IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


චැනල් ෆෝ විරෝධයට රේල් පාරේ වාඩි වෙති

බ්‍රිතාතාන්‍ය ‘චැනල් ෆෝ‘  නිෂ්පාදක කැලම් මැක්රේ කිලිනෝච්චිය බලා  ගමන් කළ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය පැයක් පමණ අනුරාධපුර දුම්රිය ස්ථානයේ නතර කැර ඇත.

ඊට පසුව පැමිණි යාල් දේවී දුම්රිය ද විරෝධය නිසා අනුරාධපුරයේ නවතා ඇත.

භික්ෂුන් වහන්සේලා  හා වැසියෝ පමණ දුම්රිය මාර්ගයේ වාඩි වී විරෝධය දක්වමින් සිටිති.

යුද  සමයේදී  ශ්‍රී ලංකාවේ මානව හිමිකම්  කඩකළැයි යුද හමුදාවට චෝදනා කරමින් මැක්රේ  වීඩීයෝවක් නිෂ්පාදනය කළේය. ඊට විරෝධය දක්වා මැක්රේට උතුරට නොයා  ආපසු යන්නැයි කියමින්  උද්ඝෝෂකයෝ දුම්රිය මාර්ගයේ රැදී සිටිති.

වෙනත් විකල්ප මාර්ගයක් ඔස්සේ මැක්රේට සිට ගමනාන්තය දක්වා යාමට පහසුකම් සැළැසීමට උතුරුමැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේ ගුණවර්ධන මහතා ඇතුළු පොලිස් නිලධාරීහු එහි පැමිණියහ.

 

 

 



අදහස් (0)

චැනල් ෆෝ විරෝධයට රේල් පාරේ වාඩි වෙති

බමුණු Thursday, 14 November 2013 06:48 AM

ඒගොල්ලන්ට අපට විරුද්ධව ලියන්න තව තව හේතු කාරණා දුන්න‍ා. අපේ අයගෙ මෝඩ වැඩ. (නි)

:       0       0

බමුණු Wednesday, 13 November 2013 01:02 PM

රේල් පාරේ වාඩිවෙලා මොනවා කරන්නද? (නි)

:       0       0

මනෝජ් Wednesday, 13 November 2013 01:06 PM

ඔහොම යාපනේ යන ගමන රේල් පාරේ වාඩි වෙලා නවත්වන්ට යන අයට තිබ්බේ ප්ලේන් එක ලංකාවට එන එක අහසේ ඉඳලා නවත්වන්ට. ඔය මෝඩ වැඩ ඇත ඇරලා ඒ මනුස්සයට උතුරේ නැගෙනහිර මුළු ලංකාවේම කොටි කරපු අපරාධ පෙන්වන්න ඕනේ. එයාගෙම ඇහෙන් බලලා තේරුම් ගන්න. (ස)

:       0       0

ලසන්ත Wednesday, 13 November 2013 01:11 PM

ලංකාවෙ මානව හිමිකම් අමු අමුවෙ මරා දමන බවට ඔවැනි දේවල් බලපාන බව කවුරු කවුරුත් නොදන්නවා නෙවෙයි. (ස)

:       0       0

රාධා. Wednesday, 13 November 2013 01:12 PM

රතුපස්වල මිනිස්සු වතුර ඉල්ලා පාරේ උද්ඝෝෂණය කලාම වෙඩි තියන්න පුළුවනි නම් උද්ගෝෂණ තහනම් කර ඇති අවස්ථාවක අඩුම වශයෙන් මේවා නවත්වා ගන්නවත් ඇයි බැරි? (ස)

:       0       0

චන්දකින්නර Wednesday, 13 November 2013 01:15 PM

බ්‍රිතාන්‍ය ලංකාවට කරපු හරිය ගැන අහන්න කවුරුත් නැද්ද? මෙහේට ඇවිල්ලා මෙහේ මිනිස්සු මරපු එක ගැන? දරුවො මරපු එක ගැන? පන්සල් කඩපු එක ගැන? ඇයි ඒ මැරුණෙ සත්තුද මිනිස්සු නොවේද? (නි)

:       0       0

රධ. Wednesday, 13 November 2013 01:20 PM

මක්රේ කල නිර්මාණය තවත් පෝෂණය කරනවා මේ වැඩ වලින්.රටේ යතා ස්වරුපය මුළු ලෝකයම මේ කරන විගඩම් වලින් හොඳින් තේරුම් ගනීවි. (ස)

:       0       0

සම්පත් Wednesday, 13 November 2013 01:34 PM

කවදත් මේ රට ගැන කැක්කුමක් තිබුනේ අනුරාධපුරයේ වගේ පළාත්වල යුද්දෙන් බැට කාපු මිනිස්සුන්ට. නැතුව මේකේ ප්‍රතිචාර දාන උන්ට නෙවෙයි. (ස)

:       0       0

අසංග දිනදාස Wednesday, 13 November 2013 01:37 PM

ගොන් ආතල්. (ස)

:       0       0

නන්දන Wednesday, 13 November 2013 01:42 PM

සුද්දෙක් දකින්නත් කලින් අපේ සමහරු බයවෙන්නේ මොකෝ (නි)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 13 November 2013 01:54 PM

සම්පත්,ඔබට මගෙන් මල් මිටක්! යුද්ධයෙන් බැට කෑවේ අනුරපුරේ මිනිස්සු විතරක් නෙමෙයි,මුළු ලංකාවේම මිනිස්සු කියලා දැන් හුඟ දෙනෙකුට අමතකයි (නි)

:       0       0

ධම්ම Wednesday, 13 November 2013 01:55 PM

මැක්රේගේ මීළඟ වීඩියෝවට හොඳ ඉල්ලුමක් තියේවි. (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 13 November 2013 01:56 PM

සම්පත්, මාත් එකඟයි ඔබ සමග. (නි)

:       0       0

ලංකා ලවර් Wednesday, 13 November 2013 02:04 PM

උද්ගෝෂණ තහනම් කරලා නේද තියෙන්නේ මේ කාලෙ? එහෙනම් කොහොමද මේවා වෙන්නේ?? නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ කැලම් මැක්රේ එනවා කියලා අනුරාධපුරේ ඉන්න අය කොහොමද දන්නේ? (නි)

:       0       0

අජිත් Wednesday, 13 November 2013 06:15 PM

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගිය පාසල් ළමයි සමග කිහිප දෙනෙක් අත් අඩංගුවට අරන් උසාවි දාලා, කට්ටියකට රුපියල් 50 බැගින් දඩ ගැහුවා. පාසල් ළමයි අවවාද කරලා නිදහස් කළා. මේ ගොල්ලන්ටත් නඩු දාන්න තිබුනේ. රේල් පාරේ ඉදගත්තට. (නි)

:       0       0

සංජීව Wednesday, 13 November 2013 02:07 PM

කැක්කුම තිබුනට මදි මොලේ නැතුව....චැනල් 4 එකට යාපනේ යන්න ඕනේ නෑ.. අනුරාධපුරෙන්ම ෆිල්ම් එක හදාගන්න පුළුවන්. (ස)

:       0       0

රුවන් Wednesday, 13 November 2013 02:10 PM

මේකෙන් ඔහු තවත් ප්‍රයෝජන ගනීවි.අනෙක ලොවක් අපි දිහා බලන් ඉන්න අවස්ථාවක අපි කල්පනාකාරී වෙන්න ඕනා.හදවතිම නෙමේ වැඩ කරන්න ඕනා.ජාතියේ බුද්ධියත් පාවිච්චි කරන්න ඕනා.ඒක තේරුම් ගත්ත නිසා නෙ ඔහුට රටට එන්න අවසර දුන්නේ.එහෙනම් ඇයි ඒකට විරුද්ධ නොවෙන්නේ.මෝඩ චූන් වැඩ නොකර ඔලුවෙන් ඔහුට මුහුණ දෙමු. (ස)

:       0       0

වීරසිරි Wednesday, 13 November 2013 02:12 PM

සම්පත් මමත් ඔබ සමඟයි. (ස)

:       0       0

අනුරාධ Wednesday, 13 November 2013 02:13 PM

රට ගැන කැක්කුමක් ඇති මිනිස්සු සිටින්නේ අනුරාධපුරයේ පමණද. (ස)

:       0       0

සුරංග Wednesday, 13 November 2013 02:14 PM

ඔහොම යං. (ස)

:       0       0

මොහාන් Wednesday, 13 November 2013 02:20 PM

සම්පත් ඔයාට තියෙන්නේ කැක්කුම විතරයි. මොලේ නම් කළඳක් නැහැ. ඔය වගේ අය නිසා තමා යුද්දෙත් අවුරුදු 30ක් තිබ්බේ. (ස)

:       0       0

සමන්ති සමරජීව Wednesday, 13 November 2013 02:22 PM

රට ගැන හිතන්නෙ නැති මිනිස්සු මොන දේ කරත් විවේචන දානවා. (ස)

:       0       0

සමන්ති Wednesday, 13 November 2013 02:22 PM

රට ගැන හිතන්නේ නැති බඩ ගැන පමණක් හිතන අයගේ අදහස්. (ස)

:       0       0

ඔකිත Wednesday, 13 November 2013 02:36 PM

ඇයි යාපනය විතරක්?හම්බන්තොට ,නුවර වැනි පළාත් වලටත් යන්න කියන්න (නි)

:       0       0

නිහාල් Wednesday, 13 November 2013 02:38 PM

විරෝධතා,උද්ගෝෂණ අවසර ඇතුව පැවැත්වීම මානුෂික අයිතිවාසිකමක්. මහජනතාවගේ ජන ජීවිතය අපහසුතාවයකට පත්වෙන අයුරින් කිරීමත් අනුමත කළ නොහැකියි.ඒ වගේම එක කණ්ඩායමකට හෝ ජාතියකට සත්‍ය වසන්කර පුද්ගලික ලාබ ප්‍රයෝජන සදහා මාද්‍ය හැසිරවීම අවංක මාධ්‍යවේදියෙකු කළයුතු දෙයක් නොවේ.. (නි)

:       0       0

රත්ගමයා Wednesday, 13 November 2013 02:40 PM

හික්කඩුව පැත්තට ආවොත් මම ... (නි)

:       0       0

ප්‍රමුඛ. Wednesday, 13 November 2013 02:42 PM

මැක්රේට සිංහලයන්ගේ හැසිරීම සියැසින් දැක සියල්ල නිරීක්ෂණය කර තවත් සාර්ථක නිර්මාණයක් කිරීමට මේ දේශපාලන අතකොලු අමුද්‍රව්‍ය සපයනවා.සුදුයකඩ වැටවල්,පාට ගල් අැතිරූ පොලොව,කෘතීම තණකොළ ,මල් වෙඩි, යනාදී සියල්ලෙන් ආවරණය කළ නොහැකි රටේ යථාර්තය මේ නිර්මාණකරුවා විනිවිද දකිනු නොඅනුමානය. (නි)

:       0       0

බිනුක Thursday, 14 November 2013 12:46 AM

මෙන්න නියම හඬක්.. (දී)

:       0       0

ප්‍රමුඛ. Wednesday, 13 November 2013 02:51 PM

ඉදිරිපසින් සිනා වෙලා වීසා දී,පිටුපසින් විත් පාර අවහිර කරන ප්‍රතිපත්තිය ලොවටම නිරාවරණය වී හමාරය. (නි)

:       0       0

මොහාන් Wednesday, 13 November 2013 02:55 PM

මම අනුරාධපුර කොල්ලෙක්. (ස)

:       0       0

රන්ජනී Wednesday, 13 November 2013 02:57 PM

මෙයාට මෙහෙම නොකර නම් එයාට ඕන විදියට වීඩියෝ හදාගෙන ඇවිත් 4 එකේ පෙන්නාවි.රජරට මිනිස්සුන්ගේ රජ වැඩ වීඩියෝ හදාගෙන ඒවී. (ස)

:       0       0

චන්දරේ Thursday, 14 November 2013 01:17 AM

හොර ෆිල්ම් ගහලා රටට අපහාස කල මොහුට ඇත්ත තත්වය පෙන්නමු (දී)

:       0       0

සාක්‍ය Wednesday, 13 November 2013 07:11 PM

ඕනෑ කෙනෙකුට ඇවිල්ලා අපිට නියවන්න දෙන එක නිවටකම නෙමෙයිද? (නි)

:       0       0

රොනී Wednesday, 13 November 2013 07:22 PM

රට කියන්නේ එකක්. ආණ්ඩුව කියන්නේ තවත් එකක්. මේ දෙකේ වෙනස තේරුම් ගන්න තරම්වත් සමහර අයට ඔලුවක් නැහැ වගෙයි. (නි)

:       0       0

සමීර Wednesday, 13 November 2013 03:32 PM

මොහාන් කියන මනුස්සයට මාර මොලයකනේ තියෙන්නේ බොලේ. සම්පත් මමත් ඔබ සමඟයි. (ස)

:       0       0

නඩරාජා Wednesday, 13 November 2013 03:38 PM

සුද්දා 1815 පසු ලංකාවට කරපු විනාශය සිංහල අයට මතක නැහැ. (නි)

:       0       0

ලංකා Thursday, 14 November 2013 02:51 AM

නිහාල් කියන දෙයට මමත් එකගයි. අද ලංකාවට වෙලා තියෙන්නේ නිහාල් කියන දේ තමයි (දී)

:       0       0

දයාරත්න Wednesday, 13 November 2013 03:42 PM

ඒ ගොල්ලන්ට පෙන්නන ඕන අපිත් බොරුවට ඉඩ නෑ කියලා. (ස)

:       0       0

ලංකා Thursday, 14 November 2013 02:51 AM

නිහාල් කියන දෙයට මමත් එකගයි. අද ලංකාවට වෙලා තියෙන්නේ නිහාල් කියන දේ තමයි (දී)

:       0       0

කුමාරන Wednesday, 13 November 2013 03:46 PM

ඔය මිනිහා යන යන තැන අපහසුතාවට පත් කරන්න.පුළුවන් තරම් විදේශ භාෂාවලින් ඔහුගේ චැනෙල් 4 නාලිකාව සහ ඔහු ත්‍රස්තවාදි රුකඩයක් බව ලියල ප්‍රදර්ශනය කරන්න.මොකද මේවා මාධ්‍ය මඟින් පෙන්වන කොට ලෝකයට ඒ පනිවිඩය යනවා.ඔහු සහ පිරිවර ලොව ඉදිරියේ හෙලිදරව් කල යුතුයි. (ස)

:       0       0

ලංකා Thursday, 14 November 2013 02:54 AM

ප්‍රමුඛ ඔබ හරියටම හරි. ඔබ වගේ හිතන්න පුළුවන් මිනිස්සු ලංකාවේ නැති එක තමයි ලොකුම ප්‍රශ්නය (දී)

:       0       0

මනෝජ් Thursday, 14 November 2013 03:01 AM

වාදිවෙලාම ඉන්න (දී)

:       0       0

ලංකා Thursday, 14 November 2013 03:01 AM

කවුද කියන්නේ අනුරාධපුරයේ මිනිස්සුන් යුද්දයෙන් වැඩිපුර බැට කැවා කියල?? අනුරපුරේ කියන්නේ මායිම් ගමක්ද?? අනුරපුරේට වඩා බෝම්බ පිපිරුවචො කොලබ . ඒවා දැන් මිනිස්සුන්ට මතක නැහැ. එකනේ ප්‍රභාකරන් කිව්වේ සිංහලයට මතක තියෙන්නේ ඕනෑම දෙයක් දවස් 14 යි කියල (දී)

:       0       0

සිරුනි Thursday, 14 November 2013 04:13 AM

රේල් පාරේ බැරිනම් වෙනතැනක හරි............ (දී)

:       0       0

රෙහාන් Thursday, 14 November 2013 04:13 AM

පිස්සුද................ (දී)

:       0       0

ගුණතිලක Wednesday, 13 November 2013 04:40 PM

ගුනේ,මනෝජ් ,මම කියන්නෙත් එයාට යාපානයට ගිහිල්ලා බලන්න දෙන්න කියලා (නි)

:       0       0

ගුණරත්න Thursday, 14 November 2013 05:56 AM

දෙන් තියෙන තාක්ෂණය එක්ක මැක්රේට යාපනයේ යන්න ඕනෑ නැහැ වීඩියෝ එක හදන්න.නමුත් ලංකාවේ මිනිස්සු ඉන්නවා කියලා මැක්රේට පෙනෙන්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 23 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 83 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 567 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 739 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 61 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


බදුල්ල සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 77 0

ජනාධිපතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ 73%ක් අද (21) ජන්ද ප්‍රකාශ කර ඇතැයි බදුල්ල දිස්ත්‍රික් තේරිම්බාර නිළධාරි පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි .


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14605 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 199 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site