IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘ඡන්ද නීති කඩන්න එපා‘

ඡන්ද නීති නොකඩන්නැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සියලු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියේය.

නාමයෝජනා බාර දීමෙන් පසු අපේකෂකයන් අමතමින් මැතිවරණට අදාළ දීර්ඝ විස්තරයක් ඔහු කියැවීය.

‘නාමයෝජනා කැඳවීමේ දැන්වීමට අනුව අද දින උදේ නවයේ සිට මේ මොහොත වන තෙක් කාලය තුළ දේශපාලන පක්ෂ 17ක් හා ස්වාධීන අපේක්ෂකයන් දෙදෙනකුගේ නාමයෝජනා මා වෙත ලැබී ඇත.

එම නාමයෝජනා ගැන මාගේ තීරණය දැනුම් දිය හැක්කේ පෙරවරු 11.30න් පසු විරෝධතා ගොනුකිරීමෙන් පසු හා ඒවා අධ්‍යයනය කිරීමෙන් පසුය.

අද දින සිට මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කරන තෙක් කාලය සක්‍රීය මැතිවරණ කාලය ලෙස සැලකිය යුතුය.

මේ කාලයේ මැතිවරණ නීතිය සක්‍රීය බව සියලු දෙනාගේ අවධානයට යොමු කිරීඹට කැමැත්තෙමි. මෙම කාල සීමාව තුළ අවසර ලත් පක්ෂ කාර්යාලතුල හැර, නාම පුවරු, අපේකෂකයාගේ නම්, අපේක්ෂකයන්ට වාසි ධජ පතාක ප්‍රවර්ධන වැකි, දැන්වීම් ස්ටිකර් ප්‍රදර්ශනය කළ නොහැකිය.

මහජන හෝ රථ පෙළපාලි පැවැත්වීම හෝ රැස්වීම් භූමියෙන් පිටත සැරසිලි කිරීම ද නීති විරෝධීය.

අපේක්ෂකයන් සහභාගී වන රැස්වීමවල දී පමණක් සාධාරණ දුරක් සැරසිලි කිරීමට මීට පෙර පක්ෂ ලේකම්වරුන් එකඟ වී ඇති නිසා මෙවරද එය ක්‍රියාත්මක වේ.

අනවසර ප්‍රචාරක පුවරු ප්‍රදර්ශනය කිරීම, නිසි බලය රහිතව වාහනවල ස්ටිකර ආදිය ප්‍රදර්ශනය කිරීම නීති විරෝධීය.

ඡන්ද නීති හා රටේ නීතිය ආරක්ෂා කරන ලෙස ආධාරකරුවන්ට දැනුම් දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

ජනාධිපතිවරයා පත් කර ගැනීමේ පනතේ තවත් බොහෝ දෑ ඇත. එම නීති රීති උල්ලංඝනය නොවන පරිදි කටයුතු කිරීමට සියලු දෙනාට වගීකම් ඇත. එම නීති ගැන සමාජ වෙබ් අඩවි ඇතුළු මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වෙමු.

විවිධ දේශපාලන පක්ෂවල ජාතික තලයේ දේශපාලනඥයන් තුළ හොඳ සම්බන්ධකම් තිබිය දී ප්‍රාදේශීය දේශපාලනඥයන් සම්බන්ධ වූ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන පැමිණිලි ලැබී ඇත. එය කණගාටු දායකය.

ඡන්ද නීතිවලට ගරු කරන ලෙස තමන්ගේ ආධාර කරුවන් දැනුම්වත් කරන්න.

දේශපාලන මතයක් දැරීමට හා එකී මතය ජයග්‍රහණය කිරීමට ඕනෑම පුද්ගලයකුට ඇති අයිතිය ඊට එරෙහි අනෙක් පුද්ගලයාට ද තිබේ. සාධාරණ මැතිවරණයක් සඳහා සියලුම ප්‍රචණ්ඩ ක්‍රියා වලින් වලකින්න.

අසත්‍ය හා වැරදි පුවත් ප්‍රචාරය කිරීම, එක් අපේකෂකයකුට වාසි ලෙස අතවත් අපෙක්ෂකයකුට අවාසි ලෙස පුවත් පළ සහ පක්ෂග්‍රාහී පුවත් පලකිරීමේ රාජ්‍ය මාධ්‍ය ඇතුළු සියලු මාධ්‍ය වැලකිය යුතුය.

ජනමාධ්‍යවල ක්‍රියාකාරීත්වය අද දින සිට සමීපව නිරීක්ෂණය කිරීමට බලාපොරොත්තු වෙමි.

රජයේ නිලධාරීන් රාජකාරි වේලාවල දී දේශපාලන කටයුතු වල යෙදීමෙන් හෝ රජයේ දේපල ඒ සඳහා යොදා ගැනීමෙන් වැලකිය යුතුය.

එමෙන්ම දේශපාලන පක්ෂවල හෝ අපේකෂකයන්ගේ ප්‍රචාරක රැලි සඳහා රැස්වීම් ශාලා, පිට්ටනි වෙන් කර දීමේ දී කිසිදු අපේක්ෂකයකුට විශේෂත්වයක් නොවන පරිදි හා කිසිදු අපේකෂකයකුට අසාධාරණයක් නොවන පරිදි කටයුතු කළ යුතුය.

 ඕනෑම ඡන්ද විමසීමක දී වඩාත්ම විවේචනයට ලක් වන්නේ මැතිවරණ දෙපාර්තමේන්තුව හා පොලිස් දෙපාර්තමේන්තුවයි. එසේ වුවද පොලිස්පති ද, අති මහත් බහුතරයක් නිලධාරී ද ඡන්ද නීතිය හා රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට වෙහෙසෙමින් සිටිති. එම ගෞරවනීය නිලධාරීන්ට අපේක් ස්තුතිය පිරි නැමේ.

ඡන්දය පිවිච්චි කිරීම සඳහා ඡන්ද හිමි නාමලේකනයේ නම ඇතුළත් වීම පමණක් ප්‍රමාණවත් නැත. ජාතික හැදුනුම්ත පත හෝ නියම කර ඇති වලංගු හැදුනුම්පතක් අවශ්‍යය. එම හැදුනුම් පතක් නැත්නම් මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් සහතික කර ගත හැකිය.

ඡන්ද විමසීම දින උදෑසනින්ම ඔබේ කැමත්ත අනුව ඡන්දය පාවිච්චි කරන්න.‘

Untitled-17 Untitled-18



අදහස් (0)

‘ඡන්ද නීති කඩන්න එපා‘

සත්‍යපාල Monday, 08 December 2014 07:42 AM

නැත්නම් මටත් ආතතිය හැදෙන්න පුළුවන් අනේ ප්ලීස් ! (බ)

:       0       0

ශාන් Monday, 08 December 2014 09:43 AM

ප්‍රථිපල නිකුත් කරලා ඔබත් රට පනීද? (නදී)

:       0       0

රන්ජිත් Monday, 08 December 2014 07:56 AM

ඔබ කියන දේවල් ඒගොල්ල අහයිද.? (ර)

:       0       0

රන්ජිත් Monday, 08 December 2014 07:56 AM

අනේ ඔව්, මෙතුමාට අනුකම්පා කරලා හැමෝම හොදින් හැසිරෙන්න. (ර)

:       0       0

උපාලි Monday, 08 December 2014 08:01 AM

අනේ ඔබ තුමා කොයි තරම් උත්සාහ කරනවද මේ වැඩේ හරියට කරන්න. ඒ වුනාට ඔබ තුමා ඉස්සරහ එකඟතාවය පල කරපු ඔය කට්ටිය, විශේෂයෙන් ආණ්ඩුවේ කට්ටිය, ඔය කියපු සේරම දේවල් තුට්ටුවකට මායිම් නොකරන හැටි හෙට ඉඳන් බලන්න ලැබේවි. අනේ අපේ රට! (අ)

:       0       0

මෙවන් Monday, 08 December 2014 09:58 AM

තනතුර නිසා හිස උදුම්මා නොගත් ඉතාමත් ආචාරශීලී, සුහදශීලී උසස් නිලධාරියෙක්. (දී)

:       0       0

නානායක්කරන් Monday, 08 December 2014 10:03 AM

කියනදේ අහයිද.? (ර)

:       0       0

පෙරේරා Monday, 08 December 2014 06:02 AM

මෙතුමා කිව්වට පස්සේ සේරම හරි. කිසිම ඡන්ද නීතියක් කිසිකෙනෙක් කඩන්නේ නැහැ. (නි)

:       0       0

රොහාන් Monday, 08 December 2014 06:08 AM

නිතිය මාලාව නම් හොදය නමුත් පිල්නොපදින එක තම ලොකුම් ප්‍රශ්නේ බලමු අපි මොකද වෙන්නේ කියල. (අ)

:       0       0

විමුක්ති Monday, 08 December 2014 06:11 AM

ඔබටත් මෛත්‍රීයක්ම වේවා .ආතතියක් ඇති නොම වේවා. (අ)

:       0       0

රන්ජිත් ගල්ගමුව Monday, 08 December 2014 06:11 AM

ඕක පැත්තකට කතාකරල මහින්ද මතයට කියන්න බැරිද මොකද නීති හදන්නෙත් එයාලා කඩන්නේත් එයාලා (අ)

:       0       0

කැළුම් Monday, 08 December 2014 06:15 AM

කිසි දේකට බය වෙන්න එපා ,අපි මේ සියලු දේම අකුරටම පිළිපදිනවා.(හේ)

:       0       0

සත්‍යයා Monday, 08 December 2014 06:26 AM

දේශපාලනයේදී රජෙක් වුණත් පෘතග්ජනයි, බොළඳයි. ශික්ෂා පද පැනවීමේදී බුදුන් වහන්සේ කාගෙන් වත් ඉල්ලා සිටියේ නැහැ. පන්සිල් පද කඩන්න එපා කියල. කිව්වේ පන්සිල් පද රකින්න කියල. අපි කොච්චර බොලඳද කිව්වොත් කඩන්නෙම එපයි කියන දේවල්. රජා කියල නිකම් ඉඳියි කියල හිතන්න අමාරුයි. (අ)

:       0       0

ධම්ම Monday, 08 December 2014 07:03 AM

ඡන්ද නීති කඩන්න එපායැයි මේ පරිණත දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිටීමට සිදුවීම ජාතියේ අවාසනාවකි. මන්ද නීතිය රැකීම කාගේත් වගකීම බැවිනි.(හේ)

:       0       0

හෆීල් Monday, 08 December 2014 11:10 AM

ප්‍රකාශ නිකුත් කරලා විතරක් මදි. ක්‍රියාවට නංවන්ත් ඕනේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 524 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 141 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 2071 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2473 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3825 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38561 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25378 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 928 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site