බ්රිතාන්යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු අද සවස හතරයි විස්සට බ්‍රිතාන්‍ය විශේෂ ගුවන්යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ අංගනයෙන් දිවයිනට සැපත් විය.
චාල්ස් කුමාරු සමග කැමිලා පාකර් ආදිපාදවරියද ශ‍්‍රී ලංකාවට පැමිණි අතර ඔවුන් සමග 56 දෙනෙකුගෙන් යුතු රාජකීය දූත පිරිසක්ද දිවයිනට පැමිණි බව වාර්තා වෙයි.
දිවයිනට පැමිණි චාල්ස් කුමරුන්ව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදි උඩරට නර්තන මැද බෙර වයා ඉතා උනුසුම් අන්දමින් පිළිගනු ලැබිය.
කුමරු පිළිගැනිම සදහා සරත් අමුණුගම, නිමල් සිරිපාල, පවිත්‍රා වන්නි ආරච්චි, ප්‍රියංකර ජයරත්න, දිනේෂ් ගුණවර්ධන ඇතුළු අමාත්‍යවරුන් රැසක් ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයට පැමිණ සිටියහ.
අනතුරුව චාල්ස් කුමරු විශේෂ අමුත්තන් අත්සන් තබන ස්වරණමය පුස්තකයෙහි අත්සන් තැබුවේය. අනතුරුව කැමිලා පාකර් ආදිපාදවරියද සිය එහි අත්සන තැබුවාය.
1973 වර්ෂයේ සිට සියළු පොදුරද මඩොළු සමළුවලට සහභාගී වුයේ එළිසබත් මහ රැජිනය. ඇය නැතිව පැවත්වෙන ප‍්‍රථම පොදු රද මඩුලු සමුළුව මෙය වෙයි.
තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි චාල්ස් කුමරු බ‍්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජින නියෝජනය කරමින් පොදු රද මඩුලු සමළුවට සහභාගී වන අතර ඔහු ලබන 16 දා දක්වා මෙරට රැදී සිටිමින් වැඩසටහන් රැසකට සහභාගි වීමට නියමිතය.
චාල්ස් කුමරු සහ කැමිලා පාකර් ආදිපාදවරිය ශ‍්‍රී ලංකාවේ රැදි සිටින කාලය තුළ මහනුවර සහ නුවරඑළියේ සංචාරයකිරීමට නියමිතය. ඊට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගිවන රාජ්‍ය නායකයන් කිහිපදෙනකු සමග සාකච්ඡා කිරීමට ද නියමිතව ඇත.
ඔවුන් කොළඹ ජාතික කෞතුකාගාරය නැරඹීමටද කොළඹ බ‍්‍රිතාන්‍ය කවුන්සිලය වෙතද යාමටද නියමිතය.
මීට අමතරව කැමිලා පාකර් ආදිපාදවරිය කොළඹ පිහිටි මහජන පුස්තකාලයේ සංචාරය කරමින් ළමා පුස්තකාලයේ කටයුතු නිරීක්ෂණය කිරීමට නියමිත අතර හෝම් ස්ටාර්ට් ලංකා සැටලයිට් මධ්‍යස්ථානය නිරීක්ෂණය කරමින් විශේෂ ළමා වැඩසටහනකටද සහභාගිවීමට නියමිතය.
ඇය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ගොස් නේවාසිකව ප‍්‍රතිකාර ලබන ළමුන්ගේ සුවදුක් විමසීමට නියමිත බවද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ උපන්දිනක් වේවා (දී)
ශ්රී ලංකාවට සාදරයෙන් පිළිගනිමු. සුභ උපන් දිනයක්! (නි)
අපේ කුමරු ශ්‍රී ලංකාවට පැමිණීම අගය කරමු (නි)
කුමාරයෙක් කිව්වට වයසක පොරක්
දෙමල ඩයස්පෝරාවේ බොරු ප්‍රචාර වලට නොරැවටී ලංකාවට සැපත් වුණාට අපේ උණුසුම් සුබ පැතුම්. (නි)
සුභ උපන් දිනයක් වෙවා.......! කුමරුවානෙණි......! මට මතක් වුනේ ඩයනා කුමරිය මේ වෙලාවෙ සිටියා නම් කොහොමද?(අ)
කුමරුනි, අපි ඔබ සාදරයෙන් ,ආදරයෙන් පිළිගනිමු. සුබ උපන් දිනයක්! (නි)
දෙමළ ඩයස්පෝරා වදන් වලට වඩා ලංකාවට සහ ලංකාවාසීන්ට ගෞරව කරන බව තම උපන් දිනයේ ලංකාවට පැමිණීමෙන් මෙතුමා පැහැදිලිවම පෙන්වා දී ඇත. සුබ උපන් දිනයක් වේවා! (දී)
ඇත්ටටම මෙයා අවේ අපිට අදරටද ?..... (දී)
අමතක කර ලමු පැරණි කතා... එක්වෙමු ජාතික දියුන පතා... (දී)
ඔබ අපේ රටට පැමිණීම අපිට මහත් ආඩම්භරයක් (දී)
මී මුත්තන්ගේ පව් වලට චාර්ල්ස් කුමරා මොනවා කරන්නද? ඒ මනුස්සයව ආගන්තුක සත්කාර කරල පිළිගන්න එක වටිනවා. වෛරය කරන එකෙන් අපගේ හිත් තමා පුස් කන්නේ! (අ)
සූබ උපන් දිනයක් චාල්ස් කුමරුනේ (නි)
සුභ උපන්දිනයක් වේවා (දී)
අපේ රටට් පැමිණීම ගැන ස්තුතිවෙන අතරම් ඔබට සුබ උපන්දිනක් වේවා (දී)
සාදරයෙන් පිලිගනිමි, සුබ උපන් දිනයක් ''වේවා'' ඩයනා කුමරියේ මගේ දෙනුවන් නුබ නමින් අදත් තෙත් විය..., (දී)
රටට ආඩම්බරයක් (දී)
ආශ්චර්යය (දී)
චාර්ල්ස් කුමරුනි, ඔබට සුභ උපන් දිනයක් වේවා ! අපි ඔබව සාදරයෙන් පිලි ගනිමු . (දී)
අපි නාමමාත්‍රිකව පමණයි නිදහස්. අපි තවමත් යටත් වැසියෝ (දී)
චාල්ස් කුමරුනි, සුබ උපන් දිනයක් වේවා! (දී)
ඩයනා කුමාරි හිටියා නම් මම උත්සවය ගොඩක් ලස්සන වන්න තිබුනා. මෙම උත්සවයට අපගේ උණුසුම් සුබ පැතුම්. (නි)
රොඩ්රිගෝ හරි. (ස)
ඔබ දෙපළගේ පැමිණීම සාදරයෙන් පිළිගන්නවා !!! චාල්ස් කුමරුට සුබ උපන් දිනයක් වේවා! (නි)
සුබ උපන් දිනයක්..! (නි)
සුභ උපන් දිනක් වේවා! (නි)
හ්ම්! හොදයි, එහෙනම් බලාගෙන ගිහින් අපේ රට ගැන තිබෙන වැරදි නිවැරදි කරාවි කියා අපි බලාපොරොත්තු වෙනවා. ජයවේවා. (නි)
අයියෝ! ඩයනා හිටියා නම්. (නි)
ප්රථම පොදුරද මඩුලු රැස්වීම නවක කුමරෙක්ගෙන් ආරම්භ වෙන ඉතිහාසගත වෙන මොහොතක් මේක. ජය ශ්‍රී! (නි)
සුබ උපන් දිනක් වේවා! ප්‍රින්ස් චාල්ස්ගේ උපන් දිනය ශ්‍රී ලංකාවෙදී සැමරීම අපට රට වෙනුවෙන් ආඩම්බරයක්! (නි)
ආදරයෙන් පිළිගන්නවා. මට මෙවෙලේ ඩයනා මතක් වුණා (නි)
සතුටුවන්නද? කණගාටුවන්නද? මීට වසර 195 කට පෙර 1818 ඉංග්‍රීසින්ට එරෙහිව සටන් කළ අපේ ජාතික වීරවරයන්ට මරණ දඩුවම ලබාදුන් මාසයේ එම දඩුවම නියමකළ ඉංග්‍රීසි අධිරාජයාගේ මී මුණුපුරාව මෙසේ පිළිගැනීමට සිදුවීම ජාතියක් දේශයක් වශයෙන් අපට කොතරම් සරදම්සහගත වියයුතුද? (නි)
සාදරයෙන් පිළිගනිමු.ආගන්තුක සත්කාර අතින් අපි ඉදිරියෙන් සිටිය රටක් (නි)
සුභ උපන් දිනක් වේවා! (නි)
අම්මෝ ඇති යාන්තම්. අපි මේ දැන් එයි , දැන් එයි කියා බල බලා හිටියේ. (නි)
ඔබට සුභ උපන් දිනයක් වේවා! (නි)
ප්‍රසන්න හරි (නි)
1818 කැරැල්ලෙදි මරපු ලංකාවේ මිනිස්සුන්ගේ මානව අයිතිවාසිකම් ගැන අහන්නෙ කාගෙන්ද? ඒ වගේම අපේ උරුමය හොරකම් කරගෙන ගිය ඒවා අපිට නැවත ලබා ගන්නෙ කොහොමද? (නි)
ඔබ දේපළ ඉතා සාදරව පිළිගනිමු . සුබ උපන් දිනයක් පතමි. රාජකීය ඔබගේ පැමිණීම ඉතා වටිනා අවස්ථාවක් ලංකාවට. වෙනත් අය නොපැමිණියත් කම් නැත (නි)
සුද්දෝ නම් වැඩිය කැමති නැහැ. හැබැයි අපි නම් ඉහළින් පිළිගන්නවා (නි)
පිස්සුද මේ ලංකාවේ අයට? අදහස් ටික දැක්කම හීන මානසිකත්වය, යටත් විජිතවාදය මනාව කැපී පෙනෙනවා. (නි)
සුභ උපන් දිනයක් වේවා! ඔබ අප ආදරයෙන් පිළිගන්නවා. මම ඩයනාට හරි ආදරෙයි.එයත් හිටියා නම් අද? (නි)
සාදරයෙන් පිළිගනිමු. අපි වෛරී ජාතියක් නොවේ. (නි)
සැරදේවා කුමරුවනි! (නි)
කරන්ට් බිල පස්සෙන් පන්නනවා