(රෝෂන් තුෂාර්)

පොස්පේට් අපනයන බලපත්‍ර ලබාදීම සිදු වූයේ යැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දිසානායක ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා  නියෝගය නිකුත් කළේය.

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ පොස්පේට් අපනයන බලපත්‍ර ලබාදීමේ දී සිදු වූ මුදල් අක්‍රමිකතාවක්   සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.