(යොහාන් භාසුර)
ඉතා කෙටි කාලයකින් පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා ලබා දියහැකි ජංගම වෛද්‍ය රසායනාගාර 5ක්, පරිත්‍යාග ලෙස ලැබී තිබියදී මාස 5ක් තිස්සේ ඒ පිළිබද තීරණයක් නොගැනීම පී.සී.ආර්. පරීක්ෂණ හරහා ජනතාව සූරා කෑමට මගපාදා ඇති බව වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ රවී කුමුදේශ් මහතා චෝදනා කරයි.
ජනාධිපතිවරයා රැපිඩ් පී.සී.ආර්. යන්ත්‍ර සඳහා අනුමැතිය දී මාස පහක් ගතවී තිබුණ ද ටෙන්ඩර මණ්ඩල තීරණය ප්‍රමාද කරමින්, ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය නොමැති යන්ත්‍රයක් ගෙන්වීමට දෑරූ උත්සාහය අසාර්ථක වුවහොත්, අදාල ටෙන්ඩරය අවලංගු කිරීමට සෞඛ්‍ය බලධාරීන් උත්සාහ කරමින් සිටින බවට සැකයක් මතුවී ඇතැයි ද ඔහු කියයි. බව කී රවී පෞද්ගලික රසායනාගාර වල අනියම් වෘත්තිකයින් ලෙස ක්‍රියා කරමින් සිටින කිහිප දෙනකු සමග පමණක් සාක්ච්ඡ කරමි ගනු ලබන වැරදි තීරණ අරක්ෂා කිරීම වෙනුවට, අවම වශයෙන් රසායනාගාර සේවාවේ සියළු පාර්ශවකරුවන් එකම එක සාක්ච්ඡාවකට හෝ කැදවා නිවැරදි තොරතුරු පිළිබදව දැනුවත් වන ලෙස සෞඛ්‍ය බලධාරීන් ගෙන් ඉල්ලා සිටින බවද සඳහන් කළේය.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
පළමු තැපැල් ඡන්ද නිල ප්‍රතිපඵලය මීට සුළු මොහොතකට පෙර නිකුත් කළේය. ඒ අනුව ජාතික ජනබලවේගය ඡන්ද 32296ක් ලබා ගත් අතර සමගි ජනබලවේගයට හිමි වූයේ ඡන්ද 3523කි.
තෙවැනි චාල්ස් රජු සිය 76 වැනි උපන්දිනය රාජකීය කටයුතු වල නියැලෙමින් අද(14) සැමරුවේය. තෙවැනි චාල්ස් රජු අද(14) ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථාන දෙකක් මහජනතාව වෙනුව
මැතිවරණ ප්‍රතිඵලවලින් අනතුරුව කිසිම අයකුට පෙළපාලියාම සදහා අවසර ලබා නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අද (14) පැවැස
ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම මනාපය සනාථ කිරීමෙන් අනතුරුව එය ඡායාරූප ගත කළ අයකු,14 දින පෙරවරුවේ ආලංකුඩාව මුස්ලිම් මහ විද්‍යාලයේ ශාලා අංක එක පරිශ්‍රයේ දී ඔහ
මැතිවරණයේ යම් අපේක්ෂකයකු ප්‍රවර්ධනය සදහා රැගෙන ගිය බවට සැකසහිත රුපියල් ලක්ෂ හතකට ආසන්න වටිනාකමින් යුතු ආහාර ද්‍රව්‍ය සහිත ලොරි රථයක් සැකකරුවන් තිදෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘ජංගම පී.සී.ආර්. පහක් මාස පහක් තිස්සේ පැත්තක දමලා‘‘
සුමිත් Wednesday, 15 September 2021 09:04 AM
මාස 5ක් යනකන් මේ කථාව නොකීවේ ඇයි? හැමදාම මාධ්‍ය ප්‍රකාශ දෙනවා. නින්දෙන් ඇහැරිලාවගේ ජංගම පී.සී.ආර්. රසායනාගාර පහක් මාස 5ක් භාවිතා නොකළ බව කියනවා. අප්‍රේල් මාසේ ඉදලා ලංකාවේ කොරෝනා රැල්ල වර්ධනය වෙලා, දැන් අඩුවෙනකොට කියනවා ජංගම රසායනාගාර පහක් මාස පහක් තිස්සේ භාවිතා නොකළ බව. කිසිදු වගකීමක් නැති මිනිස්සු.
සමන්ත Wednesday, 15 September 2021 09:26 AM
අනේ මේ මහත්තුරුන්ට දැන් තමයි ලෙඩ්ඩු මතක් වෙලා තියෙන්නේ. රාජකාරී වෙලාවෙත් ප්‍රයිවෙට් ලැබ් දාගෙන ඒවගේ වැඩකරනවා.. ඉස්පිරිතාලෙන් ටෙස්ට් එකක් කර ගන්ඩ ගියාම පුදුම රස්තියාදුවක් වෙන්ට ඕනේ. ඔය කෑ ගහන්නේ මොකක්හරි කුට්ටියක් හම්බුනේ නැති හන්දා වෙන්ඩ ඇති. ඒක හම්බ වෙච්ච ගමන් ලෙඩ්ඩු ගැන මතකයක් වත් නෑ .
Senarath Wednesday, 15 September 2021 09:30 AM
තමුන්ට සැකයි කියලා මාධ්‍යවලට කියලා හරියන්නේ නැහැ .කියන දෙයක් සාක්ෂි සහිතව නිවැරදිව කියන්න
kamal Wednesday, 15 September 2021 10:06 AM
මේවා නිකන් දෙන අය තමන්ටම ටොකු ඇන ගත යුතුයි
Rasika Wednesday, 15 September 2021 10:29 AM
රට අරිනවා කිවිවම ආයෙත් කට ඇරිලා. තව ඩොලර් කුට්ටියක් ලැබිලා ඇති.
අරුණ Wednesday, 15 September 2021 02:11 PM
උද්ගෝශන කරන්න, අරගොල්ලො එක්ක
kumara Wednesday, 15 September 2021 02:33 PM
මොහු මොන විද්‍යාඥයෙක්වත් නොවෙයි. ඉංග්‍රිසියෙන් මෙඩිකල් ලැබොරටරි ටෙක්නීසියන්... (Medical Laboratory Technician) සිංහලෙන් වෛද්‍ය රසායනාගාර තාක්‍ෂණික පමණයි.
duminda Wednesday, 15 September 2021 03:39 PM
ඉහත ප්‍රතිචාර බලපුවාම ඇත්ත කියන්නේ කවුද කියලා හොයාගන්න අමාරුයි. මොකද නිවැරැදි දෙයක් පෙන්නන කෙනාත් වැරැදි සමාජගත කරන කෙනාත් එක මිම්මෙන් තමයි මනින්නේ..!