බස්නාහිර සහ දකුණ පළාත් සභා මැතිවරණයේ ඡන්ද නීති උල්ලංඝණය කිරීම් සහ මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධ පැමිණිලි 133ක් ලැබී ඇතැයි කැෆේ සංවිධානය කියයි.
නීතිවිරෝධී මැතිවරණ ප්‍රචාරණය සම්බන්ධයෙන් සිදුවීම් 65ක් වාර්තා වී ඇති බව කියන කැෆේ සංවිධානය මහජන දේපළ අයථා පරිහරණය, රාජ්‍ය නිලධාරින් මැතිවරණ කටයුතුවල යෙදවීම සහ මැතිවරණ සමයේ පත්වීම් හා ස්ථාන මාරු සම්බන්ධ සිද්ධි 52ක් වාර්තා වූ බව ද කියයි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 42ක් ද, කළුතර දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 18ක් ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 16ක් ද ලෙස බස්නාහිරින් වාර්තා වී ඇති පැමිණිලි ගණන 91කි.
0112866224 දරණ ෆැක්ස් අංකයෙන් ද, 0114341524 සහ 0114341514 යන දුරකතන අංක මගින් ද කැෆේ සංවිධානයට මැතිවරණය සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව එම සංවිධානය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩන්න නීති තියනවද (දී)
කඩන්න නීතියක් තිබෙන්න එපාය.ඔක්කොම නීතිය අතට අරන් තියෙන්න.අපි මොනවා කරන්නද .යන්නේ කොහාටද????? (දී)
මහත්තුරුනි. ඔයාලගේ ප්‍රශ්නය තුලම උත්තරය තියෙනවා නේ. නීතියක් රටේ තියෙන නිසා නේද ඒක කඩනවා කියල කියන්නේ. නිතිය කඩන කට්ටියට දඬුවම් දෙන්ට පොලිසිය උසාවි තියෙනවනේ.(නදී)
නීතියක් කඩුවහම අන්න කැඩුවා කියනවා විතරනේ ඒවාට නිසි නිතිය ක්‍රියාත්මක කරන්නේ නැහැනේ (දී)
නිතිය වලපල්ලට යවල කට්ටිය කිරිබත් එහෙම කෑවේ. දැන් කියනවා නිතිය කඩලලු. (අ)
අල්විස් මහත්තයෝ මම දැනගන්න කැමති ඇත්තටම ඔබ ජිවත් වෙන්නේ වෙනත් ග්‍රහලෝකයකද කියල. මොකද ඔය කියන හැටියට නීති තිබෙන එකනම් ඇත්ත තමා. එත් ඒවා ක්‍රියාත්මක වෙනවද නැද්ද කියල ඔබතුමා නොදනමද ඔය කතා කියන්නේ කියල මට පුදුම. (අ)
කතාව ඇත්ත. නීතිය කඩන්නේ එහෙම දෙයක් තියෙන හින්දලු. හැබැයි ටික දෙනයි දන්නේ නීතිය කා අතේද තියෙන්නේ කියලා. දඬුවම කියන අදහස එලියට එන්නේ, නීතිය අතේ නැති මිනිස්සු නීතිය එක්ක සෙල්ලම් කරන්න ගියොත්. (නධී)
මේකත් හරියට "දෙවියන්ට" පිටු පෑ නිසා මිනිසෙකුට අනික් මිනිසුන් විසින් දඬුවම් කළා වගේ. දෙවියන් ඉන්නවයි කියල හිතාගෙන අදහනවා මිස ඉන්නවාද, පවතිනවාද, පලක් තියෙන වාද මේ කිසිවක් නොදැන "දෙවියන්ට" බයේ ඉන්නවා. රටේ නීතියක් නැති උනත් තියෙනවා කියල හිතේ තියාගෙන සමහර විට අහිංසකයින්ටත් දඬුවම් කරනවා. (ත)
සෙනරත් අප්පුහාමිට මේ ටික කියන්නම හිතුනා. අල්විස් උන්නෙහෙ කියන දේම තමයි අප්පුහාමිත් කියන්නේ. නීති කඩන්නේ නීති තියෙන නිසා. ඒත් ඒවා ක්‍රියාත්මක කරන්න වෙනම ආයතන තියෙනවා. එහෙත් ඒවා හරිහැටි ක්‍රියා නොකරනවා නම් ඒක වෙනම කතාවක්. එහෙම නේද අප්පුහාමි? (නදී)
මෙය අලුත් ආරංචියක් ද? (නදී)
මෙය අප රටට ආවේනික වූ ජාතික ක්‍රියා දාමයක්. එම නිසා මෙම ක්‍රියාවන් විනාස නොකර මතු උපදින පරම්පරාවටත් දායාද කොට දෙනවා නම් තමා හොඳ.(නදී)
අනේ පොඩ්ඩක් දන්නා කෙනෙක් කියල දෙනවද මේ කැෆේ එක කාගේද? මේකට මුදල් වියදම් කරන්නේ කව්ද? ඕනෑම කෙනෙකුට සංවිදානයක් හදන් මැතිවරණ නිරීක්ෂණය කරන්න පුලුවන්ද? මේවා පිළිගත් නිත්‍යානුකුල සන්විදානනම් මේවට එම නිත්‍යානුකුල බාවය ලබා දෙන්නේ කවරෙක්ද?මේවා දේශපාලන අරමුණු මත පිහිටුවා ගත් සංවිදාන නෙමෙයි කියල කාටද සහතික වෙන්න පුළුවන්? මේ ඉටු කරන්නේ ලොකු කොන්ත්‍රාත්තුවක් වගේ නේද? (නදී)
බලය ඇති කෙනා එදා ඉදලම පක්ෂ බේදයක් නැතුව අඩු හෝ වැඩි වශයෙන් තම බලය මැතිවරණ වලදී පාවිච්චි කලා. ඡන්දෙ දෙන්න යන කෙනා ඡන්දෙ දෙන්න යන්නේ තමන් කැමති කෙනාට. තමන් කැමති පක්ෂෙට. පිටින් මොන බලපෑම කලත් එතනට ගිහින් ගහන කතිරේට බලපෑමක් කරන්න බැහැ. මැතිවරණ කාලෙට මේ මනාප ක්‍රමේ උඩ යම් සිදුවීම් වීම ස්වාබවිකයි. ඒවයෙන් දිනන එකාවත් පරදින එකාවත් වෙනස් කරන්න බැහැ. (නදී)