IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


චාල්ස් කුමරු එයි

බ්‍රිතාන්‍යයේ  ඔටුන්න හිමි චාල්ස් කුමරු අද සවස හතරයි විස්සට  බ්‍රිතාන්‍ය විශේෂ ගුවන්යානයකින්  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ අංගනයෙන් දිවයිනට සැපත් විය.

චාල්ස් කුමාරු සමග කැමිලා පාකර් ආදිපාදවරියද  ශ‍්‍රී  ලංකාවට පැමිණි අතර  ඔවුන්  සමග 56 දෙනෙකුගෙන් යුතු රාජකීය දූත පිරිසක්ද දිවයිනට පැමිණි බව වාර්තා වෙයි.

දිවයිනට පැමිණි චාල්ස් කුමරුන්ව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදි  උඩරට නර්තන මැද  බෙර වයා ඉතා උනුසුම් අන්දමින් පිළිගනු ලැබිය.

කුමරු පිළිගැනිම ස‍දහා  සරත් අමුණුගම, නිමල් සිරිපාල, පවිත්‍රා වන්නි ආරච්චි, ප්‍රියංකර ජයරත්න, දිනේෂ් ගුණවර්ධන ඇතුළු  අමාත්‍යවරුන් රැසක්  ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයට පැමිණ සිටියහ.

අනතුරුව චාල්ස් කුමරු  විශේෂ අමුත්තන් අත්සන් තබන ස්වරණමය පුස්තකයෙහි අත්සන් තැබුවේය.  අනතුරුව කැමිලා පාකර් ආදිපාදවරියද සිය එහි අත්සන තැබුවාය. 

 1973 වර්ෂයේ සිට සියළු පොදුරද මඩොළු සමළුවලට සහභාගී වුයේ එළිසබත් මහ රැජිනය.  ඇය නැතිව පැවත්වෙන ප‍්‍රථම පොදු රද මඩුලු සමුළුව මෙය වෙයි.

 තෙදින නිල සංචාරයක්  සඳහා මෙරටට  පැමිණි  චාල්ස් කුමරු බ‍්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජින නියෝජනය කරමින් පොදු රද මඩුලු සමළුවට සහභාගී වන  අතර ඔහු ලබන 16 දා දක්වා මෙරට රැදී  සිටිමින්  වැඩසටහන්  රැසකට  සහභාගි වීමට නියමිතය.

චාල්ස් කුමරු සහ කැමිලා පාකර් ආදිපාදවරිය   ශ‍්‍රී  ලංකාවේ රැදි  සිටින කාලය තුළ  මහනුවර සහ නුවරඑළියේ සංචාරයකිරීමට නියමිතය. ඊට අමතරව පොදු රාජ්‍ය  මණ්ඩලීය රාජ්‍ය  නායක සමුළුව සඳහා සහභාගිවන රාජ්‍ය  නායකයන් කිහිපදෙනකු සමග සාකච්ඡා කිරීමට ද නියමිතව ඇත.

ඔවුන්  කොළඹ ජාතික කෞතුකාගාරය නැරඹීමටද  කොළඹ  බ‍්‍රිතාන්‍ය  කවුන්සිලය වෙතද යාමටද නියමිතය.
 

මීට අමතරව කැමිලා පාකර් ආදිපාදවරිය කොළඹ පිහිටි මහජන පුස්තකාලයේ සංචාරය කරමින් ළමා පුස්තකාලයේ කටයුතු නිරීක්ෂණය කිරීමට නියමිත අතර හෝම් ස්ටාර්ට් ලංකා සැටලයිට් මධ්‍යස්ථානය නිරීක්ෂණය කරමින් විශේෂ ළමා වැඩසටහනකටද සහභාගිවීමට නියමිතය.
 

ඇය   කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ගොස් නේවාසිකව ප‍්‍රතිකාර ලබන ළමුන්ගේ සුවදුක් විමසීමට නියමිත බවද වාර්තා වේ.



අදහස් (0)

චාල්ස් කුමරු එයි

මෙන්ඩිස් Thursday, 14 November 2013 05:44 PM

අයියෝ! ඩයනා හිටියා නම්. (නි)

:       0       0

චන්දි Thursday, 14 November 2013 10:31 PM

සාදරයෙන් පිලිගනිමි, සුබ උපන් දිනයක් ''වේවා'' ඩයනා කුමරියේ මගේ දෙනුවන් නුබ නමින් අදත් තෙත් විය..., (දී)

:       0       0

එදිරිසිංහ Thursday, 14 November 2013 05:55 PM

ප්‍රථම පොදුරද මඩුලු රැස්වීම නවක කුමරෙක්ගෙන් ආරම්භ වෙන ඉතිහාසගත වෙන මොහොතක් මේක. ජය ශ්‍රී! (නි)

:       0       0

සමිත් Friday, 15 November 2013 09:16 AM

ඩයනා කුමාරි හිටියා නම් මම උත්සවය ගොඩක් ලස්සන වන්න තිබුනා. මෙම උත්සවයට අපගේ උණුසුම් සුබ පැතුම්. (නි)

:       0       0

කෝමලී Thursday, 14 November 2013 11:07 PM

රටට ආඩම්බරයක් (දී)

:       0       0

මිනිදු මිහිරංග Thursday, 14 November 2013 11:13 PM

ආශ්චර්යය (දී)

:       0       0

රන්ජනී Thursday, 14 November 2013 06:18 PM

සුබ උපන් දිනක් වේවා! ප්‍රින්ස් චාල්ස්ගේ උපන් දිනය ශ්‍රී ලංකාවෙදී සැමරීම අපට රට වෙනුවෙන් ආඩම්බරයක්! (නි)

:       0       0

නදී Friday, 15 November 2013 02:15 PM

රොඩ්රිගෝ හරි. (ස)

:       0       0

සෙනරත් Thursday, 14 November 2013 11:23 PM

චාර්ල්ස් කුමරුනි, ඔබට සුභ උපන් දිනයක් වේවා ! අපි ඔබව සාදරයෙන් පිලි ගනිමු . (දී)

:       0       0

අසන්ක Thursday, 14 November 2013 06:25 PM

ආදරයෙන් පිළිගන්නවා. මට මෙවෙලේ ඩයනා මතක් වුණා (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 14 November 2013 06:28 PM

සතුටුවන්නද? කණගාටුවන්නද? මීට වසර 195 කට පෙර 1818 ඉංග්‍රීසින්ට එරෙහිව සටන් කළ අපේ ජාතික වීරවරයන්ට මරණ දඩුවම ලබාදුන් මාසයේ එම දඩුවම නියමකළ ඉංග්‍රීසි අධිරාජයාගේ මී මුණුපුරාව මෙසේ පිළිගැනීමට සිදුවීම ජාතියක් දේශයක් වශයෙන් අපට කොතරම් සරදම්සහගත වියයුතුද? (නි)

:       0       0

පද්ම කුමාර Thursday, 14 November 2013 11:32 PM

අපි නාමමාත්‍රිකව පමණයි නිදහස්. අපි තවමත් යටත් වැසියෝ (දී)

:       0       0

සුදත් රෝහණ Thursday, 14 November 2013 06:39 PM

සාදරයෙන් පිළිගනිමු.ආගන්තුක සත්කාර අතින් අපි ඉදිරියෙන් සිටිය රටක් (නි)

:       0       0

සනා Thursday, 14 November 2013 06:45 PM

සුභ උපන් දිනක් වේවා! (නි)

:       0       0

පුබුදු Thursday, 14 November 2013 06:48 PM

ඔබ දෙපළගේ පැමිණීම සාදරයෙන් පිළිගන්නවා !!! චාල්ස් කුමරුට සුබ උපන් දිනයක් වේවා! (නි)

:       0       0

විහග Thursday, 14 November 2013 06:51 PM

ඔබට සුභ උපන් දිනයක් වේවා! (නි)

:       0       0

ලිනෙත් Thursday, 14 November 2013 06:52 PM

ප්‍රසන්න හරි (නි)

:       0       0

ග්‍රිෂාණි Thursday, 14 November 2013 07:02 PM

1818 කැරැල්ලෙදි මරපු ලංකාවේ මිනිස්සුන්ගේ මානව අයිතිවාසිකම් ගැන අහන්නෙ කාගෙන්ද? ඒ වගේම අපේ උරුමය හොරකම් කරගෙන ගිය ඒවා අපිට නැවත ලබා ගන්නෙ කො‍හොමද? (නි)

:       0       0

සිරි Friday, 15 November 2013 12:20 AM

චාල්ස් කුමරුනි, සුබ උපන් දිනයක් වේවා! (දී)

:       0       0

යු. එස්. ඒ Thursday, 14 November 2013 07:02 PM

ඔබ දේපළ ඉතා සාදරව පිළිගනිමු . සුබ උපන් දිනයක් පතමි. රාජකීය ඔබගේ පැමිණීම ඉතා වටිනා අවස්ථාවක් ලංකාවට. වෙනත් අය නොපැමිණියත් කම් නැත (නි)

:       0       0

කරෝලිස් Thursday, 14 November 2013 07:03 PM

සුද්දෝ නම් වැඩිය කැමති නැහැ. හැබැයි අපි නම් ඉහළින් පිළිගන්නවා (නි)

:       0       0

අයා Thursday, 14 November 2013 07:04 PM

පිස්සුද මේ ලංකාවේ අයට? අදහස් ටික දැක්කම හීන මානසිකත්වය, යටත් විජිතවාදය මනාව කැපී පෙනෙනවා. (නි)

:       0       0

පුෂ්පකුමාරි Thursday, 14 November 2013 07:04 PM

සුභ උපන් දිනයක් වේවා! ඔබ අප ආදරයෙන් පිළිගන්නවා. මම ඩයනාට හරි ආදරෙයි.එයත් හිටියා නම් අද? (නි)

:       0       0

රොඩ්රිගෝ Thursday, 14 November 2013 07:07 PM

සාදරයෙන් පිළිගනිමු. අපි වෛරී ජාතියක් නොවේ. (නි)

:       0       0

දේශප්‍රේමි ජනතාව Thursday, 14 November 2013 07:12 PM

සැරදේවා කුමරුවනි! (නි)

:       0       0

බටුගෙදර Thursday, 14 November 2013 07:25 PM

කරන්ට් බිල පස්සෙන් පන්නනවා

:       0       0

චන්ද්‍රානි Thursday, 14 November 2013 07:40 PM

සූබ උපන් දිනයක් චාල්ස් කුමරුනේ (නි)

:       0       0

කුසුම් Thursday, 14 November 2013 08:07 PM

ශ්‍රී ලංකාවට සාදරයෙන් පිළිගනිමු. සුභ උපන් දිනයක්! (නි)

:       0       0

රන්ජිත් දොඩන්ගොඩ Thursday, 14 November 2013 08:08 PM

අපේ කුමරු ශ්‍රී ලංකාවට පැමිණීම අගය කරමු (නි)

:       0       0

සම Thursday, 14 November 2013 08:17 PM

කුමාරයෙක් කිව්වට වයසක පොරක්

:       0       0

ආරියසේන Thursday, 14 November 2013 08:23 PM

දෙමල ඩයස්පෝරාවේ බොරු ප්‍රචාර වලට නොරැවටී ලංකාවට සැපත් වුණාට අපේ උණුසුම් සුබ පැතුම්. (නි)

:       0       0

වුශාන්ත රාජපක්ෂ Thursday, 14 November 2013 08:34 PM

සුභ උපන් දිනයක් වෙවා.......! කුමරුවානෙණි......! මට මතක් වුනේ ඩයනා කුමරිය මේ වෙලාවෙ සිටියා නම් කොහොමද?(අ)

:       0       0

දේවින්ද Thursday, 14 November 2013 08:43 PM

කුමරුනි, අපි ඔබ සාදරයෙන් ,ආදරයෙන් පිළිගනිමු. සුබ උපන් දිනයක්! (නි)

:       0       0

ජ. තිසර Thursday, 14 November 2013 09:17 PM

දෙමළ ඩයස්පෝරා වදන් වලට වඩා ලංකාවට සහ ලංකාවාසීන්ට ගෞරව කරන බව තම උපන් දිනයේ ලංකාවට පැමිණී‍මෙන් මෙතුමා පැහැදිලිවම පෙන්වා දී ඇත. සුබ උපන් දිනයක් වේවා! (දී)

:       0       0

බොතේජු Thursday, 14 November 2013 09:17 PM

ඇත්ටටම මෙයා අවේ අපිට අදරටද ?..... (දී)

:       0       0

නුවන් Thursday, 14 November 2013 05:01 PM

අම්මෝ ඇති යාන්තම්. අපි මේ දැන් එයි , දැන් එයි කියා බල බලා හිටියේ. (නි)

:       0       0

උදය​ Thursday, 14 November 2013 09:23 PM

අමතක කර ලමු පැරණි කතා... එක්වෙමු ජාතික දියුන පතා... (දී)

:       0       0

ආනන්ද Thursday, 14 November 2013 05:06 PM

සුබ උපන් දිනයක්..! (නි)

:       0       0

චාල්ස් Thursday, 14 November 2013 09:24 PM

ඔබ අපේ රටට පැමිණීම අපිට මහත් ආඩම්භරයක් (දී)

:       0       0

ප්‍රියා Thursday, 14 November 2013 09:29 PM

මී මුත්තන්ගේ පව් වලට චාර්ල්ස් කුමරා මොනවා කරන්නද? ඒ මනුස්සයව ආගන්තුක සත්කාර කරල පිළිගන්න එක වටිනවා. වෛරය කරන එකෙන් අපගේ හිත් තමා පුස් කන්නේ! (අ)

:       0       0

දිල්හාන් පිරිස් Thursday, 14 November 2013 09:36 PM

සුභ උපන්දිනක් වේවා (දී)

:       0       0

වසන්ති Thursday, 14 November 2013 05:20 PM

සුභ උපන් දිනක් වේවා! (නි)

:       0       0

මිලාන් Thursday, 14 November 2013 09:48 PM

සුභ උපන්දිනයක් වේවා (දී)

:       0       0

ශාන්ති Thursday, 14 November 2013 09:50 PM

අපේ රටට් පැමිණීම ගැන ස්තුතිවෙන අතරම් ඔබට‍ සුබ උපන්දිනක් වේවා (දී)

:       0       0

අජිත් Thursday, 14 November 2013 05:36 PM

හ්ම්! හොදයි, එහෙනම් බලාගෙන ගිහින් අපේ රට ගැන තිබෙන වැරදි නිවැරදි කරාවි කියා අපි බලාපොරොත්තු වෙනවා. ජයවේවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගලපිටමඩින් ඡන්ද නීති කැඩූ අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 21 78 0

ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප


ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 1112 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1821 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


ගාල්ලේ සියයට 61 යි
2024 සැප්තැම්බර් මස 21 798 0

ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක


පුත්තලමේ සියයට 57 යි
2024 සැප්තැම්බර් මස 21 196 0

පුත්තලම දිස්ත්‍රික්ක් සවස දෙක වන විට ජන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 57 ක් වු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 531 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14591 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 187 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 103 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 146 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site