IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ඡන්ද නීති දිගට හරහට කඩයි

බස්නාහිර සහ දකුණ පළාත් සභා මැතිවරණයේ ඡන්ද නීති උල්ලංඝණය කිරීම් සහ මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධ පැමිණිලි 133ක් ලැබී ඇතැයි කැෆේ සංවිධානය කියයි.

නීතිවිරෝධී මැතිවරණ ප්‍රචාරණය සම්බන්ධයෙන් සිදුවීම් 65ක් වාර්තා වී ඇති බව කියන කැෆේ සංවිධානය මහජන දේපළ අයථා පරිහරණය, රාජ්‍ය නිලධාරින් මැතිවරණ කටයුතුවල යෙදවීම සහ මැතිවරණ සමයේ පත්වීම් හා ස්ථාන මාරු සම්බන්ධ සිද්ධි 52ක් වාර්තා වූ බව ද කියයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 42ක් ද, කළුතර දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 18ක් ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පැමිණිලි 16ක් ද ලෙස බස්නාහිරින් වාර්තා වී ඇති පැමිණිලි ගණන 91කි.  

0112866224 දරණ ෆැක්ස් අංකයෙන් ද, 0114341524 සහ 0114341514 යන දුරකතන අංක මගින් ද කැෆේ සංවිධානයට මැතිවරණය සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව එම සංවිධානය කියයි.



අදහස් (0)

ඡන්ද නීති දිගට හරහට කඩයි

පද්මිණි Tuesday, 11 February 2014 07:03 PM

නිතිය වලපල්ලට යවල කට්ටිය කිරිබත් එහෙම කෑවේ. දැන් කියනවා නිතිය කඩලලු. (අ)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 12 February 2014 01:35 PM

බලය ඇති කෙනා එදා ඉදලම පක්ෂ බේදයක් නැතුව අඩු හෝ වැඩි වශයෙන් තම බලය මැතිවරණ වලදී පාවිච්චි කලා. ඡන්දෙ දෙන්න යන කෙනා ඡන්දෙ දෙන්න යන්නේ තමන් කැමති කෙනාට. තමන් කැමති පක්ෂෙට. පිටින් මොන බලපෑම කලත් එතනට ගිහින් ගහන කතිරේට බලපෑමක් කරන්න බැහැ. මැතිවරණ කාලෙට මේ මනාප ක්‍රමේ උඩ යම් සිදුවීම් වීම ස්වාබවිකයි. ඒවයෙන් දිනන එකාවත් පරදින එකාවත් වෙනස් කරන්න බැහැ. (නදී)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Tuesday, 11 February 2014 07:44 PM

අල්විස් මහත්තයෝ මම දැනගන්න කැමති ඇත්තටම ඔබ ජිවත් වෙන්නේ වෙනත් ග්‍රහලෝකයකද කියල. මොකද ඔය කියන හැටියට නීති තිබෙන එකනම් ඇත්ත තමා. එත් ඒවා ක්‍රියාත්මක වෙනවද නැද්ද කියල ඔබතුමා නොදනමද ඔය කතා කියන්නේ කියල මට පුදුම. (අ)

:       0       0

සත්‍යයා Tuesday, 11 February 2014 11:35 PM

කතාව ඇත්ත. නීතිය කඩන්නේ එහෙම දෙයක් තියෙන හින්දලු. හැබැයි ටික දෙනයි දන්නේ නීතිය කා අතේද තියෙන්නේ කියලා. දඬුවම කියන අදහස එලියට එන්නේ, නීතිය අතේ නැති මිනිස්සු නීතිය එක්ක සෙල්ලම් කරන්න ගියොත්. (නධී)

:       0       0

සත්‍යා Wednesday, 12 February 2014 02:41 AM

මේකත් හරියට "දෙවියන්ට" පිටු පෑ නිසා මිනිසෙකුට අනික් මිනිසුන් විසින් දඬුවම් කළා වගේ. දෙවියන් ඉන්නවයි කියල හිතාගෙන අදහනවා මිස ඉන්නවාද, පවතිනවාද, පලක් තියෙන වාද මේ කිසිවක් නොදැන "දෙවියන්ට" බයේ ඉන්නවා. රටේ නීතියක් නැති උනත් තියෙනවා කියල හිතේ තියාගෙන සමහර විට අහිංසකයින්ටත් දඬුවම් කරනවා. (ත)

:       0       0

ගැමා Wednesday, 12 February 2014 08:17 AM

සෙනරත් අප්පුහාමිට මේ ටික කියන්නම හිතුනා. අල්විස් උන්නෙහෙ කියන දේම තමයි අප්පුහාමිත් කියන්නේ. නීති කඩන්නේ නීති තියෙන නිසා. ඒත් ඒවා ක්‍රියාත්මක කරන්න වෙනම ආයතන තියෙනවා. එහෙත් ඒවා හරිහැටි ක්‍රියා නොකරනවා නම් ඒක වෙනම කතාවක්. එහෙම නේද අප්පුහාමි? (නදී)

:       0       0

සරත් ආතාවුද Tuesday, 11 February 2014 03:02 PM

කඩන්න නීති තියනවද (දී)

:       0       0

රවින්ද්‍ර අබු ධබි Tuesday, 11 February 2014 03:15 PM

කඩන්න නීතියක් තිබෙන්න එපාය.ඔක්කොම නීතිය අතට අරන් තියෙන්න.අපි මොනවා කරන්නද .යන්නේ කොහාටද????? (දී)

:       0       0

නැනි Wednesday, 12 February 2014 09:29 AM

මෙය අලුත් ආරංචියක් ද? (නදී)

:       0       0

අල්විස් Tuesday, 11 February 2014 04:03 PM

මහත්තුරුනි. ඔයාලගේ ප්‍රශ්නය තුලම උත්තරය තියෙනවා නේ. නීතියක් රටේ තියෙන නිසා නේද ඒක කඩනවා කියල කියන්නේ. නිතිය කඩන කට්ටියට දඬුවම් දෙන්ට පොලිසිය උසාවි තියෙනවනේ.(නදී)

:       0       0

බුද්දික Tuesday, 11 February 2014 04:09 PM

නීතියක් කඩුවහම අන්න කැඩුවා කියනවා විතරනේ ඒවාට නිසි නිතිය ක්‍රියාත්මක කරන්නේ නැහැනේ (දී)

:       0       0

චානක. Wednesday, 12 February 2014 11:18 AM

මෙය අප රටට ආවේනික වූ ජාතික ක්‍රියා දාමයක්. එම නිසා මෙම ක්‍රියාවන් විනාස නොකර මතු උපදින පරම්පරාවටත් දායාද කොට දෙනවා නම් තමා හොඳ.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 12 February 2014 12:01 PM

අනේ පොඩ්ඩක් දන්නා කෙනෙක් කියල දෙනවද මේ කැෆේ එක කාගේද? මේකට මුදල් වියදම් කරන්නේ කව්ද? ඕනෑම කෙනෙකුට සංවිදානයක් හදන් මැතිවරණ නිරීක්ෂණය කරන්න පුලුවන්ද? මේවා පිළිගත් නිත්‍යානුකුල සන්විදානනම් මේවට එම නිත්‍යානුකුල බාවය ලබා දෙන්නේ කවරෙක්ද?මේවා දේශපාලන අරමුණු මත පිහිටුවා ගත් සංවිදාන නෙමෙයි කියල කාටද සහතික වෙන්න පුළුවන්? මේ ඉටු කරන්නේ ලොකු කොන්ත්‍රාත්තුවක් වගේ නේද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3927 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


කුරුණෑගල අනුරට
2024 සැප්තැම්බර් මස 22 29 0


මැද කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 129 0


ඇල්ලේ රක්ෂිතයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 22 10 0

ඇල්ල දුම්රිය ස්ථානය අසල වන රක්ෂිතයේ අද (22) දහවල් ඇති වූ හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රි


පොතුවිල් සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 106 0


යාපනයම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 227 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14678 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 67 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 237 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site