IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘චීනයට ඉඩම් දෙන බව මුලින්ම කිව්වේ මහින්දගේ කාලෙයි‘

ඉඩම් අක්කර 15,000ක් ආයෝජන සඳහා චීනයට බදු දීමට තීරණය කළේ පසුගිය ආණ්ඩු කාලයේ බවත්, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දැන් විරුද්ධ වෙන්නේ වෙනත් හේතූන් මත බවත් කැබිනට් සම ප්‍රකාශක සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට අද එක්වෙමින් සේනාරත්න මහතා කීවේ මේ ආණ්ඩුව තවත් වසරක් බලයේ සිටියහොත් ඔහුගේ පවුලේ උදවියට හිරේ යන්නට සිදුවන බව දන්නා නිසා දැන් ආණ්ඩුවේ තීරණවලට හිටපු ජනපතිවරයා විරුද්ධ වන බවයි.

හම්බන්තොට ඉඩම් අක්කර 15,000ක් චීනයට බදු දීමට යතියි කියන කාරණය ගැන මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු එසේ කීවේය.

අතීතයේ පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ උදවිය අද පාර්ලිමේන්තුවට පැමිණ සිටින බවත්, නෑ, බෑ සහ එපා යන වචන ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රිවිද රත්නය බවත් රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

ප්‍රශ්නය - මේ ආණ්ඩුව අක්කර පහළොස් දහසක් චීනයට දීමට යන බව කියනවා. ඒ ගැන මොකද කියන්නේ?

පිළිතුර - අපි මේවා කළින් කිව්වේ. මහින්ද රාජපක්ෂ රජය සමයේ දකුණු සහ ඌව පළාත් මැතිවරණවලදි මමත් මේ ගැන කිව්වා. හම්බන්තොට වරාය සහ ගුවන්තොටුපොළ සුදු අලින් වගේ. මේවයින් ප්‍රයෝජන ගත්තේ නැතත් විශාල මුදලක් අපි ගෙවන්න ඕනෑ. මේවයෙන් ප්‍රයෝජන ගන්න ඒ අවට අයෝජන  කරන්න වෙනවා. චීනයට ඉඩම් විකුණන්නේ නෑ. ඉඩම් බදු දෙනවා පමණයි. එමගින් රැකියා අවස්ථා රැසක් ඇති වෙනවා.

ප්‍රශ්නය - තමන්ගේ ඉඩම් අහිමිවෙනවාට ප්‍රදේශවාසීන් විරුද්ධයි. විරෝධතා මැදද මේ දේ කරන්නේ?

පිළිතුර - විරෝධතා කරන්න පුළුවන්. ඒ කාලේ වගේ වෙඩි තියන්නේ නැහැනේ. නොරොච්චෝලේ විදුලිබලාගාය යූඇන්පී ආණ්ඩුවෙන් යෝජනා කරද්දී හිටපු ජනපතිත් ඊට විරුද්ධ වුණා. අන්තිමට ප්‍රදේශවාසීන් විරෝධතා පවත්වද්දී හිටපු ජනපතිම ගිහින් මුල් ගල තිබ්බා. ඒක තමයි හරිම ක්‍රමය. එදා මුල් ගල නොතිබ්බා නම් අද බලාගායක් නෑ. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගේද්දි මොකද කිව්වේ? ඊලමක් කියලයි කිව්වේ. 13ට විරුද්ධ වුණු අය අන්තිමට පළාත් සභාවලටත් ආවා. පළාත් සභා බලය වැඩි කරන්න ප්‍රඥප්තිත් සම්මත කර ගත්තා.  

ප්‍රශ්නය - ඉඩම් ලබා දීම ගැන ආණ්ඩුවේ පාර්ශ්ව වල විවිද මත තිබෙනවා. එජාප ඇමැතිවරුන් හා ශ්‍රීලංකා ඇමැතිවරුන් එකිනෙකාට චෝදනා කර ගන්නවා. මේ ආණ්ඩුව දැන් හෙල්ලෙනවා වගේ නේද?

පිළිතුර - හෙල්ලුනාට වැටෙන්නේ නැහැනේ. හෙල්ලෙන හැම දෙයක්ම වැටෙන්නේ නෑ.



අදහස් (0)

‘චීනයට ඉඩම් දෙන බව මුලින්ම කිව්වේ මහින්දගේ කාලෙයි‘

මහේෂ් ඩුබායි Wednesday, 04 January 2017 10:37 AM

හැමදේටම ඉතින් මහින්ද මහින්ද..... (ර)

:       0       0

සෙනරත් Wednesday, 04 January 2017 11:04 AM

ඕව කියා කියා ඉන්නද බලය ඉල්ලුවේ ? වැරදි තිබුනානම් නිවැරදි කරන්නයි ජනතාව බලය ලබා දුන්නේ. (බ)

:       0       0

ජානිස් Wednesday, 04 January 2017 11:13 AM

මහින්දගේ නම විකුණා දැන් එහෙනම් දෙන්නද කල්පනාව (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 04 January 2017 11:24 AM

ඕක කියන්න මේ තරම් දවස් ගත්තේ ඇයි? (බ)

:       0       0

ලලිත් Wednesday, 04 January 2017 11:42 AM

චිනේ අරහන් කියලා නේද බලයට ආවේ... (ර)

:       0       0

උපුල් Wednesday, 04 January 2017 11:44 AM

හැමදේටම මහින්ද... (ර)

:       0       0

මධු ඩුබායි Wednesday, 04 January 2017 12:06 PM

මහේෂ් ඩුබායි, මහින්ද කට වහගෙන හිටියනම් මොන කතාවක්වත් අහන්න ඕනේ නැහැනේ. (ර)

:       0       0

මහේෂ් ඩුබායි Wednesday, 04 January 2017 12:19 PM

මධු ඩුබායි, මේකේ තියෙන්නේ මහින්දගේ ප්‍රකාශයක් නෙමෙයි. රාජිතගේ ප්‍රකාශයක්.. මහින්ද අවුරුදු 10 ක් හිටියනේ. කෝ දුන්නද? නැනේ. දැන්නේ මේ දෙන්න හදන්නේ. (ර)

:       0       0

සිසිර Wednesday, 04 January 2017 12:47 PM

අනේ අපිනම් මෙතුමා කියන දේවල් ගණන් ගන්නේ නෑ. (ර)

:       0       0

සමන් Wednesday, 04 January 2017 12:59 PM

මහින්ද හැමදේටම බංකොලොත් දේශපාලකයෝ කියන්න දේවල් නැහැ (ම)

:       0       0

සිසිර පැරිස් Wednesday, 04 January 2017 02:19 PM

දේශපාලනය අාවේ හැදෙන්න නේද? අර පැත්තට මේ පැත්තට පැන පැන ඉඳලා දැන් ශ්‍රී ලංකා මාතාවගේත් දත් ගලවන්න හදනවා. (නි)

:       0       0

මහේෂ් Wednesday, 04 January 2017 02:27 PM

මෙතුමන්ලා දේශපාලන ළදරුවන් ලෙසයි අපි දකින්නේ. (නි)

:       0       0

සෙනෙවි Wednesday, 04 January 2017 02:31 PM

ඒ කාලෙ මෙයා කොහේද දන්නෙ නැහැ හිටියෙ (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Wednesday, 04 January 2017 03:11 PM

මෙයා මැරිල ඉපදිලා වගෙයි දැන් කතා කරන්නෙ, ඒ කාලෙ තමනුත් ඇමති මණ්ඩලේ සිටිය කියල අමතක වෙලාද? අමතක කරල වත්ද? රාජ්‍ය නායකයො කී දෙනෙක් අමාරුවෙ දැම්මද? (බ)

:       0       0

සරත් Wednesday, 04 January 2017 03:23 PM

ඔව් මහින්දගෙන් 750ක් . රනිල් ගෙන් 1500ක් . මේක හරියට පරණ කතාව වගේ. කලුහාමිගේ රත්තරං බඩුයි කලු අප්පුගෙන් අස්සයයි කිව්වලු (බ)

:       0       0

නුවන් Wednesday, 04 January 2017 03:30 PM

දෙන්න හැදුවනම් ඒ කාලේ දැන් දෙන්න හදනකොට මුකුත් කියන්නේ නැත්තේ මොකෝ? (බ)

:       0       0

කමල් Wednesday, 04 January 2017 04:00 PM

ඔය දෙගොල්ලොම එකම කාසියේ දෙපැත්ත කියලා මොළයක් තියෙන අයකුට නම් තේරෙන්නේ ඕනෑ. හැබැයි අවාසනාවකට මිනිස්සු එක තේරුම් ගන්නකොට අපේ රටට වෙන්න ඕනෑ ඒවා වෙලා ඉවරවෙලා තියෙයි (නි)

:       0       0

විජේපාල Wednesday, 04 January 2017 04:25 PM

ඉතින් මහත්තයෝ මහින්ද කරපු දේවල් වැරදි නිසානේ අපි මහින්දව පරද්දලා ඔයාලව බලයට ගෙනාවේ. ඉතින් ඔයාලත් මහින්ද කරපු වැරදි ටිකම කරන්නද හදන්නේ. ඔයාලා හැමදේකටම කියන්නේ මහින්දගේ කාලෙත් මේවා කළා කියලනේ. ඉතින් මහින්ද කරපු වැරදි ආයෙත් කරන්න ඕනෑනම් අපිට මහින්දවම බලයේ තියාගන්න තිබුනා නේද, මොකටද ඔයාලව බලයට ගෙනාවේ. දැන්වත් ඔය විහිලු කතා නවත්වලා රටට යහපතක් වෙන දෙයක් කරන්න බලන්න. එහෙම නැත්නම් ඉතින් මීළඟ මැතිවරණයෙන් ඔයාලාත් ගෙදර තමයි. (නි)

:       0       0

චමින්ද Wednesday, 04 January 2017 06:11 PM

අපිට අමතක නැහැ ඔයාලගෙ අතීතය ගැනත් (නි)

:       0       0

යොහාන් Wednesday, 04 January 2017 06:57 PM

ඔයාලගේ කතා නම් අපිට දැන් එපාවෙලා (නි)

:       0       0

කුමාර් Wednesday, 04 January 2017 07:36 PM

ඔව් ඔව් ගාලු මුවදොර යුද හමුදාවේ ගොඩනැගිලි කඩලා ඉඩම් අවුරුදු 99 බදු දීලා අද චීනෙන් හොටල් හදන්නේ කවුද කියලා අපි දන්නවා (නි)

:       0       0

සත්‍යයා Wednesday, 04 January 2017 08:29 PM

කට තිබුනට දේශපාලනයේ වීරයෙක් වෙන්න කියලා හිතලා ඔයාලගේ වැඩවලට ත්‍රිවිධ රත්නය ( නෑ, බෑ සහ එපා යන වචන ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රිවිධ රත්නය බවත්..) ගාවාගන්න එපා. ඕවා හරහා තමයි සමහර අය අති උතුම් වෙලා තියෙන්නේ. (නි)

:       0       0

සිරි Wednesday, 04 January 2017 08:40 PM

හැමදේටම හොට දාන්න ගිහින් අන්තිමට කොට්ටෝරුවා කෙසෙල් ගහට කෙටුවා වගේ වෙන දවස වැඩි ඈතක නෙමෙයි (නි)

:       0       0

ජනහිත Wednesday, 04 January 2017 10:43 PM

ඔය කියන අය එදත් ඇමති, අදත් ඇමති. අද එල්ලිලා හිටියට ඉස්සරහට එල්ලෙන්න බැරිවෙන නිසා මොනවාහරි කියලා එල්ලිලා ඉන්න බලනවා. මහජනයා රවටනවා මදිවට එදා කෑ පතේ සමහරු අද පහරනවා. (නි)

:       0       0

මාලක Thursday, 05 January 2017 12:25 AM

කෝකටත් තෛලය මහින්ද තමයි (නි)

:       0       0

සරා Thursday, 05 January 2017 12:23 AM

ජනහිත, ඔබ හරියටම හරි (නි)

:       0       0

ශානක Thursday, 05 January 2017 12:56 AM

මහින්ද නැත්නම් මේ අයට කතා කරන්න දෙයක් නැහැ. මේ වගේ ඇමතිලා පාර්ලිමේන්තු එවන මිනිස්සු ගැනයි තරහා (නි)

:       0       0

පේදුරු Thursday, 05 January 2017 01:51 AM

අනේ මෙතුමාව මට මුණගැහෙන්න ඇත්නම්... (නි)

:       0       0

ඉදුනිල් ප්‍රියන්ත. Thursday, 05 January 2017 02:28 AM

කමල් ඔයාගෙ කීමට මම එකගයි. මේ දෙගොල්ලො කවුද කියල ජනතාව තේරුම් ගන්නකොට පෙරහැර ගිහින් ඉවරයි.වෙනත් විකල්පයක් හොයා ගන්න වෙයි වගේ. (අ)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Thursday, 05 January 2017 02:43 AM

මේ වගේ දේවල් වලින් හිත ගන්න පුළුවන් මහින්ද අවුරුදු 10 ට කොච්චර රට විනාශ කළාද කියල. එහෙම කරලා මදි වෙලා තාමත් ආයෙත් බලය ගන්න තමයි ට්‍රයි කරන්නේ (අ)

:       0       0

සෑම් Thursday, 05 January 2017 02:52 AM

මෙහෙමත් මනුස්සයෙක්. (අ)

:       0       0

හසිත Thursday, 05 January 2017 03:14 AM

ඡන්ද ටිකක් වෙනුවෙන් තමන්ගේ අම්ම අප්පා පවා පාවා දෙන මේ වගේ හැකර කටවල් ඇති අය ගැන කතා කරන එකත් පවක්. (අ)

:       0       0

සිතුමි Thursday, 05 January 2017 03:53 AM

ඔය ඇත්තමද? (අ)

:       0       0

සරත් Thursday, 05 January 2017 03:52 AM

මෙයාගෙ කට කපන්න ඕනි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 393 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 858 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 126 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 590 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 6812 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 2253 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26134 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 342 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 425 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1370 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site