චීන රජයේ ප්‍රදානයක් ලෙස, එරට නිෂ්පාදිත 'සිනොෆාම්' නමැති කොවිඩ් 19 වයිරසය ආසාදනය වළක්වන ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා ලක්ෂ 6 ක් ලබන මාර්තු 31 වැනිදා මෙරටට ලැබීමට නියමිතය.
එසේ ලැබෙන එන්නත්වලින් සියයට 1 ක්, ශ්‍රී ලංකාවේ වාසය කරන චීන ජාතිකයන්ට ලබා දෙන මෙන්, චීන රජය ඉල්ලීමක් කර ඇතැයි කොළඹ චීන තානාපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරයි.
'සිනෝෆාම්' යනු චීන රජයට අයත් 'බයෝටෙක්' ඖෂධ නිෂ්පාදන ආයතනය නිපදවා ඇති එන්නතය. මෙම එන්නත මේ වනවිටත් රටවල් කීපයක භාවිතයට ගැනෙයි.
'සිනෝෆාම්' එන්නත භාවිතයට ගෙන ඇති පළමු යුරෝපා රට ලෙස සැලකෙන්නේ සර්බියාවය.
'සිනෝෆාම්' එන්නත සියයට 79 ක් සාර්ථක යැයි පැවැසෙයි.
රටවල් කීපයක්, ඒ ඒ රටවල අභිමතය පරිදි, සෞඛ්‍ය අංශ ලබා දුන් නිර්දේශ අනුව, මෙම 'සිනෝෆාර්ම්' එන්නත භාවිතයට ගැණුන ද මෙතෙක් ඊට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී නැත.
(ඩේලිමිරර්)
දැනට විදේශයක සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන උනාකෝරුවේ ජපන් ශාන්ත සහ දැනට බන්ධනාගාර ගතවසිටින පොඩි ලැසී නැමැත්තාගේ නීති විරෝධි ගිනි අවි ළග
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000 නෝට්ටුවක් ව්‍යාජ ලෙස සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්
එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
චීනයෙන් එන්නත් මාත්‍රා ලක්ෂ 6 ක් එනවා
Rata Perata Saturday, 27 March 2021 08:13 AM
මේකට තවම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය නෑ. ඒත් අපිට ගැන්නේ නැතිව ඉන්න බෑනේ. චීනේ ලොකු සර් කිව්වා නම් බොන්නම වෙනවා. එහෙම තැනකට තමයි රාජපක්ෂලා අපේ රට තල්ලු කරලා තියෙන්නේ.
SajithSunday, 28 March 2021 07:18 AM
ඉස්සෙල්ලම ඉගෙනගෙන එන්න ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ මොකද්ද කියලා. ඕක තනිකරම දුවන්නේ ඇමරිකන් සහ යුරෝපා සංගමේ සල්ලි වලින්. ඒවයෙ ලොකු පුටු වල ඉන්නෙත් උන්ගෙන්ම යැපෙන උන්. මතකද දන්නේ නෑ ට්‍රම්පච්චි ඔය සංගමෙන් ඉවත් වුනාම ඔය සංගමේ උන් අඬාගෙන ඌ පස්සෙ ගියා අනේ අපේ අරමුදල් කපන්න එපා කියලා. එහෙව් සංවිධානයක් මලාට චීන සහ රුසියනු එන්නත් වලට ඉඩ දෙයි කියල හිතනවද?
SUNIL MILANO Saturday, 27 March 2021 10:47 AM
රට පෙරට කෙසේවෙතත් ආපස්සට නම් හරවලයි තියෙන්නේ. මේ මිනිස්සු ඉන්නකම් රට හදනවා බොරු...
SUNIL MILANO Saturday, 27 March 2021 10:51 AM
රට පෙරට කෙසේවෙතත්... ආපස්සට හරවන ජෙප්පෝ තමයි මේ
hesa Saturday, 27 March 2021 11:49 AM
"එන්නත" යෙන් කිසි වාසියක් සිදුවෙන්නෙත් නැත්නම්, මෙතෙක් ඊට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවීත් නැතිනම් ඇයි මේ නොමිලේ දෙන සහන මල්ල ගන්න වගේ පොර කකා ගන්න දඟලන්නේ.. හරියට වසංගතය ගැන නොදන්න කම ඒ...
Thiw Sunday, 28 March 2021 04:36 AM
එන්නත් අනුමැතිය තනිකරම දේශපාලන න්‍යායය පත්‍රයකට ක්‍රියාත්මක වෙන්නේ.. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ස්පුට්නික් එන්නතටත් ලැබිලා නෑ .. ඔක්ස්ෆර්ඩ් එන්නත භාවිතය යුරෝපා රටවල් හිටි හැටියේ නවත්වන්නෙත් මේ දේශපාලන න්‍යායය පත්‍රය නිසාම තමයි.. දැනට අර්ජන්ටිනාව, බහරේන්, ඊජිප්තුව, ජෝර්දාන්, පකිස්ථානය, සර්බියාව ඇතුළු රටවල් 23ක් අනුමත කරලා තියෙනවා.. ඒ වගේම එන්නත් මාත්‍රා මිලියන 100ට වඩා දීලත් තියෙනවා.. සිනෝපාරම් එන්නත අනුමත එකම යුරෝපා කලාපයේ රට සර්බියාව කියන එක වැරදියි..