IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


චන්දරතන නාහිමි චරිතාපදානය එළිදැක්වෙයි

ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පැරිස් ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති පරවාහැර චන්දරතන නාහිමියන්ගේ ස්වයං ලිඛිත චරිතාපදානය පැරිස් නුවරදී එළිදැක්විණි.

"අභියෝග ජයගත් තිස් තුන් වසරක ප්‍රංශයේ ජීවිතය" රචනා කර ඇති එම කෘතිය එදින ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුණාසේන හඟවත්ත වෙත පිරිනමනු ලැබීය.

ඔලුදලුවේ සිරි විභුති හිමි පැවසුවේ " පරාර්ථය උදෙසා ජීවිතකාලයෙන් වැඩි කොටසක් කැප කළ අයගේ ජීවන තොරතුරු අසන්නට හෝ කියවන්නට හෝ ලැබෙන්නේ කළාතුරකින් බවයි.

පරවාහැර චන්දරතන නාහිමියන්ගේ ස්‌වය ලිඛිත චරිතාපදානය එවන් කෘතියයකි.

මාතර පරවාහැර ග්‍රාමයෙහි උපන් චන්දරතන හිමියන් තරුණ වියේදීම ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා ප්‍රංශයට වැඩම කරවුහ.

ධර්ම ග්‍රන්ථ ප්‍රංශ භාෂාවට පරිවර්තනය කිරීම, ප්‍රංශ බසින් ධර්ම දේශනා පැවැත්වීම, පොත් පත් සහ සඟරා මුද්‍රණය කර බෙදා හැරීම වැනි ධර්ම ශාස්ත්‍රීය සේවා උන්වහන්සේගේ මුලිකත්වයෙන් සිදුවූ ශාසනික සේවාවන් අතර වෙයි.

පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයෙදී පැවැත්වුන"අභියෝග ජයගත් තිස් තුන් වසරක ප්‍රංශයේ ජීවිතය" ග්‍රන්ථය එළිදැක්වීමේ  උත්සවය සඳහා පැරිස් නුවර ජේතවන විහාරාධිපති ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක  මුරුංගස්යායේ ඥානිස්සර නාහිමි සහ පැරිස් ධම්මචක්ක බෞද්ධ විහාරාධිපති කෝ. ආනන්ද නාහිමි ඇතුළු මහාසංඝ රත්නය ද වැඩම කළහ.

 

1 2

 

 



අදහස් (0)

චන්දරතන නාහිමි චරිතාපදානය එළිදැක්වෙයි

දයාල් Wednesday, 19 November 2014 11:55 PM

උත්සාහයක ප්‍රතිඵල.... ලංකාවේදී පොත ගැනීමට අපිට උදව් කරන්න (නි)

:       0       0

සිසිර Thursday, 20 November 2014 01:09 AM

හරිම ආදර්ශවත් චරිතයක්. අපිට ශක්තියක්. බුදු සසුනට ලොකු එළියක්. (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Thursday, 20 November 2014 02:48 AM

පරවාහැර චන්දරතන නාහිමියන්ගේ චරිතාපදානය පැරිස් පුරවරයේ දොරට වඩින උත්සවය (දින 2 කට පෙර ආපසු ජර්මනියට පැමිණීම නිසා) මඟහැරුණත් අන්තර්ජාලය හරහා උත්සවයේ සෑම අදියරයක්ම දැක බලා ගැනීමට හැකිවුණා. එහිදී විශේෂයෙන්ම කොන්ගස්දෙනියේ ආනන්ද නා හිමියන් කළ හරබර දේශනාව මේ ග්‍රන්ථයට තවත් අරුතක් එක් කළා.පරවාහැර චන්දරතන නාහිමියන් අප හඳුනාගත්තේ වසර 24 කට පමණ ඉහතදී. ඒ හඳුනාගැනීම හරහා ශ්‍රී ලාංකික සමාජයට ප්‍රයෝජනවත් විය හැකි සමාජමය කටයුතු කිහිපයකට අතදීමට අපටත් අවස්ථාවක් ලැබුනා. දහසක් බාධක කම්කටොලු මැද්දේ තමන්ගේ ඉලක්කයන් කරා යාමට උන්වහන්සේට තිබුනේ පුදුම ශක්තියක්. රටින් පිට ශාසනික කටයුතු වල යෙදී සිටින ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලාට චන්දරතන හිමියන්ගෙන් බොහෝ දේ ඉගෙනගත හැකියි. උන් වහන්සේගේ කටයුතු ඉදිරියටත් බොහෝසෙයින් සාර්ථක වේවා කියා ඉත සිතින් පතමි. (නි)

:       0       0

නිරෝෂ් Thursday, 20 November 2014 08:06 PM

ඉතා හොඳයි. හරිම සතුටුයි (නි)

:       0       0

ඉන්දරතන හිමි Thursday, 20 November 2014 03:07 AM

පරවාහැර චන්දරතන නායක හාමුදුරුවන්ගේ චරිතාපදාන ග්‍රන්ථය එළිදැක්වීම මම ලංකාවේදී දැක්කා. ඒ වගේම එම ග්‍රන්ථය ප්‍රංශයේදී එළිදැක්වීම යුටියුබ් හරහා දැකගන්නටත් හැකිවුණා. " පරාර්ථය උදෙසා ජීවිතකාලයෙන් වැඩි කොටසක් කැපකළ අයගේ ජීවන තොරතුරු අසන්නට හෝ කියවන්නට හෝ ලැබෙන්නේ කළාතුරකින් " බව කියූ කෝ.ආනන්ද හිමියන්ගේ කතාව පරවාහැර නායක හාමුදුරුවන්ගේ චරිතය පිළිබඳ මනා අවබෝධයක් ලබාදුන්නා. (නි)

:       0       0

නාලනී Wednesday, 19 November 2014 03:13 PM

සියළු කටයුතු සාර්ථක වේවා! (නි)

:       0       0

විද්‍යා Wednesday, 19 November 2014 03:19 PM

හාමුදුරුවනේ ඔය කරන සේවය අගය කරනවා . ලංකාවටත් ඇවිල්ල දුප්පත් ගම්මාන වලටත් ගිහිල්ල ධර්ම ප්‍රචාරය කරන්න. මේ සඳහා ගෝලයෝ ටිකක් බිහිකරන්න. (ස)

:       0       0

විද්‍යා Wednesday, 19 November 2014 03:19 PM

හාමුදුරුවනේ ඔය කරන සේවය අගය කරනවා . ලංකාවටත් ඇවිල්ල දුප්පත් ගම්මාන වලටත් ගිහිල්ල ධර්ම ප්‍රචාරය කරන්න. මේ සඳහා ගෝලයෝ ටිකක් බිහිකරන්න.(අ)

:       0       0

අතලේ සුමන හිමි Wednesday, 19 November 2014 03:28 PM

අපේ නායක හාමුදුරුවන්ගේ සේවය විශිෂ්ඨයි. තෙරුවන් බෙලෙන් නිදුක් නිරෝගී සුව සැලසේවා (අ)

:       0       0

විජිත හිමි Thursday, 20 November 2014 10:21 AM

මෙම පොත නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් ප්‍රකාශය කර ඇත .ඉතා වටිනා කෘතියක් බොහෝ දේ ඉගෙන ගැනීමට ඇත .පරවාහැර නායක හාමුදුරුවන් ඉදිරියටත් කරන හැම කටයුත්තක්ම සාර්ථක වේවා . (බ)

:       0       0

නිර්මාල් Wednesday, 19 November 2014 07:06 PM

බොහොම හොඳ,කාලෝචිත උත්සාහයක් (නි)

:       0       0

චන්දි Wednesday, 19 November 2014 07:45 PM

ඉතම වැදගත් පොතක්. ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් (නි)

:       0       0

රන්ජිත් Wednesday, 19 November 2014 07:54 PM

මෙම පොත දොරට වඩින දවසේ ආනන්ද හාමුදුරුවෝ හොඳ ලස්සන කතාවක් කළා. උන් වහන්සේටත් ගොඩක් පින් ! (නි)

:       0       0

රොහාන් දයාදර පැරිස් Wednesday, 19 November 2014 08:21 PM

ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුණාසේන හඟවත්ත මහාචාර්යතුමන්ගේ සහභාගිත්වයත් අපේ නායක හාමුදුරුවන්ගේ මේ ව්‍යායාමයත් පැරිසියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට හා ශ්‍රී ලංකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මේ නායක ස්වාමින් වහන්සේගෙන් වෙන සේවයත් ආඩම්බරයෙන් අගය කරන්නට කැමැත්තෙමි. ඔබ වහන්සේට චිරං ජයතු ! (නි)

:       0       0

රාහුල හිමි Wednesday, 19 November 2014 09:57 PM

පරවාහෙර චන්දරතන නායක හාමුදුරුවන්ගේ චරිතය පිළිබඳ ග්‍රන්ථය ලංකාවේදී එළිදැක්වීම මම දැක්කා. ඉන්පසුව ප්‍රංශයේදී එම පොත එළිදැක්වීමටත් සහභාගි වෙන්නට මට හැකිවුණා. එහිදී කොන්ගස්දෙනියේ ආනන්ද නායක හාමුදුරුවෝ කළ කතාව ඉතා රසවත් මෙන්ම අර්ථසම්පන්න එකක්. (නි)

:       0       0

වගේගොඩ සීලානන්ද හිමි Thursday, 20 November 2014 02:31 PM

දුක් කරදර මැද්දේ පරවාහැර චන්දරතන නාහිමියන් අපු ගමනත්, විහාරස්ථානයේ ,දියුණුවත් මව් බිමට කළ සේවයත් දකින්නේ විශ්මකර්ම දයක් හැටියට. නායක හාමුදුරුවන්ගේ සේවය විශිෂ්ඨයි.නිරෝගී සැප ලැබේව .සුබ ගමන් .(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1339 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 817 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2068 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 412 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 705 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1753 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site