුව ඔහුගේ 20/20 ලකුණු ලබා ගැනීමේ වේගය 100 අඩුයි. ඇත්තටම උන්නේ කණ්ඩායම් දෙකක ප්‍රබල ක්‍රීඩකයන් දෙදෙනෙක් ආබාධවලට ලක්වුණු නිසා මොහුට අඩු මුදලකට කතා කලා. චන්දිමාල් එක ප්‍රතිප්ෂේප කලා. ඇන්ජෙලෝ මෑතිව්ස් ,ලසිත් මාලිංග ,සංගා ,මහේල චන්දිමාල් ට වඩා බොහෝ සෙයින් ලංකාවට එක්දින හා 20/20 වල දක්ෂතා දැක්වුව නිසයි ඔවුන්ට ඩොලර් 500,000 වඩා මුදල් ලැබුනේ.(නදී)

:       0       0

කුමුදු Monday, 01 April 2013 09:44 AM

නියම ආනන්දියෙක්. ඔබගේ මේ ක්‍රියාව අනිත් ක්‍රීඩකයන්ටත් හොඳ ආදර්ශයක්. අපිත් මේ බලන් ඉන්නේ අනිත් අයියා කියන්නේ මොකද්ද කියලා. දිනේෂ් ඔයාට ජය.. කිසි දිනෙක මව්බිමට ද්‍රෝහි වෙන්න එපා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 271 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 204 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 544 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 264 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 81 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 251 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38660 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 951 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site