ශ්‍රී ලංකාවට අවාසි සහගත අන්දමින් හා පරාජිත කොටි සංවිධානයට වාසි සහගත අන්දමින් නිෂ්පාදනය කළ චිත්‍රපට කිහිපයක් චැනල් ෆෝ රූපවාහිනියෙන් පෙන්වූ කැලම් මැක්ක්‍රේ ශ්‍රී ලංකාවට පැමිණියේය.
ඔහු ශ්‍රී ලංකාවේ සිටින තාක් ඔහුට එරෙහිව උද්ඝෝෂණ කරන බව ශ්‍රී ලංකාවේ සංවිධාන කිහිපයක් කියයි.
සඳුදා පස්වරුවේ කටුනායකින් ඔහු එද්දී මෙවැනි විරෝධතා ඇති විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරි, උපාලි, ෆස්රුල් ගෆුර් යන අයගේ අදහස නිවැරදි යැයි මමද කියමි. ලංකාවේ ජනතාව අසල්වැසියනට හෝ සතුරන්ට කේන්තිය නිසා සැඟවී ගල් ගසන ඔල්මාදකාරයින් නොවන බව ඉවසීමෙන් යුතුව ලෝකයාට අපි පෙන්විය යුතුය. අපි ඔහුට හිරිහැර කළොත් ඔහු විසින් චිත්‍රපටි මගින් අප ගැන පෙන්වන්නට හදන ආකල්පය තවත් තහවුරු වනු ඇත. ඔහුට එන්නට ඉඩ දීම වඩාත් නිවැරදි යයි සිතමි. (නි)
මෙයාගේ ඔලුව සුද්ද කරලා යවන්න තියෙන්නේ.ගෆුර් කියන දේ තමා කරන්න තියෙන්නේ .එයාගේ 4 එකට පිලිතුරු දෙන්න පුළුවන් එකම විදිය ඒක තමයි. මේකවත් කරලා පෙන්නුවේ නැතිනම් තවත් කුණු ගොඩවල් එකතු කරන ගිහින් තවත් එකක් හදන්න ගනී. (ස)
ඇත්තටම මෙයාව සාදරයෙන් පිලි අරන් ලංකාවේ ඇත්ත තත්වය පෙන්විය යුතුයි. එක්ක යන්න උතුරට. අරන්තලාව වගේ තැන් පෙන්වන්න.(නදී)
කොටි මිනීමරුවෝ එක දෙයක් කලේ නැහැ. උන් ස්ත්‍රී දුෂකයෝ නොවේ.ඒ ගැන කිසිම පාර්ශවයක් මෙ සම්බන්දව උන්ට චෝදනා නගල නැහැ. (නදී)
ගෆූර්, ඇත්තටම මෙය තමයි හොඳම අවස්ථාව කොටින්ගෙ ම්ලේච්ඡ ක්‍රියා පෙන්නන්න. අනික බල්ලො අපිව හපා කෑවට අපි උන්ව හපා කන්නෙ නෑනේ. (ස)
මෙයා මොකටද ආවේ?? (ස)
දකුණු ඉන්දියාවෙ සල්ලිකාරයො ටික ලංකාවෙ තත්වය දන්නෙ නෑ.ඔවුන් දන්නෙ වෛරය පමණයි.ඔවුන්ගෙ හස්තයන් ඇත්තම චැනල් 4 (ස)
ගෆූර් ඒවගේම ඒ ඝාතකයෝ දැන් ඉන්න තැනුත් පෙනන්න ඕනේ නේද?(නදී)
එහෙම හදල විතරක් හරියන්නේ නෑ. මෙයා ඉස්සරහම ඇත්ත පෙන්නන එව්වා ප්‍රසිද්ද කරන්න ඕනේ. නැතුව හරි යන්නේ නෑ. මොකද මෙයට හූ කිව්වයි ඇත්ත කිව්වයි කියලා මෙයා ඔව්වා හදන එක නවත්තන්නේ නෑ. මෙයාට කට්ටිය සල්ලි දෙනකන්. (නදී)
මීලගට මේ මනුෂ්‍යයා ගිහිල්ලා ලංකාව ගැන මොනවා වගේ චිත්‍රපටියක් ගහයිද දන්නෑ.(නදී)
මම මෙයාවත් හවුල් කර ගෙන චිත්‍රපටියක් ගහන්න අදහස් කළා. ඒකට නම දාන්නේ මගේ චුෂ් මටම චුෂ් කියලා. (ස)
එයාම කියනවා ඒවා ඔක්කොම එයා නිෂ්පාදනය කල ෆිල්ම්ලු. ඉතින් ෆිල්ම් වල කොහෙද ඇත්ත තියෙන්නේ. මේවා ඔක්කොම සල්ලි වෙනුවෙන් කරන දේ. (ස)
අළුගෝසුවගේ රස්සාව මිනිස්සු මරණ එක, මෙයාගේ රස්සාව පුවත් පල කරන එක.දෙන්නගෙම අරමුණ මුදල් හම්බ කරන එක .ඒවා හරි හෝ වැරදි මෙයාලට වැඩක් නැහැ .ඒවා දිහා බලන මිනිස්සු ඒක තේරුම් ගන්න ඕන .අනික ෆිල්ම් හදන එකෙන් ඉක්මනින් සල්ලි හම්බ කරන්න පුළුවන්.මෙයා කරන්නෙත් ඒක. (ස)
ෆස්රුල් ගෆූර් ගේ අදහසට මමත් එකඟයි. ඔන්න කිව්වා. (ස)
සෙන්තිල් නාතන්- අහ්හ් මෙන්න තවත් මීනීමරු මස් වැද්දන්ගේ හොල්මනක්. (ස)
මේ දිනවල විරෝධතා තහනම් නේද? ගුවන් තොටුපලේ මේ වගේ විරෝධතා දක්වන්න ඕනෑ කෙනෙකුට පුලුවන්ද? (නි)
ඇයි අපේ අය මොහුට ලංකාවට එන්න දුන්නේ? බලන්න තිබුණා ඉන්දියාව වගේ රටක මෙහෙම වුණා නම්.... (නි)
මෝඩකමට එයාව එලවා ගත්තා නම් පෙන්නපු ඒවා ඇත්ත කියලා හිතයි. කරන්න තියෙන්නේ ගෆූර් කියපු ඒවා තමයි. අනික දූරදර්ශීව හිතලා වැඩ කරනවා මිසක් එයා කරපු දේවල් අපිත් කරන්න නරකයි. (නි)
මේ සැරේ එන්න ඇත්තේ මොකටද දන්නෙ නැහැ (නි)
සිරිගේ අදහසනම් නියමයි ..අපේ අය හැමදේකටම අදින්නේ ජාතිවාදය (දී)
මොහු ආ එක හොඳයි.. පැමිණීමට විරුද්ධ වීමත් හොඳයි.. නොවීමත් හොඳයි.. මොහු අපට විරුද්ධව වාර්තා තව හැදුවත් කමක් නැත.. නොහැදුවත් කමක් නැත.. අපට හානියක් නොවේ. (නදී)
අපේ කැමරා හසුරුවා හොඳ වී ඩි යෝ එකක් හදමු මුන් ගැන. (අ0
කවුරුත් එයා ආවට කලබල වෙන්න නරකයි. දැන් ඉතින් මුළු ලෝකෙටම පෙන්නන්න ලංකාවේ තියන ප්‍රජාතන්ත්‍රවාදය ගැන. (ස)
ගෆූර් සමග එකග වෙමි. ඒ වගේම ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල කරපු නිසා ලංකාවට පැමිණි වෙලේ නීතිය අනුව ගත හැකි ක්‍රියාමාර්ගයක් නැද්ද (නි)
රටක ආරක්ෂාවට බලපාන මිනිස්සුන්ට එන්න නොදෙන්නේ රටේ හොඳටයි. ඉන්දියාව මොකද කළේ? බුදු වදන් අපේ නිවටකම වහගන්න යොදන්න එපා, පවු. අසත්පුරුෂයන් ඉවත් කරන්න කියලා බුදුන් වදාළේ. මොනවා කළත් මොහු හදනවා තව ඒවා. ආණ්ඩුව උත්තර දෙන සිදුවීම් ගැන විස්තර වීඩියෝ යවන්න ඕනෑ තානාපතිලා මගින් ලෝකේ හැමතැනම. ඒක නොකරන නිසා මිනිස්සු මෙහෙම කරපු එක හොඳයි. (නි)
සිංහලකම කියන්නේ කෙනෙකුට එන්න කියලා විරෝධය පාන එකද ? විරෝධය පාන කට්ටියට උදවු දෙන කට්ටිය තිරෙන් පිටුපස ඉන්නේ. (නි)
කවුරුත් එයා ආවට කලබල වෙන්න නරකයි. දැන් ඉතින් මුළු ලෝකෙටම පෙන්නන්න ලංකාවේ තියන ප්‍රජාතන්ත්‍රවාදය ගැන. (නදී)
මගේ අදහස පුන පුනා කියන්නේ අපි වරදක් නොකරපු බව නම් පෙන්නාපු චිත්‍රපට බොරු ඒවා නම් ඔහේ ආපු දෙන්. මොකටද බයවෙන්නේ ලංකාවේ තියෙන තත්වය වත් බලලා හෑදෙන්නේ නෑතෑයි.(නදී)
ලංකාවට මේ තරම් කෙනෙහිලි කම් කරපු මොහුට කවුද වීස දුන්නේ ? ලජ්ජා නැතුව ආපු හැටි. (ස)
මෙතැනදී ආවේගසීලි වීම නුවනට හුරු නැහැ. සාදරයෙන් පිළිගෙන යතාර්ථය අවබෝද වෙන්න අරින්න ඕන නේද? මෝඩ තකතීරු දේශපාලන හස්තයක් පිටුපසින් ඇති.(නදී)
මෙයාලගේ මව් ගුණ අපි මෙහේ ගායනා කරනවා.(නදී)
ඔන්න බලන්න සුද්දට ලැජ්ජාව කියලා එකක් නැති හැටි..... අනුන්ගේ රටක යුද්දෙක සුලමුල මෙයාට මොකටද? (නදී)
මේ වගේ අයට හු කියලා ඒ ගොල්ලන්ගේ අදහස් වෙනස් කරගන්න බැහැ. මක්රේ වෙන රටවල් ගැනත් මිට වඩා දරුණු චෝදනා ඇතුලත් චිත්‍රපට හදල තියෙනවා. ඒක එයාගේ රස්සාව. ඒවායින් තමයි එයා හොඳට සල්ලි හම්බ කරන්නේ. එයාට බැනල, කෑගහල, හු කියල වැඩක් වෙන්නේ නැහැ. ලංකාවේ නියම තත්වය පෙන්වන්න ඕනෑ. ඒ ගැන එයා එක්ක සාකච්චා කරන්න ඕනෑ. අනිත් පැත්තට කතාකරන වාර්තා චිත්‍රපටකාරයෝ හොයාගෙන ඒ ගොල්ලන්ගෙන් වැඩ ගන්න ඕනෑ. අපි කරන්නේ හාල් පාරුවන්ට හොඳ හැටි හම්බ කරගන්න ඉඩ දීලා කොයි ප්‍රශ්නයේදීත් පාරට වෙලා හු කියන එකයි. මේ වගේ චිත්‍රපට පෙන්වන නිසා ඒ රටවලට, නාලිකාවලට තර්ජනය කිරීම හා බැන වැදීම තුලින් සමහර අයට ලංකාවේ ඇතුලත ජනප්‍රියත්වය රඳවා ගන්නටත් පුළුවන් වී ඇති බව අමතක කරන්න එපා. ඒ අයට පිටරට වල තියෙන වැරදි ප්‍රචාර ප්‍රශ්න නෙවේ. (ස)
මෙයා ඇත්ත වාර්තා කරයිද නැතිව තව ෆිල්ම් එකක් කරයිද ලංකාවට එරෙහි. ඔය වගේ ද්‍රෝහීන් රටට ගන්නත් නරකයි. (ස)
මම හිතන්නේ දෙන්න පුළුවන් ලොකුම දඩුවම මේකයි. (ස)
වෙල්ඩන් .!(නදී)
කුමාර සිරි ඔහු ලංකාව වෙනුවෙන් කල කී කටයුතු සම්බන්දයෙන් පසුව හෝ කලකිරෙනු ඇත. ඔහු පැමිණීම අපේ ජයග්‍රහණයක් වගේම සතුරන්ගේ පරාජයක්.(නදී)
මගේ නම් අදහස මෙයාව ගුවන් තොටුපලින් පිටුවහල් කරනම් හොඳයි කියලා. අපේ අනුකම්පාවෙන් මෙයාල අයුතු ප්‍රයෝජන ගන්නවා. අපි කොන්ද කෙලින් තියන් ජීවත් වෙන්න ඕන. (ස)
මෙයා කියන කරන වැඩ වලට සිරි කිවුව වගේ හු කියල වැඩක් නැහැ. ජාත්‍යන්තරට ඇසෙන විදියට උත්තර දෙන්න ඕනි. මොහු කරන බොරු වැඩ අලලා ෆිල්ම් හදන්න. ඒ ඒ රට වල යන පුවත්පත් ලිපි වලට උත්තර දෙන්න ක්‍රමයක් හදන්න.(නදී)
සිරි හරි , මෙයාට එන්න කිව්වේ විරෝදය පාන්න නොවේ. බොරු සද්ද දානවා කියන්නේ මෙයාට තව ටිකක් අනවශ්‍ය ප්‍රසිද්දියක් ලබාදෙන එකයි. අපි ඒ මිනිහට ඇගිල්ල දික් කරලා කතා කරන දර්ශන අරගෙන එයා හොඳට පාවිච්චි කරයි රටේ මාද්‍ය නිදහස පවා නැහැ කියල. අපිට තියෙන්නේ ඔය බොරු මෝඩ චුන් ඇත හැරලා මිනිහට රටේ ඇත්ත බලා ගන්න ඉඩ හරින එකයි. (නදී
හොදම දේ තමා මේ උනේ. (නදී)
වෙන රටක නම් පිළිගන්න ගැටි බලන්න තිබුණා.මේ යකා බය නැතුව ලංකාවට ආව එකනේ පුදුමේ.. (ස)
මෙන්න අපේ මෝඩ වැඩ. ඇයි උද්ඝෝෂණ කරන්නේ? අපි දැන් තමා මොලය පාවිච්චි කරන්න ඕනේ වෙලාව. මෙය ලංකාවේ ඉන්න කාලය තුල අනෙකුත් ජාත්‍යන්තර මාධ්‍යවේදීන් සමඟ මෙයාව වාඩි කරවලා කොටි විසින් ඝාතනය කරපු අපේ අහිංසක සිවිල් ජනතාව, අරන්තලාවේ සිදුවුණු භික්ෂු ඝාතන, ශ්‍රී දළදා මාලිගාවට එල්ලවුණු ප්‍රහාර, මුස්ලිම් පල්ලියක් තුල වන්දනා කටයුතුවල නිරතවෙලා ඉද්දි සිදුවුණා ඝාතන, මැති ඇමතිවරුන් (හින්දු භක්තිකයකු වන) හිටපු විදේශ කටයුතු ඇමති ගරු ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ඝාතනය, චන්ද්‍රිකා මැතිනියට එල්ල කල ප්‍රහාරය, කැම්බිතිගොල්ලෑවේ බස් රථයට සිදුකල ප්‍රහාර ඇතුළු ආගම් භේදයකින් තොරව එල්.ටී.ටී විසින් කරන ලද සියලු අපරාධ අපේ රටේ වටිනා දේපල වීඩියෝ පට හා ඡායාරූප පෙන්වන්න. ඔවුන් විසින් විනාශ කරන ලද සියලු ස්ථාන අනෙකුත් මාධ්‍යවේදීන් සමඟ නරඹන්න අවස්තාව දෙන්න, උතුරේ නැවත පදිංචිකිරීම් හා උතුරු නැගෙනහිර පළාතේ අනෙකුත් සන්වර්ධරන කටයුතු හා යටිතල පහසුකම් පෙන්වන්න. ඒ පළාතේ ජනතාව ගෙන්ම ඒවා අහල දැනගන්න අවස්තාව ලබාදෙන්න. ඒ පළාතේ ද්‍රවිඩ ජනතාව එල්.ටී.ටී කාලය තුල බියෙන් ජීවත් වුනු හා දැන් බිය සැකයෙන් තොරව ජීවත් වන සාමාන්‍ය ජීවිතය පිලිබඳ දැනුවත් කරන්න. ඊට පස්සේ අපිට ඔහුගෙන් අහන්න පුළුවන් අපේ රට ඔවුන් විසින් කරන ලද විනාශයන් පිළිබඳව ඔබ අපිට හදන චිත්‍ර පටය කුමක්ද කියල? (නදී)
නහි වේරේන වේරානි (නදී)
නහී වෙරෙන වෙරනී .. වෛරයෙන් වෛරය නොසංසිදේ. බුදු වදන.(නදී)
ඔය මන්නුස්සයට කොටි ත්‍රස්ථවාදින් කරපු මිලේච්ඡ ඝාතන පෙන්වන්න. ඔහුට උත්තර දෙන්න. මිනිසුන්ගේ රුධිරය,මාංශ,ආත්මය විකුණලා සල්ලි හම්බ කරන එක නින්දා සහගත බව ඔහුට අවබෝධ කරවන්න. ඔහුගේ වෘත්තියට වැඩිය ගණිකා වෘතිය හොඳ බව ඔහුට කියන්න. එක තප්පරයක් වත් ඔහුට නිදහස නොදි දස අතින් ප්‍රශ්නකාරීවීම තමයි හොඳම වැඩේ.(නදී)
සිරි ගේ අදහස් වලට මමත් එකග වෙනවා.(නදී)
ඇයි කරපුවා නෙමෙයිද ඒ පටිගත කොරලා පෙන්නුවේ. (නදී)
මේ ඇවිල්ල කුණු පනුවෝ කුණු ගොඩවල් තමයි හොයන්නේ කුණු පනුවන්ව මල් ගොඩක තියලා වැඩක් නැහැ උන්ට ඒකේ ලස්සන තේරෙන්නේ නැහැ.(නදී)
මෙයා අරාබි රටකට විරුද්ධව චිත්‍රපට හැදුවා නම් කෙලින්ම දඬුකඳේ ගහනවා. අපි හොඳ වැඩියි. (ස)
මම නම් කියන්නේ දැන් ආපු එකේ මේකා කරපු වැරදි වලට සමාව ගන්නකන් කරපු වැරදි නිවැරදි කරනකන් ආපහු රටෙන් යන්න නොදී තියාගන්න ඕනි. (ස)
සිරී ඔබේ අදහසට මම එකඟයි.මෙයාගේ ඔය බොරු බයිලා වීඩීයෝ හදන්නේ ඇයි? මෙයා කසාඳ බැඳලා ඉන්නේ දෙමල එල්ටීටීඊ සම්බන්ධකම් තියෙන ගෑනියෙක්ව. අන්න ඒකයි මේ මිනිහට තියෙන අමාරුව අපේ රට ගැන.මේ චැනල් එකේ වීඩීයෝ බල බල අපි බැන බැන ඉන්නවා මිසක් අපිට ඇත්ත මොකක්ද කියල ලෝකයට කියන්න යුද්ධය ඉවර කරල අවුරුදු ගානක් ගියත් තාම බැරි වෙලා තියෙනවා. ඒක තමයි අපේ නොහැකියාව. අන්න ඒකටයි පිලියමක් දෙන්න ඕන. (ස)
සිරි, ගෆුර්,රජ ගහ ගේ අදහස් වලට මම එකගයි. (නදී)
1, මෙයා බ්‍රිටිෂ් හින්දා මෙයාට ලංකාවට එන්න විසා අවශ්‍ය නැහැ. මාසයකට වැඩිය හිටියොත් විතරයි වීසා අවශ්‍ය. 2, මෙයාට මය විදියට විඩියෝ හදන්න එල්.ටී.ටී අය වගේම ලංකාවේ සිංහල අයත් මුදල් අරන් වීඩියෝ වික්කා. ගොඩක් හමුදාවේ කොල්ලෝ ගත් වීඩියෝ මෙයා අතට ගියේ කොහොමද? 3,අනිත් එක තමයි මෙයා ලංකාවට විතරක් නෙවිවෙයි සිරියාව, ඉරාකය, හා තවත් තවත් බොහෝ රටවල් ගැන මේ විදියේ වීඩියෝ කරලා තියනවා. 4,අපිට තියෙන්නේ මිනිහා කටටම ආපු එකේ , එල්.ටී.ටී එකෙන් කරපුවා පෙන්නන්න.(නදී)