ඇමරිකාවේ නිව්යෝක් ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නළුවා ලෙස ජගත් චමිල ඊයේ (20) සම්මානයට පාත‍්‍ර වී තිබේ. ‘සෑම්ස් ස්ටෝරි’ නමින් කැප්ටන් එල්මෝ ජයවර්ධන විසින් ඉංගී‍්‍රසියෙන් රචනා කරන ලද නවකතාව ඇසුරින් පි‍්‍රයංකර විතානාරච්චි විසින් නිර්මාණය කැරණු ‘සැමීගේ කතාව’ සිනමාපටයේ සැමීගේ චරිතය ස`දහා ජගත් චමිලට මෙම සම්මානය හිමි විය.
එඩ්වඩ් ෆලෝන්ග් (ඇමරිකාව), සෙබස්තියන් ජෙසන් (ඩෙන්මාර්කය) සහ ඔමාර් ෆ්රැන්කො (කියුබාව* යන නළුවන්ගේ නම්ද මෙම සම්මානය සඳහා නිර්දේශ වී තිබිණ.
ඇමරිකාවේ නිව්යෝක් නගරයේ පසුගිය 13 වනදා සිට 20 වනදා දක්වා පැවති මෙම සම්මාන උළෙළේ සම්මාන ප‍්‍රදානෝත්සවය ඊයේ පැවැත්විණ.
දිලිනි මල්රුක්‍ෂි (ඬේලි මිරර් ඇසුරිනි*

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබපැතුම් ජගත් !!! ලොවෙත් නැහැ ලොවිගහෙත් නැහැ. (ස)
අද කාලේ හතු පිපෙනවා වගේ බිහිවන නළුවන්ට හොඳ ආදර්ශමත් නළුවෙක්. චරිතාංග දක්ෂ නළුවෙක්. සුබ පැතුම් ! (ස)
ජගත් චමිල මනස දියුණු කර ගත්ත නළුවෙක්. (ස)
හොඳ චරිතාංග නළුවෙක් මගේ සුබපැතුම්, නියමයි කොල්ලෝ (ස)
නියමයි කොල්ලෝ, (ස)
ජයවේවා ! (ස)
උනුසුම් සුබ පැතුම්! නම නිර්දේශ වුන වෙලාවේ ඉදලා තදික් විශ්වාද්‍ස කළා මේ සම්මානය ඔබට ලැබේවි කියලා. ඔබ සැබෑ දක්ෂයෙක් කියලා අපි දන්නවා. ඇත්තටම ඔබ රගපාන ටෙලි නාට්‍ය අපි බලන්නේ ආසාවෙන්. ඉදිරි අනාගතය තව තවත් සාර්තක වේවා!(නදී)
අපෙන් සුභ පැතුම් ! (ස)
උණුසුම් සුබ පැතුම් !(ස)
ඔබ තවත් ජෝ අබේවික්‍රම කෙනෙක් වෙන්න උත්සාහ ගන්න.(ස)
නියමයි කොල්ලෝ ශ්‍රී ලංකාවට ඔබ ආඩම්බරයක්. (ස)
අන්න නළුවෝ. (ස)
ජගත් චමිල ශ්‍රී ලාංකික අසාහය නවක පරපුරේ සිනමා නළුවාට මගේ සුබ පැතුම්. ඔබගේ දක්ෂ කම් මගින් මේ සම්මානයෙන් ඔබ පුද ලැබුවා සේම, ඔබ අපේ රටටද කීර්තිමත් නාමයක් එක් කලා. ඔබට දිර්ගායුෂ සහ තව තවත් මෙවෙනි සම්මාන ලබා ගෙනිමට වරම් ලේබෙවා ! (ස)
අපට, අපේ රටට ලොකු ආඩම්බරයක් ඔබ ලද සම්මානය. සර්වබලදාරි දෙවියන් පිහිට ඔබට සැමදා. (ස)
ශ්‍රී ලංකාවට ඔබ ආඩම්බරයක් ! (ස)
නියමි චමිල, ලංකාවට එනකම් මග බලාගෙන ඉන්නවා, ජය වේවා ! (ස)
ඉතාම සතුටුයි. ඔබට මගේ උණුසුම් සුභපැතුම්. මේ චිත්‍රපටය නැරඹීමට මග බලා සිටිනවා.(ස)
අපේ සුබ පැතුම්! සදා ජය.(නදී)
අනේ මේගොල්ලෝ නළුවෝද. ඔය සම්මාන ඇවිල්ලා තුන් වැනි ලෝකේ "කලාකරුවෝ" ෂේප් කරගන්ඩ කරන දෙකයි පනහේ සම්මාන උළෙලවල්. කිසිම වැඩක් නැහැ.(නදී)
ඇමෙරිකාවේ ප්‍රදර්ශනය කරලා ,ඇමෙරිකන් නළුවාද අභිබවා යාම තමයි විශේසත්වය කියන්නේ. සුබ අනාගතයක්!(නදී)
අනිත් නළුවන් ගැන කථා කරනවට වඩා ඔබ ගැන කථා කිරීමත් ආඩම්බරයක්, අවංකව සුබ පතනවා දීර්ග ගමනක් යන්න කියලා. ඔබගේ රඟපෑම් හරිම ඉහළයි. (ස)
පවුල අතහැරලා මෙගා නිළියත් එක්ක පැනල යන නළු බට්ටෝ ඉන්න රටක, අගය කලයුතු නිහතමානී නළුවෙක්. (ස)
අවංකව සුබ පතනවා !(ස)
රන්ජිත් මහතානනි . මම දන්නේ නැහැ ඔබ සිංහලද වෙනත් ජාතියක් ද කියා . මොනවා උනත් ලංකාවේ ජිවත් වන්නකු ලෙසින් මෙවැනි ලාංකිකයකු ඇගයීම කරනවා වෙනුවට අපහාස කිරීම වටින්නේ නැත . ඔබ මානසික රෝගයකින් පෙලෙනවා නම් වහාම වෛද්‍ය වෙරයකු මුණ ගැසි ඔබගේ රෝගයට පිලියමක් ගන්න. (ස)
ඔබ නම් සැබෑම නළුවෙක්,ඔබ ගැන හරිම සතුටට පත් වෙනවා.ජය වේවා! (ස)
රන්ජිත් පෙන්නන්නේ ඔහුගේ කුහක හදවතයි. අනුකම්පා කරනවා මෝඩයට. (නි)
ඔබට ජය! වේල්ස් කුමර විදුහලට ආඩම්බරයක් ඔබ... (නි)
ඔබ දක්ෂ, නිහතමානී හොද නළුවෙක්. ඔබ කරන චරිත වගේම සැබෑ ජීවිතයත් ඉතාම හොදින් ගත කරනබව පෙනෙයි. අපෙන් උණුසුම් සුබ පැතුම්. (නි)
රන්ජිත් කියන්නේ කාලකන්නි සතුටක් ලබන කෙනෙක් වගෙයි. (නි)
රන්ජිත් ඔබ සැබෑම අවාසනාවන්තයෙක්. මොකද ඔබට බෙහෙත් ගන්න හිටිය හොඳම වෛද්‍ය හරිස්චන්ද්‍ර මහතා මියගිහින් නිසා. (ස)
රන්ජිත්, ඔය ඊරිසියාව. ඕකට බෙහෙත් නැහැ. ඔය උපන් ගතිය අරින්නත් බැහැ. (නි)
හොද වේල්ස් කුමාර පුතෙක් , අපේ සුබ පැතුම්! (නි)
ඔබ ඉතාමත් නිහතමානී පුද්ගලයෙක් බව අප දනිමු. මෙම සම්මානය ඔබ හිසට ආභරණයක් කර නොගෙන ඒ නිහතමානිත්වය තව තවත් බබලවන ප්‍රදීපයක් කර ගන්න. ඔබට තව තවත් ජයග්‍රහණ ලැබේවා! (ස)
රන්ජිත්, ඔයා වගේ කුහකකමට,මෝඩකමට ඔස්කාර් සම්මාන දිනපු නළුවෝ මේ රටේ ඉන්න එක අපිට ආඩම්බරයක්.ඔය මහගෙදර,ප්‍රවීනා බලලා මොලේ කචල් වුන ගොඩ දෙනෙක්ගේ අදහස තමයි.... (නි)
මන් මොනාටද මේ මෙයාට ඉරිසියා කරන්නේ. මන් කියන්නේ ඕගොල්ලෝ දන්නේ නැති ඇත්ත. ලෝකේ සිනමාවට තියෙන්නේ එකම එක සම්මාන උළෙලයි. ඒක තමයි "ඔස්කාර්". අනිත් ඒවා ඇවිල්ලා තනිකර දෙකයි පනහේ ඒවා. කවුරුත් සත පහකට ගණන් ගන්නේ නැහැ. ඔවා හුඟක් දෙන්නේ තුන් වැනි ලෝකේ මිනිස්සුන්ට, මොකද ඒ ගොල්ලොන්ට කවදාවත් හීනෙන් වත් ඔස්කාර් එකක් ගන්ඩ බැරි හින්දා.(නදී)
සුභ පැතුම් !! හරිම ආඩම්බරයක් ඔබ අපට ! (ස)
අනේ රන්ජිත් අයියේ ,තමුන්ට මොකුත් කරගන්න බැරි වුනාට අනිත් මිනිස්සු පලි නැහැ. (නි)
රන්ජිත්, මේ ඔයා දන්නා දෙයක් ගැන කතා කරන්න. විවිධ නම් වලින් නොයෙක් සම්මාන උළෙලවල් තියනවා. එතකොට චාන්ස් සම්මාන උළෙල ගැන ඔයා මොකක්ද කියන්නේ?ඔය දන්නා දේ පැහැදිලිව ලිව්වා නම් තමා ඔක්කොටොම බලා ගන්න පුළුවන්. ලෝකයේ දුවන තරග තියෙන්නේ ඔලිම්පික් විතරද? ලංකාවේම කීයක් තියනවද? (නි)
ලංකාවටම ලොකු ආඩම්බරයක්! !සුබ පැතුම් (නි)
කුහක රන්ජිත් ලා තමා අපි අගය කරන්න ඕනේ. සුභ පතන්නවත් බැරි තරමට ඔහොම හිතෙන්නේ. ඉරිසියාව ඉවසගන්න බැරි නිසානේ. ජගත් ඔබගේ සතුටින් ඩිංගක් අපටත් විදින්න අවසර දෙන්න. අපිට ඒ ඇති. රන්ජිත්ලට අනුකම්පා කරන්න.(නදී)
http://www.nyciff.com/trailers2013/ (නි)
සුද්දන්ට විතරද රගපාන්න පුළුවන්. අපේ නළුවන්ට රග පාන්න බෙරිද? ජෝ මහත්තයලා වගේ නළුවන්ගේ රග පෑම් විශිෂ්ට නැතිද? ඒ වගේ නළුවෝ නව පර පුරෙත් බිහි වෙනවා. ඒ ගැන අපි ආඩම්බර වෙන්න ඕනා. එක එක රටවල්වල සම්මාන උළෙලවල් වලට ආවඩන්නේ නැතුව අපේ දේවල් අපේ මිනිස්සුන්වත් අගයන්න ඕනා. දෙයක් පිට රට නම් ඒක ලොකු කරන් දගලන එක අපේ රටේ මිනිස්සුන්ට ජන්මෙන්ම එන පුරුද්දක්.(නදී)
අනිවාර්යයෙන් සම්මානයට පාත්‍ර විය යුතුව තිබුණු රංගන ශිල්පියෙක්. අද කාලේ අපේ රටේ සම්මාන විකිනෙනවා මිසක් සාධාරණ පදනමකින් ඇගයීමක් සිදුවෙන්නේ නැහැ. හැමදාම එකම පිරිසක් පදනම් විරහිතව සම්මාන ලබනවා.අපේ රටේ සමහර රංගන ශිල්පීන් රටට නොදැනීම ජාත්‍යන්තර සම්මාන ලබන එකෙන් පෙනීයන්නේ අපේ රටේ මෙවැනි ඇගයීම් ක්ෂේත්‍ර වල දුර්වලකම් නොවේද? (නි)
මල් ගස් වටේ දුවන තරුණ නළුවන් ඉන්න රටක ඔබ අපට සැබෑ නළුවෙක්. මගේ සුබ පැතුම් !! (නි)
රංජිත්, ඔස්කාර් වල අගයන්නේ බොක්ස් ඔෆීස් වාර්තා තියපු තාක්ෂණය උපයෝගී කරගෙන වානිජ අරමුණෙන් නිපදවන චිත්‍රපටි. ඒකෙ නිර්මාරණාත්මක, සාහිත්‍යමය අංශයෙන් මුල් තැනකට ආපු බොක්ස් ඔෆීස් වාර්තා තියපු නැති එකම චිත්‍රපටයක්වත් තියනවාද? ත්‍රිමාණත් දාලා හොදට මරාගන්නවා පෙන්නනවා නම් බොක්ස් ඔෆීස් ආවොත් ඔන්න සම්මාන උලෙලට සුදුසුකම්... අනේ රංජියෝ ඔයත් හරියට අර ඇන්ඩ් කොම්පැනියේ වන්දිභට්ට රංජියා වගේමයි... (නි)
අපෙන් සුබ පෙතුම් චමිල.ඔයාට සුබම සුබ අනාගතයක්. අපේ රටේ සමහරු ඕකත් ඇමෙරිකන් කුමන්ත්‍රණයක් කියලා කියාවිද දන්නේ නැහැ. කොහොම වුනත් ඔබට ජය! (නි)
සුබ පැතුම්. මොහු නියම කලාකාරයෙක්. ඔබට නැවතත් මගේ සුබපැතුම්! (නි)
රන්ජිත් ,තමුන්ගේ කෙනෙක්ගේ දස්කමක් දැකො සතුටු වෙන්න බැරි කුහකයෙක් ඔබ. ඔබ සම්මාන දිනන්න යන්නේ කුහකකමටද? එහෙම සම්මානයක් තිබුනා නම් ඔබ තමයි එයට සුදුසුම පුද්ගලයා . (නි)
සමනල කන්දට පියබන සමනලුන්ට කතා කරලා කියමුද අපි අරන් යන්න එක දවසක කන්ද උඩට .............. මට තාමත් අද වගේ මතකයි ඒ ළමා නාට්‍යය .ජගත් අයියේ, වේල්ස් කුමරියක් වන මගෙන් ඔයාට සුබ පැතුම්! (නි)
ජගත්,ඔබට අපේ ප්‍රණාමය.ලාංකිකයෙක් හැටියට විදේශයකින් සම්මානයක් ලැබීම අපි අගය කරනවා.ඔබට ජය! තෙරුවන් සරණයි! (නි)
ඔබ අති විශිෂ්ඨයි. ඔබ දැන් ඉන්නේ සිනමා තිරයේ නොව ලාංකික මිනිසුන්ගේ හදවතේයි (නි)
මේ චිත්‍රපටය නැරඹු අතළොස්ස අතර සිටින කෙනෙක් ලෙස කියන්නේ, මීට අවුරුදු තුනකට කළින් ප්‍රියංකර සර් අපිට මේ චිත්‍රපටය පෙන්නද්දිම ජගත් චමිලගේ දක්ෂකම ගැන ලොකු ආඩම්බරයක් ඇති වුණා. මේ වගේ දක්ෂ නළුවො ලංකාවෙ ඉන්න එක ගැන. අනික ඔහු ඒ චරිතය කරන්න මොනතරම් කැපකිරීමක් කළාද කියලත් එහි අධ්‍යක්ෂකවරයා ගොඩක් සතුටින් කතා කලේ. ඔබට සුබ පැතුම්.... (නි)
ඔබ නියම නළුවෙක් බව සැබවින්ම ඔප්පු කර අවසානයි (නි)
මමත් කැමතිම නළුවෙක්.ඔබට සුභ පැතුම් ! (නි)
අපේ සමහර එළුවන්ට මේ නළුවා හොඳ ආදර්ශයක් දී තිබේ. (නි)
ජගත්, ඔයා මොරටුවට ආඩම්බරයක් (නි)
මොරටුවේ නෙමෙයි එයා ලංකාවේ කොල්ලෙක්.සුබ අනාගතයක් ජගත් අයියා! (නි)
ඔබට සුබ පැතුම්! (නි)
ජගත් ඔබ ශ්‍රී ලාංකිය නම ලොව රැන්දුවාට අපෙන් සුභ පැතුම්! (නි)
ජෝ අබේවිච්ක්රම මහතාට පසු ජාත්‍යන්තර සිනමා උළෙලකින් සම්මානයක් හිමිකරගන්නා දෙවෙනි නළුවා වන්නේ ජගත් චමිලයි (නි)
දැන් දේශපාලකයෝ දත කට මැදගෙන ගුවන්තොටුපලට එයි මේකෙන් මොකුත් වාසියක් තියනවද බලන්න. දෙන්න එපා කිසිම චාන්ස් එකක්.පුළුවන් නම් හොලිවුඩ් වලම නවතින්න. (නි)
කවුද බොලේ මේ රන්ජිත් කියන කුහකයා? (නි)
මොහු ඇත්තටම නිහතමානී චරිතාංග දක්ෂ නළුවෙක්. හරිම ආඩම්බරයි .. ! ජයවේවා ! (නි)
ජගත් ඔබ හොඳ රංගන ශිල්පියෙක් බව ඇත්තයි. ඔබට ලැබුණු සම්මානය ගැන සතුටුයි. හැබැයි අපි කවුරුත් එක දෙයක් අමතක කරන්න එපා. යුද්ධය ගෑවුන, දෙමල ජනයාගේ ප්‍රශ්න ගැන කතා කරන, සිංහලයට ගරහන හැම චිත්‍රපටියකටම සම්මාන දෙන්න සුද්දෝ කිසිම ලෝබකමක් නැහැ. මේකත් එවැනි ජවනිකාවක තවත් කොටසක් පමණයි. ඔබ හොඳ රංගන ශිල්පියෙක් එකේ දෙකක් නැහැ. සමහරුන් ඔබව ඕනවට වැඩ පුම්බා ඇති බව පෙනෙනවා. උදය නමින් අදහස් පලකරන සහෝදරයා කියනවා "ජගත් චමිල මනස දියුණු කර ගත්ත නළුවෙක්" කියල. නමුත් වරක් ඔබ ඔස්ට්‍රේලියාවට ටෙලි නාටකයක රගපෑමට පැමිනි කළ රංගනය ඔබේ මනස දියුණු කරගන්න ඔබට තවත් චිරාත් කාලයක් ගතවෙන බවට මටනම් ඇති හොඳම සාක්ෂියයි. නමුත් ඔබ ඕනෑම දෙයකට සැබෑ දක්ෂයෙක්.(නදී)
ආනේ.... (අ)
අනේ රන්ජියෝ ඔය එල්.ටී.ටී කාරයෙක් වගේනේ, ජගත් ඔයාට මගේ උපරිම සුභපැතුම්, ආඩම්බරේට කඳුලුත් එනවා.(නදී)
නියමයි. සුභ පතනවා.(නදී)
ඔබට මගේ සුබ පැතුම්! (නි)
ආඩම්බරයි මල්ලි (නි)
ජගත් ඔයා අති දක්ෂයෙක්.ඔයා මට ජෝටත් වඩා හොද නලුවෙක්.මොකද ජගත් තරුණ වයසේදීම අතිදක්ෂතා පෙන්වන රංගධරයෙක්. (නි)
රන්ජිත් දන්නා තුන්වෙනි ලෝකය.....ආයේම ලිපිය කියවා බලන්න.අනික් නිර්දේශ නම් ...කැනඩාව,ඩෙන්මාර්කය වගේ රටවලුත් තියෙනවා.ඒවා තුන් වෙනි ලෝකයේ රටවල්ද?අනික කෑන්ස්,ගිල්ඩ් සම්මාන උළෙලවල් කියන්නේ ඔස්කාර් සම්මාන වලටත් උපකල්පන දෙන්නේ.අපේ කොල්ලෙක් දක්ෂකමක් කලාමත් නන් දොඩවන්න එපා. (නි)
ලංකාවේ ඉන්න නිහතමානී ඉතාමත්ම දක්ෂ තරුණ සහෝදර රංගන ශිල්පියෙක්...සුබ පැතුම් ජගත්. (නි)
අපට ඔබ ආඩම්බරයක්,සුබ පැතුම්! (නි)
නියමයි කොල්ලෝ... (නි)
ඔබ නියම නලුවෙක්. සුභ පතනවා (නි)
කව්ද මේ කැප්ටින් එල්මෝ කියන්නේ? කව්රු හරි කියදුන්නොත් වටිනවා. (නි)
ජගත්,ඔබට උණුසුම් සුබ පැතුම්!! (නි)
නියම කොල්ලෙක්නේ ! (නි)
තිස්ස ගුණවර්ධන ගුරු මහතාට හා වේල්ස් කුමාර විදුහලට ආඩම්බරයකි. ජගත්, තව ගොඩක් දුරට යන්න පුළුවන්. සුබ පැතුම් ! (නි)
ඔබගේ දක්ෂතාවයට හා නිහතමානීකමට ලැබුණු සම්මානයක්. අනාගතේ ජෝ අබේවික්‍රම වගේ අති දක්ෂ චරිතාංග නළුවෙක් වීමේ හැකියාව ඔබට තියනවා. (නි)
සුබ පැතුම්! රටට ආඩම්බරයක් .... මට නම් හිතෙන්නේ රන්ජිත් කියන්නේ මානසික රෝගියෙක්. මෙයා හිතන්නේ ලෝකේ වෙන දේවල් අනිත් අය දන්නේ නැහැ කියලා. ඔස්කාර් යන්න තරම් අපේ සිනමාව දියුණු නැති වුනාට මේ විදියට හරි සම්මානයක් ලැබීම සතුටට කාරණයක් ,තමුන් වැඩකට නැති කෙනෙක් වගේ මගෙ නම් අදහස ...... (නි)
රන්ජිත් වෙනි නරුමයන් නිතරම ජිවත් වන්නේ ඉරිසියාව පිරි හදවතකින්. මොහුට වෙනත් කෙනෙකුට ලැබෙන සම්මානයක් පෙනෙන්නේ ඔහුගේ පපුවට පිහි පාරක් වගෙයි. කුහකකමින් පිරි රන්ජිත් වැනි අය අප අතර බොහෝ සිටිති (නි)
ජගත් ඔයාට මගෙනුත් සුබ පැතුම්! ඔයා අපිට ආඩම්බරයක්! (නි)
බොහොම හොඳයි. තව තවත් ඉදිරියට යන්න. අපේ සුබ පැතුම්. (නි)
මොන පැත්තට යනවාද කියන එක ඔබට භාරයි (නි)
ඉතාමත් සතුටු විය හැකි පුවතක්. සුබ පැතුම්. (නදී)
ජගත්, ඔබ හොඳ දක්ෂයෙක්. හැබෑම දක්ෂයෙක්. එය දැන් ඔබ ඔප්පුකලා. මගෙන් සුභ පැතුම් ! (ස)
රංජිත්ගේ කුහක කම සහ මෝඩකම් දෙකම තියෙනවා.(නදී)
ඔබත් සමග එකට ඉස්කෝලේ එකට රග පාපු වෙල්සේ කුමරෙකු වන මගේ උණුසුම් සුබ පැතුම්. ඔබ අපේ පාසලටත් මුළු ලංකාවටමත් අගනා මැණිකක්.(නදී)
රටට කීර්තියක් ගෙන ආ ඔබගේ ඉදිරි ගමනට ජයවේවා.(නදී)
රන්ජිත් ඔයාව මේ ලෝකෙට ආපු තැනින් ඇතුලට යවලා ආයෙත් හරි විදියට ගන්න ඕනා.(නදී)
දැන්වත් ඔය ශාරුක්ලා ,සල්මන්ලා, රිතික්ලට පිස්සු වැටිලා ඉන්න අපේ අයට අපේ රටෙත් ඊටත් වැඩි දක්ෂ අය ඉන්නවා කියන දේ තේරුම් ගන්න පුළුවන් නම් මොනතරම් හොදද? අපේ රටෙත් ඕනෑ දේකට හැප්පෙන්න පුළුවන් දක්ෂයෝ ඉන්නවා කියලා හිතාගන්න. නිහතමානී ආඩම්බරකමක් දැනෙනවා, ඒ වගේම හරිම සතුටුයි. තවත් ඉදිරියට යන්න සුබ පැතුම්. කරන කියන හැම දේම හරි යන්න ඕනෑ. ඔබට සියලු දෙවියන්ගේ පිහිටයි! (නි)
එක වරක් මම ජගත් සමග කතාකර ඇත්තෙමි. ඔහු නළුවෙකු උනාට එයට එහාගිය හොඳ මිත්‍රයෙකි. පළමු කතාවෙන් ම මගේ හිත දිනාගත් නළුවෙකි. මොහු වැනි නිර්ව්‍යාජ නළුවන්ට සමාජ ගරුබුහුමන් ලැබිය යුතුය. ඒ මොහු අදත් හෙටත් වෙනසක් නැති කෙනෙක් නිසාවෙනි. (ස)
ටෙලි වලින් ඇවිත් සිනමාවට මේ දුන් දේ මා ඉතා සිතින් අගයමි. (ස)
රංජිත්ගේ කුහකකම ගෙන කියන්න වචන නෑ. ජගත්ට සුබ පෙතුම් (අ)
ඔබ ශ්‍රී ලංකාවට මෙන් අපගේ වේල්ස් කුමාර මාතාවටත් මහත් ආඩම්බරයක් ....! ඔබට සුබ පැතුම් ...(අ)
ජයවේවා ! (ස)
වේල්ස් කුමාර මාතාවටත් මහත් ආඩම්බරයක්. (ස)
මල්ලියේ පළමුවෙනි රංගනයෙන් (ගුරුගෙදර) මම දැන ගත්තා ඔය දක්ෂ නළුවෙක් කියල. ඔයාට සරස්වතී දේවියගේ බැල්ම ලැබේවා. තවත් ජෝ අබේවික්‍රම හා සමාන නළුවෙක් රිදී තිරයේ දකින්න ලැබේවායි මගේ පැතුම. ඔබට බුදු සරණයි. ! (ස) .
රටට කීර්තියක් ගෙන ආ ඔබ අපට මහත් ආඩමිබරයක්. ඔබට ජය...! (ස)
මගෙන් උණුසුම් සුබ පැතුම් ලීඩර් අයියා. ඔබ විශිෂ්ඨ නළුවෙක් මෙන්ම නිහතමානී මනුස්සයෙක්. සුබ අනාගතයක්. දෙවි පිහිටයි. (ස)