අයි. පී. එල්. තරගාවලියේ තරග අවස්ථා පාවාදීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා මේ වන විට මුම්බායි පොලිස් රැුඳවුම් භාරයේ සිටින චෙන්නායි සුපර් කිංග්්ස් පිලේ ප‍්‍රධාන විධායක නිලධාරී ග-ුරුනාත් මෙයියප්පන් මහතාගේ චෙන්නායිහි පිහිටි නිවස සෝදිසි කිරීමට පොලිසිය ඊයේ (28 වැනිදා) පියවර ගත්තේය. මෙම සෝදිසි කිරීම ඊයේ පස්වරුව වන තුරුත් පැවතිණ.
චෙන්නායි වරායේ නැංගුරම්ලා තිබූ ගුරුනාත් මෙයියප්පන්ට අයත් යාත‍්‍රාවක් සෝදිසි කිරීමට හත් දෙනකුගෙන් සමන්විත චෙන්නායි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සඳුදා පියවර ගත් අතර වික‍්‍රම් අග‍්‍රාවාල් නැමැති ව්‍යාපාරිකයකුට අයත් තරු පන්තියේ හෝටලයක් සෝදිසි කිරීමටද චෙන්නායි පොලිස් නිලධාරීහු උත්සුක වූහ. මෙම ව්‍යාපාරිකයා ඔට්ටු දමන්නන් අතර හඳුන්වන්නේ ‘වික්ටර්’ යනුවෙනි.
කලින් පැවැති සෝදිසි කිරීමකදී මෙයියප්පන්ගේ හැඳුනුම්පත් සහ ව්‍යාපාරික නම් කාඞ්පත් අත්අඩංගුවට ගැනීමට චෙන්නායි පොලිසිය පියවර ගෙන තිබිණ.
මේ අතර හෝටල්කරු වික‍්‍රම් අග‍්‍රාවාල් සැ`ගවී සිටින බව කියැවේ. පරීක්‍ෂණ නිලධාරීන් විසින් අග‍්‍රාවාල් සොයාගනු ලැබ ඇතැයි ඔහුගේ නීතිඥයා පවසන නමුත් තමන් විසින් අග‍්‍රාවාල් අත්අඩංගුවට ගනු ලැබ නැති බවත්, ඔහු පොලිසියට බාර වී නැති බවත් පොලිසිය කියයි. කෙසේ වෙතත් මේ මස 30 වැනිදාට පෙර මුම්බායි පොලිසියේ පෙනී සිටින ලෙස වික‍්‍රම් අග‍්‍රාවාල්ටද නොතීසි නිකුත් කරනු ලැබ ඇත.
පොලිසිය පවසන ආකාරයට අග‍්‍රාවාල් නැමැත්තා ගුරුනාත් මෙයියප්පන් සහ වින්දු දාරා සිං සමග නිරන්තර සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇති අතර වින්දු දාරා සිං සහ චෙන්නායි ඔට්ටු ගැනුම්කරුවකු වන උත්තම්චාන්ද් අතර අයි. පී, එල්. තරග සම්බන්ධයෙන් පැවැති දුරකතන සංවාද ගණන සියය ඉක්මවයි.
අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
චෙන්නායි පොලිසිය මෙයියප්පන්ගේ නිවස සෝදිසි කරයි
වරුණ Wednesday, 29 May 2013 11:45 AM
ලංකාවෙන් ගිය කාගෙවත් ගෙවල් පරික්ෂා කරන්න ඕනේ නැද්ද දන්නේ නෑ ?
අසංග Wednesday, 29 May 2013 10:09 AM
අයියෝ සල්ලි