බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නිෂ්පාදක කැලම් මැක්‍රේ අද පස්වරු එකට පමණ පොලිසියේ මැදිහත්වීමෙන් වෑන් රියකින් කොළඹට එවනු ලැබීය.
දෙපැයක් තිස්සේ ඔහු ගමන් කළ දුම්රිය අනුරාධපුරයෙන් එහාට යෑමට නොදී විරෝධතා පැවැත්වූවෝ ඉන් පසු විසිර ගියහ.
බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නිෂ්පාදක කැලම් මැක්‍රේ අද පස්වරු එකට පමණ පොලිසියේ මැදිහත්වීමෙන් වෑන් රියකින් කොළඹට එවනු ලැබීය.
දෙපැයක් තිස්සේ ඔහු ගමන් කළ දුම්රිය අනුරාධපුරයෙන් එහාට යෑමට නොදී විරෝධතා පැවැත්වූවෝ ඉන් පසු විසිර ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොන ගොන් වැඩද කරන්නේ. ඒ මනුස්සායාට නිදහසේ යාපනේ ගිහින් ඇත්ත බලා ගන්න ඉඩ දෙන්න එපායැ. (ස)
හොඳ වැඩේ. (ස)
කරගත්ත ගොන් වැඩක මහත. ඔය මිනිහව එයාර්පොර්ට් එකෙන්ම හරවා යවන්නයි තිබුනේ. මොකට ගත්තද රට ඇතුලට? (ස)
මේ මෝඩ වැඩ නිසා තමයි මේ හැම ප්‍රශ්නයක්ම (නි)
වහාම ගුවනින් යාපනයට රැගෙන යා යුතුය. මේ වැඩෙන් ශ්‍රී ලංකාව ගොඩක් නරක විදියට තේරුම් ගනීවි. අපි තව දුරටත් ගෝත්‍රිකයන් නොවන බව ලෝකයට පෙන්වාදිය යුතුය. (නි)
ආනන්ද කියන දේ මාත් අනුමත කරනවා. (ස)
සිංහල දෙමල ජනතා කොටස් උසි ගන්වන අයට කුණු බිත්තර වලින් සංග්‍රහ කරන්නට තිබුනේ. ජනාධිපති ලබා දුන්න නිදහස අයුතු විදියට පිට දේසක්කාරයොත් වැඩ කරන්නේ නම් උන් අල්ලා හිරේ දැමිය යුතුයි. (ස)
නියම වැඩේ. අනුරාධපුරේට එහාත් මිනිස්සු ඉන්නවා එහෙනම්. (ස)
දැන්වත් මෙයා ගැන තීරණයක් ගත්තොත් නරකද? (නි)
මෝඩ වැඩක්.දැන් කියයි මෙහෙ මාධ්‍ය නිදහසත් නැහැ කියලා.කොහොමත් ඒක මෙහෙ නැහැ තමයි.ඇත්තටම ඇයි එයාට බය ?යාපනය සංවර්ධනය කරලා නම්,එයාට ඒවා බලන්නත් තිබුනා. (නි)
හරිම හොඳයි. ලාංකිකයන් සැලෙන්නෙ නෑ .කොහොම හරි ජය ගන්නවා. (ස)
උතුරු නැගෙනහිර දැන් පවතින තත්වය, වෙනස මක්රේ දන්නවා..සන්නිවේදන තාක්ෂණය මේ තරම් දියුණු කාලෙක මක්රේට එහෙ ගිහින් ඕක බලල ඇහින් දැකල විස්වාස කර ගන්න අවශ්‍ය නැහැ.මක්රේට වර්තමානය වැදගත් නැහැ..එයාගේ බිස්නස් එක කෙරෙන්නේ අතීතයත් එක්ක....මක්රේගේ තියෙන්නේ වෙනස් න්‍යාය පත්‍රයක්.එයාගේ මේ ගමනේ අරමුණ දැන් තියෙන තත්වය දකින එක නෙමෙයි..අතීතය පිලිබදව තමන්ගේ ඊලග ෆිල්ම් එකට සාක්ෂි සහ තොරතුරු සපයා ගැනීම.අවශ්‍ය සාක්ෂි සහ තොරතුරු සජීවීව ලබා ගැනීම...මක්රේ වර්තමානය ගැන ෆිල්ම් හදන කෙනෙක් නෙමෙයි වගේම සාමය පිලිබදව ෆිල්ම් හදන කෙනෙකුත් නෙමෙයි.. (ස)
මොකද මේ හැමෝම මෙයාට මෙච්චර බය? යාපනේ විතරක් නොවෙයි උතුරේ වෙන පැති වලටත් එක්ක ගිහින් පෙන්නුවා නම් ප්‍රශ්නේ ඉවරයිනේ. ලංකාව දැන් චීනය උතුරු කොරියාව වගේ හැසිරෙන්න පටන් අරගෙන නේ. (නි)
එන්න කිවුවේ චෝගම් එක ගැන වාර්තා කරන්න මිසක් යුධ අපරාධ ගැන තොරතුරු හොයන්න නෙමෙයිනෙ. (නි)
මක්රේ මහතාණෙනි,ඉස්සර යාපනයට නිදහසේ යන්න ඉඩ නොදුන්නේ කවර අන්තවාදීන්ද කියාත් අද යාපනයට නිදහසේ යන්න ඉඩ නොදෙන්නේ කුමන අන්තවාදීන්ද බවත් හෙළි කරන්න.විදේශ ජන මාධ්‍යකරුවෙකුට සත්‍ය හෙළිකිරීමට බොහෝ දෙනා ඉඩ නොදෙන්නේ නම් ලංකාවේ මාධ්‍යකරුවන්ට සත්‍ය හෙළි කිරීමට තිබෙන පීඩනය කෙබදුද යන වගද ලොවට තහවුරු වේවි. (නි)
හරිම සන්තෝසයි....රටට ආදරය කරන මිනිසුනි ඔබලා ගැන..අපෙත් ඉන්නවා කැලම් මැක්ක්‍රේලා වගේ අය ...එයාලටත් ඉගෙන ගන්න කරපු දේ හොඳයි.අපට පාට භේද එපා. රට වෙනුවෙන් එකා වගේ පෙරටම යමු. ඔය කුලීකාර පර සුද්දට ඕවා ලැජ්ජා නෑ. මොහුව පිටුවහල් කරන්න ඕනා තමිල්නාඩුවට .චෝගම් එකත් අල්ලලා ඇවිත් තියෙන්නේ බොර දියෙ මාලුත් බාගෙන යන්නයි. (ස)
පොරගෙ චැනල් මාරු වෙලාද?? (ස)
නියම ඇත්ත ඔලුව අතගලා පෙන්වන්න තිබ්බ අවස්ථාවක් අපි මග හැර ගත්තා. මේ වැඩේ හරි කියන කට්ටිය කියන්න බලන්න කොහොමද අපි පෙන්වන්නේ ලෝකෙට අපි නිවැරදි කියලා. අපේ රටේ මානව අයිතිවාසිකම් කඩ වෙන්නේ නැතුව අපි ජීවත් වෙනවා. අපේ හමුදාව කොච්චර මහන්සි වෙලා රට ගොඩන ගන්න උත්සහ කරනවද කියලා ප්‍රභාකරම්ගේ පොලොව යට මාලිගා වල් වදකාගාර. (ස)
මෙයා යාපනේ ගිහින් ඇත්ත දැක්කත් ලෝකෙට කියන්නෙ බොරු.අමු කොටියෙක්. (ස)
මේවා ජනතාවගේ මෝඩකම ලෝකෙටම ප්‍රදර්ශනය කරන මෝඩ වැඩ. මෙවන් සුවිශේෂී අවස්ථාවක මේ මාධ්‍යවේදියා ඇතුළු කණ්ඩායම ශ්‍රී ලංකා ආණ්ඩුවේ අවසරයෙන් රටට ඇතුල්වී තිබෙනවා නම්, රටේ ජනතාවට ඒ සම්බන්ධව ඇති කාර්යය කුමක්ද? දැන් වෙන්නේ, බ්‍රිතානයේ සිට පැමිණි වැදගැම්මකට නැති මාධ්‍ය වේදියෙකුව, ජනතාවගේ මුදල් වලින් රාජ්‍ය ආරක්ෂාවත් ඇතිව රට තුල ගෞරවාන්විතව සැරිසරා ඔවුන් පැමිණි කාර්යයත් පහසුවෙන් කරගෙන යාමට අවස්ථාවක් සලසා දීමයි. (ස)
මිනිහට යන්න දෙන්න තිබුනේ. ඇත්ත නැත්ත බලාගන්න. කොලොප්පං කරන්නද ගෙන්නුවේ. (ස)
දැන් ඉතින් කියයි අපිට උතුරට යන්නවත් දුන්නේ නෑ කියල තව චිත්‍රපටි පෝලිමක් හදයි. (ස)
මේකෙන් ඔහු තවත් ප්‍රයෝජන ගනීවි.අනෙක ලොවක් අපි දිහා බලන් ඉන්න අවස්ථාවක අපි කල්පනාකාරී වෙන්න ඕනා.හදවතින්ම නෙමේ වැඩ කරන්න ඕනා.ජාතියේ බුද්ධියත් පාවිච්චි කරන්න ඕනා.ඒක තේරුම් ගත්ත නිසා නෙ ඔහුට රටට එන්න අවසර දුන්නේ.එහෙනම් ඇයි ඒකට විරුද්ධ නොවෙන්නේ.මෝඩ චූන් වැඩ නොකර ඔලුවෙන් ඔහුට මුහුණ දෙමු. (ස)
වීසා දීම රජයේ කාර්යයක්.විරෝධතා දැක්වීම ජනතාවගේ කාර්යයක්. (ස)
අපි ඕන කෙනෙක්ට ඕනේ දිහාක ගිහින් බලා ගන්න ඉඩ දෙන්න තිබුනේ. ඊට පස්සේ මොනවද කියන්නේ බලාගන්න තිබුනනේ. (ස)
එන්න කියලා යන්න නොදෙන එක තමයි භයානක. (නි)
හරියට හරි කරපු වැඩේ. හොද සිංහල ලේ වලට රිදෙනවා (නි)
පාරවල් වැහුවොත් වෙඩි තියන්න ඕනේ කියන බන්දුල පෙරේරා මොකද කෝච්චි පාර වැහුවම සද්ද නැත්තේ ? පාර වැහුවම හමුදාව ගෙන්නවන අය ඉන්න රතුපස්වල විතරයි ද ? (ස)
නියමයි. (ස)
ආනන්ද කියන දේ මාත් අනුමත කරනවා (නි)
නයා වුණත් ඉදහිට පෙනේ පුප්පන්න ඕනෑ කියලා කියන්නේ ඕකට තමයි. (නි)
කවුරු මොනවා කිව්වත් චැනල් 4 අයට මේ රටේ හැම අස්සකම යන්න දෙන එක වැරදියි. මොකද ඔවුන්ට මොන නිදහස දුන්නත් කොහේ ගියත් මොනවා දැක්කත් ඔවුන් වැඩ කරන්නේ ඔවුන්ගේ න්‍යාය පත්‍රයට .ඒ නිසා අනුරපුරේ වුණ දේ හරියට හරි. (නි)
චෝගම් ආවරණය කරන්න ඇවිල්ල මේ යක්කු කරන්න යන්නේ මොකක්ද? මොවුන්ගේ චාරිකාව සම්බන්ධ අනුරපුර ජනතාවට තොරතුරු ලබා දුන්නු එඩිතර දේශප්‍රේමියා කව්ද? ඕක කරපු වෙලාව තමයි හොඳ නැත්තේ. නමුත් චැනල් 4 සම්බන්ධ බහුතරය දරන්නේ හොඳ අදහස් නොවෙයි කියන පණිවිඩය මැක්ක්‍රේ ගිහිල්ලා ඇති. (ස)
මෙයාට යන්න දුන්නා නම් මෙයාලගේ චිත්‍රපට වලට රගපාන නලු නිලියන් කල් ඇතිව මෙයාලා ලෑස්ති කරලයි එන්නේ. එයාලගේ හිතවතුන් උතුරු කරේ ඕනා තරම් ඉන්නවා. අනික මෙයාලා සල්ලි වලට වැඩ කරන අය.මෙයාලා කුලියට මඩ ගහන අය. මෙයාලා යන යන තැන් ගැන බුද්ධි නිලධාරින් අවදියෙන් සිටිය යුතුයි.චෝගම් සමුලුව තුරුම්පුව කරගෙන තමා ලංකාවට රිංගුවේ.මෙයාලට ඔලුව අතගාලා ඇත්ත පෙන්නන්න පුලුවන් අයත් නොවේ. ගියා නම් අපේ ඔලුව අතගාලා එයාලා බාර ගෙන ආපු කොන්ත්‍රාත්තුව ෂෝක් එකට කරගෙන යයි. මෙයාලා ගුවන් තොටින් යන්න කලින් හොඳ පරීක්ෂාවක් කරලා තමා යවන්න ඕනා. පුලුවන්නම් අපේ රේගුවේ අය දැන් දක්ෂයිනේ ගුද පරීක්ෂාවට.. එහෙම එකක් කලා නම් ආයි ලංකාව ගැන පිචර් හදන්නේ නෑ.. එතකොට මතක හිටී නේද? (ස)
ඇත්තටම මෝඩ වැඩක් මේ කරන්නේ. අපේ රටට ඇවිල්ලා ඇත්ත බලාගන්න දුන්නම ඇති වරද මොකද්ද? අ (නි)
මේ මනුස්සයාව හෙලිකොප්ටරයකින් උතුරට ගෙනිහින් සත්‍ය ඔහුට පෙන්වන්න ...රහස් සාකච්ඡා පවත්වන්න ඉඩ නොදී ආපසු රැගෙන එන්න ..ඒ විට ඔහුට සත්‍ය හෙලිවවේවී. මේ අපේ මිනිසුන් මෝඩයි ..? ජාත්‍යන්තරයට ..බොරු දේවල් සත්‍ය කිරීමේ අවස්ථාව අපේම මිනිසුන්මයි ලගා කර දෙන්නේ ..මේ කල වැඩේ අනුවණ කමක් ..? (ස)
ඔහුට යන්න දිමටයි තිබුනේ. ඇත්ත තත්වය හැබැහින්ම දැක ගන්න. ඔහු වැරදි ප්‍රතිරුපයක් මවාගෙන ඉන්නේ අප රට ගැන. ඔහු හරි දේ තේරුම් ගනිවි ඉන් පසුව. (ස)
ඔය මිනිහා යාපනේට ගිහින් තවත් ෆිල්ම් ගහන්න දේවල් හොයන්නේ.එයාගේ බැලිල්ල මොනවටද. (ස)
මෙයා යාපනේ ගියා කියලා ලංකාව ගැන හොඳක් නම් කීයටවත් කියන්නෙ නැහැ.උද්ඝෝෂණ දිගින් දිගටම කරන්න ඕනෑ ලංකාවෙන් යනකම්ම.එංගලන්තෙ ඉන්න කොටි හිතවාදින් ජනාධිපති එනවා කිව්වොත් ඇති හැමදාම උද්ඝෝෂණ.ඉන්දියාවෙ ගියත් එහෙමයි.අනික උතුරෙ ඉන්න මිනිස්සු ආණ්ඩුව කොච්චර දේවල් කළත් ආණ්ඩුව ගැන හොඳක් කියන්නෙ නැහැ.විවේචනය කරන එක තමයි කරන්නෙ. (නි)
සුද්දෙකුට විරෝධතාවයක් දැමුවා කියපු ගමන් බයට ඇගේ මයිල් කෙලින් වෙන්න තරමට බයවෙන හෝ තරහ යන අය ලංකාවේ ගොඩක්.කොටි සල්ලි වලින් මුළු රටක් ලෝකය ඉදිරියේ නින්දාවට පත් කරන්නට චිත්‍රපටි හදපු එකෙකුට විරුද්ධව කොන්දක් ඇති මිනිස්සු විරෝධතා දක්වන කොට භය වෙන්නේ නිවට පරගැත්තෝ. (ස)
අපේ ජනාධිපතිතුමා එංගලන්තයේ සංචාරය කරන වෙලාවේ එංගලන්ත කොටි හිතවාදීන්ගේ උද්ඝෝෂණ වලට බයේ ඔක්ස්ෆර්ඩ් සරසවි දේශනය අවලංගු කරේ එහේ පොලීසිය .. අපේ ජනාධිපතිට කොහෙවත් යන්න දුන්නේ නැහැ. ආරක්ෂාව ගැන වග කියන්න බැහැ කියලා..දැන් මුන් එනවා යාපනේ යන්න.. යවන්න ඕනේ තුතුකුඩි.... (ස)
පිල්ලේ මහත්මියත් යාපනේ යවලා වෙච්ච දේ මතකද? (නි)
ජෝයි ඩයස් හරියට හරි. මොකද මෙයා ඇත්ත නොදන්නා කෙනෙක්ද යාපනේ ගිහින් ඇත්ත පෙන්නන්න (නි)
මෙයා ලංකාව හොද විදියට දැක්කත් නරක තමයි පෙන්වන්නේ.අපේ ජනාධිපතිතුමාගේ යුතුකම කළා. අපේ ලංකාවේ ජනතාව මේ වගේ උද්ඝෝෂණය කර පෙන්වන්නත් ඕනෑ.දැන් මුළු ලෝකයටම ලංකාවේ ඇත්ත තත්වේ පැහැදිලි වෙනවා. (නි)
අපි අනුරාධපුරේ....රටට වින කරන එවුන්ට අපි එන්න දෙන්නෑ. පුලුවන් නම් එන්න.....අපි රජරට. (ස)
එයාටයි, ටැමිල් අයට ඕන විදියට ෆිල්ම් හදල ලෝකෙටම පෙන්නලා, සිංහලයා අවමානයට පත් කරලා තියෙන්නේ. මේවාට විරුද්ධ ප්‍රකාශ කරන එක වැරදිද ? තව ගිහින් බලලත් කරන්නේ එයිට වඩා අන්ත දෙයක්. ඇත්ත බලලද දැන් ඔය 4 හදල තියෙන්නේ ? යාපනේ පැත්ත පටිගත කරලා පෙන්නපුවම හරිනේ කරලා. (ස)
අපේ රටට විරුද්ධව බොරු චෝදනා ඉදිරිපත් කරන අයට සාමාන්‍යය මාධ්‍ය වේදියෙකුට දෙන නිදහස දිය යුතු නැත. එයාට ඕනි විදියට යන්න ඕනි නම් ඔය කියපුව ඔප්පු කරලා එන්න කියන්න. (ස)
එයාට ලංකාව වටේම යන්න දුන්නා නම් ඉවරයි. අපේ රටේ බොරු සෝබනකාරයන්ගේ මෝඩ වැඩක්.ආනන්ද කියපු දේ හරි. (නි)
ලංකාවට එන්න නොදෙන්නයි තිබුනේ. ඔවුන් ලංකාවේ කොච්චර දියුණුවීමක්, හොදක් දැක්කත් කියන්නේ නැහැ. වැරදි විතරයි ඔවුන්ට පෙනෙන්නේ.ඔවුන් බලන්නේ එක කෝණයකින් විතරයි අපේ රට දිහා... (නි)
අපි එකම ජාතියක් බව පෙන්නුවා. හදවතින්ම ලාංකිකයෝ අපි (නි)
මීට වැඩිය විනාශයක් සිද්ධ වෙනවා අර කැසිනෝ ලංකාවට ගෙනාවට පස්සේ (නි)
මේකේ තව පැත්තක් තියෙනවා. මෙයාට ගන්න දුන්නා නම් ඒ ප්‍රදේශ වල වීඩියෝ ටිකක් අරගෙන ඒකට කොටින්ගේ වීඩියෝ ක්ලිප් එකතුකරලා තව ඒවා හදයි. එයාට යන්න දෙනවා නම් මෙහෙ කට්ටියකුත් එක්ක තමයි යවන්න ඕනෑ (නි)
ඩයස් කියලා තියෙන දේ තමා දෙන්න කරන්න හදන්නේ (නි)
සුමිත්,ඔබතුමාගේ අදහස තමයි අද මෙතන තිබෙන හොදම අදහස (නි)
වීර සිංහලයන්ට ජාතියේ ප්‍රණාමය හිමිවෙනවා.මේකේ ඔවුන්ට යන්න දෙන්න කියලා ලියන මෝඩයින්ට තේරෙන්නේ නැහැ ඇත්ත. (නි)
උඩින් යාපනයට යයි. බලාගෙනයි (නි)
ඇත්ත පෙන්නලා බොරු චිත්‍රපටි හදවා ගන්න? ඇයි ඉන්දියාව පන්නාගත්තේ ? (නි)
යන්න නොදීපු එකත් හොඳයි.එයාට පෙන්වන්නට සිංහල මිනිස්සු එයා ගැන මොන ආකාරයට සිතනවාද කියා. අනික් පැත්තෙන් යන්න දුන්නා නම් හොඳයි එයාගේ ඇස් වලින්ම යථා තත්ත්වය බලා ගන්නට. මොන සන්නිවේදන ක්‍රම තිබුනත් ඒවා විකෘති කර පෙන්වන්නට පුළුවන් තාක්ෂණය සමග. එහෙත් පියවි ඇසට දකින දෙය වෙනසක් (නි)
මේවා තමයි නියම විහිලු කියන්නේ. මතකනේ මෙයා ලංකාවට එනකොට එයාපෝර්ට් එකේ නටපු නාඩගම. මේ මිනිස්සු දන්නේ කොහොමද අද යාපනේ යනවා කියලා. (නි)
හොඳ පාඩම. මේ කට්ටිය ඇත්ත කවදාවත් පළකරන්නේ නැහැ, උතුර දැක්කත් (නි)
මගේ අදහස මෙයාට ගිහින් බලලා එන්න නිදහස දෙන්ඩ ඕනෑ. හේතුව අපි ,ලංකාව නිවැරදි නිසා. කාට හෝ බාධා කිරීමෙන් රටට සිදුවන්නේ කැළලක්. මෙයට අමතරව කැමරූන් තුමත් එහෙ යනවා. එයා සමගත් වාර්තාකාරයෝ යාවි. අපේ රටේ මේවා සංවිධානය කරන අය මීට වැඩිය බුද්ධිමත් වන්නේ නම් රටේ නම කැළැල් වෙන්නේ නැත. (නි)
අයියෝ! මහලොකු වැඩකාරයෝ. වාහනයක යන්න සල්ලි නැහැ. ඉල්ලුවා නම් මගේ යතුරුපැදිය දෙන්න තිබුනා. (නි)
අයියෝ මොන මෝඩකමක්ද කළේ? යන්න අරින්න තිබුනේ. දැන් ඉතින් මේකත් ඇති. ඒකට තව කතාවක් හදලා චැනල් 4 ඒකට දාගන්න හදයි. කවුද මේ වගේ මාතෘකා හදලා දෙන්න මුල් වූ කෙනා? (නි)
හොඳම වැඩේ. කාටත් මතක නැද්ද එංගලන්තේදී ජනාධිපතිතුමාට විරුද්ධව කොටි උද්ඝෝෂණ. (නි)
රූපවතීට සුද්දෝ කියපු ගමන් පුදුම කරුණාවක් කැක්කුමක් පහළ වෙනවනේ. (නි)
මෙයා යාපනේ ගිහින් ඇත්තම කියයි කියලා හිතනවද? (නි)
ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ඇවිදලා ඇත්ත තත්වය බලාගන්න (නි)
කොහොම වුණත් යාපනයට යන්න දෙන්න තිබුනේ. යාපනේ සංවර්ධනය ඔවුන්ට බලන්න දෙන්න තිබුනේ. 'මොනවා වුණත් අපේ කොල්ලන්ට විරුද්ධ වෙන්න බැහැ' කොහොම වුණත් අපේ ජාතිය වෙනුවෙන් සහ අපේ රට වෙනුවෙන් උද්ඝෝෂණය කරපු කොල්ලන්ට ජය වේවා! (නි)
උතුරු වසන්තයෙන් ලොකු දියුණුවක් ඒ පළාත්වල කරපු එක ලොකු දෙයක්. සුද්දා නොගියාට ඒ බව මුළු ලෝකයාම දන්නවා දැනටමත් (නි)
බොරු වීඩියෝ හදල ලෝකේ පුංචි රටකට මේ තරම් අපහාස කරන එකද එංගලන්තයේ මාධ්‍ය සදාචාරය?හොරෙන් ටෙලිෆෝන් ටැග් කරලා එයාලගේ කෝටි ගණන් වන්දි ගෙවලා ඔය උසාවිත් යන්නේ,එහෙ මාධ්‍ය කට්ටිය. (නි)
ලංකාදීපයට අපේ ප්‍රණාමය! (නි)
යවපු නැති එක හොදයි. ගියා නම් තව චිත්‍රපටියක් හදාවි. ඔය පැත්තට ගිය සුද්දෝ එක් කෙනෙක්වත් ඇත්ත කියන්නේ නැහැ. (නි)
හොද වැඩේ. ඔහොම කොලොප්පම් කරලා යවන්න ඕනෑ. යාපනේට ගියත් නැතත් ඔයා වෙනස් වෙන්නෙ නැහැ. (නි)
නියමයි. සියළු ශ්‍රී ලාංකිකයන් එකතු වෙන්න (නි)
නොගිය එක හොඳයි (නි)
දේශප්‍රේමය වැඩි වෙලා මොළේ නැතිවෙලානේ තියෙන්නේ.අපේ අය කළොත් ඔහොම වැඩක් තමා. (නි)
ජනාධිපති මන්දිරයටත් ගිය මේ මනුස්සයට අනුරාධපුරයෙන් එහාට යන්න නොදීපු එක හොද නැහැ නේද? (නි)
හරි නම් මෙයාට යාපනයටම යන්න දීලා මේ විරෝධතාවය කරන්න තිබුණා. (නි)
කරන්න තිබුනේ යාපනයට යන්න දිලා හෙට කියන දේ අපි හරිගස්සන එක. (නි)
කාට වුණත් පාරවල් වහලා උද්ඝෝෂණ කරන්න ඉඩ දෙන්න බැහැ.ජනතාවට අපහසු වෙන අාකාරයට පාරවල් වහන්න ඉඩ දෙන්නත් බැහැ. (නි)
මොළෙන් වැඩ කරන්න ඕනෑ වෙලාවේ මේ වගේ වැඩ නිසා මුළු රටේම නම කැත වෙනවා. දැන් ලංකාවේ ඉන්නේ පුදුම ජාති ආලයක් තිබෙන කට්ටිය. මේගොල්ලෝ දන්නේ නැහැ වෙන විනාශය. දැන් රටට මොළේ ඇති පාලකයන් වගේම ඉදිරියට විත් කතාකරන එඩිතර බුද්ධිමත් ජනතාවකුත් අවශ්‍යයි. එහෙම නැතිවුණොත් ලංකාව කියන නම ඉවරටම ඉවර කරනවා. බුද්ධිමතුන් ඉදිරියට පැමිණෙත්වා! (නි)
මමත් කියන්නේ අපරාදේ, ඔය මනුස්සයට උතුරට යන්න දෙන්නනේ තිබුනේ (නි)
සෙවිල්ලෙන් ඉන්න රංග. දැන් උතුරේ ආණ්ඩුකාරයාගේ මිනිස් අයිතිවාසිකම් ගැන කතා නැද්ද? අපි හිතුවේ ත්‍රස්තවාදේ පැරද්දුවා කියලයි, බලනකොට දිනුවටත් වඩා හොඳයි එයාලට. රට කැලි වලට කඩලා විනාස කරනවා. (නි)
ඔවුන්ට කෝච්චියේ යෑමට කිසිදු අවශ්‍යතාවයක් නොමැත. ආරක්ෂාව සමග වාහනයකින් යෑමට ඕනෑ තරම් අවකාශ තිබුණි. (නි)
නියමයි. මොවුන්ට විරුද්ධව අපි ලන්ඩන් වල වැස්සේ තෙමි තෙමී උද්ඝෝෂණ කළ ඒවායේ ප්‍රතිඵල දැන් තියෙනවා. (නි)
ඒ ෆිල්ම් එක බලපු ඕනෑ කෙනෙක්ට පෙනෙනවා සමහර කොටස් බොරු නෙමෙයි කියලා. මේවට පිළිතුරු දෙන එක අපේ වැඩක්. මෙහෙම කරලා වැඩක් නැහැ. (නි)
වැඩේ ආයෙත් වැරදුනා. මෙයා ලංකාවට එරෙහිව යුධ අපරාධ චිත්‍රපට නිර්මාණය කරලත්, රටට ලොකු කැළලක් ඇති කරලත් තියෙද්දී, ලංකාවට වීසා ලබා දීම මැක්රේ විඳපු ලොකුම දඬුවමයි. ඇයි මෙයාට යාපනේට යන්න දුන්නේ නැත්තෙ. අපරාදේ, දැන් කොහොමද අපි ලෝකෙට නිවැරදියි කියලා කියන්නේ. මෙයා ආයෙත් බ්‍රිතාන්‍යයට ගිහිල්ලා කියයි," යුධ අපරාධ සිද්ධ වුණ නිසා උතුරට යන්න ඉඩදුන්නෙ නැහැ, අපි ඒවා දැනගනී කියලා කට්ටිය කැමති නැහැ" කියලා. මම නම් කියන්නේ, විශේෂ හෙලිකොප්ටර් යානයකින් මැක්රේ යාපනයේ සංචාරයකට යැවිය යුතුමයි !මෙච්චර වියදම් කරපු එකේ ඕක වියදමක් නෙමෙයිනේ. (නි)
මේක පුදුම රටක් (නි).
මෙයාගේ උතුරු සංචාරය කඩාකප්පල් කිරීමේ අවාසි පැත්ත ගැන අපි හිතුවද? මාධ්‍ය මර්දනය ලකාවේ සිදුවෙනවා කියා අපිට චෝදනාවක් තිබෙන මෙවැනි මොහොතක හා මෙවන් සමුළුවක් පවතින කාලය තුල සිදුවුණු මෙම සිදුවීම හරහා විදෙස් ජනමාධ්‍යන් දැඩි ලෙස අපේ රට විවේචනය කිරීමට අපි අවස්ථාවක් ලබාදී තිබෙනවා. හැමදාම අපි බොරුවට කෑගහලා කෑගහලා ලැබුනේ කුමක්ද? මෙවැනි චිත්‍රපටයක් නිෂ්පාදය කරන්න කලින් අැයි අපිට බැරිවුනේ එල්.ටී.ටී එකෙන් අපේ රටට සිදුවුණ දේවල් වල දර්ශන හෝ ජායාරූප විදෙස් ජනමාධ්‍යන් වෙත ඉදිරිපත් කරන්න? එසේ අපි කළා නම් අද තත්වය වෙනස් වන්නට ඉඩ තිබුනා. අපි ලිප්ටන් වටරවුමේ හරි වෙන කොහේ හරි සද්දේ දැම්මට කිසිවක් වාසි සහගත දේවල් කරගන්න අපිට හැකි වුනාද? තවමත් කරන්නේ ඒ මෝඩ වැඩේම තමා. තැනේ හැටියට ඇණේ ගහන්න අපි බැරිවුණා. අප විසින් ගොඩක් දේවල් අතපසු වුණා. (නි)
මේ ක්‍රියා ජාත්‍යන්තර ප්‍රජාවගේ අප්‍රසාදයට ලක් වේවි. මැක්රේ මහතාට බාධා කළ එක වැරදියි (නි)
මෙහෙම අයට උතුර පෙන්වලා වැඩක් නැහැ.එයා යන්නෙ හදන්නෙ තව චිත්‍රපටයක් හදන්න. (නි)
අපිට කරන්න තිබුනේ ඕක නෙවෙයි .අපෙත් ඒ වගේම කණ්ඩායමක් එකතු වෙලා ඔවුන් සමග එකටම ගිහින් රූප රාමුවලට ඔවුන් හසුවෙන විදිහට ඔහුගේ ගමනේ මුල සිටම වීඩියෝ කරලා ෆිල්ම් එකක් හදාගන්න.රටේ දමිල විතරක් නෙමෙයි සිංහල මිනිස්සුත් දුක් විඳින විදිහත් ඔය දුම්රියෙන්ම යනගමන් ගන්න තිබුනා. එහෙනම් ඒකෙන්ම ලෝකෙට බොරු කියන ඔය මනුස්සයාගේ කට වහන්න තිබුනා. අපරාදේ හොඳ අවස්ථාවක් අපි නැති කරගත්තේ. (නි)
මැක්රේ කියන්නේ ඒකපාර්ශ්වික ජන මාධ්‍යවේදියෙක් බව එයා හදපු වාර්තා චිත්‍රපට වලින් එළිවෙලා ඉවරයි. නැත්නම් අනුරාධපුර,කැබිතිගොල්ලෑව ,අරන්තලාව සිද්ධි ගැනත් මේ වාර්තා වලට එකතු විය යුතුව තිබුනා. යාපනේට ගිහින් එහෙ ඉන්න අයගේ බොරු අහලා තවත් බොරු වාර්ථාවක් හදන එක නැවැත්තුව එක හොඳයි. (නි)
ඔහුට අවශ්‍ය දේ අපේ අය ඉටු කළා. (නි)
අපේ ජනපතිට පිටරටකට ගිහින් සමුළුවට ගියොත් ඒ රටවල කොටි හිතවාදීන්ගෙන් කොපමණ පිරිසක් විරුද්ධතාවය දක්වනවද? ඒ රටවල නායකයෝ කියන්නේ ඒවා මිනිස් අයිතිවාසිකම් කියලා. ඉතින් කැලම් සහ පිරිවරට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමත් එහෙනම් අපේ රටේ ජනතාවගේ අයිතිවාසිකමක්.ඒක එහෙම වෙන්න ඕනෑ. (නි)
හොඳ වැඩේ. ඔය ඇවිල්ලා තියෙන්නෙ ආපහු (නි)
අපරාදේ! මෙයාට 'ෆුල්ෆේස්' හෙල්මට් එකක් දීලා බයිසිකලයකින් යවන්න තිබුණේ (නි)
අපට කවුරුත් ලොකු නැහැ. 'රජරට හරහා ගමන් වානා.' (නි)
රුපවතිගේ කතාව හරියට හරි. කළයුතුව තිබුනේ ඒ විදියට (නි)
රටට ඇතුලුවෙන්න ඉඩ දුන්නා නම් යාපනේට ගියාම ඇති වරද මොකද්ද? යාපනේට යන්න දෙන්න තිබුනේ. ගියානම් සත්‍ය වැටහෙනවා. (නි)
රජරට කොල්ලන් නියම දඬුවම දුන්නා.මෙන්න අපෙන් ප්‍රණාමය. (නි)
අනුරපුරේ මෝඩ වැඩක් (නි)
මැක්රේ ඔක්කොම දන්නවා. යාපනේට නොගියට එයාට ඕනෑ වුණේ මොකක්ද යන්න පැහැදිලියි.අපේ ලංකාවේ සිංහල මිනිස්සු මෝඩ නැහැ.අනුරාධපුරෙන් එහාට ඉන්නෙත් නියම වීරෝධාර මිනිස්සු. ඔබලාට ජාතියේ ප්‍රණාමය! (නි)
මට හිතෙන හැටියට වීසාව වලංගු කොළඹට පමණි (නි)
හොදම වැඩේ තමයි වෙලා තියෙන්නේ (නි)
මොවුන්ට රටට එන්න දුන් එකත් වැරදියි කියලයි මම නම් කියන්නේ (නි)
ඉන්දියාවේ මෝඩ මිනිස්සු ගානට අපේ අයත් වැටුනා අද මේ කරපු වැඩේ නිසා. මේ කෙනාට බලන්න යන්න දෙන්න තිබුණේ (නි)
මැක්රේට යාපනේ යන්න දුන්නනං එහෙ සංවර්ධනේ දැකල මවිත වෙලා ආණ්ඩුවට නොසෑහෙන ප්‍රශංසා කරල තමංගෙ රටට ගිහිං කොටි අරමුදල් තරයේ ප්‍රතික්ෂේප කරල ශ්‍රී ලංකා රජයේ වැඩකටයුතු ගැන ප්‍රශංසාත්මක වැඩසටහනක් කරන්න තිබුණා. අනේ මන්ද මේ මිනිස්සුන්ට කවද ඇත්ත වැටහෙයිද මන්දා.. දැංවත් ඔය හීන ලෝකවලින් ඈත් වෙලා ඇත්ත තේරුම් ගන්න උත්සහ කරන්න. ඔය පුද්ගලයා මොන දේ පෙන්නුවත් කොටින්ට උවමනා දේවල් මෙහෙන් අරගෙන ගිහිං අපේ රටට විරුද්ධ තව වැඩසටහනක් කරන එක ඒකාන්තයි. මිනිහ බඩ වියත රැකගන්නෙ කොටිංගෙං මිසක් අපේ රටෙන් නෙවෙයි.. ආණ්ඩුවෙ වරද මේ කෙනාට රටට ඇතුළු වෙන්න දුන්න එක..!! (දී)
යන්න දෙන්න ඇත්ත දැන ගන්න (දී)
හත් පොලේ ගාගන්නේ නැතිව මේක කරන්න තිබුනේ අද නොවෙයි (දී)
ඔහුගේ පැමිණීමේ යටි අරමුණක් ඇත .එහෙත් සත්‍ය අවබෝධ කරගැනීමට යාපනයට යන්න දිය යුතුයි ආපසු පැමිණි වහාම මාධය සාකච්චාවක් කිරීමෙන් එවැනි වැරදි අදහසක් ඇතොත් රට තුලදීම නිවැරදි කර දිය හැකි . (දී)
දැන් යන විදිහට ගියොත් ඉක්මනට විනාශ වෙලා යනවා. (දී)
සැලසුම් සහගත වැඩක් (දී)
රජය විසා දුන්න එකේ වරදක් නැ. ඒක අපිට හංගන්න දෙයක් නැති බව ඔප්පු කිරීමක්.මහජනයා එයට බාධා කිරීමත් හරි.එය විරෝදය පෑමක්.එකත් වැරදි නැ.මොහු මේ චිත්‍ර පටිය කලේ මුදලට.මාද්‍යය වේදීන් මෙවැනි බොරු නිෂ්පාදනය කිරීම අලුත් දෙයක් නොවේ. (දී)
යන්න දෙන්න ගිහින් දෑසින්ම දැක ගන්න (දී)
මෙයින් පෙන්නුම් කරන්නේ කුමක්ද?. ජාතිවාදය,ආගම්වාදය සහ නිදහස් ජන මාධ්‍යය ඛේදවාචකය නොවේද ?. හේතු වාසනාවෙවා නොඉපදින්නට මෙවන් අධමයින් ඉන්න තුරාක් කල්. (දී)
මෙයා ඒ පාර වීඩියෝ එකක් හදනවලු "ලංකා පොලිස් ආරක්ෂාව නිසා මන් ගුටි නොකා හිටිය පැය දෙකක්" කියලා. (දී)
ජනාධිපතිතුමනි ,මොහු ගුවනින් හෝ රැගෙන ගොස් යාපනය පෙන්වන්න. (දී)
චැනල් 4 අසාධාරණ මාධ්‍ය තුලින් අපේ රටට කළ බරපතල අසත්‍ය, ජාතියන්තරයේ විෂබීජ වපුරණ අයට, සැළකිය යුත්තේ කොහොමද කියළා අප රටට ආදරය කරණ අය හොදට දන්නවා. මේ අයගේ පැත්ත ගන්න අයටත්. කියන්නෑ ඕනැ තම මව් බිමට ආදරය නොකරණ අය වැදු මවටත් ආදරය නොකරණ මිනිසුන් බව කිය යුතුයි. (දී)
එක අතකින් හරි. ලංකාවේ නියම -සබැ තත්වය ලෝකයාට පෙන්නන නොලැබුන එක බොහොම හොදායි. අපි කන හැටි ලිපා දනී ! (අ).
දැන් ඉතින් තව චිත්‍රපටියක් ගහවි යාපනේට යන්නවත් ජනමාධ්‍ය වේදියෙකුට නිදහසක් නැහැ කියල. මේ වගේ වැඩම තමා අපේ කට්ටිය කෙරුවොත් කරන්නේ (දී)
නැගෙනහිර ආණ්ඩුකාරතුමාට මැදිහත් වෙන්න හොඳ අවස්ථාවක්. (දී)
මේවා සිදුවන්නේ කොහොමද ?කවුද මේවා මෙහෙය වන්නේ කියා මක්රේ බුද්ධිමත්ව තේරුම් ගත්ත.ඔහු අහන්නේ එක ප්‍රශ්නයයි.තම කණ්ඩායම මෙම දුම්රියේ ගමන් ගන්න බව හමුදා බුද්ධි අංශය පමණක් දන සිටියදී කොහොමද මෙහෙම සංවිධානය වුනේ කියල.අපේ රටේ සමහරු අවුරුදු ගණනකින් නොතේරෙන දේවල් ඔහු එක සිද්ධියකින් තේරුම් ගත්ත (දී)
මේවා සිදුවන්නේ කොහොමද ?කවුද මේවා මෙහෙය වන්නේ කියා මැක්රේ බුද්ධිමත්ව තේරුම් ගත්ත.ඔහු අහන්නේ එක ප්‍රශ්නයයි.තම කණ්ඩායම මෙම දුම්රියේ ගමන් ගන්න බව හමුදා බුද්ධි අංශය පමණක් දැන සිටියදී කොහොමද මෙහෙම සංවිධානය වුනේ කියල.අපේ රටේසමහරු අවුරුදු ගණනකින් නොතේරෙන දේවල් ඔහු එක සිද්ධියකින් තේරුම් ගත්ත (දී)
බොරු දේශප්‍රේමී බවක් පෙන්වන්න ගිහින් මේ විරෝධතා සංවිධානය කල අය හත් පොලේ ගාගෙන ,තම නිරුවත ලෝකයට ප්‍රදර්ශනය කලා. (දී)
බොරු දේශප්‍රේමී බවක් පෙන්වන්න ගිහින් මේ විරෝධතා සංවිධානය කල අය හත් පොලේ ගාගෙන ,තම නිරුවත ලෝකයට ප්‍රදර්ශනය කලා. (දී)
දැනට තියන තොරතුරු හැටියට මේ අය දබුල්ලේ නැවතිලා. යාපනයට යන්න හදනවනම් යන්න දෙන්න. මේක හොද වෙලාව ලෝකෙට ඇත්ත පෙන්නන. නහි වේරේන වේරානි......... (දී)
ඉන්දියාවට වගේ විසා නොදී හිටියා නම් ඉවරයිනේ (දී)
රට තුල ප්‍රතිපතින් නිවැරදි ලෙස සැකසීම අද හෙටම කල යුතුය මෙම පසුබිම තුල රට ගැන ලෝක ප්‍රජාව කෙරෙහි අප්‍රසාදයක් ඇතිවීම වලක් වන්න බලධාරින් වග බලා ගත යුතුයි (දී)
ලංකාවේ විරුද්ධ පක්ෂවල උද්ගෝෂණ,විරෝධතා,වලට දේශප්‍රේමී නාමයෙන් සංවිධානාත්මක කල්ලි මෙහෙයවා පහර දීම් කඩාකප්පල් කිරීම් ,කරන අයුරින්ම මේ විරෝධතාවත් සංවිධානය කර තිබිණි.නමුත් රට තුල විරුද්ධ පක්ෂ මේවා වැඩ දරා ගෙන නිහඩ වුවද ,මේ සෙල්ලම ජාත්‍යන්තරයට හරි යන්නේ නැත.ඔවුන් නිහඩව බලා සිටින්නේද නැත.මොවුන්ගේ ම්ලේච්ච චර්යාව පිළිකුලෙන් යුතුව නිරාවරණය කරනු ඇත. (දී)
ලංකාවේ විරුද්ධ පක්ෂවල උද්ගෝෂණ,විරෝධතාවලට දේශප්‍රේමී නාමයෙන් සංවිධානාත්මක කල්ලි මෙහෙයවා පහර දීම් කඩාකප්පල් කිරීම් ,කරන අයුරින්ම මේ විරෝධතාවත් සංවිධානය කර තිබිණි.නමුත් රට තුල විරුද්ධ පක්ෂ මේවා වැඩ දරා ගෙන නිහඩ වුවද ,මේ සෙල්ලම ජාත්‍යන්තරයට හරි යන්නේ නැත.ඔවුන් නිහඩව බලා සිටින්නේද නැත.මොවුන්ගේ ම්ලේච්ච චර්යාව පිළිකුලෙන් යුතුව නිරාවරණය කරනු ඇත. (දී)
දිසානායක මහත්තයෝ මැක්රේ යන බව දන්නේ බුද්දි අංශය විතරයි කියල මැක්රේ කියන එක ඔබත් පිළිගන්නවද.එතකොට මැක්රේ ස්ටේෂන් එකට ආවේ ඔලුවේ ඉඳල වහගෙනද?මොලේ නෙති කතා කියන්ට එපා.ස්ටේෂන් එකට ඇවිල්ල ටිකට් අරන් කෝච්චියට නැගලා විනාඩියෙන් call කරලා කියන්ට බැරිද ලෝකේ ඉන්න ඕනෙම කෙනෙකුට.බුද්ධි අන්ශේ මේ අය එක්කගෙන හොරෙන්ම කෝච්චි පෙට්ටියට දැම්මද (දී)
යාපනේට බැරිනම් ඔනතැනක (දී)
දිසානායක,ප්‍රමුඛ ඔහේලගේ නමටත් ලැජ්ජයි.බයට සුළු දියත් පහ වුනාද? තමිල්නාඩු එවුන්ට විරෝධතා සංවිධානය කිරීමට චිත්‍රපටි හදපු එකාට අප අය විරෝධතාවක් කල නිසා ඔහෙලගෙ කකුල් වෙව්ලන්නේ මොකද? නිවටකම නිසා භයවුනා නේද? හමුදා බුද්ධි අංශයවල ඉන්නේ රටට ආදරය ඇති වීරෝධාර රණවිරුවෝ.එහෙම කෙනෙක් මේ මැක්රේ කියන කොටිය එන බව නොකිය ඉන්නේ නෑ.මැක්රේ කියන්නේ ඔහෙලට දෙවියෙක්ද? අපිටනම් නිකම්ම නිකම් සොක්කෙක්. (දී)
මේ අයට යන්න දෙන්න (දී)
යන්න දන්නා ගිහින් ඇත්ත බලනන ඕනනේ (දී)
ඉන්දික යුද්ධේ කියන්නේ බෝනික්කෝ නැලවිල්ලක් නෙවෙයි .ඔය ෆිල්ම් එක බැලුවනම් අනිත් යුද්ද ගැනත් තව ෆිල්ම් ටිකක් බලල අපිට කියන්න මිනිස්සුන්ට කරදරයක් නොවී ඉවර වුන එකක් ගැන ..... (දී)
ගුණරත්න,කලගෙඩියක් තරම් ඔලු ගෙඩියක් තිබුනට අල ගෙඩියක් තරම් මොළ ගෙඩියක් නැති ඔබ ඔය කියන දෙකේ පන්තියේ සුරංගනා කතා වලින් ජාත්‍යන්තරය මුලා වෙන්නේ නැහැ.උතුරු මැද පළාතේ දේශපාලකයන් මේ තොරතුරු ලබා ගෙන තම හෙන්ච්ය්යන් කලින්ම සංවිධානය කරලා තියෙන්නේ.නැතුව මේ ටිකට් එක ගන්නවා බලාගෙන කෝල් කරලා විනාඩියට මොවුන් දුවගෙන ආව නොවේ. (දී)
ගුණරත්න,කලගෙඩියක් තරම් ඔලු ගෙඩියක් තිබුනට අල ගෙඩියක් තරම් මොළ ගෙඩියක් නැති ඔබ ඔය කියන දෙකේ පන්තියේ සුරංගනා කතා වලින් ජාත්‍යන්තරය මුලා වෙන්නේ නැහැ.උතුරු මැද පළාතේ දේශපාලකයන් මේ තොරතුරු ලබා ගෙන තම හෙන්ච්ය්යන් කලින්ම සංවිධානය කරලා තියෙන්නේ.නැතුව මේ ටිකට් එක ගන්නවා බලාගෙන කෝල් කරලා විනාඩියට මොවුන් දුවගෙන ආව නොවේ. (දී)
මේ ය ලංකාවට ගෙන්නුවේ ඇයි ? (දී)
උතුරට යන්න නොදුන්නා එකනම් හොදයි. දුන්නානම් කොච්චර හොද තිබ්බත් ලෝකෙට ලියන්නේ අපේ රටේ නරකම තමයි. ඔච්චර ආදරේනම් දෙමල ජනතාවට ඒ අයට කලබල නොකර අපේ ජනාදිපතිතුමා කියන දෙයක් අහගෙන සමාදානෙන් රටේ දියුණුවට වදකෙරන්න කියන්නකෝ මැක්රේ. අපි ඔයාලගේ කුණුගොඩවල් හොයන්නේ නැහැනේ. ඔය ගිහින් ඒවා සුද්ද කරන්න. මෙහෙ ඔයාට කරන්න දෙයක් නැහැ. අපේ ආණ්ඩුව ඒවා බල ගනී (දී)
යන තැනක යන්නේ නැතිව අවා අපේ රටට (දී)
ඇත්ත දැන ගන්න ඉඩ දෙන්න (දී)
යන්න දෙන්න ......... (දී)
යාපනේට නෙමෙයි රටේ හැම තැනම එක්ක ගෙන යන්න (දී)
ඕකනේ අර ඉස්සර සුද්දෙක් කිවුවේ සිංහලය මොඩයා කැව්ම් කන්න යෝදට කියල. ඒ මිනිහ ඒ කියපු කතා කෝච්ච හරිද කියල දෙන තමයි හරියටම තේරෙන්නේ
අවුරුදු 150ක් සිංහලය පාගාගෙන හිටපු රටක කුමාරයත් ලංකාවට එනවලු..අනුරපුරේ දෙෂප්ප්රෙමියෝ මොකද කියන්නේ ? (දී)
අර ඉස්සර සුද්දෙක් කිවුවේ සිංහලය මෝඩයා කැවුම් කන්න යෝදයා කියල. ඒ කතාව හරියටම හරි. (දී)
අර ඉස්සර සුද්දෙක් කිවුවේ සිංහලය මෝඩයා කැව්ම් කන්න යෝදයා කියල. ඒ කතාව හරියටම හරි. (දී)
රෝබෙර්ට් නොක්ස් ගේ කටේ මසුරන් දාන්න වටිනවා (දී)
රෝබෙර්ට් නොක්ස් ගෙ කටේ මසුරන් දාන්න වටිනවා (දී)
රොබර්ට් නොක්ස් ගෙ කටේ මසුරන් දන්නා වටිනවා (දී)
රොබර්ට් නොක්ස් ගෙ කටේ මසුරන් දන්නා වටිනවා - කැලම් මැක්රේ (දී)
හැබැයි යූ.කේ. වල මාධ්‍යවේදීන් කිසිවකට බයවෙන්නේ නැහැ (නි)
දිසානායක මහත්තයා කියන්නේ උතුරේ දේශපාලකයෝ බුද්ධි අංශයෙන් තොරතුරු ගත්ො කියලද?මැක්රේ චෝදනා කරන්නේ බුද්ධි අංශයට.ඒක නිසා තමා මම කියන්නේ මිනිස්සු උද්ඝෝෂණ කෙරුවේ බුද්ධි අංශයෙන් ලැබුන තොරතුරු වලට නෙමෙයි කියලා. වෙන කවුරු හරි මේ දේවල් දීලා තියෙනවා.ඒක තේරුම් ගන්න බැරිද මහා ලොකු මොළයක් තියෙන දිසානායකට. (නි)
දිසානායකලා වගේ සුද්දන්ට ආවඩන අය නිසා තමයි ලංකාවට හැම කෙනෙක්ම අත දාන්න එන්නේ. අනිත් එක මැක්රේ කියන්නේ කවුද කියලා සිංහල ලේ තියෙන ඕනෑම කෙනෙක් දන්නවා (නි)
මැක්රේට යොදවපු බුද්ධි අංශ නිලදාරීන් ගැන විශේෂ රහස් පරීක්ෂණයක් පවත්වා අනුරාධපුර දුම්රිය පලට රැස්වූ සුළු පිරිසකගේ අරමුණ සැබෑ දෙයක්ද දැනගැනීම බලධාරින්ගේ වගකීමකි (නි)
සිංහලයා මෝඩයා..කැවුම් කන්න යෝධයා කිව්වේ කට කහනවට නෙමෙයි.ගෙදරට ආපු හතුරෙකුට වුණත් සළකන විදියක් තියෙනවා. වීසා දීලා ඇරයුම් කළා නම්, නිදහසේ උතුරට යා හැකි බවට උඩින්ම අවසරේ ලැබුණා නම් ඇයි අවහිර කළේ? දැන් මොහු ඊළඟට හදන වීඩියෝවේ කියන්නේ උතුරේ අපිට බොහෝ දේ සඟවන්න තියෙන නිසා ඔවුන්ගේ ගමන අවහිර කළ බව. එසේම, විදේශ මාධ්‍යවේදීන්ට මෙහෙම නම් දේශීය මාධ්‍යවේදීන්ට කොහොම සළකනු ඇතිද කියා. අපේ සමහර මෝඩයින් නම් මකලාවත් හදන්න බැහැ. (නි)
ඔය අදහස් දාන අය හොදට හිතාගන්න. ඔයාට උතුරට නිදහසේ යන්න දුන්නත් නැතත් අපේ රට ගැන හොදක් කියන්නේ නැහැ. (හොද දේවල් ගැන පවා). ඒක එයා පහුගිය කාලේ හොදට පෙන්නුවා. සිංහලයා ආගන්තුක සත්කාරය ගැන හොදට දන්නවා. කොහොම වුණත් ලංකාවේ සමහර අය හිතන්නේ ඒක වැරදියි කියලා. (නි)
ඇයි යන්න දුන්නෙ නැත්තෙ? හංගන්න මොනවා හරි තිබේද? (නි)
ඔන්න අපි දෙකට බෙදුණු අවස්ථාවක් (නි)
ලංකාවේ ඉන්නේ මෝඩයෝ, දේශපාලුවන්ගේ පදේට නටන අය. ලංකාවේ මිනිස්සු හිතා ඉන්නේ අපි තමයි වීරයෝ, අපි තමයි ආගන්තු සත්කාර දන්නේ කියලා. අවශ්‍ය දේට උද්ගෝෂණ කරන්නේ නැහැ, මං මේ දැක්කමයි මිනිස්සු ඇවිල්ලා උද්ගෝෂණ කරනවා. හරි මිනිස්සු නම් මේ මනුස්සයව කෝච්චියේ යවන්නේ නැතුව වහනයක් අරන් දීලා මුළු රට වටේම එක්කගෙන යනවා. (නි)
අපේ රට ගැන හොඳක් නොකියන බව ඇත්ත. එසේ නම් ඇයි එන්න වීසා දුන්නේ? මෙවැනි දේ වලින් වෙන්නේ කියන හොඳ කෙසේ වෙතත් කියන නරක තව තවත් වැඩිවීමයි. ඒ සඳහා අප විසින්ම ඔහුගේ කාර්යයට උපකාර කිරීමයි. සිංහලයා ආගන්තුක සත්කාරය දන්නා බව මුළු ලොවම දන්නවා. හැබැයි, මේ වගේ වැඩවලින් වෙන්නේ ඒ පිළිගැනීමට කැළලක් ඇතිවීම පමණයි. මේ දෙය සමහරුන්ට තේරුම් ගැනීමට අපහසු වීම කණගාටුවට කරුණක්. (නි)
ගුවන් යානයක් කුලියට අරන් හෙට යයි යාපනේ. සමහරවිට ගුවන් හමුදා යානයකින්ම එක්ක යාවි. මොහුට එන්න වීසා නොදුන්නා නම් ඉවරයිනේ (නි)
ඔහු කළ දේ වැරදියි තමයි. නමුත් ඔහුට වුණ දේ ගැන කණගාටුයි (නි)
අනේ අපේ සිංහලකම කියලා, ආගන්තුක සත්කාර කියලා, එයාලට රට හැමතැනම යන්න දීලා කොච්චර උතුර දියුණුයි කියලා පෙන්නුවත් වැඩක් නැහැ කියලා ලෝකෙට ලියන්නේ අපේ රටේ නරකම තමයි.අපේ ඉවසීමෙන් අයුතු ප්‍රයෝජන ගන්න හදන්නේ. දැන් කියයි යන්න දුන්නේ නැහැ කියලා. හේතුවක් තියෙනවනේ. අපේ රට ගැන බොරු චිත්‍රපටි හැදුවා ඒ නිසා රටේ ජනතාව යන්න දුන්නේ නැහැ. ඉස්සර චිත්‍රපටි වලට තොරතුරු ගත්තේ මෙහෙ ඇවිල්ලද? (නි)
අපේ රට ගැන බොරු චිත්‍රපටි හදපු නිසා ජනතාව යන්න දුන්නේ නැත්නම් ඒ හේතුවම යොදාගෙන ලංකාවට ගෙන්වන්නෙ නැතුව ඉන්න තිබුණනෙ? ඇයි ගෙන්නුවෙ? (ස)
බොරු චිත්‍රපටි පෙන්නුවා කියා මාධ්‍යවේදියා තේ පැන් සංග්‍රහයට කල ඉල්ලීම ප්‍රතික්ෂේප කලේ නැත. රටේ නායකයා පෙන්වූ ආදර්ශය, සමහර රට වැසියන්ට නොතේරීම ඉතාමත් කණගාටුදායකයි. (ස)
අපේ සමහර අය මෝඩකම මුළු රටටම ප්‍රදර්ශනය කරනවා. (ස)
කර ගත්තු ලොකුම මෝඩ වැඩේ මේක .... දැන් ඉතින් මේ අය රට ගියාට පස්සේ තව ඒවා හදයි.(නදී)
චැනල් 4 කට්ටියටම කියලා එල්.ටි ටි.ඊ මිනීමරු ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාවේ සිවිල් වැසියන්, ජන නායකයන්, හාමුදුරුවරු, පුජකයන් කපලා කොටලා, වෙඩි තියලා, බෝම්බ පුපුරෝලා මරපු වාර්තාමය චිත්‍රපටියක් හදා ගන්නා වටපිටාවක් නිර්මාණය කරමු . එන්න කියලා බනින එක සාදාරණ නෑ. අපිට වෙච්ච විනාශය ගැන ඒ අය දැනුවත් කලයුතු ව ඇත. (ස)
අපේ තරම නැවත වරක් ඔප්පු කළා වත් ද? (ස)
මොහුගේ අරමුන නම් කිසිසේත් හොදවෙන්න බෑ. චෝගම් පැත්තක දාලා ආපු ගමන් යාපනේ යන්නට ඇත්තේ තවත් ෆිල්ම් එකකට තොරතුරු එක් රැස් කරගන්න. ඒත් යන්න දීල කරන්නේ මොනවද හමුවෙන්නේ කාවද කියල බුද්ධි අංශය දාල විමසිල්ලෙන් ඉන්නයි තිබුනේ. වැරදි දෙයක් සිදුවෙනවා නම් ශාක්ෂි ඇතුව පෙන්නලා රටින් පිටකරන්න තිබුනා. (නදී)
හරවල යවපු එක මෝඩ වැඩක්. දැන් ඉතින් තවත් බොරු ගොතයි. (ස)
මොහු යාපනේ යන්නෙ කොහේ හරි ඉන්න කොටියෙක් අල්ලගෙන බොරු දුක් අදෝනා ටිකක් රෙකෝඩ් කරගෙන විකුණ ගන්න.නැතුව මොහුට ඕන නැහැ යාපනේ සංවර්ධනය බලන්න. (ස)
යාපනේ ගැන අලුතෙන් දැන ගන්න දෙයක් මැක්රෙට නැහැ. අපේ අය හිතන් ඉන්නේ ඇත්ත දැකලා ඇත්ත ලියයි කියලා. යාපනේ ලෝකේෂන් ටිකක්වත් අරගෙන ගිහිල්ලා එඩිට් කරලා හොද ෆිල්ම් එකක් හදයි.(දී)
රජරට ජනතාවට හදවතින්ම ආචාර කරනවා. නියම සිංහයෝ. (ස)
අහවල් අය මෝඩයා, කැවුම් කන්න යෝධයා (නි)
යාපනයට යන මග නතර කරලා වැඩක් නැහැ. ලංකාවට එන්න වීසා දුන්නෙත් ඔය ජාතිමාමකව කතා කරන අයම තමයි. මිනිස්සුන්ගේ එදිනෙදා ගැටළු විසඳන්න බැහැ, වෙන නැති ප්‍රශ්න ඇති කරමින් ඉන්නවා. (නි)
මෙයාට එන්න විසා දුන්නා නම් අනිත් අයට තියෙන රුදාව මොකක්ද? මෝඩ චූන්. (ස)
ඉම්රාන්, දෙවියන්ගේ කැමත්ත. (ස)
මේවා නිසා අලුත් ෆිල්ම් එකක් හදයි දැන්, තරහටම බොරු දාලා (නි)
ඇත්ත තමයි බන්දුලලත් අානන්දලත් කියන්නේ.මාත් එකගයි (නි)
අපි රජරට මිනිස්සු. අපේ රට ජාතිය වෙනුවෙන් සටහන් කළ රජවරු සිටි නගරයයි අනුරාධපුර. ඒ නිසා අපි කිසිවිට රට ජාතිය පාවාදෙන්නට කැමති නැහැ. ඒ බව මෙයින් මුළු රටටම පෙන්නුවා. (නි)
එතකොට බ්‍රිතාන්‍ය අගමැතිවරයා උතුරට යනකොට රජරට මිනිස්සු නිදාගෙනද හිටියේ? ඇයි ඒ ගමන වළක්වන්න බැරිවුණේ? (නි)
එය යාපනේ ගියත් නැතත් අපේ කොන්ද කවදත් කෙළින්. අපි සිංහල (නි)
එයා යාපනේට ගිහිල්ලා ඇවිල්ලා කිව්වා මාර්තු වෙනකම් විතරයි කල් දෙන්නේ කියලා. එතකොට එයාගේ කොන්ද කොහොමට කෙලින් ඇද්ද? අපේ සිංහලයකු ඉන්නවද එංගලන්තේ ගිහිල්ලා ඒ වගේ කතාවක් කියපු? ඇත්ත තිත්තයි නේද? (නි)
කරන්න තිබුනේ එයා කියපුවට උත්තර දෙන ෆිල්ම් එකක් එයාවත් අරගෙන ගිහින් අපේ කලාකාරයෙක් දාලා හදලා පිටරටවල පෙන්නන එකයි. ඒත් අපේ කලාකාරයෝ කියන්නේ උතුර දෙමළ අයට විතරක් දෙන්න කියන එකනේ? එයාලට කිව්වා නම් සිංහලයන්ටයි හමුදාවටයි ගහලා හදයි. මේ පොදු සමුළුවක් බාර ගත්ත එකේ මෝඩකම දැන්වත් තේරුනා නම් ඇති. රටේ මිනිස්සු ගැන හොයන්න දැන් (නි)