IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල

ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක මහේල ජයවර්ධන පත්කරනු ලැබ ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තවත් හිටපු නායකයකු මෙන්ම මේ වන විට එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේත් සභාපතිත්වයද දරන කුමාර් සංගක්කාර මහතාද සාමාජිකයන් 14 දෙනකුගෙන් සමන්විත ජාතික ක්‍රීඩා සභාවට පත්කර තිබේ.

ක්‍රීඩාවේ දියුණුව, එහි ප්‍රතිපත්ති සහ ජාතියේ ක්‍රීඩා ප්‍රමිතිය හා ඒ ආශ්‍රිත යටිතල පහසුකම් නඟා සිටුවිය හැකි ආකාරය පිළිබඳව අමාත්‍යවරයාට උපදෙස් දීම අභිනව ජාතික ක්‍රීඩා සභාවේ කාර්‍යභාරයන් අතර වේ. එහි සාමාජිකයෝ අමාත්‍යවරයාගේ ආරාධනයෙන්  අද සවස එහි සමාරම්භක රැස්වීමට එක්ව සිටියහ.

ජාතික ක්‍රීඩා සභාව  බහුවිධ අංශවල පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විත වන අතර, ඔව්හු සිය වෘත්තිය ක්ෂේත්‍රවලදී මෙන්ම අන්තර්ජාතික ක්‍රීඩා පිටියේදීත් ශ්‍රී ලංකාවේ කීර්තිනාමය ගොඩනැංවීම සඳහා අඛණ්ඩව දායක වූ අය වෙති.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියමය පරිදි නව ක්‍රීඩා පනතක් හා ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් සැකසීමට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කිරීම, ඉලක්කගත ජයග්‍රහණ සදහා සැළසුම් සකස් කිරීම, ක්‍රීඩකයින් වෘත්තීමය තත්වයකට නංවාලීම උදෙසා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ජාතික සංචිත තේරීමේදී ඇමතිවරයාට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම, පාසල් ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව පාසල් ක්‍රීඩා නැංවීමේ සැලැස්මක් සකස් කිරීම, ක්‍රීඩාවේ පාරිශුද්ධභාවය සහ විනිවිදභාවය සුරැකෙන ආකාරයෙන් කටයුතු කිරීමට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය කිරීම, නව ප්‍රවණතාවන් හා ඊ-ස්පෝර්ට්ස් වැනි නව අංශ හරහා ක්‍රීඩා ආර්ථිකයක් ගොඩ නැගීමට කටයුතු සම්පාදනය කිරීම යන කරුණු මුලික කර ගත් විශේෂ වැඩසටහන් සදහා මග පෙන්වීමද ජාතික ක්‍රීඩා සභාවේ වගකීම් අතර වේ.



ජාතික ක්‍රීඩා සභාවේ නව සාමාජිකයෝ

01.   මහේල ජයවර්ධන මහතා - සභාපති

02.  කුමාර් සංගක්කාර මහතා - කමිටු සාමාජික

03.  ශවේන්ද්‍ර සිල්වා මහතා - කමිටු සාමාජික

04.  රොවේනා සමරසිංහ මිය - කමිටු සාමාජික

05.  සංජීව වික්‍රමනායක මහතා - කමිටු සාමාජික

06.  ජූලියන් බෝලිං මහතා - කමිටු සාමාජික

07.  යශ්වන්ත් මුත්තෙට්ටුවගම මහතා  - කමිටු සාමාජික

08.  සුපුන් වීරසිංහ මහතා - කමිටු සාමාජික

09.  කස්තුරි විල්සන් මිය - කමිටු සාමාජික

10.  රුවන් කෑරගල මහතා - කමිටු සාමාජික

11.  රාජිත අම්පෙමොහොට්ටි මහතා - කමිටු සාමාජික

12.  රොහාන් ප්‍රනාන්දු මහතා - කමිටු සාමාජික

13.  ඩිලන්ත මාලගමුව මහතා - කමිටු සාමාජික

14.  අමල් එදිරිසූරිය මහතා - කමිටු සාමාජික

 



අදහස් (6)

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල

තාරක Thursday, 20 August 2020 02:34 PM

විශිෂ්ඨ තීරණයක්.. අපි පතපු බලාපොරොත්තු වුණු රට ගොඩනගන්න ඔබ සැමට ශක්තිය ලැබේවා..!!!

:       89       371

Sri Lankan Thursday, 20 August 2020 04:46 PM

හොඳ විශිෂ්ඨ තීරණයක්...

:       0       46

Champa Thursday, 20 August 2020 05:43 PM

14 දෙනෙක් ඉන්න මේ උපදේශක සභාවේ සභාපති සහ සාමාජිකයන් කරන්නේ ගරු සේවයක්ද නැත්නම් ඔවුන්ට වැටුපක් ගෙවනවද? වැටුපක් ගෙවනවා නම් ගෙවන්නේ මහජන මුදලින්ද? නැත්නම් තමන්ගේම අරමුදල් වලින් පවත්වා ගෙනයන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැනි එකකින්ද? මොවුන්ට මහජන මුදලින් වැටුප් ගෙවනවා නම් මේ උපදේශක සභාව සුදු අලියෙක්...

:       40       46

විජේ Thursday, 20 August 2020 06:43 PM

නාමල්ලී හොඳ වැඩක් කරලා තියෙන්නේ. එයාලාට ස්වාධීනව කටයුතු කිරීමේ නිදහසද ලැබිය යුතුයි.

:       0       5

eresh Skumara Friday, 21 August 2020 03:12 AM

ඉතාමත් හොඳ සෙට් එකක්... ජයවේවා..!!!

:       0       3

Asanga Friday, 21 August 2020 05:49 AM

හොඳ තීරණයක් මෙන්ම අගය කළයුතු වැඩක්...

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන්න
2024 නොවැම්බර් මස 20 94 0

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම


වගා හානි සතුන් එලවන්න ලාල් කෙවිට අතට ගනී
2024 නොවැම්බර් මස 20 142 0

වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.


බිමල්ගේ අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමතිලා දෙන්නෙක්
2024 නොවැම්බර් මස 20 177 0

ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්‍


දසවැනි පාර්ලිමේන්තුව හෙට
2024 නොවැම්බර් මස 20 42 0

දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.


මහ පාරට වැටීම ගැන සතුටුයි
2024 නොවැම්බර් මස 20 179 0

මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.


ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 1262 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1928 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site