වසර හයක් පුරා අත්හිටුවා තිබෙන ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය ශ්‍රී ලංකාවට නැවත ලබාදීම සදහා යුරෝපා කොමිසම විසින් රජයට ඉදිරිපත් කර තිබූ කොන්දේසි 58 , කොන්දේසි 15 ක් දක්වා අඩු කර ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය කඩිනමින් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මත අදාළ කොන්දේසි අඩු කිරීමට හේතුවී ඇතැයි තානාපති ආරංචි මාර්ග සදහන් කරයි. ජාත්‍යන්තර සම්මුතීන්ට අදාළ නීති රීති රෙගුලාසීන් වත්මන් රජය විසින් සපුරලීමට අවශ්‍ය පියවර ගැනීමත් යුරෝපා කොමිසම සිය කොන්දේසීන් ලිහිල් කිරීමට හේතුවී ඇතැයි තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී.
එමෙන්ම, වත්මන් රජයේ යහපාලන ප්‍රතිපත්තීන් තහවුරු කිරීම සදහා ජී.එස්.පී. ප්ලස් ශ්‍රී ලංකාවට කඩිනමින් ලබාදීම අවශ්‍යතාවයක් බව යුරෝපා සංගමය ද පිළිගෙන ඇතැයි බ්‍රසල්ස් නුවර තානාපති ආරංචි මාර්ග පවසයි.
ජී.එස්.පී ප්ලස් ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීමෙන් අනතුරුව 2010 වසරේදී ද යුරෝපා කොමිසම එය නැවත ලබාදීම සදහා කොන්දේසි පෙලක් ඉදිරිපත් කළා. නමුත් එවකට පැවති රජය අදාළ කොන්දේසි පිලිපැදීම ප්‍රතික්ෂේප කළේ රටේ ස්වෛරීභාවයට හානියක් වන බව පවසමිනි.කෙසේ නමුත්, වත්මන් රජය යුරෝපා කොමිසම සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව අදාළ කොන්දේසි ලිහිල් කර ගැනීමට හැකිවී තිබෙනවා.
එම සහනය නැවත ලබා ගැනීම සදහා පසුගියදා නිල වශයෙන් අයදුම් කර තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම , එම පනත යටතේ රදවා සිටින්නන්ගේ නඩු විභාග කඩිනම් කිරීම , නව මානව හිමිකම් ක්‍රියාකාරි සැලැස්මක් හඳුන්වාදීම ,නව ව්‍යවස්ථාව යටතේ බලය බෙදා හැරීමට කටයුතු කිරීම , උතුරේ පෞද්ගලික ඉඩම් සියල්ල නැවත හිමිකරුවන්ට ලබාදීම , සහ ජාතික සංහිදියා සහ නැවත පදිංචි කිරීමේ ප්‍රතිපත්තියක් හඳුන්වාදීම ඇතුළු කරුණු මෙම කොන්දේසි වලට ඇතුළත්වූ බව තානාපති ආරංචි මාර්ග කියයි.
යුරෝපා සංගමය මීට පෙර ද ප්‍රකාශ කළේ මෙරට මානව හිමිකම් වල වර්ධනයක් අපේක්ෂා කරන බව වන අතර මීට අමතරව ජී එස් පී ප්ලස් තීරුබදු සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීම පිළිබද සලකා බැලීමට අදාළ කොන්දේසිද ඉටු කළ යුතු බවයි යුරෝපා සංගමය මෙරටට දැනුම්දී ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි.
ජී.එස්.පී ප්ලස් බදු සහනය ඉල්ලුම් කිරීම සලකා බලන්නටත් පෙර මෙම කොන්දේසි ඉටු කළ යුතු බව එම සංගමය දැනුම් දී තිබේ.එසෙම යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති ඩේවිඩ් ඩැලී ශ්‍රී ලංකා රජයට දන්වා ඇත්තේ එම කොන්දේසි ක්‍රියාත්මක වන ආකාරයත් , එහි ප්‍රගතියත් නිරන්තරයෙන් සෝදිසියට ලක් කරන බවය.
කෙසේ නමුත් යුරෝපා සංගමය මගින් ඉදිරිපත් කර ඇති එම කොන්දේසි අඩු කර ගෙන එකග විය හැකි කරුණු සම්බන්ධයෙන් එකගත්වය පළකොට ඉදිරියට යාම රජයේ අපේක්ෂාව වන බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
වසර හයක සිට මෙරටට අහිමිව තිබෙන ජී.එස්.පී ප්ලස් බදු සහනය නැවත ලංකාවට ලබා ගැනීම සම්බන්ධයෙන් වන තවත් තීරණාත්මක සාකච්ඡා වට ඉකුත් මාස කිහිපකදීම බ්‍රසල්ස් නුවරදී පැවැත්විණි.මෙරට මානව හිමිකම් තත්ත්වය තහවුරු නොකිරීම ,කම්කරු සම්මුතීන් උල්ලංඝනය කිරීම ඇතුලු කරුණු රැසක් හා 2010 වසරේදී එවකට තිබු වාතාවරණය හමුවේ මෙරට ඇගලුම් නිෂ්පාදන ඇතුලු භාණ්ඩ වර්ග රැසක් සදහා යුරෝපා සංගමය විසින් ජී.එස්.පී ප්ලස් බදු සහනය තවදුරටත් ශ්‍රී ලංකාවට ලබා දීම යුරෝපා සංගමය අත්හිටුවන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුජීව, ඔබ හරියටම හරි (නි)
බලය රැක ගැනීමේ තවත් එක්තරා නාටකයක්.උතුරේ තිබුණු සිංහල ගම්මාන කීයක් නැවත පිහිටුවාද? (බ)
සුජීව, ඔයා ඔහේටම වෙලා ඉන්න. ලංකාවට එන්න එපා (නි)
පවතින රජය ජාත්‍යන්තරය දිනාගෙන රටට සුබවෙන දෙයක් කරනවට ජාතියම එකඟවෙන්න ඕනෑ. (නි)
මේක තිබුණත් නැතත් අපිට නම් කමක් නැහැ (නි)
අනුර, ඒ සේවය අගය කරනවා වෙනුවට මඩ ගහන්න එපා. (නි)
තරංග, මහින්ද පැරදිලා ගෙදර ගිය දවසේ ඉඳලා ඔයාලා ඔය කියන රටට ඕනෑදෙයක් වුණාවේ කියන දේ වුණේ නැහැනේ. (නි)
ටිකිරිගේ මොළේ දෙපැත්තෙන් දැනේ කිවුවලු (නි)
කොන්දේසි වලට එකඟවෙලා සියලුදේම කරලා ජීඑස්පී ගමු කියලනෙ ඉහත සඳහන් කට්ටියම කියන්නේ. කමු, බොමු, ජොලි කරමු, රටට ඕනෑදෙයක් වුණාවේ
පේන මානයේ තිබුනත් නොලැබී යන්න බැරිකමකුත් නැහැ (නි)
එදා විරුද්ධ පක්ෂය අද මෙය නැවත ලබාදෙන්න කටයුතු කරනවා. ඒ විතරක් නොවේ, ගුවන් හමුදාවට මිග් අලුත්වැඩියා කරන්න මුදල් ණය දෙන්න එපා කිවුවේ මේගොල්ලෝ. අපි ඉන්නේ ලංකාවේ, යුරෝපයේ නොවේ. අවුරුදු 2500 අපි ජීවත්වුණේ ජීඑස්පී වලින් නොවේ. වැඩ කරමු. රට ගොඩනඟමු. කවුරු වුණත් හොරු පන්නමු (නි)
දැන් මේක නැතුව අපිට ඉස්සරහට යන්නම බැරිද? (නි)
ජනධිපති සහ අගමැති තුමාගේ, දුරදර්ශි අනාගත සැලසුම් වල ශ්‍රේෂ්ඨ ප්‍රතිපල, ඒ වගේම ඔවුන් දෙපලගේ මනා සැලසුම් ලෝකය තුලට විවර කරන්න සිටින බුද්ධිමත් ඇමතිවරු සහ රාජ්‍ය නිලධාරීන්ගේ අනගිභවනිය සේවාවල උසස් ප්‍රතිපල !(බ)
දැනගන්න කැමතියි මෙතෙක්කල් උතුරේ හිටපු සිංහල අයගෙන් කී දෙනෙකුට ඔවුන්ගේ ඉඩම් අාපසු ලැබුනද කියලා (නි)
පේන මානයේ... මේකත් බාලගිරි දෝෂයක් නොවේවායි ප්‍රාර්ථනා කරමු!!! (නි)
කන්න දී ගෙල සිඳීමට දරන උත්සහය! පවතින රජයට විරුද්ධව වැඩි වැඩියෙන් උද්ඝෝෂණ කළා නම් තිබෙන තව කොන්දේසි කීපයක් ඉවත් කරනු ඇත (නි)
අර කුහකයෝ ටික දැන් මොනවද කියන්නේ? (නි)
ජයතු සමඟ මම එකඟයි (නි)
මේවා කෙරෙන වැඩද මන්දා? (නි)
ජයතු හරි. මතකද අපේ රට අමාරුවෙන් කොටියාගෙන් බේරාගන්න කාලේ සමහරු ඕනෑ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කිව්වා. තොප්පිගල කියන්නේ මහා වනාන්තරයක් කිව්වා. ලැජ්ජයි නේද? (නි)
රටට හොද දෙයක් වෙනකොට ඒය නරක දෙයක් බව කියන කුහක අය රටට අැති ප්‍රධාන විෂබිජයි. (ර)
මේවට මහන්සි වී කැපවී වැඩ කරන සියලු දෙනාටම සුභපැතුම්. (ර)
අනේද කියන්නේ... (ර)