IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ඡන්ද නිරීක්ෂණ සංවිධාන අනතුරු අඟවයි

ඌව පළාත් සභා මැතිවරණයේදී   තර්ජන නිසා මැතිවරණ නිලධාරින් පසුබෑමකට ලක්ව ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කියයි. කැෆේ  , පැෆ්රල්  සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය එක්ව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියනුයේ ඡන්ද නිලධරයන්ගේ ආරක්ෂාව වහා තහවුරු කැර නිදහස් හා සාධාරණ මැතිවරණයකට අත්‍යවශ්‍ය පසුබිමක් සලසා දෙන ලෙසයි.

පසුගිය බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණ වලදී කැස්බෑව, හෝමාගම සහ වැලිගම මාතර ආදී ප්‍රෙද්ශවල මෙන්ම වයඹ පළාත් සභා මැතිවරණයේදී  ද මැතිවරණ ක්‍රියාවලියට එල්ල වු බලපෑම් උදාහරණ කොට දක්වන එම නිරීක්ෂණ සංවිධාන වැඩිදුරටත් සදහන් කර ඇත්තේ මෙවන් සිදුවීම් ඌව පළාත් සභා මැතිවරණයේදීත් සිදුවිය හැකි බවට පෙර නිමිති පළවී ඇති  බවයි.

  නාම යෝජනා භාරදුන්  අගෝස්තු 6 හිටපු පළාත් සභා මන්ත්‍රී අනුර විදානගමගේ සහ ඔහුගේ සොහොයුරු පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ  ලොග්ගල් ඔයේ දී  සහකාර මැතිවරණ කොමසාරිස් නාමල් තලංගම මහතාට කළ බවත්,   දැන් සිටම නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ නිලධාරින් මැතිවරණ නීතිය අකුරට ක්‍රියාත්මක කළ යුතු බවත් කැෆේ විධායක අධ්‍යක්ෂ  රජිත් කීර්ති තෙන්නකෝන්, පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ  ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහත්වරු කියති.



අදහස් (0)

ඡන්ද නිරීක්ෂණ සංවිධාන අනතුරු අඟවයි

නිල්මිණි Thursday, 14 August 2014 10:00 AM

ඕවා අහලා අහලා ඇති වෙලා තියෙන්නේ (දී)

:       0       0

දිල්ෂාන් Thursday, 14 August 2014 10:50 AM

නිදහස් හා සාධාරණ මැතිවරණයක් අපිට සිහිනයක්ද? (නි)

:       0       0

චාමර අනුර සම්පත් කුමසාරු Friday, 15 August 2014 02:49 AM

දේශපාලකයා නරියකු මෙන් කපිටි විය යුතු අතර සිංහයකු මෙන් එඩිතර විය යුතුය. මේ නියායට අනුව ද දන්නේ නෑ නේ මේ අය වැඩ කරන්නේ දේශපාන විද්වතුන් කියලා නෑ නේ මැතිවරණ නිරීක්ෂකයන් මැතිවරණ කොමසාරිස් ලා මොන වගේ විය යුතුද කියලා. (නදී)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Friday, 15 August 2014 04:04 AM

කොහේද ඔය කියන ස්වාධීන සාධාරනය තියෙන්නේ. සමහර ජනමාධ්‍යත් එහෙමනේ. තමන්ගෙ පක්‍ෂ වලට කඩේ යනවා. අාණ්ඩු පක්‍ෂය වේවා විපක්‍ෂය වේවා තමන්ගෙ පක්‍ෂයට අහිතකර ප්‍රකාශ කපලා දානවා. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 14 August 2014 12:39 PM

මේ නම් ටික බලන්න. ඔවුන්ට මේ ආයතන සදහා මුදල් එන්නේ කොහෙන්ද බලන්න. කවදාවත් නිදහස් සාධාරණ මැතිවරණයක් පැවැත්වුවා කියල මේ කටවල් වලින් අහන්න ලැබෙන්නේ නැහැ මොන රජයෙන් මොන ආකාරයට කැපකිරීමකින් මැතිවරණ තිබ්බත් මොකද මෙයාලගේ ජීවනෝපාය රැදිලා තියෙන්නේ නිදහස් සාධාරණ මැතිවරණ ක්‍රියාවලියක් මත නොවන නිසා. අවුලක් නැත්නම් අවුලක් හදල හරි පෙන්නන්න ඕනා. නැත්නම් එදා වේල නැහැ. සර්ව සම්පුර්ණ නිදහස් සාධාරණ මැතිවරණයක් කවදාවත් ප්‍රයෝගික නැහැ..පවතින ඕනෑම රජයක් මැතිවරණ සදහා තම බලය කොහොමත් අඩු වැඩි වශයෙන් යොදා ගන්නවා...නමුත් කවදාවත් එ්කෙන් ප්‍රතිපලයට බලපෑමක් වෙන්නේ නැහැ..බලපෑම් වලට යට වෙලා ඡන්ද පොලට ගිහින් කතිර ගහන මිනිස්සු දැන් නැහැ..එතනට ගියාට පස්සේ බලෙන් කවුරුවත් කතිරේ ගස්සවන්නේ නැහැ. මේවා එදා වේල හොයා ගන්න ස්වාමින් සතුටු කරන්න මෙයාල රගන මාධ්‍ය සංදර්ශන පමණයි. (නදී)

:       0       0

මාලක සිල්වා Friday, 15 August 2014 05:47 AM

මැතිවරණ නීති කඩන එක ඔප්පුවෙලා අවසන්. දඬුවම තමයි ලිහිල්. කව්රු උනත් කමක් නැහැ මැතිවරණ නීති කඩන එකා මැතිවරණය අවසන් වෙන තෙක්වත් රිමාන්ඩ් කරන්න.(නදී)

:       0       0

ශාන්\ Thursday, 14 August 2014 07:45 AM

මේවා උනේ අද ඊයේ ඉදල නෙමෙයි නේ (දී)

:       0       0

අනුරශාන්ත Thursday, 14 August 2014 07:47 AM

මොන එහකටද ඔය සභාව විසුරුවා හරියේ. ඔය තිබුන විදියට තියෙන්න තිබුනනේ. මැරකම් පෙන්නන්නම වෙන්නැති (දී)

:       0       0

ජූඩ් Thursday, 14 August 2014 07:55 AM

නිතිය කාටත් එක විදිහට ක්‍රියාත්මක විය යුතුයි (දී)

:       0       0

සත්‍යයා Wednesday, 20 August 2014 11:59 PM

බන්දුලම ආයෙත් කට ඇරලා. (නි)

:       0       0

මිලානො ජයන්ත Thursday, 14 August 2014 09:16 AM

හොද සිහි බුද්දියක් අනුවන චන්ද දායකයනට කවදා ලැබේදෝ ?

:       0       0

සත්‍යපාල Thursday, 14 August 2014 09:39 AM

මැතිවරණකොමසාරිස්ට ආතතිය හැදිලා තමයි වැඩේ ඉවර වෙන්නේ . (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 193 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1098 5

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3840 9

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2926 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3388 4

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1485 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24976 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site