ඔක්තෝබර 31 වැනිදා ට පෙර වත්කම් හා බැරකම් ඉදිරිපත් කරන ලෙසත්, එසේ නොකළහොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා රඹුක්කන වරල්ගොඩ වයි ජී පොඩිඅප්පු මහතාට ප්‍රමුඛ සේවා ලේබලයද සහිතව ලියා පදිංචි තැපෑලෙන් දැනුම් දී ඇත.
ඔහු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් පසුගිය 21 වැනි දා මධ්‍යම පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වී ඇතැයි කොමසාරිස් ඔහුට දන්වා ඇත.
එහෙත් තමා කිසි දිනක ඡන්දය නොඉල්ලූ කෙනකු බවත්, රැකියාව පෙදරේරු අත්වැඩ කරුවකු බවත් පොඩිඅප්පු මහතා කියයි.
මේ ලිපිය ලැබුණු විගස ඔහු කෑගල්ල සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයයට ගොස් කරුණු කියා සිටියේය.
‘මං එහෙම ගියේ මට නඩු දායි කියා බයටයි. මේ ලියුම නිසා මට දවස් දෙකක් රස්සාවත් නැති වුණා. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වත්කම් ටික ලියලා මේසන් හැන්දක් ගන්න ආධාරයක් දෙන්න බැරිද කියල අහලාම යැව්වනම් හරි.(දිල්)
ඕක තැපැල් පියුන්ගේ වැරදීමක් වෙන්න ඇති. ඔහු හමුවෙලා කතාකරන්න. (නි)
තව දේශපාලනය කළොත් මේ රටට අල්ලා දෙවියන්ගේ පිහිට තමා (නි)
මොකටද අනුන්ගේ ලියමනක් බාර ගත්තේ ... ආසද මුදියන්සේලාගේ කියන නමට ඔච්චරම .... .(නදි)
අය්යෝ මැකෝ මේ මොකෝ .....?(දිල්)
පොඩි අප්පුහාමි මහත්තයෝ, බණ්ඩා මහත්තයා හරියටම කියලා නිසා කිසිවක් කියන්න නැහැ. ආසියාවේ ආශ්චර්යයේ තවත් වික්‍රමයක් කියලා හිත හදාගනිමු (නි)
ලබන වාරයේ ඡන්දෙ ඉල්ලන්න හොඳ ප්‍රසිද්ධියක් (නි)
මාරයිනේ.(නදී)
මේ වගේ අහිංසකයින්ගේ නම් හොරෙන් දාලද දන්නෙ නැහැ ලිස්ට් එක සම්පූරණ කරගත්තෙ(නදී)
වයි. ජී. කියලා තිබෙන වෙන කෙනෙක් සමග පැටළෙන්න ඇති (නි)
පොඩි අප්පුහාමි මහත්තයෝ, ඔයාට හෙට අනිද්දා වෙද්දී තවත් ලියුමක් ඒවි ඔයා දිනලා දිවුරුම් දෙන්න කියලා. ගණන් ගන්න එපා. (නි)
ඕක ඔහේ නිකන් එවන්ඩ ඇති. (නදී)
ඡන්ද ගණන් කිරීමත් මෙහෙමද දන්නෙ නැහැ (නි)
රටට ගිය කල! (නි)
ඡන්දෙ ඉල්ලුවේ නැති උනත් වත්කම පෙන්නුවට කමක් නැහැ . හොරෙන් වංචාවෙන් උපයාගත් කිසිවක් නොමැති නම් . ඔන්න පෙන්නලා දාන්න කොමසාරිස්ට ආස ඇති ඒවා බලන්නට. (ස)
පොඩි අප්පු හාමි ඔය නෝනාගෙන් මනාපය ඉල්ලු හින්දනේ ඔහොම වුනේ.(නදී)
පොඩි අප්පු මහත්තයෝ ඡන්දෙ නොඉල්ලපු එකමයි හොඳේ , නැත්තන් ඔයාගේ ඡන්ද ටිකත් අර නිදිමතකාරයෝ අර ඉස්කෝලේ දමල යාවි.!(නදී)
අනේ පොඩි අප්පුහාමි ගණන් ගන්න එපා ඔය කොමසාරිස් දැන් විහිළු කාරයෙක් වෙලා හරියට ටෙනිසන් කුරේ වගේ (නදී)
පොඩි අප්පු මහත්තයෝ අද අවශ්‍ය ස්ථාන වල තනිකරම ඉන්නේ නුසුදුසු මොල්කාරයෝ. ඔබට දැන් අවස්ථාව තියෙනවා ඔබගේ පාඩු වුන රැකියාව සදහාත් කල අපහාසය (අද දෙසපාලකයෙක් කියන්නේ අපාසත්මක චරිතයක්) සදහාත් වන්දි ඉල්ලා නඩුපවරන්න.(නදී)
බැරි වෙලාවත් මේ මනුස්සයා ඉල්ලලා තිබුණා නම් නඩු දාවි. ඒත් අර පාර්ලිමේන්තුවේ හා පලාත් සභාවල ඉන්න අනික් අයට නඩු දායිද කියල බලමුකො. එහෙම වෙන්නේ නැහැ. ඔය බොරුවට කෑගහන්නේ. කවදාවත් නඩු දාන්නේ නැහැ ලංකාවේ.(නදී)
පිස්සුද මන්දා.(නදී)