IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


චන්ද්‍රිකා හිටි ගමන් රට යයි : පෝද්දලයි සුනන්දයි ලංකාවට

කලක් අත්තනගල්ලේ බල පරාක්‍රමයෙන් මුළු ගම්පහම හොල්ලාගෙන සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනියගේ විරෝධය නොතකා  බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංගට නාමයෝජනා ලබා දීමට සන්ධානය ගත් තීරණයක් අනුව ඔහු අද (10) මහවැලි කේන්ද්‍රයේ දී නාමයෝජනා අත්සන් කළේය.

ඔහුගේ සහෝදරයන් දෙදෙනකු වන හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක අර්ජුන රණතුංග සහ රුවන් රණතුංග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුය. මෙවර ඔවුහු දෙදෙනාම සන්ධානයෙන් ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකයන් ලෙස මැතිවරණයට ඉදිරිපත් වෙති. ප්‍රසන්න රණතුංග ද ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ වදින්නේ නම් රණතුංග පවුලේ තිදෙනෙක් එකම දිස්ත්‍රික්කයෙන් තරඟ කරන බැවින් එය ගැටළුවක් බව හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග මහත්මියගේ මතය විය.

එහෙයින් ඔහුට නාමයෝජනා නොදෙන්නැයි හිටපු ජනපතිනිය ඉල්ලීමක් කර තිබිණි.

‘මහින්ද සමඟ නැගිටිමු‘ ජනරැලි මාලාවේ ප්‍රධාන සංවිධායකයෙක් වූයේ ප්‍රසන්න රණතුංගය. මිනුවන්ගොඩින් එම රැලිවලට විශාල පිරිසක් ගියහ. මේ නිසා ප්‍රසන්න රණතුංගට නාමයෝජනා නොලැබේ නම් වෙනම පිලකින් ඉදිරිපත් විය යුතු බව මහින්ද පාර්ශ්වයේ මතය විය.

ඒ අනුව සුසිල් ප්‍රේමජයන්ත සන්ධාන මහලේකම්ගේ මැදිහත්වීමෙන් රණතුංග මහතාට නාමයෝජනා හිමි විය.

හිටපු ජනපති රාජපක්ෂ මහතා ද සුබ මොහොතින් නාමයෝජනා අත්සන් කළේය. ඒ කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහාය. අගමැති අපේක්ෂක කම හා කණ්ඩායම් නායක කම හිටපු ජනපතිට නොලැබෙන බව සිරිසේන ජනපතිට හිතවත් ආරංචි කියයි.

ඔහුට නාමයෝජනා ලබා දීමට මෛත්‍රීපාල සිරිසේන ජනපති එකඟ වීමත් සමඟ මහ මැතිවරණයේ දී ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවුණු බොහෝ දෙනෙක් කළබල වූහ.

මහ ඇමැති ප්‍රසන්නගේ ගෙදර පැවැති සාදයකට සහභාගී වූ හිටපු ජනපති මහින්ද පසුගිය දා ‘හම්බෙන්න ඕනෑ අය හමුවෙලා එන්නම්කෝ‘ යැයි කියා කතානායක චමල් රාජපක්ෂගේ නිල නිවසේ දී ජනපති මෛත්‍රී හමු වූ බවට මාධ්‍ය පළ කළ වාර්තා ජනපති හා හිටපු ජනපතිගේ මාධ්‍ය අංශය ප්‍රතික්ෂේප කළත් මෛත්‍රී-මහින්ද හමුව සත්‍යයක් බව තතු දත්තෝ දැන් කියති.

දෙදෙනාගේම මාධ්‍ය අංශ නිකුත් කළ නිවේදනයේ වූයේ කතානායක නිල නිවසේ දී එවැනි හමුවක් සිදු නොවූ බවයි. නමුත් ඔවුන් දෙදෙනා හමු වී තිබුණේ වෙනම ස්ථානයක දී ය. ඊට වෙනත් කිසිවෙකු සහභාගී වී නැත.

‘මහින්ද යනු පසුගිය ජනාධිපතිවරණයේ මෛත්‍රීගේ ප්‍රතිමල්ලවයා. ඔහු සහ ඔහුගේ පිරිස පරාජය කරන්නයි අපි මෛත්‍රී බලයට ගෙනාවේ. ඒ මෛත්‍රීටයි මහින්දටයි හොර සාකච්ඡා තියන්න බෑ.   ජනාධිපතිතුමා මහින්දව හොරෙන් හමුවුණේ ඇයිදැයි මා ඇසූ විට ජනපති සිරිසේන කිව්වා වෙනත් පිරිස් එන නිසා තනිවම සාකච්ඡා කරන්න හමුවුණා කියා. මා ජනපතිට කිව්වා ඕකට හෙරෙන් හමුවෙන්න ඕන නැහැනේ. හමුවෙන්න ඕනෑනම් තනියම ජනපති මැදුරට එන ලෙස දැනුම් දෙන්න තිබුණු බව කිව්වා. හමුවෙලා මාධ්‍යයට කියන්න තිබුණා අපි තනියම හමුවෙලා සාකච්ඡා කළ බව. ඕක රහස් සාකච්ඡාවක් කරගන්න  ඕන නැහැනේ.‘ යැයි ප්‍රසිද්ධ දේශනයක දී කීවේ මෛත්‍රී බලයට ගෙන ඒම සඳහා දිවා රෑ ගම් දනව් ගොස් සම්මන්ත්‍රණ පැවැත්වූ ගාමිණී වියන්ගොඩය.

මෛත්‍රී බලයට පැමිණි පසු මෛත්‍රී හා මහින්ද අතර හමු තුනක් පැවැත්විණි.

මෛත්‍රී පසුගිය දිනක ඔහුට සහාය දුන් සිවිල් සංවිධාන නියෝජිතයෝ කිහිප දෙනෙක් මුණ ගැහුණහ. ජනවාරි අට වැනි දා ජන අභිලාශය කිසි ලෙසකින්වත් නැවත හැරවීමට ඉඩ නොදෙන බව ජනපති කී බව කියන එම නියෝජිතයෝ එතැන සාකච්ඡා වූ වෙනත් කිසිවක් පිටතට නොදෙති.

මහින්දට නාමයෝජනා දීම ගැන හිටපු ජනපතිනිය හා ජනපති අතර පසුගිය දිනෙක ජනපතිනියගේ කොළඹ නිවසක දී සාකච්ඡාවක් පැවැත්විණි.  එම සාකච්ඡාවෙන් පසු මෛත්‍රී සමඟ රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට හා පිරිස ද හිටපු ජනපතිනිය සමඟ සාකච්ඡා කළහ.

කෙසේ වෙතත් කුමාරතුංග හිටපු ජනපතිනිය බ්‍රහස්පතින්දා (09) රටින් පිටවී ගියාය. ඇගේ ලේකම් පියසේන දිසානායක කියනුයේ හිටපු ජනපතිනිය රටින් පිටවූයේ පෞද්ගලික කාරණයකට බවයි. ඇය ලංකාවට පැමිණි විගස ඇගේ ස්ථාවරය පැහැදිලි කරනු ඇතැයි ඔහු කියයි. එහි තේරුම දැන් ඇයට වෙනත් ස්ථාවරයක් - මෛත්‍රීට එරෙහි ස්ථාවරයක් ගන්නා බව විය නොහැකිදැයි තැන තැන කතා කරති.   ලංකා ඊනිවුස් වෙබ් අඩවිය කියනුයේ චන්ද්‍රිකා රටින් පිටවූයේ මහින්දට නාමයෝජනා ලබා දීම ගැන මෛත්‍රීට විරෝධය පළකරමින් බවයි.

මෛත්‍රී බලයට ගෙන ඒමට උදව් උපකාර කර සියලු බලවේග දැන් මෛත්‍රීට හා මහින්දට විරෝධය පා මාධ්‍ය සාකච්ඡා, සම්මන්ත්‍රණ හා රැලි පැවැත්වීම ආරම්භ කර ඇත. එවැනි සම්මන්ත්‍රණයක් බ්‍රහස්පතින්දා (10) සවස 3.30ට ජේ ආර් ජයවර්ධන කේන්ද්‍රයේ දී පැවැත්විණි.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් වැඩසටහන මෙහෙයවූ අතර පළාත් සභා මන්ත්‍රීන් වන මනෝ ගනේෂන්, මුජුබර් රහුමාන් මහත්වරු ද, මහාචාර්ය සරත් විජේසූරිය, ගාමිණී වියන්ගොඩ, සමන් රත්නප්‍රිය සහ චමීර පෙරේරා දේශන පැවැත්වූහ.

එදා රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට බැස ආ මෛත්‍රී වෙනුවෙන් කතා කළ මේ පිරිස අද මෛත්‍රී දැඩි ලෙස විවේචනය කළහ.

‘දේශපාලනඥයන් කියන අය විශ්වාස කරන්න බැහැ. ඔබ දුක් වෙන්න එපා. ඒ ඔවුන්ගේ හැටි.‘ යැයි වියන්ගොඩ කීවේ මෛත්‍රී මහින්දට නාමයෝජනා දුන්නේ  යැයි දෙගිඩියාවෙන් සිටින පිරිස අමතමිනි.

එදා මෛත්‍රීට උදව් කළ පිරිස් අද කියනුයේ මෛත්‍රී ජනවරම පාවා දුන් බවයි.

මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන බවට ආරංචි පැතිර ගිය ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ නාමයෝජනා නුදුන්හ. 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ද්විත්ව පුරවැසි භාවය ඇති අයට මහ මැතිවරණයට තරඟ කළ නොහැකිය. බැසිල් සහ ගෝඨා යන දෙදෙනාම ශ්‍රී ලංකාවේ මෙන්ම ඇමෙරිකාවේ ද පුරවැසියෝය. ඔවුන් දෙදෙනා සිය ඇමෙරිකා පුරවැසි භාවය අත් හැරීමට අකමැති වූ නිසා නාමයෝජනා නොලැබුණු බව දැනගන්නට තිබේ.

මහින්ද රාජපක්ෂ වසර දෙකක් තිබිය දී පසුගිය ජනපතිවරණය කැඳෙව්වේ බැසිල් හා ගෝඨාභයගේ කීමට බව සන්ධාන නියෝජිතයෝ එකල කීහ. ඇමැති මර්වින් සිල්වා පසුගිය දා කීවේ මහින්ද  නැති කළේ මේ දෙදෙනා බවයි. මහින්ද ඔවුන් දෙදෙනාගේ ලණු කෑ බව මර්වින් කීවේය.

සරණ ගුණවර්ධන, මර්වින් සිල්වා, දුමින්ද සිල්වා සහ සජින් වාස් යන හිටපු මන්ත්‍රීන්ට නාමයෝජනා ලබා නොදීමට ගත් තීරණයේ තවම වෙනසක් වී නැත. සජින් වාස් කියා තිබුණේ තමා ගාල්ලට ස්වාධීනව තරඟ කරන බවයි. සරණ ගුණවර්ධන වෙනුවට ඔහුගේ බිරියට නාමයෝජනා දීමට යතියි ද සන්ධාන ආරංචි සඳහන් කරයි.

දුමින්ද, සරණ සහ සජින්ට එරෙහිව නඩු තිබුණත් මර්වින්ට එරෙහිව නඩු නැත. එකළ මර්වින් මාධ්‍යවේදීන්ට සැලකූ ආකාරය නිසා ඔහු වෙනුවෙන් මාධ්‍යවේදීහු කතා කිරීමට ඉදිරිපත් නොවෙති.

මර්වින් සිල්වා රූපවාහිනී සංස්ථාවට කඩ වැදුණැයි කියන සිද්ධියට විරෝධය පළ කිරීමෙන් පසු මැර ප්‍රහාරයට ලක්වී රටින් පළා ගිය පෝද්දල ජයන්ත පසුගිය දා ලංකාවට ආවේය. සුනන්ද දේශප්‍රිය ද ලංකාවට ආවේය. බ්‍රහස්පතින්දා (09) මහින්දට නාමයෝජනා ලබා දීමට එරෙහිව පැවැති සම්මන්ත්‍රණයට පැමිණි සුනන්ද දේශප්‍රිය සුපුරුදු පරිදි එහි ඡායාරූප ගන්නා ආකාරය දක්නට ලැබිණි. එදා රාජපක්ෂ රජයේ මර්දනය නිසා රටින් පැන ගිය ශාන්ත විජේසූරිය මාධ්‍යවේදියා ද දැන් සිටිනුයේ ලංකාවේය.



අදහස් (0)

චන්ද්‍රිකා හිටි ගමන් රට යයි : පෝද්දලයි සුනන්දයි ලංකාවට

අමිල Friday, 10 July 2015 11:23 AM

"බැසිල් සහ ගෝඨා යන දෙදෙනාම ශ්‍රී ලංකාවේ මෙන්ම ඇමෙරිකාවේ යුධ පුරවැසියෝය. ඔවුන් දෙදෙනා සිය ඇමෙරිකා පුරවැසි භාවය අත් හැරීමට අකමැති වූ නිසා නාමයෝජනා නොලැබුණු බව දැනගන්නට තිබේ." (ස)

:       0       0

එරංග Friday, 10 July 2015 04:44 PM

අපි අදහසක්වත් දාලා හිත හදාගනිමු (නි)

:       0       0

දුලාන් Friday, 10 July 2015 05:15 PM

සැබවින්ම කළයුත්තේ සියලු දෙනා එකතුවී මහින්ද පරාජය කිරීමය. ඔහු නැවත බලයට ආවොත් රටේ ජනතාවට දෙවියන්ගේම පිහිටය. (නි)

:       0       0

නිමලරාජ් Saturday, 11 July 2015 10:58 PM

චින්තක, මහින්ද මේ වතාවේ දිනුවානම් අනෙක් අයට යන්න වෙන්නේ හිරේ. නැත්නම් පොලොව යට. කොයි එකද හොඳ?(අ)

:       0       0

සිල්වා Sunday, 12 July 2015 10:36 AM

සුන්නන්ද දේශප්‍රියගේ ජිවන වෘත්තිය ලංකාවේ ආණ්ඩුවට විරුද්ධව බටහිරට බොරු කේලම් කියමින් තම මඩිය තර කරගැනීමය , මොහුගේ හැසිරීම පසුගිය ජනාධිපතිවරණයේදී නීතියට එකඟව කෙලින් තීරණ ගෙන ලංකාවේ විශාල ලේ වැගිරීමක් වැලක්වූ මොහුගේ සහෝදරයාගේ කිර්ති නාමයට විශාල කැළලකි , මොහු රන්ජිත් ලෝග්බිලර් කල්ලියේ සාමාජිකයෙකි (බ)

:       0       0

අනුර Saturday, 11 July 2015 07:05 AM

සැබැවින්ම කළ යුත්තේ සියලු දෙනා එකතුවී මහින්ද, රනිල් රවී,මංගල, කිරි ඇල්ල පරාජය කිරීමයි. මේ පිරිස නැවත බලයට ආවොත් රටේ ජනතාවට දෙවියන්ගේම පිහිටයි. (නදී)

:       0       0

සිරිපාල Saturday, 11 July 2015 07:16 AM

යහපාලනයට හඬ නොගාපු අය තමයි අමාරුවේ වැටුනේ (නදී)

:       0       0

සක්විති Saturday, 11 July 2015 07:19 AM

කොටි ව්‍යාපාරිකයෙක් ලංකාවට ඇවිත් (අ)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 11 July 2015 07:40 AM

මහින්ද හොඳ නැහැ කියමුකෝ. මොකද? මහින්ද හොඳ නැහැ තමයි.. ඒකනේ ජනවාරි 08 වෙනිදා එයාව පලවා හැරියේ. (අ)

:       0       0

රාජ් Saturday, 11 July 2015 07:45 AM

රනිල් අයියණ්ඩිය බිය නොවන්න. මේ ආත්මයේදීත් මැරෙණ හැටි මම පෙන්වන්නම් (අ)

:       0       0

ඩයස් Friday, 10 July 2015 07:37 PM

මටත් මොකුත්ම හිතාගන්න බැහැ. අනේමන්දා මොනවා වෙනවද කියලා (නි)

:       0       0

විජේපාල Sunday, 12 July 2015 01:25 AM

මේ යුගයේ යහපත - අයහපත මොකක්ද කියන එක ගැන අදහස් පැටලිලා වගේ (නදී)

:       0       0

චින්තක Saturday, 11 July 2015 07:58 AM

පොද්දල ජයන්ත සහ සුනන්ද දේශප්‍රිය මහත්වරුන් විසින් යුද සමයේදී ශ්‍රීලංකා හමුදාව වෙනුවෙන් කරන ලද එක කතාවක් හෝ ලිපියක් සොයාදෙන්න (අ)

:       0       0

නිශාන්ත Saturday, 11 July 2015 08:08 AM

ඒ ප්‍රශ්නෙම තමා මටත් තියෙන්නේ. (අ)

:       0       0

නිශේන්ද්‍ර Friday, 10 July 2015 08:22 PM

ඒකනේ කියන්නේ සිතුදේ නොමවෙයි නොසිතු දෙයම වෙයි කියලා (නි)

:       0       0

විජේතුංග Friday, 10 July 2015 08:48 PM

අනේ මන්දා මොකුත් හිතාගන්න අමාරුයි (නි)

:       0       0

කරු Saturday, 11 July 2015 08:54 AM

සුනන්ද දේශප්‍රියට ඕනෑ කොටි රජයක් (අ)

:       0       0

සනත් Saturday, 11 July 2015 09:04 AM

මරන බිය මෙ රටින් අතුගා දමා නිදහස දිනාදුන් මහින්ද අපේ බලාපොරොත්තුවි.(අ)

:       0       0

සීආර Saturday, 11 July 2015 12:39 PM

මොවුන් ජාතික වීරයන් සේ දැකීම අපට නම් පුදුමයකි. තම රටට වින කිරීම සදහා රාජපක්ෂ හෝ මෛත්‍රී හෝ කවුරුන් හෝ විකිණීම මොවුන් ගේ පුරුද්ද වී තිබේ. ඒ සදහා ඔවුනට අවශ්‍ය අවස්ථාවක් පමණි. මර්වින් වැනි අය ඒ සදහා අවස්ථාව ලබා දේ. මෙවරද ඔවුන් එවන් අවස්ථාවක් ලද විගස නැවත යුරෝපය බල යනු ඇත. (අ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස්.. Saturday, 11 July 2015 12:54 PM

ලැජ්ජාවක් කියල දෙයක් ගෑවිලාවත් නැද්ද ?....ඩයස්පෝරාවට අඩුපාඩු ෆොටෝ ටික අරන් යන්නද අවේ?....පිනට ඩොලර් මිටි ලැබෙනවා නම් .....අම්ම තාත්ත උනත් පාවාදෙන මිනිස්සු මොකටද මෙහෙ එන්නේ. එහාටම වෙලා ඉන්නේ නැතුව. (නදී)

:       0       0

හර්ෂණ Saturday, 11 July 2015 01:14 PM

මහින් ද කල්ලියේ තර්ජන නිසා පළා ගොස් නැවත පැමිණි අහිංසක මාධ්‍යවේදීන් රටට මහින් ද ගේ සත්‍ය ස්වරූපය හෙලිකල යුතුයි (අ)

:       0       0

වජිර Saturday, 11 July 2015 02:06 AM

මහින්ද හොඳ නැහැ කියමුකෝ. ඒත් අපි කාවද දැන් විශ්වාස කරන්නේ? (නි)

:       0       0

කමල් Friday, 10 July 2015 08:41 AM

රටේ යහපත වෙනුවෙන් හඩනගන බුද්ධිමත් වියතුන්ට උපහාරය. (ස)

:       0       0

රංජිත් Saturday, 11 July 2015 03:09 PM

සුනන්ද කියන්නේ මැකෝ මහින්දගේ අයියා (නදී)

:       0       0

ඉන්දික Sunday, 12 July 2015 08:26 AM

අනේ මම දන්නේ නැති හින්ද අහන්නේ, මේ පොද්දල ජයන්ත සහ සුනන්ද දේශප්‍රිය දෙන්න අපේ රටේ යුද්දේ තිබුන කාලේ අපි වෙනුවෙන් ලියපු එක ලිපියක් හෝ පින්තුරයක් පෙන්නන්න.(නදී)

:       0       0

කාමිනි- බහරේයින් Sunday, 12 July 2015 08:30 AM

"බැසිල් සහ ගෝඨා යන දෙදෙනාම ශ්‍රී ලංකාවේ මෙන්ම ඇමෙරිකාවේ යුධ පුරවැසියෝය. ඔවුන් දෙදෙනා සිය ඇමෙරිකා පුරවැසි භාවය අත් හැරීමට අකමැති වූ නිසා නාම යෝජනා නොලැබුණු බව දැනගන්නට තිබේ." (නදී)

:       0       0

අශෝක Friday, 10 July 2015 03:00 PM

දැන්නම් කාගේත් ඇත්ත තේරෙනවා (නි)

:       0       0

සුමනාවතී Saturday, 11 July 2015 04:17 AM

මහින්දලා රටට සේවයක් කළේම නැහැ කියල කියන්නේ කොහොමද ? රටේ සාමාන්‍ය ජනතාවට නොතේරන මේ බුද්ධිමත් කියන මහින්ද විරෝධීන්ට විතරක් තේරෙන කාරණය කුමක්ද ? (නදී)

:       0       0

පිවිතුරු යහපාල Friday, 10 July 2015 10:18 AM

අපේ ආණ්ඩුවේදී අපි බලාගමු. (ස)

:       0       0

චින්තක Saturday, 11 July 2015 04:19 AM

මහින්ද නැතිව බැරිවෙලාවත් වෙන කෙනෙක් ජනාදිපති වෙලා හිටියා නම් අපි යාපනයට යන්නේ වීසා වලින් (නදී)

:       0       0

අධිකාරී Saturday, 11 July 2015 04:28 PM

මෙදා සැරේ හිතන තරම් ලෙහෙසි නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1083 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6697 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3665 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 308 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1539 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1642 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28688 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23610 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site