රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව නිලධාරී මඩුල්ල ලෙස එහි හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඇතුළු කණ්ඩායම යළිත් නිතරෙගයෙන් පත්වී තිබේ.
පාදෙණිය මහතා මෙවර එහි සභාපති ධුරයට පත්ව ඇත්තේ අඛණ්ඩව 6 වැනි වරටය.
මෙතෙක් සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය නවීන් ද සොයිසා මහතා මෙවර එහි ලේකම්ධූරයට පත්ව ඇති අතර එහි හිටපු ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා සංගමයේ සංස්කාරක ධුරය සඳහා තෝරාගෙන ඇත.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම විද්වත් වෘත්තිකයින්ගේ සංගම් ශාලාවේදී පැවති අතර නව නිලධාරී මණ්ඩලය තෝරාගැනීම සහ සාමාජිකයින්ට හා සෞඛ්‍ය සේවයට අදාළ කරුණු රැසක් සාකච්ඡා කිරීම එහිදී සිදුවූ බව ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිලට වගේ මෙයාලටත් සභාපති වරම දෙතුන් පාරකට සීමාකරන්න බැරිද? (නි)
මේ සංවිධානේ රටේ යහපතට කිසිම දෙයක් කරන්නේ නැහැ. රටේ අසරණ රෝගීන්ගේ ජීවිත පරදුවට තියල රජයේ දොස්තරලගේ බඩගොස්තරෙය් මඩිය තරකරගන්නයි විතරයි කටයුතු කරන්නේ. (බ)
මේ අයගෙන් ලෙඩ්ඩුන්ට නම් වෙන සෙතක් නෑ. තමන් ගැනම බලනවා විතරයි.(හේ)
කවුරු මොනවා කිවුවත් මේ මිනිසුන්ගෙන් දේශපාලකයන්ගෙන් වඩා යමක් රටට සිදුවෙන බව පිළිගන්න වෙනවා (නි)
ඉස්සර මෙහෙම එකක් තිබුණද දන්නෙත් නැහැ. එ්කට දැන්? අනේ මන්දා ඉතින්. (නි)
ජය වේවා! (නි)
විපුල, ආණ්ඩුවට යටත් නැති වුණාට යටත් කාටද කියලා අපි දන්නවා
මෑතක සිට ඔබතුමන්ලාට ජනතාවගෙන් එතරම් පිළිගැනීමක් නැති බව ඔබතුමන්ලා දන්නවා ඇති. ජනතාවගේ මුදලින් ඉගෙනගෙන ඔය තත්වයට පත් වූ ඔබ මීටවැඩිය ජනතාව ගැන සැළකිල්ලක්, ගෞරවයක් තිබෙන්න ඕනෑ. එවිට ජනතාව ඔබට දෙවියන්ට වගේ සළකයි. තනතුරේ වරප්‍රසාද ගන්න වර්ජන කරන්න එපා. ඔබ වෙනුවෙන් ජනතාව ඒ කොටස කරාවි (නි)
ඔය මොන කෙනා ආවත් එකයි. වැඩක් නැහැ. සේවය කරන්නේ ජනතාවට නෙමෙයි. අපි ඒ ගැන දන්නවා (නි)
අපි නම් දැන් පවතින ක්‍රමය ගැන හොඳටම කළකිරිලා තියෙන්නේ (නි)
අපි බලමු මේ ගමන වෙනසක් වෙයිද කියලා (නි)
ඔබ වෛද්‍යවරු වෙනුවෙන් හොඳ සේවයක් ඉටු කළා.. නමුත් පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් දරන මතය වෙනස් කර ගත්තොත් හොඳයි. (බ)
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මේ අය ලොකු සේවයක් කරනවා. මිනිසුන්ට ඒක තේරෙන්නේ නෑ. ආණ්ඩුවට යටත් නැති එකම වෘත්තීය සංගමය (බ)
අකිල රත්නායක, වකුගඩු සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ට කියන්නේ නෙපර්ලොජිස්ට්ස් කියල.පාදෙණිය ළමා ස්නායු සම්බන්ද විශේෂඥ වෛද්‍යවරයෙක් කියන්නේ නියුරෝලෝගිස්ට් කියල.මේ වගේ අය අපේ රටටම ඉන්නේ කීපදෙනයි. දැනගෙන කතා කළානම් හොදයි නේද (බ)
මහින්දගේ කාලේ එස්බී එක්ක ඩීල් දාපු එක්කෙනාම නැවත පත්කරගෙන. විහිලු තමා (බ)
ඩොක්ටර් පාදෙණිය නිදහස් අධ්‍යාපනයේ යමක් කළ හැකි හඬ ඔබයි. ඉංජිනේරුවෙක්ලෙස මට දුකයි අපි උසස් පෙළ සමාන ලකුණු ගත්තත් ගොඩක් දුරස් වෙලා කරුණාකර වෘත්තියවේදීන්ගේ හඬ අවදි කරන්න (බ)
තමන්ගේ වරප්‍රසාද ලබාගැනීම සඳහා වඩාත්ම හොඳින් ලෙඩුන් ප්‍රාණ ඇපයට ගන්න පුළුවන් කෙනෙක් තමයි ඔතෙන්ට ගැලපෙන්නේ. (බ)
හොඳ තීරණයක්. කවුරු කෙසේ කීවත් මොහු නිහතමානි මිනිහෙක්.දන්නෝ දනිති. (බ)
මේ සභාපති ;ලෙස නැවත පත් වුන කෙනාගේ නමත් ඉන්දියාවත් එක්ක කරනවයි කියන වකුගඩු ජාවාරමට ගෑවුනා නේද? මේ සංගමයේ නිලධාරීන් ගැන පැහැදීමක් නෑ අපට නම්. නිර්දේශපාලනික නිලධාරී මඩුල්ලක් පත් වෙනවා නම් හොදයි. (බ)
දැන් ඉතින් ජාතියේ ප්‍රශ්න විසදීම සුටින් සහ මාර්ටින් ට බැරි නිසා ඔබගේ යුතුකම ඔව්න්ගේ මොලේ පැදීම. වෛද්‍ය වෘත්තියට අමතරව රට බේරාගැනීමේ මහගු කාරියට ජීඑම්ඕඒ උරදේවි කියා අපේ විශ්වාසය (බ)
ජයවේවා (බ)