ඒකාබද්ධ විපක්‍ෂය බ්‍රහස්පතින්දා (7) නම් කළ ඡායා කැබිනට්ටුවේ නගර නිර්මාණ හා ජල සම්පාදන අමාත්‍යවරයා ලෙස නම් කර සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලොහාන් රත්වත්තේ මහතා තමන් එයින් ඉවත් කරන ලෙස ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට දැනුම් දී තිබේ.
මෙම ඡායා කැබිනට්ටුව ගැන මාධ්‍ය මගින් වාර්තා කරන තුරු තමන් නොදැන සිටි බවත්, ඒ ගැන තමන්ට දැනුම් දීමක් කර නොතිබූ බවත් මෙම කටයුත්ත ගැන කිසිවක් නොදන්නා බැවින් තමා එයින් ඉවත් කරන ලෙස දැනුම් දුන් බවත් රත්වත්තේ මහතා ලංකාදීප එසැණ කළ විමසීමකදී පැවසීය.
මේ අතර ඡායා කැබිනට්ටුවේ අග‍්‍රාමාත්‍යවරයා ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ද තමන් එයින් ඉවත් කරන ලෙස දැනුම් දී ඇති බවට දේශපාලන ආරංචි ඇත.
රාජපක්‍ෂ මහතා ඒකාබද්ධ විපක්‍ෂයට උපදෙස් දී ඇත්තේ ඡුායා කැබිනට්ටුවක් පිහිටුවා ගන්නා ලෙස නොව අමාත්‍යාංශ වෙනුවෙන් අධීක්‍ෂණ මන්ත‍්‍රීවරුන් නම් කරන ලෙස පමණක් බවද වාර්තා වේ.
මහා බ්‍රිතාන්‍යයේ වෙස්මිනිස්ටර් සම්ප්‍රදාය අනුව යමින් මෙම ඡායා කැබිනට්ටුව නම් කිරීමේ මූලික දෝෂයක් ඇතැයි නම හෙළි කිරීමට අකමැතිවූ විපක්ෂ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් කීහ.
සම්ප්‍රදාය විය යුත්තේ විපක්ෂ නායකවරයා ඡායා කැබිනට්ටුවක ඊළඟ අගමැති ලෙස සැලකීම වුවත් විපක්ෂ නායක ආර්.සම්බන්දන් වෙනුවට ජනපතිවරණයෙන් පරාජය වූ මහින්ද රාජපක්ෂ පත් එහි අගමැති ලෙස පත් කර ඇත. විපක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර එතරම් ඇයි හොඳයි කමක් නැති නිසා සම්බන්දන් මහතා ඒ සඳහා නම් කර නැතත් අඩු ගණනේ විපක්ෂ සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා ඒ සඳහා පත් කළ යුතුව තිබූ බව ඔවුහු කියති.
මහින්ද රාජපක්ෂ මහතාටත් මේ බව තේරී ඇති බව පෙනේ යැයි ද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හරිම චූන් සෙල්ලමක්නේ ... අනේ අපිවත් ගන්නකො සෙල්ලමට... (ර)
මෙයාලා නිකන්ම ඡායා නොව, අද්භූත ඡායායි (නි)
හිටපු ජනාධිපති එදත් ජනතාව ඇන්දුවා, දැනුත් අන්දන්නද හදන්නේ (නි)
ඡායා කියන්නේ සෙවණැලි. ඇත්තටම මෙයාලා දැන් සෙවණැලි තමයි (නි)
ඡායා යන්නෙන් අර්ථවත් වන්නේ සෙවණැලි යන්නයි (නි)
පුදුමයි ඒත් ඇත්තයි. (ර)
මෙක අදහස් කියැවුවම හරිම දුකක් දැනෙන්නේ. (ර)
මෙහි අදහස් පළකර ඇති බොහෝ දෙනා වෙන්න යන දේ නොදැන දෙඩවීම කණගාටුදායකය. (ර)
කල යුත්තේ ඉදිරියට තමන් කරන්න බලාපොරොත්තුවෙන වැඩ ටික පෙන්වලා මහජන සහය ගන්නෙක. (ර)
මොනවද මේ දවල් හීන. (ර)
අරුණ මේ අදහස් දක්වන සියළුම දෙනාටම මේක විහිළුවක් කියලා තේරෙනවා ඔබට අැයි මේක නොතේරෙන්නේ. (ර)
බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය අනුව ජනමතයෙන් පැරදුනු කෙනා නම්බු පිටින් ගෙදරටවෙලා ඉන්න ඕන නේද. (ර)
ජනමතයට පිටුපාන දෙසපාලුවේ හිරේ යවන්න ඕනා පාට පක්ෂ නොබලා ..(හේ)
රෑ දැකපු හිනේ උදේ වෙනකොට ඉවරයි. (ර)
හිටියේ නැත්තන් ඇයි අස්වෙන්නේ ආයුබෝවන්.? (ර)
අප වෙත සපයන රස සාගරයට ස්තුතියි. (ර)
නගර නිර්මාණය අමාත්‍යකමට කොහොමත්ම මෙයා සුදුසු නැහැ. (නි)
ඉතින් නීත්‍යානුකූලව සම්බන්ධන් මහත්තයට අගමැතිකම දුන්නා නම් මේ කරදර නැහැනේ. (නි)
විමල් මහත්තයා අගමැති කරලා ගම්මන්පිල මහත්තයා ජනාධිපති වුණොත් හොඳ නැද්ද? (නි)
සමහරු ඉතින් හැමදාම විහිළු කරන්න හරි දක්ෂයිනේ. ඔහොම විහිළු කර කර ඉන්න. අපිටත් හොඳයි. (නි)
ගමේ ගොඩේ මේවාට කියන්නේ මෝඩ විහිළු කියලා (නි)
අනේ අපිටත් ඉතින් ඉඳලා හිටලා මෙහෙමවත් විහිළුවක් සපයනවාට පින්! (නි)
බල තණ්හාවෙන් සිහිවිකල්වූ උන්මත්තකන් පිරිසකකේ තවත් එක් ජවනිකාවක්. අහෝ රටකට ගිය කලක්! (නි)
සුපිරි කට්ටියක්නේ! (නි)
ආනන්ද දොඩන්ගොඩ, ඔබ හරි. පැරිස් සනත්ගේ කතාව දෝලාවෙන් ගමන බඩගගා. (නි)
අපෝ ... සනත්ලා.... කවුද කියලා පැරිස් අය හොදට දන්නවා අංක එකේ දොඩවන්නා කවුද කියා කියන්න ඕනේ නැ...(බ)
සනත් පැරිස් .වෙන්න යන දේ අපි විවාදයක් තියමුද ..එනවා කියලා පොලු බෑ...(බ)
සනත් පැරිස් ...වෙන්න යනදේ දන්නේ ඔයා විතරයි හරි ..එකෙනුත් ඔයා ..එක මාළුවා නහින්නේ කටනිසාය (බ)
සනත් පැරිස් .හරි හරි වෙනදේවල් ඔක්කොම දන්නකෙනා ඔයයි .බක පණ්ඩිත කම මහමුදලි කමටත් වඩා ලොකුයි (බ)...
අවසන ජාති ජරා මරණ සැමටම පොදු මේ ජීවිතය! (නි)
අපිට ආසාවට එයාර් ලංකා එකේ එන්න තිබුන එකත් නැතිකළා. මුළු රටම විකුණගෙන කෑවා. තවත් රාජපක්ෂලා ගැන හිතන්නවත් එපා. (නි)
අපිටත් එපාවෙලා (නි)
එක එක ඒවා කරලා කරලා වරද්දාගෙන අන්තිමට මොකක්මහරි තනතුරක් ගන්න දඟලයි (නි)
තමන් පරාජය වුණා කියලා තේරුම් ගන්නවත් බැරි උදවිය මේ විහිලු කරන්නේ මහජන මුදලින් කකා බිබී කියලවත් වැටහෙන්න අබ ඇටයක් තරමකවත් මොළයක් ලැබේවා කියලයි මට නම් හිතෙන්නේ. (නි)
මානෙල්, ඔලුව අතගාලා බලන්න අං දෙකක් එනවද කියලා. මෙයාලගේ අදහස දැක දැක මෙයාලටම ඡන්දෙ දෙන අයත් ඉන්නවනේ මේ රටේ? සුරංගනා ලෝකේ ඇත්ත කියලා හිතන්න ඇති. (නි)
සනත්, ඔයා ගැන අපිට කණගාටුයි (නි)
සනත්, ඔයාගේ වැදිබණ නවතාගන්න (නි)
සනත් ගැන නම් කවුරු කවුරුත් හොඳට දැනගත්තා (නි)
සනත් පැරිස්, වෙන්න යන දේ ඔයා දන්නවද? ඔයාට වෙන්න යන දේ ඔයාවත් දන්නේ නැහැ (නි)
ඇති යන්තම්. මේ දවස් වල මේ ඡායා කැබිනට්ටුව ගැන කතාකරන නිසා බඩු මිල වැඩිවීම බදූ වැඩිවීම රටපුරා උද්ඝෝෂණ, වැඩවර්ජන සහ ප්‍රවාහන අපහසුතාවයන් ගැන කතා කරන්න හිතන්න වෙලාවක් නැහැ. (නි)
අලුත් ඇමතිවරුන්ගේ ෆයිල් කා ළඟද දන්නේ නැහැ (නි)
ජේවීපී එක මේකට උදවු කළොත් හොඳයි. (නි)
පීරිස්, නැවත රාජපක්ෂ පාලනයක් ගැන හීනෙකින්වත් හිතන්න එපා. කතා කරන්න එපා. (නි)
රට බේර ගත්තා කියලා රටම ඉවර කරා.(හේ)
මොලේ අවුල් වෙනකොට ඔය වගේ සෙවනැලි ඇඳ වෙනවා.(හේ)
"සුද්දෙක් කතා කරයි." (අ)
අනේ අම්මපා මේ වගේ විහිළු.අපිට දෙපැත්තෙන්ම හිනා...(බ)
ජායා කැබිනට් කියන වචනයට කිට්ටුම වචනයක් මම හිතන්නෙ හොල්මන් කැබිනට් කියන එක (බ)
යම් යම් අයගේ බලය ලබාගැනීමේ න්‍යායපත්‍ර අනුව බොහෝ දේවල් මහජනතාවට කාවැද්දවීමට සිදුකරන දෑ අතර තනතුරු ලයිස්තු ගත කිරීම් තවත් විහිළුවක් පමණක් බව පෙනේ. (ම)
විමල් වීරවංශ හිතන්නේ එයා කට ඇරියොත් ඔක්කොම හරි කියලා.(හේ)
පෙනී නොපෙනී යන හොල්මනක් (හේ)
බලය ඉලක්ක කරගෙන නොවේ, රටේ දියුණුවත් ජනතාවගේ ජීවන මට්ටම ඉහලට ගෙන ඒමත් ඉලක්ක කරගෙන සැලසුම් හදන්න. (ම)
අපිට නම් ඒකාබද්ද විපක්ෂේ සමහර අයගේ ඡායාවක් වත් එපා...(ම)
මුන්ට රට දුන්නොත් නියමෙට තියේවි හිනා වෙන්න හොඳයි මේවා (ම)
මේවා විනෝද සාමය පරදන විහිලු.. මහින්ද මහත්තයා දැන්වත් බල තණ්හාව අතහැරියොත් නේද හොද (ම)
ලත් තැනම ලොප්... පේනවනේ කාටද වුවමනාව තියෙන්නේ කියලා.(අ)
අපේ එකම ප්‍රාර්ථනය ජනතා විමුක්ති පෙරමුණ පමණි හොරුන්ව ධාමරිකයන්ව මැඩලන්න පුළුවන් ඔව්වුන්ට පමණි (අ)
මට නං හිතෙන්නේ මේක ආණ්ඩුවෙම ගුලියක්. දැන් ඉතිං මහින්ද මහත්තයාට මඩ ගහන්න බැරියැ නාමල් පුතාට විද්ශ ඇමැති පට්ටම දුන්නා කියලා ඡායා කැබිෙනට්ටුවේ (අ)
රාජපක්ෂ එතකොට බබාද? මේ වැඩේ නෝන්ඩි වුනාම දැන් අයින් වෙන්න හදනවා. (අ)
පාර්ලිමේන්තුව ගැන ඒවායේ නීති ගැන , නොදෙනුවත්කම නිසා කරපු ක්‍රියා වල ආනිසංස පල දෙන්නේ (ම)
කරුණාකර රටට විහිලු සපයන්න එපා. මේ යක්කුන්ට පරාද වෙලත් සිහින ඇමැතිකම් වල හරි එල්ලිලා ඉන්න ඕනෑ.(ම)
පුදනකොටම කාපි (බ)
ඔබ රුව ඡායා (නැවතත්) බොඳවේ පායා ... (ම)
බුදු අම්මෝ !!!! රටට මාරම පාඩුවක් ... . ටෙනිසන් කුරේ පරාදයි මේ විහිලුවටනම් ... (ම)
රජයේ හෝ විපක්ෂයේ බොරු කැබිනට් වලින් වැඩක් නැහැ . ළඟදීම ලංකාවේ උරුමක්කාරයන් බවට පත්වන ඇමරිකන් ,දෙමල හා මුස්ලිම් බලවේගවලට ඉඩ දෙන්න .නිකම් රුකඩ නැටුම් පෙන්නන්න එපා .නේටෝව එක්ක හෙල්ලෙන්න හම්බවෙන්නේ නැහැ ඔය කාටවත්. (අ)
ඊයේ විස්තරේ දැකලා වගේ, දැන් හිතෙනවා ඇති මේ මොකක්ද මං කරගතේ කියලා(හේ)
මම කලින්නම කිව්වේ මේක "ඡායවක්ම" තමා කියලා.(හේ)
මේ වගේ විහිළු විකාර වැඩ වලට හූ කියලා අපිට පුරුද්දක් නැති නිසා හූ නොතියා ඉන්නවා. (නි)
සෙල්ලම් ආණ්ඩුවේ සෙල්ලම් සේනලට වෙච්ච දේ? ඇටි කෙහෙල් කාපු උගුඩුවන් වගේ වෙලා (නි)
හිනා, හිනා මේවා තමයි හතර හිනා. (නි)
රනිල් මහත්තයෝ, බොහොම කල්පනාවෙන් වැඩ කරන්න. උගුලක් අටවන්නයි වගේ හදන්නේ. රාහුගේ ඡායාව තමයි කේතු. කේතු බොහොම නරකයි මේකට වටවෙලා ඉන්න ග්‍රහයෝ ටික පොල් ගහ ගහා ඉන්නේ. (නි)
රටම කාලා තවත් කන්න එනවනේ! (නි)
මේ දෙයින් හොඳටම මට හිනා ගියා. මොවුන් ගැන දුක හිතුනා. මේක දැක්කම මොවුන්ට ඡන්දෙ දෙන්න හිතාගෙන ඉන්න අයත් නැතිකර ගත්තා. නාමල් රාජපක්ෂ විදේශ ඇමති ඉන්න ආණ්ඩුවක් ගැන කුමන කතාද. (නි)
මේකත් අර අහවලාගේ රහස් උගුල් වලින් එකක් කියලයි මම නම් හිතන්නේ (නි)
ලොකුම විහිළුව විදේශ ඇමතිධුරය. (නි)
මම හීනෙන් ඡායාවක් දැක්කා. සියලුම අමාත්‍යංශ එක ඇමති කෙනෙක්. අනෙක් අය ගොඩක් කුස්සියේ වැඩ. මගේ සිහිනය ගැනත් පළකළොත් ලංකාදීපයට තුති! (නි)
ශක්තිමත් විපක්ෂයක් යනු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක තිබිය යුතු අනිවාර්ය අංගයකි. අද අප මුහුණ පා ඇති අවස්ථාවට අනුව රටට අහිතකර වෙළද ගිවිසුම්, වංචා,රාජ්‍ය බලය අනිසිලෙස යෙදවීම සිදුවීම බහුලවේ. විපක්ෂ මන්ත්‍රීවරු දහසක් බාධක මධ්‍යයේ කරගෙන යන ක්‍රියාවලියට සැමගේ සහය දියයුතුය. මෙහි අදහස් පළකර ඇති බොහෝ දෙනා රටට වෙන්න යන අනතුර නොදැන නන් දෙඩවීම කණගාටුදායකය. (නි)
මේකට නම් අපිත් කැමති නැහැ. නමුත් මේකට හිනාවෙන අයට අර අනෙක් අයගේ විහිලු වලට හිනා යන්නේ නැද්ද දන්නේ නැහැ. (නි)
ඇති වරදකුත් නැහැ බලනකොට. (නි)
දන්නේ නැති හින්දයි අහන්නේ. මේ කැබිනට්ටුවේ ඉන්න කට්ටියට කාර් බාර් ලබා දෙන්නෙත් ආණ්ඩුවෙන්ද? (නි)
මහින්ද මහත්තයා ප්‍රසිද්ධියේ කී පරිදි හොර දේශපාලුවන්ගේ ෆයිල් තියෙන අය ඉවත්කර හොඳ දේශපාලකයන් පත්කළොත් හොඳයි (නි)
ලෝකයේ කිසිම හිටපු රාජ්‍ය නායකයෙක් මේතරම් පහත් තත්ත්වයට වැටෙනවා මම අහලා දැකලා නැහැ. (නි)
එ්කාබද්ධයේ වැඩ මහින්දටත් එපාවෙලා ඇති (නි)
මොළේ තියෙනකොට බලය නැහැ. බලය තියෙනකොට මොළේ නැහැ. (නි)
මේ කැබිනට්ටුවට වාහන දෙන්නේ නැද්ද? (නි)
දැන් ලංකාවේ තියෙන්නේ වැඩ බැරි කැබිනට් එකක්. හුඟක්ම ඉන්නේ ගිරවු (නි)
මහින්දට තණකොළ ඩිංගක් කපන්න හිතුණා ගහ උඩට යන්න. තණකොළ නැහැ ගහ මුදුනේ, එ්කයි බිමට බහින්නේ
කවුද පශු සම්පත් අැමති? (නි)
ඡායා කැබිනෙට්ටුව මායා කැබිනෙට්ටුවක්ම විතරයි. (හේ)