(අංජුල මහික වීරරත්න)
මෙම වසරේ හදිසි මැතිවරණයකට ගියහොත් ඉදිරි මහ කන්නයේ දී වී මිලදී ගැනීමට පවා ආණ්ඩුවට මුදල් නැති වී යනු ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
වී මිලදී ගැනීමට නොහැකි වුවහොත් යළිත් සහල් වෙළෙද පොල කඩා වැටීමේ අවදානමක් පවතින බවද මුදල් අමාත්‍යාංශ වාර්තාවන් හි දැක්වේ.
මෙි තත්ත්වය යටතේ පෞද්ගලික අංශය පමණක් වී මිලදී ගතහොත් වී මිල ශීඝ්‍රයෙන් පහල ගොස් වී ගොවියා අන්ත අසරණ තත්ත්වයකට පත්වනු ඇතැයි අදාල වාර්තාවෙි සඳහන් වෙයි.
යල කන්නයේද හොද සහල් අස්වැන්නක් ලැබීම නිසා මහ කන්නයේදී වී අස්වැන්න ඉහල යා හැකි බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පුරෝකතනය කර තිබේ.
මෙවැනි තත්ත්වයක් යටතේ රජයට වී වෙනුවෙන් සහතික මිලක් නියමකොට වී මිලදී ගැනීමට නොහැකි වුවහොත් වී වෙළෙඳපොළ කඩා වැටෙනු ඇතැයි ද එයින් සහල් ඒකාධිකාරයක් නිර්මාණය වීම නිසා සහල් මිල ද ඉහළ යාමේ අවධානමක් පවතින බව ද මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයා සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’ඡන්දෙකට ගියොත් වී ගන්නත් සල්ලි නෑ’’
Shashika519 Tuesday, 03 January 2023 10:49 AM
නමක් ගමක් නැති එකෙක්... වී මිළ අඩු උනොත් හාල් මිලත් අඩුවේවි.. ඉතින් ඒක බත් කන අයට හොදයිනේ
sena Tuesday, 03 January 2023 10:51 AM
මොන දහන් ගැටයක් හරි දාලා චන්දෙදෙම් තියන්න එපා.
Bamunuarachchi Tuesday, 03 January 2023 11:07 AM
’ඡන්දෙකට ගියොත් වී ගන්නත් සල්ලි නෑ’’ එනිසා චන්ද අපිට එපා. චන්දෙන් බලයට එන එකා ඇලඩින්ගේ පහන අරගෙන නොවෙයි එන්නේ. ඒ ගොල්ලොත් මේ ක්රමයම ගෙනියනවා. එනිසා තව කාලයක් මේ විදිහට යමු. පලාත්පාලන ක්‍රමය රටට ආවේ අපිට ඕනේ නිසා නොවෙයි උතුරේ දෙමළුන්ට බලතල දීමට උවමනා නිසා . අන්තිමට මෙය උරචක්‍ර මාලයක් උනේ අපිට. පලා බබා අපිට එපා. දැනට තිබෙන පළාත් සබාත් විසිරුවා හරින්න.
WasanthaTuesday, 03 January 2023 11:31 AM
පළාත්සබා නෙමෙයි ගොබ්බයො, පළාත් පාලන මැතිවරණය තියන්න තියෙන්නේ. තියන චන්දේ මොකද්ද කියලවත් දන්නේ නැතුව තමයි රනිල්ගේ සෙට් එක කොමෙන්ට් කරන්නේ. බය නැතුව තියපල්ලා චන්දයක්. එතකොට බලාගන්න පුළුවන් උඹලගේ රනිල් ඉන්න තැන.
PereraTuesday, 03 January 2023 11:59 AM
ආයෙ කිසිම චන්යක් මෙ ආන්ඩුව මෙ රටෙ තියන්නේ නැහ්. ඊට නැගෙන ජනතා විරොදය පොලිසිය හමුදාවල් දාල මර්දනය කරනව.
BamunuarachchiTuesday, 03 January 2023 05:42 PM
ඡන්දෙකට ගියොත් වී ගන්නත් සල්ලි නෑ’’ කියනවා මිසක් මොන චන්දෙද කියලා නැහැ නේද ගොබ්බයො? අපිට පළාත් පාලන මැතිවරණය තියන්න ඕනෙත් නැහැ පලාත් සබා චන්ද ඕනෙත් නැහැ. ඔය එකකින්වත් රටට සෙතක් උනේ නැහැ ගොබ්බයො. මැතිවරණ කිසිවක් අපිට ඕනේ නැහැ. තිබෙන සල්ලි ටික වී ගන්න පරිස්සම් කර ගන්න.
podiekaaTuesday, 03 January 2023 11:38 AM
ජන්දයක් ඔනෙද නැද්ද කියන එක එ රටෙ ජනතාව තීරනය කල යුතුයි ..
fairoosTuesday, 03 January 2023 12:02 PM
ලැජ්ජයි බමුනා අනේ මෙහෙමත් මිනිස්සු වහ ටිකක් කාල මැරියල්ල
චමින්ද Tuesday, 03 January 2023 01:13 PM
මම හිතුවෙ නැහැ බමුණා මෙතරම් මෝඩයෙක් කියලා බැලුවම ගල් මෝඩයෙක්නේ අනේ මෝඩයෝ පළාත් පාලන ආයතන කියන්නෙ නුඹේ ආදරණීය බණ්ඩාරනායක ලොක්කා ප්‍රේමදාස ලොක්කා ඉතාමත් කැමති ඒ කාලයේ තිබුන ගම්සභා ,සුලු නගර සභා හා නගර සභා ආදියට (දැන්නම් ප්‍රේමදාස ඇතිකල ප්‍රාදේශීය සභා නගර සභා හා මහ නගර සභා ) මිස රජිව් ගාන්ධි ලංකාවේ විනාශය වෙනුවෙන් ඇතිකල පලාබබාල නොවෙයි
sharm warn Tuesday, 03 January 2023 11:14 AM
චන්දෙ නොතියා ඉන්න මිනිස්සුන්ව බය කරන්න ගොන් කතා කියන්න එපා.. අය-වැයෙන් හැමදාම චන්දෙට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන බව රටම දන්නව.. වී ගන්න සල්ලි මදි වෙනව නම් අර දියවන්නවෙ ඉන්න හරකුන්ට දෙ දීමනා වලින් කපල සල්ලි ගන්න.. උන්ට හාල් ඔ්නෙ නෑ පුන්නක්කු සහ තණකොල විතරයි නෙ ඔ්නෙ
මසිරිපාලTuesday, 03 January 2023 01:22 PM
අයවැය හදද්දී ඉලක්කම් ලියන්න කාටත් පුළුවන් ඒත් ඒවා කරන්න ප්‍රතිපාදන වලින් බැහැ මුදල් අවශ්‍ය වෙනවා මුදල් නැතුව වැඩ කරන්න බැහැ ප්‍රතිපාදන වෙන්කලා කියමුකෝ ඒත් මුදල් ඇමතිවරයා අදාල වොර්න්ට් බලපත්‍රය අත්සන් කරන තුරු වියදම් කරන්න බැහැ මුදල් නැතුව වොර්න්ට් බලපත්‍රය අත්සන් කිරීමට බැහැ (කොහේද ලොක්කො හැමදාම අයවැයෙන් මැතිවරණ සදහා ප්‍රතිපාදන වෙන් කරන්නෙ කියලා කියන්න හැමදාම අයවැයෙන් මැතිවරණ දෙපාර්තමේන්තු වියදම් සදහා නම් ප්‍රතිපාදන වෙන් කරනවා තමයි ) .
මසිරිපාලTuesday, 03 January 2023 04:35 PM
රාජ්‍ය සේවයේ මුදල් සම්බන්ධ ආයතන වලත් සමග දිගුකලක් සේවය කල මම අදහස් දක්වා තියෙන්නෙ අත්දැකීම් අනුව පමණයි .එතින් මම කියපුදේ වැරදියි නම් ඩිස්ලයික් නොදා වැරැද්ද පෙන්වා දෙන්න
ganegoda Tuesday, 03 January 2023 11:18 AM
චන්දයට ගියොත් වී ගන්න සල්ලි නැහැ ! චන්දයකට නොගියොත් හුස්ම ගන්න හුලන් නැහැ !!!
seneTuesday, 03 January 2023 12:30 PM
පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඡන්ද පැවැත්වීමට මුදල් නැති බව කියමින් ඇතැම් පාර්ශ්වයන් ඡන්දය කල් දැමීම සදහා දැවැන්ත ප්රචාරක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව වාර්තා වේ. ඒ අනුව මැතිවරණ පැවැත්වුවහොත් රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට මුදල් නොමැති බවටත්, විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් ගෙවීමට නොහැකි වනු ඇති බවටත්, අවම වශයෙන් වී මිලදී ගත නොහැකි වනු ඇති බවටත්, යළි තෙල් ගෑස් පෝලිම් ඇතිවිය හැකි බවටත් පවසමින් මෙම ප්රචාරක ව්‍යාපාරය දියත් කිරීමට සැලසුම් කර ඇති බව දැනගන්නට ලැබී තිබේ.
Lakmal Tuesday, 03 January 2023 11:19 AM
කවුද උසස් නිළධාරිය? රුවන් විජෙවර්දනඩ?
ලක්මාලිTuesday, 03 January 2023 03:02 PM
කවුද හලෝ රුවන් විජයවර්ධන මැතිතුමා උසස් නිළධාරියෙක් කියන්නෙ .එතුමා එ.ජාප.යේ නායක මිස මුදල් අමාත්‍යාංශයේ නිළධාරියෙක් නොවෙයි සාමාන්‍යයෙන් නිළධාරියෙකුට තොරතුරු පිටතට දෙන්න අවසර නැහැ එනිසා තමයි පියන් කෙනෙකුට ඉහළ කෙනෙක් දුන්නු තොරතුරක් එහෙම පලකරන්නෙ. රටට ආදරයක් තිබේනම් හැම එකටම පක්ෂ දේශපාලනය ගාවන්න එපාබං
Lal Tuesday, 03 January 2023 11:22 AM
ඡන්ද එපා.....
රුවන් Tuesday, 03 January 2023 11:40 AM
2022 ජන්ද තිබුනෙත් නෑ, හැබැයි වී ගත්තෙත් නෑ. උසස් නිලධාරීයා මොකද දන්නෑ ඒකට කියන්නේ?
රුවිනිTuesday, 03 January 2023 03:38 PM
රුවන්ගෙ අසනීපෙට සුදුසු රෝහල තියෙන්නෙ මුල්ලේරියාවෙ කියලා අහල තියෙනවා සමහවිට එහෙනුත් බෙහෙත් සොයාගන්න බැරිවේවි ඔය අසනීපය එතරම්ම දරුණුයි
Kumara Tuesday, 03 January 2023 11:59 AM
අපිට කන්ඩ ඔනේ නෑ . මේ අවලම නරිය අතුගාල ආන්ඩයි ඔනෙ
Sarath Perera Tuesday, 03 January 2023 12:32 PM
මුදල් අමාත්‍යාංශයේ මේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් දැන් නින්දෙන් ඇහැරිලා දොඩවනවා. රට බංකොලොත් වෙනකල් තොපි කොහෙද හිටියේ කාලකන්නි. යකෝ හැම විනාශයක්ම වෙනතුරු කටවල් වහගෙන තොපේ අ.............ලාට හැමිණුනාද? මිනිස්සුන්ට කැමති රජයක් පත්කරන්න හදනකොට තමයි තොපිට සල්ලි නැති බව පේන්නේ නේද? තොපි වගේ බත් බැලයන්ට කෙලවෙන බව දන්නවනේ.
Athula Tuesday, 03 January 2023 01:25 PM
හැබැයි අලුත්ම ගෑස් mask ගන්න සල්ලි තියෙනවා.. මේවා පිළිගන්න උන්ට හොඳයි.. එතකොට ආරක්ෂක අමාත්‍යංශයට කෝටි 60,000 ක් මොකටද? යකෝ රෝහල් වල බෙහෙත් නැතුව ලෙඩ්ඩු මැරෙනවා ඒවා ගැන එකෙක් කථා කරන්නෙ නැහැ.මේවා සේරම බොරු මුන්ට වාසි නම් ඔය එකක්වත් ප්‍රශ්නයක් නැහැ.. අපිට චන්දයක් ඕනෙ මේ තක්කඩි රැල එලවා දමන්න චන්දෙ එපා කියන උන් චන්දෙ නොදී ඉඳපල්ලා හැබැයි අපිට චන්දෙ ඕනෙ ඒක මගහැරියොත් තොපි සේරම බේරේ නාන්න බලන් ඉඳපල්ලා
දයානන්ද Tuesday, 03 January 2023 01:26 PM
ඇමති වරප්‍රසාද වලට සැප ගන්න සල්ලි ඇතිතරම් තියනවා නේද? ගාමිණී සෙනරත් මගුල් ගෙදරට කෝටි 11 ක් වියදන් කලේ කොහොමද
රුවන් නිරිඇල්ල Tuesday, 03 January 2023 04:27 PM
ප්‍රාදේශීය සභා ඡන්දය නොතියා ඉන්න මාර ට්‍රයි එකක් දෙන්නේ. ඡන්දය තිබ්බොත් රනිල් රාජපක්ෂලාට ඇප නැතුව යනවා කියලා උන් දන්නවා. මැතිවරණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය සල්ලි බජට් එකෙන් වෙන් කරලා ඉවරයි. මැතිවරණ දෙපාර්තමේන්තුවට බජට් එකෙන් වෙන් කරපු සල්ලි වලින් වී ගන්න බැහැ. අනිත් කාරනාව ඡන්දය තියන්න බිලියන 5 විතර වගේ යන්නේ කියලා මැතිවරණ දෙපාර්තමේන්තුව කිව්වා . බිලියන 5 හොයාගන්න බැරි රනිල් රාජපක්ෂ කොහොමද මේ අවුරුද්දෙ හොයන්න ඇස්තමේන්තු කරපු බිලියන 7900 හොයන්නෙ.
Bamunuarachchi Tuesday, 03 January 2023 05:42 PM
එක තමයි ගොබ්බයො මම පළාත් පාලන ක්‍රමය කියා ලියා තිබෙන්නේ. මට ඔය එකක්වත් අදාළ නැහැ මම ඉන්නේ ලංකාවේ නොවෙයි. හෙන ගැහුවත් මට කමක් නැහැ ගොබ්බයො.