ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ ක්‍රියාශීලී තානාපති නිලධාරියෙකු ලෙස කාගේත් සිත් දිනාගනිමින් සිය සේවා කටයුතු කාර්යක්ෂම අන්දමින් ඉටුකළ චමින්ද කුලරත්න සිය සේවා කාලය අවසන්කොට ශ්‍රී ලංකාව වෙත ආපසු යාමට නියමිතය.
ලන්ඩන් නුවර සිටි කාලයේ ඔහුගෙන් සිදුවූ සේවය සඳහා කෘතඥ තාවය පළකිරීම මෙන්ම ඔහුගේ ඉදිරි රාජකාරි කටයුතු සඳහා සුභ පැතීමත් අරමුණු කරගත් විශේෂ මිතුරු හමුවක් පසුගියදිනක බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී පවත්වනු ලැබිය.
මෙම විශේෂ මිතුරු හමුව සංවිධානය කර තිබුනේ ඊස්ට්හැම් පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටීවන් ටිම්ස්, ඊස්ට්හැම් නගර සභා මන්ත්‍රීනි ලක්ෂ්මි ෂා සමඟ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ බ්‍රිතාන්‍ය නියෝජිත නලින් පෙරේරා විසිනි.
මෙම හමුව සඳහා ශ්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස්, සහකාර මහා කොමසාරින් නෙවිල් ද සිල්වා, ලන්ඩන් නුවර සේවය කරන විවිධ රටවල තානාපති නිලධාරීන් . පොදුරාජ්‍ය මණ්ඩල කාර්යාල නිලධාරීන්, විදේශ අමාත්‍යංශ නිලධාරීන් මෙන්ම ශ්‍රී ලාංකික ආරාධිතයින්ද විශාල ප්‍රමාණයක් සහභාගී වුහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටීවන් ටිම්ස් සහ නගර සභා මන්ත්‍රීනි ලක්ෂ්මි ෂා ට අමතරව දොස්තර ක්‍රිස් නෝනිස්, නලින් පෙරේරා, අනුර හැගොඩ, ප්‍රදීප් කන්දප්පා, අම්ජාඩ් සලීම් සහ ක්‍රිස්ටීනා මැක්ඩොනල්ඩ් යන අයද චමින්ද කුලරත්නගේ සේවය අගයමින් කතා පැවැත්වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ කරන සමහර කට්ටිය ගැන නොදන්නා අය මේ වගේ විවේචන කරන්න එපා. තමන්ගේ හැම තප්පරයක්, ක්‍රියාවක් තමාගේ සේවය අවශ්‍ය අය ගැන හිතලා හොඳ හිතකින් කරන අය ඉන්නවා. මේ අය තමන්ගේ වාසිය ගැන හිතන්නේ නැහැ. බුද්ධිමත් අයට විනාඩි කීපයක් කතා කරනකොට මේ වගේ අය අඳුනාගන්න පුළුවන්. මොකද මේ අය කතා කරන සෑම වචනයකම ක්‍රියාවකම ප්‍රමිතිය තිබෙනවා. මේ වගේ අය කොහේ ගියත් ගරුසරු ලබනවා (නි)
ඔහු නියම මහත්මයෙක්.(නදී)
පිදිය යුත්තන් පුදන්න ඕනේ. (නදී)
කුලරත්න මහතා වගේම දක්ෂ නිලධාරියෙක් සිටියා පෙර දිනක උප මහකොමසාරිස් ලෙස. ඔහුට දුන් සම්මානේ නම් 'පල නොකියා පලා බෙදීමයි'. දක්ෂ විදේශ සේවකයකු වූ ඔහු වහාම තම කැමැත්තෙන් ලංකාවට ගියා. එය මුලු ලන්ඩනයටම පාඩුවක් වුනා. (ස)
චාමින්ද මට හමු උනේ 2001 දී. නීති ශිෂ්‍යයෙක් ලෙස නිරහංකාර සරල ඔහු මට හැමදාම සහෝදරයෙක්. ඔහුට හැමදාමත් මගේ ආශීර්වාදය තියෙනවා. ඔබට සුබ අනාගතයක් . (ස)
මෙයාල කරපු දේවල් වලට සම්මානය දීල ගියා බ්‍රිතාන්‍ය අගමැතිතුමා ලංකාවට ආව වෙලාවේ. චීනය, රුසියාව වගේ අපිට උදව් කරපු රටවල් වල තානාපති නිලධාරීන් කොච්චර වැඩ කරලා ඇත්ද?ලංකාවට ගෙන්වලයි ජනතා උපහාර දෙන්න ඕන එයාලට. (ස)
මෙවැනි අයට සම්මාන දීම ඉතා යහපත් ක්‍රියාවකි. උගත්කම තිබුනත්, සුදුසුකම් තිබුනත්, මනුස්සකම නැත්නම් පලක් නැත. (ස)
ඇයි දේශපාලන පත්වීම් වලට ඇවිත් වැඩ කරන අයට විතරක් සම්මාන? අපි දන්නවා හේතුව. ඉගෙනගෙන, විභාග පාස් කරලා සුදුසුකම් වලට එන වෘත්තිමය විදේශ සේවා නිලධාරීන්ටත් ඇයි මේ වගේ සම්මාන නොදෙන්නේ? ඒකට හේතුවත් අපි දන්නවා. (නදී)
චමින්ද කුලරත්න මහතා ඉතා නිහතමානි, අනෙකුත් අයගේ අදහස් වලටද ගරුකරන මහත්මා ගතිගුණ ඇති අයෙකි. ඔහු සමග සේවය කර ඇති මා ඒ බව මැනවින් දනිමි. කුලරත්න මහතාණෙනි, ඔබට සුබ අනාගතයක්! (නි)
හොද වැඩක්. (නි)
මම නම් කියන්නේ මෙය අනවශ්‍ය දෙයක් කියලයි (නි)
සුභ පැතුම්! (නි)
මෙන්න අපෙනුත් සුභ පැතුම්! (නි)
චමින්ද කුලරත්න මහතා ලංකාවටම පහනක් (නි)
මෙතුමා මහා කොමසාරිස් කාර්යාලයේ සහෝදර නිලධාරීන් අතර පමණක් නොව එංගලන්තයේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකික ප්‍රජාවගේ නොමද ප්‍රසාදයට ද ලක්වූ ඉතාම කාර්යශුර නිලධාරියෙකි. නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලයටම අනුයුක්තව තව දුරටත් උදාර සේවයක් කිරීමට ඉඩ හසර ලැබේවායි පතමි.(දිල්)
කුලරත්න මහතා නම් ඉතාමත්ම හොඳ කෙනෙකි. උගත්, දක්ෂ, කල් නොමරා වැඩක් නිම කරන අවංක මහජන සේවකයෙකි. (නි)
ලංකාවේ සිරිත අකුරටම සිදුවෙනවා (නි)
සමහර දක්ෂ නිලධාරින් එනවා, දන්නෙත් නැහැ, මහන්සි වී සේවා කාලය අවසන් කරලා යනවා. මේ රටේ නීතියේ සහ පොදු පිළිගැනීමේ හැටියට ආයතන ප්‍රධානියා මධ්‍යස්ථව හැමෝටම එක හා සමානව සැළකිය යුතුයි. (නි)
ඉහත ලිපියේ මෙම හමුව පවත්වපු අයගේ නම් වලින්ම තේරෙනවා කවුරු කවුරුත් පිට කසා ගන්නා ලස්සන. තවත් හතලිහක පමණ කාර්ය මණ්ඩලයක් මහා කොමසාරිස් කාර්යාලයේ සේවය කරනවා. බොහෝ අදාළ අධ්‍යාපන සුදුසුකම් ලත් සහ මහන්සි වී වැඩ කරන අයයි. ඒ අයව අගයන්නේ කවුද? (ස)
කොච්චර දක්ෂ, වැදගත්, උගත්, වෘත්තිමය විදේශ සේවයේ නිලධාරීන් අපි අතර ඉන්නවද? ඒ අයටත් මේ වගේ උපහාර පැවැත්විය යුතුයි (නි)
මේක මොකක් හරි විශේෂ හේතුවක් ඇති ,තවත් විදෙස සේවයේ අය ඉන්නවා ,එතුමාලටත් මෙවන් උපහාර හරසර පුදන්න ඕනේ නේද .(දිල්)
එහෙම කියන එක වැරදියි සරත්. ලන්ඩන් නුවරට අදාළ අතිගරු ජනාධිපති තුමාගේ වැඩකටයුතු සියල්ලක්ම ඉතාමත් ඉහලින් ඉටුකිරීමට කටයුතුකළ එකම මදිද?.(නදී)
මෙච්චර කරන්න වැඩ තියෙද්දී ලන්ඩන් වල අයට වෙන වැඩක් ඇත්තෙම නැද්ද? කඩේ යන තරමක්. .(නදී)
වැඩ කළාට පඩි දුන්නා පහසුකම් රාශියකුත් සමග. මේගොල්ලන්ට පඩි ගෙව්වේ දුප්පතාට ගහන බදු මුදල් වලින්. .(නදී)
චමින්ද කුලරත්න මහතාණෙනි,අපට අවශ්‍ය ඔබ වගේ අය තමා. (නි)
ලන්ඩන් මහා කොමසාරිස් කාර්යාලය තුළත් ඉන් පිටතදීත් ඔබකර ඇති මෙහෙයට අපෙන් සුබ පැතුම්! (නි)
මොකක්ද ඔහු කළ විශේෂ සේවය? (නි)
නියමයි චමින්ද කුලරත්න මහත්මයාණෙනි, අපගේ සුභ පැතුම්. (ස)