IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ජූඩ් ශමන්තට සමාව දීම ව්‍යවස්ථාවට පටහැනියි

රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවී මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත ජයමහ නැමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) තීන්දු කළේය.

 එස්.තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් මඩුල්ලක් යටතේ මෙම පෙත්සම විභාගයට ගැනිණි.

ජූඩ් ශමන්ත ජයමහ නැමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමෙන් පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයවී ඇති බවද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

(ඩේලි මිරර්)



අදහස් (39)

ජූඩ් ශමන්තට සමාව දීම ව්‍යවස්ථාවට පටහැනියි

m. saman perera Thursday, 06 June 2024 11:33 AM

දැන් වැඩක් තියනවද.විත්තිකරු රටින් පිටවෙලා ඉවරයි නේද

:       12       72

wedageThursday, 06 June 2024 02:18 PM

රතු වරෙන්තුවක් අරගෙන ඉන්න රටකින් මේ රටට ගෙන්වාගන්න පුළුවන් තාක්ෂණය උපයෝගී කරගන්නත් පුළුවන්

:       8       54

SAMANThursday, 06 June 2024 07:19 PM

චෝදනා මත වරදකරුවකු බවට පත්ව සිරගත වීම නීතිය සහ අදිකරණ ක්‍රියාවලිය තුල සිදුවූ පරීක්ෂණ මත අදිකරණය මගින් ලබාදුන් තීන්දුවකි. මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවී මරණීය දණ්ඩනය නියම වී සිටිනා වරදකරුවකුට ජනාධිපති සමාව හෝ දඩුවමට ලිහිල් කිරීමක් හෝ ලබාදීම සුදුසු නැත. එවැනි කටයුතුවලදී වරදකරු හෝ නිවැරදි කරු බව හෝ නිදහස් වීමට ලබාදෙන විනිශ්චය අදිකරණය මගින් ගතයුතු තීන්දුවකි.

:       0       0

samThursday, 06 June 2024 09:33 PM

මිනීමැරුම් චෝදනාවලට අදිකරණයෙන් වරද කරුවකුව සිටිනා පුද්ගලයකුට ජනාධිපති සමාව/ නිදසහ ලබාදීම සිදුනොවිය යුතු උවත් එසේ සිදුකිරීමට නම් එවැන්නක් සිදුකිරීමට පෙර (ජනාධිපති සමාව ලැබිමට පෙර ) ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ යේන විමසා සිටීම සිදුවිය යුතු බවට නීතියක් තිබේනම් පුද්ගලයකු නිදහස් කිරීමේදී, අදිකරණයේන වරදකරුවකු කර ලබදිතිබෙනාවූ තීන්දුව සහ වරදකරුවකුට නිදසහ ලබාදීම ජනාධිපතිවරයාගේ තීන්දුව අතර ගැටළු / අර්බුද ඇති නොවන්නේය

:       7       7

sachith Thursday, 06 June 2024 11:36 AM

දුමින්දට මෙයාට මේ වගේ සමාව දීලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා කරපු දෙන්නාට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න බෑ නේද?

:       33       71

Prabha Thursday, 06 June 2024 11:40 AM

හිටන් ගහපු ගෝල් සේරම අවුල් වගේ.. දැන් ගත්ත ගෙදර ආපහු දෙන්න වෙයි

:       23       71

එරංග Thursday, 06 June 2024 11:52 AM

එම කාල සීමාව තුළ ගන්නා ලද සියලු තීරණ බල රහිත කළ හැකි නම් රටට යහපතකි.

:       26       54

RUFUS RANDENIYA Thursday, 06 June 2024 12:06 PM

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙකු විසින් කුරිරු මිනීමරුවෙකු නිදහස් කිරීම සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් වන අතර එය විශාල අල්ලස් මුදලක් විය හැකි බව අපි දැන සිටියෙමු. ජනාධිපතිවරයාගේ හොර ඩීල් දැන් එළිවෙමින් තිබෙන නිසා තවත් බොහෝ ගොන් ජරාවක් බලාපොරොත්තු විය හැකිය.

:       8       63

de silva Thursday, 06 June 2024 12:29 PM

ජූඩ් ශමන්ත දැන් රටෙත් නැහැ , මරණ දඩුවම හෙලාදකින ලෝකයේ ඕනෙම දියුණු රටක ජූඩ් ශාමන්තට කිසිම ප්‍රශ්නයක් නැතුව දේශපාලන රැකවරණ අරන් ජීවත්වෙන්න පුළුවන් කිසිම ප්‍රශනයක් නැතුව , ඔහුට කියන්න තියෙන්නේ ක්ෂණික කෝපය නිසා මගේ අතින් මරණයක් සිදුවුණා මට අධිකරණයෙන් මුලින්ම ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් ලැබුන , ඊට පස්සේ එක ඇපිල් එකේදී මරණ දඩුවම බවට පෙරලුන , අවුරුදු 10 පමණ සිර දඩුවම් විදිනකොට මට ජනාධිපති සමව ලැබුන , දැන් අධිකරණය එකම වරදට නැවත මරණ දඩුවම ලබාදීලා තිබෙනවා කියල , අපි අධිකරණයේ තීන්දුවට ගරු කල යුතුය, නමුත් දැන් තිබෙන ප්‍රශ්නය චුධිතයට දඩුවම් දෙන්න චුදිතය රටෙත් නැහැ , මේ තත්වය අධිකරණයට අපහස කිරීමක් , රටේ නිතිය හැල්ලුවට ලක්කිරීමක් ලෙස මම දකිමි , අධිකරණය හැල්ලුවට ලක්කිරීමට මෛත්රිපලට සහ මේකට සම්බන්ධ නිලධරීන්ට අනිවාර්යයෙන් දඩුවම් කරන්න ඕනේ .

:       8       89

වීරThursday, 06 June 2024 03:07 PM

ඒ රටේ නීති පද්ධතිය අපෙ රටෙන් නීති වර්ථා ඉල්ලන්නේ නැද්ද? ඕනෑම පුද්ගලයෙක් කියන දෙයක් පිළිගනියිද? අගතියට පත්වුණු අයත් යමක් කමක් තියන අය ලෝකෙ වටේ ගිහින් තියන මිතුරන් ඉන්න අය... ලේසියෙන් අතාරියිද? මොන මොනවා හරි වෙලා කොහොම කොහොම හරි ජුඩි ඔබ යන එල්ලුම් ගහක සිරිසේනවයි,... අතන මෙතන රතන හිමිත් එක්ක ගෙනම යන්න මගේ පැතුමයි. හැබැයි ඔහොම ගිහිල්ලා ඔය හේතුව නිසා ජූඩ් කාරයා කෙසේ වෙතත් සිරිසේනයයි... රතන හිමියි, වෙන රටක දේශපාලන රැකවරණ ගනීද දන්නෑ..

:       5       14

piyalalThursday, 06 June 2024 10:40 PM

තමන්ගේ කෙල්ලව මරලා දාපු එකා දේශපාලන රැකවරණය ඉල්ලන්න සුදුසුකමක්ද?

:       0       2

podiwije Thursday, 06 June 2024 12:46 PM

පොළොන්නරුවේ පොළඟට ලැජ්ජාවක් ඇත්නම් පස්සට පිහියෙන් ඇනගෙන මනම්පිටියේ පාලමෙන් මහවැලි ගඟට පනිනවා .නමුත් ලජ්ජා නහරය මේ මිනිහට නැති නිසා විරිත්තාගෙන ඔහේ කටමැත දොඩව මින් ඉඳීවි

:       4       48

පිටිගල මිලානෝ Thursday, 06 June 2024 12:55 PM

ලොකු ගනුදෙනුවකින් පස්සේ එළියට පැමිණි අශ්වයා කල් යල් බලා රටෙනුත් පැන්නා. දැන් ඉතිං අල්ලන්න තියෙන්නේ මේ මුදල් බෙදාගත්ත හොර කල්ලිය.

:       2       44

wedage Thursday, 06 June 2024 12:58 PM

මෛත්‍රීට කෙලවෙයිද?රතන සහ කල්ලියට මොකද වෙන්නේ

:       8       34

ලලිත් Thursday, 06 June 2024 01:02 PM

ජාත්‍යන්තර රතු වරෙන්තුවක් නිකුත් කර මේ අපරාධකරු මෙරටට රැගෙන ආ යුතුයි..

:       3       27

රෝයි ෆෙඩ්රික්ස් Thursday, 06 June 2024 01:05 PM

අඩෝ හිටං! හුට්ට පටං. කෙලවුණා නේද ඩෝ? දැන් ඉතින් උඹයි අර ගලබොඩ ඥානපාලගේ මන්ත්‍රීකම හොරකම් කරපු අතන මෙතන රතන  කහපාට යුනිෆෝම් කාරයයි මාටියා ගහපු සල්ලි දීපන් ඩෝ

:       68       30

අරවින්ද මොනරවිල Thursday, 06 June 2024 01:06 PM

ආරංචි විදිහට විත්තිකරු රටෙත් නැහැ නේද ?

:       0       19

ranjith Thursday, 06 June 2024 01:10 PM

රටේ නායකත්වය ස්යවස්තාව පිලිබඳ අවබෝධයක් නොමැති මැට්ටෝ පත්කර ගත්තම රටම අවුල්

:       5       29

තාරක Thursday, 06 June 2024 01:11 PM

අතන මෙතන රතන කොතන?

:       10       31

Samitha S. Aluthgamage. Thursday, 06 June 2024 01:12 PM

රටක නීතිය සැමට එකසේ ක්‍රියාත්මක විය යුතුයි.එසේ නොමැතිව විධායකයේ අවශ්‍යතා අනුව අධිකරණ බලය අවභාවිතා කිරීම සිදුකිරීමට වෙර දරන අයට මරණීය දණ්ඩනය නියම කිරීමට නව නීති සම්පාදනය කළ යුතුය.දේශපාලන සිරකරුවන්,පූජ්‍ය පක්ෂයේ අය ආදී ඕනෑම කෙනෙකුට අධිකරණ බලය සම්බන්ධයෙන් කිසිදු අයුරකින් බලපෑමක් ඇති කිරීමට ඇති අවස්ථා ඇහිරිය යුතුය.රටක සාධාරණ ලෙස නීතිය ක්‍රියාත්මක වෙනුයේ එවන් විටක දීය.

:       11       30

siri Thursday, 06 June 2024 01:33 PM

ගරු අධිකරණය රට හොඳ පැත්තකට යොමු කිරිම යහපත් දෙයක් නැත්නම් දේශපාලුවෝ මේ වටිනා රට විනාශ කරනවා

:       7       20

R.T. sarath Thursday, 06 June 2024 01:46 PM

මුලින්ම ජනාධිපති සමාව දුන්නේ ජේ.ආර් ගෝනවල සුනිල්ට , එකට හේතුව සුනිල් නමැති මැරයා ජේ.ආර් . ට දේශපලනිකවශයෙන් උදවු කිරීම කියල සියලුදෙනාම දන්නවා , ගෝටා දුමින්ද සිල්වා නිදහස් කලා ඔහුගේ දේශපාලන සම්බන්ධකම සියලුදෙනාම දන්නවා , නමුත් මේ ජයමහ පවුල හෝ ජූඩ් ශමන්ත ජයමහ දේශපාලනයට සම්බන්ධ පුද්ගලයෝ නොවේ , මෛත්‍රීපාලගේ මෙම පවුල සමග හිතවත් කමක් පිළිබඳව කවුරුත් දන්නේ නැහැ , නමුත් මෙම පවුලට යහමින් මුදල් තිබෙනවා , මේක කරලා තිබෙන්නේ විශාල මුදල් ගනුදෙනුවකට බව හොදින් පෙනෙනවා , මෛත්‍රිපාල මේකට වග කියන්න ඕනේ , සමහරු කියන විදිහට ජූඩ්ට ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කරන්න බැහැ ඔහු කරපු වරදට හිර දඩුවම් විඳලා , රටේ ජනාධිපතිගෙන් සමව අරන් හිරෙන් නිදහස්වෙලා නිතියනුකුලව පිටරට ගිහින් තිබෙන්නේ , ඔහු සමුලගතකයෙක් හෝ ත්‍රස්ත්වධියෙක් හෝ කුඩු ජාවාරම් කරන පාතාල නායකයෙක් නොවේ ඔහු කල වරදට දඩුවම් ලබලා තිබෙනවා , පිට රටවල් මේකට ඔහුව අල්ලන්නේ නැහැ , සමහරවිට මේ වනවිට පිටරටක පීආර් එක හෝ දේශපාලන රැකවරණ ලැබිලා ඇති , ඔහුව අල්ලනවනම් අර කේපී අල්ලපු විදිහට බුද්ධි අංශ මෙහෙයුමක් කරන්න ඕනේ .

:       0       49

ajith Thursday, 06 June 2024 02:10 PM

මේ තමා අපේ රටේ පවතින මජර දේශපාලනයේ ප්‍රතිඵල. රට හැදෙන්නට නම් මේ දේවල් වෙනස් විය යුතුයි

:       4       40

ranjith Thursday, 06 June 2024 03:29 PM

මහජන ඡන්දෙන් පත්වෙන්නේ නීතියට අනුව රටට යහපතක් කරන්න .ගොන් තකතීරු වැඩ කරපුවාම කවදාහෝ තනතුරේ පුටුවෙන් බැස්සාම දඬුවම් විදින්න වෙනවා

:       2       16

Nimal 1 Thursday, 06 June 2024 03:46 PM

මේ දාමරිකයන්ගේ මුහුණ දකින්නත් අප්පිරියයි. අනෙක මෛත්‍රීට ජනාධිපතිකම දීම වඳුරෙකුට දැලිපිහියක් දුන්නා හා සමානයි.

:       0       46

Ruwan De Silva Thursday, 06 June 2024 04:31 PM

ඉවෝන් ජොන්සන්ව මමත් දන්නවා ඉස්සර අපිට වඩා අවුරුදු 2-3ක් බාලයි. කොළඹ ජාත්‍යන්තර පාසලේ හිටියේ මගේ බිරිඳත් ඒකේ ඉගෙන ගත්තේ හරි ලස්සන ගැහැණු ළමයෙක්. මොනවා වුණත් පව්...!

:       4       16

නිහාල් Thursday, 06 June 2024 05:02 PM

ජනාධිපති සමාව නිකන් හම්බවුනේ නැහැනේ. ඒක දුන්නු කෙනෙක් ඉන්නවනේ...

:       2       25

ගමේ එකාලා Thursday, 06 June 2024 05:04 PM

හිටන් කරපු වැඩෙන් ලොකු පගාවක් හම්බ වුණා කියලා ආරන්චි...!

:       0       32

R.T.sarath Thursday, 06 June 2024 06:31 PM

ගමේ ඒකාලේ මම කලින් ලියපු කමෙන්ට් එක බලන්න අනිවාර්යයෙන් හිටන් පිලෙන් පගාවක් අරන් තිබෙනවා.

:       19       6

සෙනෙවිරත්න Thursday, 06 June 2024 07:02 PM

දැන් තුන් පැත්තක අය ඔය වරද කරලා තියෙනවා... ජේ ආර්, සිරිසේන, ගෝඨාභය, දැන් පෙල ගැහිලා ජවිපෙට ලපයාට බනිමු. කුහකකම කොච්චරද කිව්වොත් මජර පාලකයින්ට කඩේ යන සෙට් එක මේවා දැක්කාම ඇඳන්යට... ජවිපෙට කොච්චර අවලාද කළත් රටේ හද ගැස්ම මාලිමාව වී හමාරයි..

:       1       0

samantha Thursday, 06 June 2024 08:18 PM

ජූඩ් සමන්ත දැන් ඉන්නේ ප්‍රංශයේ ඔහුට එහේ තාවකාලික වීසා තිබෙනවා ප්‍රංශයේ මරණ දඬුවම නීති පොතේ නැහැ. ප්‍රංශය මරණ දඬුවම නියම වෙච්චි පුද්ගලයෙක් අදාල රටට deport කරන්නේ කලාතුරකින්, එහෙම කරන්නේ ත්‍රස්තවාදී ක්‍රියා යුද අපරාද, සමුල ඝාතන සහ අධාර රට සමග ගිවිසුම්ගතවෙලා තිබෙනවා නම් පමණි. නමුත් ප්‍රංශය සහ ලංකාව අතර මෙවැනි ගිවිසුම් නැහැ... ජුඩ්ගේ ප්‍රශ්නයේදී ඔහු නඩු විභාගයට මුහුණදීලා වැරැදිකරු වෙලා පසුව, ජනාධිපති සමාව ලැබිලා නිදහස් වුණු කෙනෙක්, ඉන්පසු ඔහුගේ කල්ක්‍රියාව සම්බන්ධයෙන් මාධ්‍ය මගින් අපට දැනගන්න තරම් විශාල වරදක් වෙලා නැහැ... හිරෙන් නිදහස්වුණු පසු කල්ක්‍රියාව හොඳ නම් කලින් කරපු වරදට නැවත දඬුවම් පනවන්න බැහැ. ප්‍රංශයේ නීතියට අනුව... දැන් සිරිසේන නිසා ඔහුගේ ප්‍රශ්නය දේශපාලනීකරණය වෙලා තිබෙනවා. මෙම තත්වය මත ඔහුට එහෙ දේශපාලන රැකවරණ සහ පුරවැසිභාවය පවා ලැබෙනවා. ජනාධිපති වුණත් රටේ නීතියට යටයි... එම නිසා රාජකාරිය නිසිලෙස ඉටු නොකිරීමට, සිරිසේන නීතිය ඉදිරියට ගෙන එන්න ඕනේ...!

:       1       0

Sam Thursday, 06 June 2024 08:27 PM

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) ව්‍යවස්ථාව මඟින් ඕනෑම වරදකට ශ්‍රී ලංකා අධිකරණයකදී වරදකරුවකු වන ඕනෑම අයකුට ජනාධිපති සමාව දීමට ජනාධිපතිවරයාට බලය පවරා ඇත. මෑතක සිට අධිකරණය සෑමවිටම ව්‍යවස්ථාදායකයට වඩා උඩින් සිටින ලෙස තීන්දු දෙනවා පේනවා.

:       0       1

Rohana Thursday, 06 June 2024 10:22 PM

ජනාධිපති වරප්‍රසාද පාවිච්චිකරමින් මෛත්‍රීපාල කලේම මේවගෙ අසමජ්ජාති වැඩ.දැන් ඉතින් අධිකරන තීන්දුව පිලිඅරගෙන දඩ සහ ගාස්තු ගෙවල දමන්න වෙනවා. නියමයි

:       1       25

B Amarasinghe Friday, 07 June 2024 03:02 AM

කරන කලට පව් මීරිය මී සේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ ඇඳින එපව් දුරලන උපදේ සේ නුදුන මැනවි තුන් දොර අවකා සේ එහෙම කිව්වට විඳවන්න ක්‍රමයක් නැති එක අඩුපාඩුවක්. මෛත්‍රියා හොඳින් ඉන්නවා

:       17       3

Sisira Kumara Friday, 07 June 2024 04:36 AM

හිටන් ආවේ එල්ලුම් ගහ නැවත ක්‍රියාත්මක කර මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා කියලයි. අන්තිමේදී යන්න ගියේ මරණ දඬුවම පනවපු මිනීමරුවෙක්වත් හිතුමතේට අත්තනෝමතිකව නිදහස් කරලයි . පරස්පර හිටන්.

:       0       27

randil dunuwille Friday, 07 June 2024 08:01 AM

එතකොට ගෝඨාගේ කාලේ මේවාගේ වැරැද්දට එයාට දඩුවම් කෝ

:       14       9

සෙනෙවිරත්න Friday, 07 June 2024 08:07 AM

රතන සහ සිරිසේන ඇපයට අරගෙන සිරගත කරන්න. චූදිතයා අල්ලාගත් දිනයක නිදහස් කරන්න.

:       6       11

Samaranayake H.G Friday, 07 June 2024 09:38 AM

ඔය මනුස්සයා දෙපිට කාට්ටුව. හබරණ ප්‍රදේශයේ හිටපු ප්‍රසිද්ධ වෙද මහත්තයෙක් මට කිව්වෙ.සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට කේලාම් කීමෙන් තමයි සංවිධායක කම් අරං තියෙන්නෙ (එතකොට ග්‍රාමසේවක)

:       1       4

සෙනෙවිරත්න Friday, 07 June 2024 10:07 AM

රතන සිරිසේන නොමග යැව්ව,ගලයිෆොසෙට් තහනම් කරවල ,ඒක කිසිම වකුගඩු රෝගයට සම්බන්ධයක් නොමැති බව කියසිටියදීත්, අනෙක මේ සිද්ධිය, ගොටට කාබනික ලනුව දුන්න. වඳ කලා කියල අර සාපි කියන දොස්තරට බොරු චෝදනා කලා, ගෑනුවගයක් අල්ලගෙන නාඩගමක් නැටුව කණගාටුව රටේ බුද්ධිමත් අයත් ඒ බොරුවට අහවුන එකයි.

:       1       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 891 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 316 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4029 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1450 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 692 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2447 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site