ඇමැති පාඨලී චම්පික රණවක රාජගිරියේදී රිය අනතුරක් සිදුකර පළා ගිය බව පැවසීමට සාක්කි නැතැයි කොළඹ අතිරේක මහේස්ත්රාත් චන්දන කලංසූරිය මහතා අද (29) ප්රකාශ කළේය.
සාක්කිකරුවන්ගේ සාක්කිවල පරස්පරතා ද පොලිස් පරීක්ෂණ වාර්තා ද සැලකිල්ලට ගනිමින් ඇමැති රණවක සැකකරුවකු කිරීමට තරම් සාක්කි නැතැයි ද මහේස්ත්රාත් කියා සිටියේය.
මේ අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් රාජගිරිය පොලිසිය ඉදිරිපිට අඟහරුවාදා (29) පැවැත්වූ විරෝධතාවයේ දී නඩුවට යම් බලපෑමක් කෙරෙන්නේ දැයි සොයා බලා වාර්තා කරන ලෙසද මහේස්ත්රාත් පොලිසියට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කිව්වාලු (ම)
ලොවට හඩගා කියපු ස්වාධීන පොලිස් කොමිසම්, ස්වාධීන අධිකරණය, සැමට එක නීතිය මේවා වචන පමණක් බව දැන් කාටත් තේරෙනවා (ම)
අපේ රටේ රාජපක්ස රෙජීමය කාලේ වෙච්ච දේවල් දිහා බැලුවම මෙය කතා කිරීමටවත් තරම් වැදගත්ද කියල හිතෙනවා (බ)
සාක්කි නැද්ද ? නැත්නම් නැති කරාද ?(ම)
ලියනගේ රාමනායක, කියන කෙනාගේ කාට හරි මේක උනා නම් කාගේද ආණ්ඩුව කියලා බලනවද? (ර)
මෙයාලා කොහොමහරි අන්තිමට බේරෙයි, කොයි පාලනෙත් එකයි. අසාධාරණයයි (ම)
ඇස දුටූ ශාක්ෂි සහ නීතිපති උපදෙස් තිබියදීත් තවදුරටත් සාක්ෂි මොකටද? (ම)
කට්ටියක් පිටිපස්සේ ඉදන් තල්ලු කළා අන්තිමේදී මිනිහයි ඇතුළට ගියේ (බ)
වාහනය ඩ්රයිවර් කෙනෙක් නැතුව ගිහින් හැපිලා තියෙන්නේ (බ)
ලියනගේ රාමනායක, ඇයි ඔයාල බලයට ආවේම ඒවා කරන්නේ නැහැ කියලා නේද? දැන් අරයගේ මෙයගේ කාලේ ගැන කියවන්න එපා (අ)
මොන සාක්කි නැති වුණත් හර්ද්ය සාක්කි සසර පුරාවටම බලපැවැත්වෙනවා. වල් වැදුණු දේශපාලන බලපුලුවන් කාරකම්වලට ඒවා නවත්වන්න බැහැ. (අ)
රජකම් කළත් කළකම් පළදේ. (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
සාක්ෂි නැති මරණ ලංකාවේ මොනතරම් ප්රමාණයක් සිදුවුණාද? ඒ කාලෙත් කිල්ලෝට වල හුණු තිබුණ අය හිටියා. දැනුත් ඒ හුණුම තමා කන්නේ. (නි)