පළාත් සභා මැතිවරණ පවත්වන දිනය තීරණය කරන්නේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රියද නැතිනම් කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා දැයි යන්න රජය රටට හෙළිකළ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
රජය පළාත් සභා මැතිවරණය මාර්තු 29 වැනිදා පවත්වන බවට කෘෂිකර්ම ඇමැතිවරයා කළ ප‍්‍රකාශය බරපතල යැයි ද මැතිවරණ කොමසාරිස්වරයාට පැවැරී ඇති රාජකාරිය කැබිනට් ඇමැතිවරයකු කරන්නේ කෙසේද යන්න ප‍්‍රශ්න කළ යුතු යැයි ද එම පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා අද (6) පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.
පළාත් සභා නොවිසුරුවා ඡන්ද පවත්වන දිනය පවසන්නට මැතිවරණ කොමසාරිස්වරයාටද නොහැකි යැයි කී හෙතෙම මැතිවරණවල නිදහස් හා සාධාරණ බවක් නැති බවට මෙම ප‍්‍රකාශය කදිම නිදසුනක් යැයි ද අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දය කවදා තිබුනත් පරදින්නේ මහජනතාව .(දී)
අතීතය ගැන කිය කියා ඒ මත්තෙම මැරෙන්න හදන්න එපා. වර්තමානයේ වෙන වැරදි දිහා වැරද්දක් විදිහට බලන්න පුරුදු වෙන්න.(නදී)
ඡන්ද දිනයේදී ඔබ සැමට යහපතක් වේවා!
මැකෝ ඒක වෙලාවට කියාවි. (නදී)
මගේ අම්මෝ ජේ.වී.පි කාරයෝ ලංකාදීපෙට කොමෙන්ට්ස් දමන තරම්! සිරි ගේ කතාව ඇත්ත නේද? (නදී)
ජවිපෙට කියන්න තියෙන්නේ මෙච්චරයි. වැඩක් ඇති සහ වැඩකට නැති යන ප්‍රශ්න දෙවර්ගය හරියට තේරා ගන්න පුළුවන් දවස වෙන තෙක් ඔබලා නිකම් කයිවාරු කාරයන් පමණක් වන බවයි.(නදී)
ලංකාවේ බුද්ධිමත් ජනතාව පෝලිමේ ගිහින් ආයෙමත් චන්දෙ දෙන හැටි බලාගත්තකි නේද (දී)
අප වෙනුවෙන් තේරී පති වීමට සිටින ජනතා නියෝජිතයන්ට අපි සුභාපතනවා, මොකද කවුරු ආවත් අපිට එකයි (දී)
ජය. ඔබ හරි .(දී)
එතකොට අර 88 - 89 වකවානුවේ කඩවල් වහන්න, ලයිට් නිවන්න, තවත් දේවල් කියල කැලෑ නීති දැම්මේ කව්ද අප්පචිචියේ.(නදී)
විරාජ් කාලිංග - ජයා - ගුණේ - සමන් -කනගාටුයි. මම ඔබේ මතයට එකග නොවෙමි. එහෙත් එම මතය ඉදිරිපත් කිරීමට ඔබට ඇති අයිතිය වෙනුවෙන් සටන් කිරීමට මම ද ඔබ සමග පෙරමුණටම එමි.. ස්තුත්යි. .(දී)
සිරි, ලජ්ජා වෙන්න ඕනේ, කෙලින්ම කියනවනම් මොලයක් නැති කකුල් දෙකේ සතෙක්. මොකද මට හරකෙක් හරි බූරුවෙක් හරි කියන එකත් උන්ට කරන අසාදාරනයක්. සිරි, වගේ මෝඩයෝ ඉන්නකල් මේ රට හදන්න බැහැ.(නදී)
සිරි කෑම කෑවට පසු අත කට හෝද ගන්නේ නැතිව අනිත් වේලත් කනතුරු ඉදුල් පිටින්ම ඉන්නවද? එදා සිදුවීම අදටත් වලංගුද? (නදී)
මෙන්න බොලේ ජවිපෙ සාදාරණ ඡන්ද ගැන කතාකරනවා. එතකොට මෙයා 1988 කොහෙද දන්නේ නැහැ හිටියේ.(නදී)
සිරි කියන්නේ, යමෙක් හෝ ව්‍යාපාරයක් කරපු කියපු පලියට නීත්‍යානුකුල රජයකුත් එහෙම කරන එක නිවරැදියි කියලද? (නදී)
ජේ.වී.පී එකෙන් ඒවා කළා කියලා දැන් ඕනෑම දෙයක් කරන්න අයිතිය තියනවද? (නදී)
බල්ලාගේ වැඩේ බූරුවා කරන කාලයක් මේක. (නදී)
ඔන්න සිරි වංසේ කබල් ගානවා (දිල්)