(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
ජනාධිපති සමාව ලැබ නිදහස්ව සිටින රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුවේ විත්තිකරු වූ ජූඩ් ශ්‍රාමන්ත ඇන්තනී ජයමහ නැමැත්තා විදේශ ගතවීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු නියෝගය ලබන ජුනි 11 වැනිදා තෙක් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) තීන්දු කළේය.
ජනාධිපති සමාව ලැබ නිදහස්ව සිටින රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුවේ විත්තිකරු වූ ජූඩ් ශ්‍රාමන්ත ඇන්තනී ජයමහ නැමැත්තා විදේශ ගතව සිට නැවතත් ලංකාවට පැමිණ ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවට පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරුන් කළ කරුණු දැක්වීම් සැළකිල්ලට ගනිමින් මෙම අතුරු නියෝගය තවදුරටත් නිකුත් කිරීමට අධිකරණය නියම කළේය.
නඩුවේ විත්තිකරුට අධිකරණයෙන් නියම කර තිබූ මරණ දඬුවම අහෝසි කර ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපතිවරයා ගත් තීරණය මඟින් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව සඳහන් කරමින් එම විත්තිකරු යළි අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා කාන්තා මාධ්‍ය එකමුතුව සංවිධානය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ තීන්දු ලබා දෙන ලදී.
මෙම පෙත්සම බුවනෙක අළුවිහාරේ , එල්.ටී.බී.දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන් හමුවේ පෙත්සම කැඳවිණි.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ජනාධිපති සමාව ලැබූ විගස ජූඩ් ශ්‍රාමන්ත ජයමහ නැමැත්තා විදේශගත වූ බවත් ඔහු මේ වන විට යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙන හෙයින් ඔහුට රටින් පිට වීම වළක්වාලමින් නඩු විභාගය ආරම්භයේ දී නිකුත් කළ තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ ලෙස ඉල්ලීමක් කළේය.
එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට නියෝග කළේය.
මෙම පෙත්සම අද (19) සළකා බැලීම සඳහා නියමිතව තිබුණත් එහි වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අද දින පෙනී නොසිටි බැවින් කරුණු සළකා බැලීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔහුගේ කණිෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව පෙත්සම සලකා බැලීම ජුනි මස 10 වන දා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
2025 අවුරුද්දේදී රටට හොඳ කොලොප්පමක් බලාගන්න පුළුවන් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ගාල්ලේදී පැවසීය
වලස්මුල්ල පොලිස් වසමට අයත් වත්තහේන්ගොඩ ප්‍රදේශයේ ලදු කැලෑවක ගිණිඅවි සහ උල්පිහි රැගෙන සැගවී සිටි 22 හැවිරිදි තරුණයෙකු අත් අඩංගුවට ගත් බව වලස්මුල්ල පොල
2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්දය සළකුණු කිරීම සඳහා ලබා දී ඇති අවසන් අවස්ථාව අදින් (8) අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු ඇමතිවරයෙකු හබරාදුව ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ (07)රාත්‍රි සංවිධානය කර තිබු දේශපාලන සාදයක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල
කුරුණෑගල කේන්ද්‍ර කර ගනිමින් පිරමීඩ් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් තැන්පත්කකරුවන්ගේ රුපියල් කෝටි 1,000 ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර , රටින් පළා ගිය එම
උතුරු සහ උතුරු - මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජූඩ් ශ්‍රාමන්ත ජයමහට එරෙහිව විදෙස් ගමන් තහනම දිගු කරයි
fairoos Tuesday, 19 January 2021 09:30 AM
අයියෝ සිරිසේන ... මෙයා තමයි ලංකාවේ හිටපු අදක්ෂම පුද්ගලයා.
Lapaya Tuesday, 19 January 2021 12:06 PM
කතාවට කියන්නේ හිටන් සහ අලුත දිවුරුම් දීපු කෙනා මෙයාව නිදහස් කරන්න කෝටි ගාණක් බෙදාගත්තා කියලා...
විජිත් Tuesday, 19 January 2021 12:41 PM
ඔබ හරි, හිටන් නොහොත් ඊයේ පෙරේදා දිව්රුම් දුන් කෙනා රුපියල් ලක්ෂ 900ක් සහ කොළඹින් ගෙයක් ලබාගෙන මෙයාව නිදහස් කළා.
prabha Tuesday, 19 January 2021 07:05 PM
දැන් ගත්ත සල්ලි ආපහු ඉල්ලලා නඩු දාවිද?
Hafeel Tuesday, 19 January 2021 04:47 PM
තමන්ගේ ධුර කාලය තුළ කවුරු හෝ එල්ලුම් ගහට යවන බව කියපු මේ සිරිසේන අවසානයේ කරපු වැඩේ...
සරත් පර්ත් Wednesday, 20 January 2021 12:25 AM
අයියෝ සේන ඕවා කැත වැඩ...
Hafeel Wednesday, 20 January 2021 04:27 AM
තමාගේ ධුර කාලය තුළ එකක් හෝ එල්ලුම් ගහට යවනවා කියලා පම්බෝරි ගහපු සිරිසේන අවසානයේ කරපු වැඩ...
sharm warn Wednesday, 20 January 2021 06:14 AM
මොනවටද නඩු දාගෙන විදේශගත වෙන එක තහනම් කරන්න හදන්නේ. ඔය අගේට ගියේ ලංකාවෙන්. ආයෙ එයි කියලා හිතනවද? බයිලා තමයි. මේ වැරැද්දට සමාව දුන්නා. රංජන්ව හිරේදාලා ප්‍රජා අයිතියත් නැති කළා. ඔන්න මේ රටේ නීතිය. ඉතින් රන්ජන් කිව්වේ බොරුද?