IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ජාඇළ ඉඩම් ගොඩ කිරීම ජනපති අනින් නවතී‍

ජාඇළ, දඬුගම ප්‍රදේශයේ ස්ථාන දෙකක  නීතිවිරෝධී ලෙස මහා පරිමාණ  අයුරින් සිදු කැරුණු ඉඩම් ගොඩකිරීම් දෙකක් මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ උපදෙස් පරිදි වහාම නවතා දැමීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇතැයි ජනපති ලේකම් කාර්යාලයය කියයි.

ප්‍රදේශවාසීන් කළ පැමිණිල්ලක් අනුව වහාම එහි ගොස් විමර්ශන අරඹන ලෙස ජනපති උපදෙස් දී තිබේ.

ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් සහ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නිලධාරීන්  ජාඇල පොලිසිය සමඟ අද (4) එම ස්ථාන වෙත ගොස් විමර්ශන ආරම්භ කළ බවත්, ජනපතිගේ උපදෙස් පරිදි එම අනවසර ඉඩම් ගොඩකිරීම් වහාම නවතා දැමීමට පියවර ගත් බවත් ජනපති ලේකම් කාර්යාලය පවසයි.

මුතුරාජවෙළ කඩොලාන පාරිසරික පද්ධතියට හානි පමුණුවමින් විශාල භූමි භාගයක සිදු කර ඇතැයි කියන මෙම අනවසර පහත් බිම් ගොඩකිරීම් සිදුකළ පුද්ගලයන්ට එරෙහිව නඩු දැමීමට නියමිත බව ද එම කාර්යාලය සඳහන් කරයි.  



අදහස් (0)

ජාඇළ ඉඩම් ගොඩ කිරීම ජනපති අනින් නවතී‍

බණ්ඩාර Thursday, 05 January 2017 07:50 AM

මේවා සමහර සිද්ධි පමණි. සරල නව තාක්ෂණ යොදාගෙන අහසින් විමර්ශන කර මුළු රටේම කරන ගොඩ කිරීම්, කඳු කැපීම හා වන විනාශ හඳුනාගෙන ක්‍රියා නොකළහොත් තව සුළු කාලයකදී අපට ජීවත්විය හැකි පරිසරයක් නැති වේවි. (ම)

:       0       0

රුවන් Thursday, 05 January 2017 09:12 AM

පරිසරය විනාශ කරන අයට තදින් සිටිය යුතුය. (ර)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 04 January 2017 11:01 PM

අවශ්‍ය දේ කෙරෙන්නත් අනවශ්‍ය දේ නොකෙරෙන්නත් ජනපතිම මැදිහත් වෙන්න ඕනෑද? එහෙනම් ඊට අදාළ අමාත්‍යංශ, නිලධාරීන් ගෙදර යවලා එම සියලුදේම ජනපතිම බාර අරගෙන කළාම නරකද? (නි)

:       0       0

සුගත් Wednesday, 04 January 2017 11:41 PM

වැඩේ කියන්නේ කිසිම කෙනෙකුට විල්පත්තු වන විනාශය පෙනෙන්නේ නැති එකනේ. (නි)

:       0       0

රාධා Thursday, 05 January 2017 12:59 AM

ජනාධිපති කියනතුරු, නීතිවිරෝධී වැඩ නොසොයා මේ ආයතනවල නිලධාරීන් කරන්නේ පුටු රත්කර වැටුප් ලබාගන්න එකද? (නි)

:       0       0

සකුන්තලා Thursday, 05 January 2017 02:54 AM

හොඳ වෙලාවට මේක පුවත්පතකින් දැකලා ජනාධිපතිතුමා නිසි පියවර ගත්තේ.එත් තම රාජකාරිය පැහැරහරින ලද ජා ඇල පොලිසියේ බුද්ධි අංශයේ නිලධාරියට සහ ස්ථානාධිපතිවරයාට එරෙහිව පියවර ගන්නේ නැතිද ? අපේ රටේ විනය කවද හැදේවිද ? (අ)

:       0       0

සජිනි Thursday, 05 January 2017 03:20 AM

සාමාන්‍ය මිනිසෙක් කැලයක ගිහින් දර කොටුවක් කැඩුවත් නිතිය ක්‍රියාත්මක වන රටේ, මහා පරිමාණ පරිසර විනශ වෙන විල්පත්තුවේ නීතියක් ක්‍රියාත්මක නොවීම කනගාටුවට කරුණක්. එ්කට පරිසර ඇමති ලෙස ජනාධිපතිතුමාගේ ගේ වගකීම මොකක්ද කියන එකත් ගැටළුවක්. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 307 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 682 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 114 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 577 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 6629 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 2162 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26134 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 341 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 425 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1370 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site