දුම්රියෙන් යාපනයේ ගමන යාම අසාර්තක වු පසු බදාදා රාත්‍රියේ කණ්ඩලම හෝටලයේ ගත කළ කැලම් මැක්රේ ඇතුළු බ්‍රිතාන්‍ය චැනල් 4 කණ්ඩායම අද පොලිස් ආරක්ෂාව සහිතව කොලඹ බලා පිටත් විය.
දුම්රියෙන් යාපනයේ ගමන යාම අසාර්තක වු පසු බදාදා රාත්‍රියේ කණ්ඩලම හෝටලයේ ගත කළ කැලම් මැක්රේ ඇතුළු බ්‍රිතාන්‍ය චැනල් 4 කණ්ඩායම අද පොලිස් ආරක්ෂාව සහිතව කොලඹ බලා පිටත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනේෂ්,රංජිත්,තබුක් සිල්වා,නාලක,මනෝ,නිල් රානා, චතුර,සමන් කුමාර, ඔයාලා රෑට කන්නෙ පුන්නක්කුද? ලැජ්ජා නැද්ද ඔය වගේ අදහස් දාන්න? (නි)
අනික එල්ටීටීඊ කාරයෝ හොඳට වැඩ ගත්ත මෙයාගෙන්. (ස)
මේ ලිපිය කියවන උදවියට මතකද අපේ ජනාධිපතිතුමා ඔක්ස්ෆර්ඩ් එකේ දේශනයක් පවත්වන්න ගිහින් දෙමළ කොටි රැලේ උද්ඝෝෂණ නිසා ඒ දේශනය නොපවත්වා ලංකාවට අා හැටි. (නි)
ඔහොම තමයි වෙන්න ඕන. (ස)
වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවත් එක කම්මුලකට පහරක් ලදොත් අනික් කම්මුල ඔහුට ඇල්ලීමටත් අපි දනිමු. නමුත් මෙය සත්‍ය වන්නේ පිරිසුදු හිතක් පපුවක් ඇති සතුරා වෙනුවෙන් පමණි. මෙවැනි මුදල් ලෝභී, අගතිගාමී, කුහක, වංචා කරුවෙකු මෙල්ල කළ හැකි අයුරු දැක්වෙන ප්‍රස්තා පිරුළු ද අතීතයේ සිට පැවත එනු ලැබේ.“විෂෙන් විෂ නසී සහ ඇසට ඇස දෑතට දෑත“ (ස)
යු. එස්. ඒ., ඔබගේ අදහස මමද අනුමත කරමි. කැලම් මැක්රේට පෙන්විය යුත්තේ මිලේච්ඡ ත්‍රස්තවාදීන් දකුණට හා උතුරට කල විනාසයන් දැක්වෙන වීඩියෝ පටි හා මුණ ගැස්විය යුත්තේ අත් අඩංගුවට අරගෙන මරපු පොලිස් නිලධාරීන්ගේ පවුල් වල උදවිය වයි. වෙනත් කිසිවක් නොවෙයි. (ස)
මේවට කියන්නේ ඉල්ල ගෙන කනවා කියලා. මෝඩ ආතල් දෙන්න ගිහින් අපිම රැවටුනා. යාපනේ ගියාට වඩා පාඩුවක් අවැඩක් මේකෙන් සිදු උනා. (ස)
වාහනයේ සල්ලි දිලා නැහැ..... රියදුරු පොලිසියට පැමිණිලි කරලා. (ස)
එක්කෝ මේ මනුස්සයට ලංකාවට එන්න වීසා දෙන්නේ නැතුව ඉන්න ඕනැ. වීසා දීල ගෙන්න ගත්ත නම් යථාර්තය දැකගන්න උතුරට යන්න දෙන්න ඕන. මොනවද මේ ගොන් තකතීරු වැඩ? (ස)
ප්‍රසාද් මෙය ඉල්ලන් කෑමක් හෝ මෝඩ ආතල් එකක් නොවෙයි. රටේ ආරක්ෂාව සඳහා ගත් පියවරක් පමණයි. අපේ රණවිරුවන් ඇතුලු බහුතර ජනතාව දුක් විද ජිවිත පරිත්‍යාගයෙන් ලබාගත් නිදහස කිසිවකුට පාවාදිය යුතු නැත. වෙනත් රටක් ගැන කියනවට වඩා ලගම තියෙන ඉන්දියාව දෙස බැලුවොත් ඔය වගේ එකෙකුට ගුවන් තොටුපළෙන් මෙහාට බෑ. ආපු තැපෑලෙන් හරවා යවනවා.(ස)
කුමන්ත්‍රණයක්ද? (නි)
නීල් රනා, අපි මේ යුද්ධය දිනලා තවම අවුරුදු හතරක් වෙන්නේ. එදා සිටම දෙමලුන්ටත් වඩා රජයට කෙනෙහිලිකම් කරන්නේ අපේම සිංහලයන්. නැවත ජාතිවාදය ආගම් බේද, අන්තවාදය අදිමින්. ඒ හැරෙන්නට ලොව පුරා සැරිසරමින් අපේම සිංහලුන් අපේම රටට හමුදාවට විරුද්ධව කටයුතු කරනවා. යුද්ධය කාලයේදී අප ජිවත් වූ සැටි අමතක නැත. කොපමණ බියකින්ද කොළඹ ගමන් කළේ? දැන් ඒවා නැහැ. පමණට වඩා නිදහස. එහෙත් බලලෝභීන් මේ සියල්ල අමතකකොට මැරුන කොටින්ට පණ ගන්වන දේ කරනා විට, අපි අපටම වළ කපා ගැනීමක් කරන්නේ (නි)
කොහෙවත් යන අහිංසක පුසෙක් දැක්කත් ගොරවන සිංහ වෙස් ගත් වෘර්කයෝ දැන් රටේ බහුලයි.දේශපාලනයේ වැජඹෙන්නට සමහරුන් මවන මේ උප්පරවැට්ටි වලට අවිචාරශීලී ජනයා හසු වෙනවා. (නි)
ඔහුව යාපනයට යවන්න අපේ රටට කොටි කල විපත බලන්න (දී)
ඔහු මේ රටට වද්ද ගත්ත එකයි වැරැද්ද (දී)
මක්රේ කලේ වාර්තා චිත්‍ර පටයක් පමණයි.ඔහුගේ අදහස් අනුමත නොකරන අය මෙන්ම ඒවා අනුමත කරන අය ද ඉන්නවා.නමුත් ඔහු අපරාධකරුවෙක්,මිනී මරුවෙක් නොවේ,ශ්‍රී මහා බෝධියට,දළදා මාලිගාවට,බෝම්බ ගැසූ අය,අරන්තලාවේ භික්ෂුන් ඝාතනය කල අය,පොලිසියේ 600 ක් ඝාතනය කල අය,යුධ නව ගණනින් ගෙන් වූ අය මේ මහලොකු දේශප්‍රේමීට සර්ව නිර්දෝෂී කියා තීරණය කල හැකිනම් නිර්මාණ කරුවෙකු තමන්ට ලැබෙන තොරතුරු සහ වාර්තා පාදක කර වාර්තා චිත්‍ර පටයක් කල පමණින් ඔහු කොටියෙක් කියා හංවඩු ගසන්නේ ඇයි? (දී)
කොටි කරපු විනාස දැන් හදල, උතුර සුරපුරක් වගේ , පින්තුර පෙන්නන්න විතරයි දැන් පුළුවන්. ඒකට යාපනේ යන්න ඕනේ නැහැ. ඔය යන්න ගියේම කලබල ඇතිකරලා තව කාට හරි වෙඩි තියවන්නැයි. තව ඒවා ඉස්සරහට කරයි. ගාල ඇරියා වගේ ඕනේ කෙනෙකුට වීසා දෙනවනේ කිසිම සීමාවක් දාන්නේ නැතුව. කාගේද වැරැද්ද? (දී)
රාධා, ඔය කොටියෙක් නෙමේ, එයාලට කඩේ යන කෙනෙක්, සල්ලි වලට ආත්මේ පාවල දෙන මිනිහෙක්, විරුද්ද වෙන්න ඕනේ එහෙම වෙලාවට. නැත්නම් නිවට කමක්. කැමරන් වගේ රටට ගරහන නායකයන්ටත් ලියුම් ලියන්න අපේ ඒවාට හොට දාන එපා, එයාලගේ වැරදි හදාගන්න කියලා. (දී)
සල්ලි දීලා ගියොත් තමා හොද. (නි)
වීසා දෙන්ඩ ඇත්තෙ නොදී බැරිකමට. අපේ යුතුකම තමා ආවට පස්සේ බලාගන්න එක. දැනට කෙරීගෙන යන වැඩ කොටස හරි. යනකම්ම හොඳ අවධානයෙන් ඉන්න වේවි. මේ වගේ තව ද්‍රෝහී දෙතුන් දෙනෙකුට කරපුවහම අනිත් අයත් මෙහෙ පස් පාගන එකක් නැහැ. ගහන්ඩ ගහන්ඩ වඳින එකත් මෝඩයා, වඳින්ඩ වඳින්ඩ ගහන එකත් මෝඩයා. (ස)
සුදු වෑන් එන එක ගැන නම් මම කියන්න හිටියේ. අපරාදේ අවස්ථාවක් නැති උනා. අඩුම ගානේ හොරකම් කරනවා පෙන්නන්න තිබ්බා නම්. (ස)
අපේ මෝඩයෝ කලොත් කරන්නේ ඕවගේ ගොන් වැඩක්ම තමයි. අපිට හංගන්න දෙයක් නැත්නම් මොකද බය . යන්න දෙන්නයි තියෙන්නේ. (ස)
මම නම් කියන්නේ මෙයාලට යන්න දුන්න නම් හරි කියලා. මෙයා ආපු වැඩේ කර ගත්තා කියලා මට හිතෙන්නේ. සුද්ද ඔහොම තමයි හරිම කපටියි.(නදී)
ඔන්න ඔය මනුස්සයා යන්න ඕනා කියන තැනකට යන්න දෙන්න තියන්නේ.(නදී)
කරුණු එසේ උවද දරුණු කණගාටු තත්වයකට පත්ව ඇති බව කිව යුතුමය. (ස)
ශ්‍රී ලාංකිකයාගේ නම්‍යශීලීභාවයේ සීමාවක් නැහැ. නමුත් යම් කෙනෙක් එයින් අයුතු ප්‍රයෝජන ගන්න ආවොත් මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එළාරට, එල්ටීටීඊ එකට උනෙත් මේ ටිකමයි. (ස)
කළු වෑන් එකක් දීල තියෙන්නේ... සුදු එකක් නෙමෙයි... සගවපු යුද ආයුධ පෙන්වන්න ගෙනියනවද මන්ද.... (ස)
රටේ තත්වය විදේශ රටවලට දැන් හොඳින් අවබෝධවී ඇත. (ස)
අපේ රටේ හැම දේටම ඉඩ දෙනවා වෙන රටවල්වල ඒවාට ඉඩ නැ.මුන්ට එන්ඩ දුන්න එකත් වැරදී අපහු යවන්ඩ ඕනේ .(දී)
ඔය සුදු කොටියා ලංකාවට ආවේ සමුළුව ආවරණය කරන්න නොවෙයි.කොටින්ට කඩේ යන්න.ආපසු හරවා එවූ ජනතාවට බොහොම ස්තුතියි. (ස)
මෙයා බොර දියේ මාළු බාන්නයි ඇවිත් තියෙන්නේ.සමුළුවට යොමු කළ යුතු අවධානය එයාට ගන්න ඕනවෙලයි තිබුනේ. දැන් එය ලැබිල ඉවරයි. (ස)
මෙයාලට විසා දුන්නා නොවෙයි, ඕන වෙලාවක එන්ට විසා තියෙනවා. ඉතින් එයාල හිතාන ඉන්නේ අපි තාම යටත් වැසියෝ කියල". එව බලව "කෙසේ වෙතත්" පල නොඑව" කියන්ට ඕන (නදී)
දෙමළ සිංහල බේද නැවතත් ඇතිකරන්න ආපු වෙස් ගුණ්ඩු. ඩයස්පෝරාවේ වැඩ ඕවා. මැක්රේ හිරේ දාන්න නැත්නම් ඩ්පොර්ට් කරන්න.(නදී)
ලංකාවේ දෙමළ විරෝධී යුද්ධයේ ප්‍රධාන මෙහෙයුම්කරු වූ එංගලන්තයේ රැජිණගේ සුවච කීකරු ඔඩොක්කු කුක්කා වන කැලම් මැක් රේ යාපනයට යන එක වැළැක්වූයේ කවුරුන් විසින් යොදන ලද කණ්ඩායම්ද? උතුරේ යුද්ධය දිණුව එකෙන් අයුතු ප්‍රයෝජන ගෙන මුළු ලංකාවම එංගලන්තයේ කොලනියක් කරගැනීමට එරෙහිවිය යුතුයි. දකුණු ඉන්දියානුවෝ අපේ රටේ චොගම් පාටිය දානවාට විරුද්ධවීම සාධාරණයි. ඔවුන් ඉන්දියානු පොලිසියෙන් අත් අඩංගුවට ගැනීමත් වැරදියි. මතට තිතවත්, කුඩුවලට තිතවත්, උද්ධමනයට තිතවත්, රජය සිදුකරණ මහජන පීඩනයට තිතවත් මෙතෙක් තබා නොමැති හෙයින්, මේරට බේරා ගැනීමට නම් පක්ෂ දේශපාලනයට වහාම අවසන් තිත තැබීම අවශ්යයයි.
මම නම් කියන්නේ මේ අයට මේ තරම් බුරුලක් දෙන්න හොඳ නැහැ. සෑම රටකටම ඇතුළු වෙන කොට ඒ රටේ නීතියට යටත්ව රට වැසියන්ට අයහපතක් නොවෙන විදිහට හැසිරෙන්න ඕන. මේ අය මැද පෙරදිග රටකට ඇතුළු උනොත් මේ වගේ දේවල් කරන්න අඩුම ගානේ මාස කීපයක් හොඳට හිරේ ලගින්න පුළුවන්. (ස)
රටේ අනෙක් ප්‍රශ්න තාවකාලිකව අමතක කරන්න පුළුවන්. (ස)
යන්න නොදීපු එක හොදයි. මොකද නැත්නම් මෙයා මොනවා පෙන්නයිද දන්නේ නැහැ පස්සේ? මෙයා ගියේ නැති වග හැමෝම දන්නවා දැන්. (නි)
අනේ දයා මේ, ඉස්සර ප්‍රශ්න තියෙනවා කියලවත් ලියන්න පුළුවන් වුණාද ඔයාලගේ අහවල් ගෝනිබිල්ලෝ නිසා?තව අවුරුදු 100 ගියත් මේ ක්‍රමය වට්ටන්න බැහැ.චැනල් 4 නෙමෙයි, 100 ගෙනාවත් ලංකා ගමන යනවා මයි (නි)
මුන්ට මෙහෙම කරන්න ගියපුවහම මුන් තවත් දේවල් කරයි.ඒක නිසා ලංකව ඇතුලේ යන්න දෙන්න ඕනේ.. එල්ටීටීඊ ය කරපු විනසෙ මුන්ගේ ඇස් වලින් දකින්න දෙන්න ඕනේ. (ස)
නිල් රානා "ලංකාවේ දෙමළ විරෝධී යුද්ධයේ" ඔය අනිවාර්යයෙන්ම කොටි පුල්ලියක් සහ පිස්සෙක් ලංකාව දෙමල විරෝධී යුද්ධ කරනවා නම් කරන්න ඕන කොළඹ. මොකද වැඩි හරියක් දෙමල මිනිස්සු ඉන්නේ මේ පැත්තේ, මේක එල්ටීටීඊ විරෝධී යුද්ධයක්...දෙමල සිංහල මුස්ලිම් බර්ගර් සියලුම මිනිස්සු මරපු කාලකන්නි එල්ටීටීඊ එකට විරුද්ධ යුද්ධයක්... (ස)
සුද්ද ලංකාවට ගොඩ බහින කොට අනුරපුර ජනතාව එදා හිටිය නම් අද අපිට මේ දෙමල ප්‍රශ්නය නෑ. (ස)
මතකද අපේ ජනාධිපතිතුමා ලන්ඩන් වල දේශනයක් පවත්වන්නට තිබියදී පොලිසියෙන් එය නැවැත්වුවා ආරක්ෂාව සැපයීමට අපහසුයි කියා. රටක රාජ්‍ය නායකුට එංගලන්තය සැළකුවේ එසේ නම් මෙවැනි කෙනෙකුට මොනවට ආරක්ෂාව සපයා උතුරට අරින්නද ? යන්න නොදීපු එක හොඳයි වගේ කවුරු කළත් (නි)