IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


චැනල් ෆෝ තවත් මඩ වීඩියෝවක් හදයි

සති ගණනාවක සිට පුර්ව ප්‍රචාරක පටයක් නොකඩවා ප්‍රදර්ශනය කරමින් ප්‍රසිද්ධියක් ලබා දී බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව ශ්‍රී ලංකා විරෝධී තවත් වැඩසටහනක් ඉරිදා රාත්‍රී විකාශනය කළේය.

මිට පෙර පෙන්වූ වැඩසටහන් දෙක මෙන්ම මෙයද අධ්‍යක්ෂණය කළේ කැලම් මැක්රේ විසිනි. 

එල්ටිටිඊ ත්‍රස්තවාදීන් සමඟ පැවති යුද්ධයේ අවසන් කාලයේ දී ශ්‍රී ලංකා හමුදාව  අතින් යුද  අපරාධ සිදුවූ බවට හුවා දැක්වීම මෙහි අරමුණ වී ඇති බව පැහැදිලිවම පෙනෙන බවත් , කොළඹදී පැවැත් වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව වර්ජනය කරන  නායකයන්ට  බලපෑමක් කිරීමට එමගින් උත්සාහ කරන්නට ඇති බවත් වැඩසටහන ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙක්ම පැවසුහ.

සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍ය රූපවාහිනියේ රූපරාමු බොහෝ ගණනක් එම වැඩසටහන තුළ තිබිණි.

එල්ටිටිඊ රුපවාහිනි නිවේදිකාවක ලෙස හඳුන්වාදුන් ඉසිප්‍රියා නම් කාන්තාවක මරා දැමූ බව කියන සිද්ධියකට ඔවුන් මුල් තැන දී තිබිණි.



අදහස් (0)

චැනල් ෆෝ තවත් මඩ වීඩියෝවක් හදයි

පියල් Monday, 04 November 2013 11:09 AM

හැම අවුරුද්දකටම මොකක් හරි දානවා. එක පාරම දැම්ම නම් ඉවරයි නේ. මේක ලොකුම විහිළුවක්. (ස)

:       0       0

කේ.එච්.ආර්.කේ. දිසානායක Monday, 04 November 2013 11:11 AM

දෙමල පැටුන්ට පෙන්නන්න කාටුන් එකක් හදල මැකරේ මාමා.ලොකු මාමලටත් චුන් වෙයි මේක බලන කොට. (ස)

:       0       0

ලාල් - කැන්ඩි Tuesday, 05 November 2013 04:55 AM

චැනල් 4 ඔයාල හැමදාම ෆිල්ම් හදන්නේ ලේ බලන්න ආසා අයට විතරයි නේ. ටිකක් වෙනසකටත් එක්ක ආදර කතාවක් දාලා ෆිල්ල්ම් එකක් කරන්නකෝ පාඩු වෙන එකක් නැහැ හැබැයි ඉතින් දෙමළ ,හින්දි ෆිල්ම් තරම් ආදායමක් නම් ලැබෙන එකක් නැහැ.(නදී)

:       0       0

ජූඩ් Monday, 04 November 2013 11:24 AM

මොකද මේ පොඩ්ඩ පොඩ්ඩ පෙන්නන්නේ. මේක අපිට මඩ ගහන්න හදපු එකක්. ලංඩන් වල ඉන්න කොටින්ට කියන්න ඕනේ මේ රට ආයෙමත් කොටින්ට සෙල්ලම් කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. මම කියන්නේ මේවට උත්තර උන්ම හොයා ගන්නකම් ඉන්න ඕනේ.(නදී)

:       0       0

රානා Monday, 04 November 2013 11:31 AM

ලංඩන් වල ඉන්න සිංහල කෙනකුට නඩු දාන්න පුළුවන් මේ චිත්‍රපටය නිසා තමාට ලැබිය යුතු වරප්‍රසාදයක් අහිමි වුවා කියලා.(නදී).

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Monday, 04 November 2013 11:33 AM

තමිල් නාඩුවේ රුප ගත කල ලංකාව සම්බන්දව ද වෛට් වෑන් ස්ටෝරි නම් පැය 2.30ක චිත්‍රපටයක් ලබන සතියේ තිරගත කරන්න යනවා. මෙහි එක පිටපතක් චැනල් 4 එකට දීලලු.(නදී)

:       0       0

කෙල්වින් Monday, 04 November 2013 11:47 AM

අවසානයක් නැද්ද? (නි)

:       0       0

දමී Monday, 04 November 2013 11:57 AM

අපි වගේ පොඩි රටවලට ප්‍රශ්න අදින්න මේ අයට වෙන වැඩ නැද්ද ?(නදී)

:       0       0

ජෝන් Monday, 04 November 2013 11:58 AM

මේ වීඩියෝව ඇත්ත එකක් වගේ.(නදී)

:       0       0

ක්‍රිෂාන්ත.සයිප්‍රස් Monday, 04 November 2013 09:44 PM

දැන් ඔය අයට කරන්න පුලුවන් හැමදේම කළානේ.දැන් ඔය එකක්වත් (ඩයස්පෝරාවේ)එළියට බහින්න බයයි. අපේ ලංකා පුත්‍රයෝ එයාලට පන්න පන්නා ගැහුවනෙ.දැන් බොරුවට අරවා මේවා පෙන්නනවා. (නි)

:       0       0

වසන්ත Monday, 04 November 2013 12:10 PM

ඒ වීඩියෝ එක බොරු එකක් නෙවෙයිද?  අපේම හමුදාවේ මාමලාගේ බුරු වැඩ නිසා තමා මේ වගේ වීඩියෝ එලියට ඇවිල්ල තියෙන්නේ. නැත්නම් චැනල් එකෙන් ඇවිල්ල වීඩියෝ කරපුවා නෙවෙයි. අපේම මාමලා ආතල් එකට ගත්තු වීඩියෝ තමා ඔය ආපිට වදින්නේ (නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 04 November 2013 09:51 PM

මගේ නම විකුණන්න පුදුම තරගයක්නේ තියෙන්නේ.කට්ටියගේ අාසාවනේ..කමක් නැහැ.කමක් නැහැ..ඔහොමම යමු (නි)

:       0       0

චමින්ද Monday, 04 November 2013 12:14 PM

බල්ලෝ බුරති සද බබලති(නදී)

:       0       0

වජිර Monday, 04 November 2013 09:52 PM

චැනල් 4 අලුතින් කිසිම දෙයක් පෙන්නුවේ නැහැ. පරණ දේවල්ම තමයි පෙන්නුවේ. ගණන් ගන්න එපා එයාලා කරන වැඩ (නි)

:       0       0

උපාලි Monday, 04 November 2013 12:20 PM

මීට කලින් පෙන්නපු ඒවාට කවුද කලබල වුනේ? තමිල් නාඩුවේ කට්ටියක් සෙල්ලම් පෙන්නුවා. ඩයස්පෝරාවේ කට්ටිය ටිකක් විජ්ජා පෙන්නන්න හැදුවා. මොකක්වත් සැලකිය යුතු දෙයක් වුනාද? ඔහොම හොර වීඩියෝ වලින් මහජන මත හෝ කැළඹීම් ඇති කරන්න බැහැ දැන්. හොඳම දේ ගණන් නොගෙන ඉන්න එකයි. (ස)

:       0       0

අබරන් Monday, 04 November 2013 12:25 PM

1818-1948 කාලේදී ඌව වෙල්ලස්ස මාතලේ පළාත් පිටින් මුන්ගේ සීයලා සමූහ සංහාරයන් කරපු හැටි කියල දෙන්න 1ක් නෑනේ. හපල්ලකෝ ඒ ගැන චිත්‍රපටි පටියක්, ගස් වැල් අල්ලන් දුවන එවුන් පෙන්නන වෙලාවේ. (ස)

:       0       0

ජීවක Monday, 04 November 2013 04:44 PM

අනේ චැනල් 4 එකට නඩු දන්නා කවුරුවත් නැහැනේ මෙරටේ, නිකන් කියවනවා විතරයි ! (ස)

:       0       0

ෂෙරෝන් Monday, 04 November 2013 12:43 PM

මෙතන බොරුවට කෑ ගහන්න එපා, මේකට ගිහින් කියන එකක් කියන්න. https://www.facebook.com/අම්නේස්ට්යුක් (ස)

:       0       0

එඩිෂන් Tuesday, 05 November 2013 07:24 AM

අපේ මිනිස්සුම දෙපිට හැරෙද්දින් අනිත් මිනිස්සු ගැන මොන කතාද?මොන දේ උනත් ඔවට උත්තර අපේ අය ලඟ තියෙනවා..(නදී)

:       0       0

රධ. Monday, 04 November 2013 05:32 PM

මෙහෙම දේවල් සිදු වුණේ නැහැ කියා අපි අපේම සිත් වලට කියාගනිමුද?නැතිනම් රතුපස්වල වගේ තුන්වෙනි පාර්ශවයකගේ ගිණුමකට මේ සිද්ධි සමුදයත් බැර කරලා අත පිස දාගමුද?නැතහොත් ඇත්ත ඇති සැටියෙන් පිළිගමුද?මෙතන බහුතරයක් හිතාගෙන ඉන්නේ අපි සුදනෝ කියලා. (නි)

:       0       0

ටිකිරි බංඩා Monday, 04 November 2013 01:21 PM

බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව මගින් "පට පට ගාල සිංහල නිරායුධ අසරණ මිනිසුන්ට" වෙඩි තියල මරණ දර්ශන ඇතුලත් "රතුපස්වල මිනිස් සංහාරය" අල්ලා වීඩියෝ එකක් නිර්මාණය කලොත් ඒකත් ශ්‍රී ලංකා විරෝධී තවත් වැඩසටහනක් වෙනවද?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ.(නදී)

:       0       0

නිහාල් Monday, 04 November 2013 01:25 PM

කුමන්ත්‍රණ කරුවන්ට අපේ රටට ඇතුළු වීමට වීසා දෙන්න එපා. (ස)

:       0       0

අන්ස්ලාම් Monday, 04 November 2013 01:44 PM

බි බි සි බලන අපි දන්නවා ත්‍රස්තවාදයට උඩ ගෙඩි දෙන්නේ සහ මිනිස්සුන්ව අවුස්සන්නේ එයාලා කියලා. ලෝකේ වටේ හැමතැනම ඉන්න විප්ලවවාදීන් අවුස්සල බි බි සි එකට ප්‍රසිද්දයක් ලබා ගන්නවා. කවදාවත් ආසියාවේ හොඳ දේවල් පෙන්නන්නේ නැහැ පොඩ්ඩක් වැරදුනොත් අපි මානව හිමිකම් කඩනවලු හරියට මිනිස්සුන්න්ට මානව හිමිකන් කඩන්න කියල දුන්නේ කවුද කියල 1910 ඉඳල බැලුවොත් පෙනේ. සල්ලි දිලා මේවා කරලා ෆිල්ම් හදල එලියට මේ වෙලාවේ දාන්නේ මොකද කියල ලෝකෙම දන්නවා. යම් දවසක කොටින් විසින්ම චැනල් 4 ගිනි තියාවී.(නදී)

:       0       0

රේණු Tuesday, 05 November 2013 08:58 AM

දීන වින්දනයක් ලබන පිරිස් අපේ යුධ ජය පිලිගන්න අකමැත්ත සහ යුධ පරාජය පිලිගැනිමට අකමැති පිරිස් ඔවුන් ලද අන්ත පරාජය වෙනත් අයුරකින් සඵල කර ගැනිමෙ උත්සහයක්. කිසිදු රාජ්‍යකට නොහැකි වු ත්‍රස්තවාදය සිය රටෙන් මුලින්නුපුටා දැමිමට අසමත් වන විට මරාගෙන මැරෙන ත්‍රස්තවායක් ලංකාව වැනි පුංචි රටක් විසින් කිරිම ඉවසා ගන්න බැරි රටවල් මෙ කෙනෙහිලි කමි වලට සමිබන්ධව කටයුතු කරයි. මිට අමතරව ලංකාව තුලද කොටි ඩයස් පොරාව සමග සම්බන්ධ යම් යම් පාර්ශ්වයන් ඩොලර් වලට කෑදරකමින් රට තුල වෙනත් ආරවුල් ඇති කිරිමෙ ප්‍රයත්නයක් දරනවා. ජාතිවාද ආගම් භේද අවුලුවමින් රට අස්ථාර කිරිමෙ කොන්ත්‍රත්තුවක යෙදි සිටිනවා. මෙ කටයුතු හරහා නැවත රට තුල වෙනත් විධියේ කුලල් කෑමි ඇති කර මිලේචිච ජාතියක් ලෙසට ලෝකයට පෙන්විමටත් මෙ හරහා චැනල් 4 වැනි මාධ්‍යන්ට සිය රාජකාරින් ඉතා උසස් අන්දමින් ඉටු කිරිමටත් පහසු වෙනවා. (ස)

:       0       0

බන්දුල පෙරේරා. Monday, 04 November 2013 05:51 PM

කෝ දැන් අපේ විස්තර රටට හෙලිකළ මන්දනා ඉස්මයිල්ලා දැන් රටෙත් නැහැ නේද ? (නි)

:       0       0

ෂෙරෝන් Monday, 04 November 2013 01:55 PM

මේවට අදහස් දාන්න. https://www.facebook.com/AmnestyUK https://www.facebook.com/Channel4News (ස)

:       0       0

ගිම්හානි Monday, 04 November 2013 01:58 PM

මේ කලෙම් මක්රේ කියන මිනිහ පෙර ආත්මෙක හතුරෙක්ද කොහෙද ? නැත්නම් මූ මොකද මේ තරම් කෙනෙහිලි කම් අපිට කරන්නේ ?(නදී)

:       0       0

නඩරාජා Tuesday, 05 November 2013 09:18 AM

මරුවා සමග වාසේ. ස්වභාව ධර්මය දඩුවම් දෙයි ලගදීම.(නදී)

:       0       0

ශිරෝ Monday, 04 November 2013 02:05 PM

නොසැලී, රටක් වශයෙන් එකමුතුව සිටියහොත් ප්‍රශ්න ජයගත හැක. (නදී)

:       0       0

ලාල් නුවර Monday, 04 November 2013 02:30 PM

චැනල් 4 එක දුවන්නේ ලංකාව නිසා. සේවකයන්ට පඩි ගෙවා ගන්න සල්ලි නැති උනහම, මේ වගේ දෙයක් කරලා සල්ලි හොයා ගන්නවා. (ස)

:       0       0

ජීවකැ Tuesday, 05 November 2013 12:57 AM

චැනල් 4 එකේ පෙන්නපු ඒවා මම බැලුවා. අනේ ඒවා නම් බොරුම වේවා! (නදී)

:       0       0

ඩී. Tuesday, 05 November 2013 01:00 AM

එතකොට මැක්රේ, මම අහන්නේ ඇයි කොටිය කරපු වැරදි කියලා ඔයාට ෆිල්ම් එකක් හදන්න හිතෙන්නේ නැත්තේ? අනික මේවා එළියට එන්නේ ලංකාවේ මොකක් හරි ලොකු වැඩක් කෙරීගෙන යනකොට විතරනේ. (නි)

:       0       0

රොකී Monday, 04 November 2013 06:58 PM

ජීවකට, නඩු දාන එක නම් හොඳ යෝජනාවක් තමයි. දාලා බැලුවොත් වෙන්නේ මොකක්ද කියලා බලාගන්නත් පුළුවන් වෙයි. ඒක හින්දා තමයි නඩු දාන්නේ නැත්තේ! (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 04 November 2013 07:30 PM

මහත්තයා මොනවා හිතුවත් දැන් පෙරහැර ගිහින් ඉවරයි. (නි)

:       0       0

අනුෂ Monday, 04 November 2013 03:19 PM

මේවත් ප්‍රශ්නද? කාටූන් බලන්ඩ කැමති කවුද ? (ස)

:       0       0

පෙරේරා Monday, 04 November 2013 10:48 AM

වෙළඳාමට කරන දේවල් වලට අපිත් වෙලඳාමෙන්ම උත්තර දෙමු. (ස)

:       0       0

සෙනරත් Monday, 04 November 2013 11:00 AM

"බල්ලෝ උඩුබුරුලති " (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බදුල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 342 0

බදුල්ල මැතිවරණ කොට්ඨාසයේ ජය ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


පුත්තලම තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 71 0


ගම්පහ තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 244 0


බලපිටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 290 0

බළපිටිය මැතිවරණ කොට්ඨාසයේ ජය ජාතික ජනබලවේග අපේක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


යාපනය තැපැල් ඡන්ද රනිල්ට
2024 සැප්තැම්බර් මස 22 170 0

යාපනය දිස්ත්‍රික් තැපැල් ඡන්ද 9277 ලබා ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළේය.


යාපනය අරියනේතිරන්ට
2024 සැප්තැම්බර් මස 22 216 0

යාපනය මැතිවරණ කොට්ඨාසයේ ජය ආරියනේත්‍රම් පාක්කියසෙල්වම් දිනා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14639 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 46 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 219 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site