IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ජාතික රෝහලේ ගිලන් රථ 11ක් ගිලන් වෙලා

(විමුක්ති එස් රුද්‍රිගු)

කොළඹ ජාතික රෝහලේ ගිලන් රථ 13 ක් තිබුණත් හොඳ තත්ත්වයේ තිබෙන්නේ ෆෝර්ඩ් සහ බෙන්ස් වර්ගයේ ගිලන් රථ දෙකක් පමණක් බව එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවසුවේය.

එසේම කොළඹ ජාතික රෝහලේ ප්‍රවාහන කටයුතු සඳහා තිබෙන්නේද වසර 20 කට වඩා පැරණි වාහන 3 ක් පමණක් බවත් එම වාහන නිතර නිතර කාර්මික දෝෂයන්ට ලක් වීම හේතුවෙන් වැඩි කාලයක් තිබෙන්නේ ගරාජයේ බවත් එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.

ඒ හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රවාහන කටයුතු අඩාල වී තිබෙනවා පමණක් නොව එම වාහන නඩත්තු කිරීම සඳහා විශාල මුදලක්ද වැය කිරීමට සිදුව ඇති බව එම ප්‍රකාශකයා පැවසුවේය.

කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලය 11000 ක් පමණ වන බවත් දිනකට 8000 ක් පමණ රෝගීන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මේ වනවිට පොදු ප්‍රවාහන සේවයක් නොමැති වීම හේතුවෙන් කාර්ය මණ්ඩලය සහ රෝගීන් ගැටලු රාශියකට මුහුණපා සිටින බව එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.

සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු විවිධ රාජ්‍ය අංශවල දේශපාලන පත්වීම් ලබන්නන්ට සුවිශේෂී වරප්‍රසාද යටතේ සුඛෝපභෝගී මෝටර් රථ හිමි වී තිබෙන බවත් රටට විශාල සේවයක් කරන කොළඹ ජාතික රෝහලේ ප්‍රවාහන සේවය පණ අදිමින් සිටින බවත් එම ප්‍රකාශකයා පැවසුවේය.

 



අදහස් (1)

ජාතික රෝහලේ ගිලන් රථ 11ක් ගිලන් වෙලා

Hafeel Friday, 13 October 2023 02:35 PM

මේ නිසාද පොහොට්ටුවේ මී හරකුන් සෞඛ්‍ය ඇමැති කෙහෙලියව විශ්වාස භංගයේදී දිනවූවේ...?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 258 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 283 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1256 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 3515 9

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 1405 2

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 1430 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39854 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25879 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 109 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1266 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site