චීන පටස් රතිඤ්ඤයක් කටේ දමා හැපීමෙන් මුන්දලමේදී මිය ගිය කුඩා දරුවාගේ මරණය සම්බන්ධයෙන් සැක පිට චීනපටස් අළෙවි කළ කඩ හිමියා රිමාන්ඩ් බාරයට පත් කළ පුත්තලම මහේස්ත්‍රාත් ධම්මිකා ඉලංගතිස්ස මහත්මිය ඔහුගේ 12 හැවිරිදි පුතාට රුපියල් 5000ක ශරීර ඇප නියම කර මවගේ බාරයට පත් කළාය.
අවුරුදු තුනහමාරක් වයසැති හසංග චමේනුක දරුවාගේ මරණයට හේතුව කඩහිමියාගේ නොසැළකිලිමත් බව පොලීසිය අධිකරණයට දැන්වීය.
එම දරුවාට රතිඤ්ඤය විකුණා ඇත්තේ ඔහුගේ 11 හැවිරිදි දරුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අවුරුදු තුන හමාරේ දරුවාව සල්ලිත් එක්ක කඩේ එව්ව දෙමාපියන්, භාරකරුවන් නිවැරදිද? (නි)
කොපමණ අහිංසක සතුන් හක්කපටස් වලින් මෙහෙම මැරෙන්න ඇද්ද? ඒත් ඒවාට පවු ගෙවන්නේ මේ අහක ඉන්න අහිංසකයෝ. (නි)
එහෙනම් කවුරුහරි පලිබෝධනාශක බීලා මැරුණොත් ඒවා විකුණපු කඩේ මුදලාලිව අත්අඩංගුවට ගන්නවාද? (නි)
මුදලාලි මොනවා කරන්නද ? චීනපටස් විකුණන එක තහනම්ද ? දෙමාපියන් තමයි වගකියන්න ඕනි (ස)
මොනවාද මේ අවසිහියෙන් කරන වැඩ (දී)
කැකිල්ලේ නඩුව වගේනේ. එතකොට දෙමාපියන් වැරදි නැද්ද.. (ස)
ජයසේන, අඩුවයසේ ළමයෙක් යොදවලා පළිබෝධනාශක විකිණීමත් බරපතල දඬුවමක්.... අඩුවයසේ ළමයකුට පලිබෝධනාශක අසළට කිට්ටුවීමටවත් ඉඩ නොදිය යුතුයි... (ස)
අපරික්ෂා කාරී කමකින් අන්තිමේ මරණයක් (දී)
පුදුම නීතියක්නේ. එතකොට කවුද එයාව කඩේ එව්වේ (ස)
ඉතාමත් කණගාටුදායක මරණයක් . ප්‍රධාන හේතුව සමාජය නොදැනුවත් කමයි . සමාජය දැනුවත් කල යුතුයි (ස)
ජයසේන ,මේක සියදිවි හානි කර ගැනීමක්ද ?? (ස)
ජයසේන අදහස් දක්වනකොට ටිකක් කල්පනාවෙන් හිතලා බලලා අදහස් දැක්වුවොත් නේද හොඳ ? (ස)
මේ ළමයගේ දෙමාපියන් වැරදි නැද්ද ? (ස)