
(රංජන් කස්තුරි)
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ 1 වන ජනන යන්ත්රයේ මෙගාවොට් 187ක පැවති ධාරිතාව ඉතා කෙටි කාලයක් තුළ මෙගාවොට් 5කට වඩා අඩු අගයකට පහළ බැසීම නිසා ඉකුත් 17 වැනි දින දිවයිනටම බලපාන විදුලි විසන්ධියක් වූ බව ජාතික පද්ධති ක්රියාකරු සමාගමේ ප්රධාන විධායක නිලධාරී බුද්ධික සමරසේකර මහතා පැවසීය.
විදුලි පද්ධතියේ පාලනය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ සංඛ්යාතය මත බවද සාමාන්යයෙන් පද්ධතිය 50.5 සහ 49.5 අතර සංඛ්යාත පරාසයක් තුළ මෙහෙයවන නමුත්, අදාළ අවස්ථාවේදී ඇති වූ හදිසි තත්ත්වය නිසා ඉතා කෙටි කාලයකින් සංඛ්යාතය බිඳවැටී මුලු ලංකාවටම විදුලිය නැති වූ බවද සමරසේකර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd