පුත්තලම 27 හැවිරිදි එක්දරු පියකුගේ කැපී ගිය ජනනේන්ද්‍රිය පැය 12ක සැත්කමකින් පසු බද්ධ කිරීමට කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු පිරිසක් සමත් වූහ.
මෙවැනි සැත්කමක් ලෝකයේ සිදු කළ මුල් අවස්ථාව මෙය බව වෛද්‍ය මතයයි.
බ්ලොග්ගල් නිෂ්පාදකයකු වන ඔහුගේ ජනනේන්ද්‍රියට වක් පිහියකින් මේ අනතුර සිදුව ඇත.
ඔහුට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකි වෙතියි වෛද්‍යවරු විශ්වාස කරති.
කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය දුලිප් පෙරේරා සහ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ උප ප්‍රධානී ශල්‍ය විශේෂඥ වෛද්‍ය ධම්මික දිසානායක මහත්වරුන්ගේ අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරීවරුන් වන කපිල මෙන්ඩිස්, අරුණජිත් අමරසිංහ, කේ කෙලින්, ලේඛකාධිකාරී වෛද්‍ය කුමාරන්, ජ්‍යෙෂ්ඨ වෛද්‍ය රවීන්ද්‍ර රාජපක්ෂ මහත්වරු ශල්‍යකර්මය සිදු කළහ.
මෞත්‍ර ලිංගික ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නෙවිල් පෙරේරා මහතාගේ සහ ප්ලාස්ටික් ශල්‍ය විශේෂඥ වෛද්‍ය ලලන්ත අමරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් ද ඒ සඳහා ලැබිණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වූ කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ධම්මික දිසානායක මහතා මෙසේ ද පැවසීය.
‘මෙම රෝගියා කොළඹ ජාතික රෝහලට එවා තිබුණේ පුත්තලම රෝහලෙන්. ජනනේන්ද්‍රිය වෘෂණ කෝෂ සමගින් සම්පූර්ණයෙන් ශරීරයෙන් වෙන් වී තිබුණා. පාන්දර හතර හමාරට පමණ සිදු වූ කැපුම් තුවාල වලින් පසු පැය හතරක් ඇතුළත රෝගියා රෝහල් ගත කර තිබුණා.
සැත්කම සාර්ථකව නිමකිරීමට රෝගියා රෝහලට ගෙන ඒමට ගත වූ කාලය සහ ලිංගේන්ද්‍රය රෝහලට ගෙන ආ නියම ක්‍රමයත් වැදගත් වුණා.
විශේෂයෙන් මතක් කළ යුතුයි අවයවයක් කැපී ගියහොත් එම අවයවය පිරිසිදු බෑගයක දමා අයිස් දැමූ බෑගයක බහා හැකි ඉක්මණින් රෝගියා රෝහලට ගෙන ආ යුතුයි.
කැපීගිය අවයවය සම්පූර්ණයෙන් සේලයින් ජලයේ දමා ගෙන ඒම හා තනිකරම අයිස්වල බස්සවා ගෙන ඒම වැරදි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය දුලිප් පෙරේරා මහතා මෙසේ ද පැවසීය.
‘මෙම අවයව බද්ධ කිරීම මේ ආකාරයෙන් සිදු වන්නේ ලොව ප්‍රථම වතාවට. මෙය කොතරම් තියුණු ලෙස කැපී තිබුණාද කිව්වොත් එකවර කැපී ගිහින් තිබුණා. වන් ෂොට් කැපුම් ලෙස අප හඳුන්වනනේ මෙවැනි කැපුම් වලටයි
අප මෙහිදී මුලින්ම සම්බන්ධ කළේ ජනනේන්ද්‍රියේ මුත්‍රා මාර්ගය. ඉන් අනතුරුව ලිංගය ප්‍රාණවත් වීමේ පටක සම්බන්ධ කළා. රුධිර ධමනි, ශිරා, කෝෂ වලට සම්බන්ධ පටක, ධමනි සම්බන්ධ කළා. මෙය පහසු කටයුත්තක් නොවේ.
මා මගේ වෛද්‍ය කණ්ඩායම ගැන නිහතමානීව ආඩම්බර වෙනවා. මට අවශ්‍යයි විශිෂ්ඨ වෛද්‍ය කණ්ඩායමක් බිහිකරමින් මගේ රටට සේවය කරන්න. අපි මේ රටේ ඉපදුන මිනිස්සු. අපේ වෛද්‍යවරුන් දක්ෂයි. ඔවුන්ගේ දක්ෂතා මගේ රටේ මිනිස්සුන්ට ලබා දෙන්නයි මට අවශ්‍ය. ඒ සඳහා අපට පහසුකම් අවශ්‍යයයි.‘
තුවලකරුගේ බිරිඳ ලබා දුන් ප්‍රකාශයට අනුව මෙය ඔහු විසින්ම කරගත් අනතුරක් බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මං නම් හිතුවෙම අර දෙන්නගෙන් කෙනෙක් කියලා.(නදී)
සුබ පැතුම් ........ (නදී)
මේ මනුස්සයා ගැන නම් කතාකරන්න මම කැමති නැහැ. අපේ වෛද්‍යවරුන්ට මුළු ජාතියේම ප්‍රණාමය පුද කරනවා.(නදී)
ෆොටෝ එක බොද කලාම බලන්නේ මොකක්ද?ලංකාදීප කියන එකද?නොදා හිටියනම් ඉවරනේ. මේ වැඩේට නර්සලා සහයෝග දුන්නේ නැද්ද?ඒ අය ඔටුවොද?ඕක ටීම් වර්ක් එකක් නේද?(නදී)
මේ කාලයේ දෙවිවරු තමා දොස්තර මහත්වරු. තවත් මේ වගේම සාර්ථක විශ්මය ජනක දේ සිදුකිරීමට ඔබ සැමටම ශක්තිය දිරිය ලැබේවා. අපේ කාලයේ දෙවිවරුන්ට බුදු සරණයි. දෙවි පිහිට ලැබේවා. (නදී)
රෝගියා මේ ලෙස සුවකර දෙන්නට මහගු උපකාර වන අපගේ දොස්තර විරුවන්ට මාගේ ප්‍රණාමය නෙදර්ලන්තයේ සිට. (නදී)
දොස්තර මහත්තයා ලාට පින්. ප්‍රථමාධාර ක්‍රම අපට කියවන්න සලසූ වාර්තාවටත් ස්තුතියි...කාට කාටත් කියන්නේ පොත් අරන් අර හංගේරියාවේ විශ්ව විද්‍යාල ළමයි කොරපු වැඩ කොරන්න යන්ට එපා ආයුබෝවන්..(නදී)
මිහිපිට සැබෑම දෙවිවරු ඔබතුමන්ලා තමයි. නිවන්ද ක්නා ජාති දක්වා ඔබ තුමන්ලාට දීව්‍ය සැප ලැබේවා!සසර කෙලවර අමා මහ නිවනින් සැනසේවා! (නදී)
මේකෙනුත් දේශපාලකයෝ ලකුණු දාගනි ආසියාවේ අස්චාර්ය කියලා. (නදී)
බෝබිට් වසංගතය.(නදී)
අපේ රටේ කෑ ගහන ප්‍රේක්ෂක ජනතාව නිහඩ මොකද?අගය කරන්න දන්නැද්ද?(නදී)
අනේ ඒ මනුස්සයා ගේ වාසනාවට තැනට සුදුසු නුවන ඇති මිනිසුන් පිරිසක් ඒ මනුස්සයගේ පිහිටට ඉදල තියෙනවා. අවයවය කැපී ගිය වෙලාවේ එම අවයවය පිරිසිදු බෑගයක දමා අයිස් දැමූ බෑගයක බහා හැකි ඉක්මණින් රෝගියා රෝහලට ගෙන යාම අගය කල යුතු ක්‍රියාවක්. පුත්තලම රෝහලේ කාර්යමණ්ඩලය හා කොලබ ජාතික රෝහලේ ඒ දක්ෂ වෛද්‍ය කණ්ඩායම ගැන මමත් නිහතමානීව ආඩමබර වෙනවා. ඉක්මන් සුව පතමි.(නදී)
ඉතාමත් අගය කළ යුතු කටයුත්තක්. තව තවත් මෙවැනි කටයුතු කරන්න ශක්තිය ධෛර්ය මෙන්ම සහයෝගය ලැබේවා! (නි)
වෛද්‍ය කණ්ඩායමට අපේ ප්‍රණාමය.!!! (නි)
වැඩේ සීයට සීයක් සාර්ථකයි කියලා කියන්න පුලුවන් වෙන්නෙ ටිකට් කපාගෙන ගෙදර ගිය දවසක තමයි ඉතිං. (නි)
විශිෂ්ටයි.සුබ පැතුම්! (නි)
ලසන්ත, උත්තරය අත ළගම තියාගෙන පින්තූරය පැහැදිලි නැහැ කියන්න එපා. පොඩ්ඩක් වටපිට බලලා ඇහැ පිහදමලා බැලුවා නම්... (නි)
අර කෙනෙක්ගේ නහය නලලේ සවිකළා වගේ බැරිද මේකත්......... (නි)
"මට අවශ්‍යයි විශිෂ්ඨ වෛද්‍ය කණ්ඩායමක් බිහිකරමින් මගේ රටට සේවය කරන්න. අපි මේ රටේ ඉපදුන මිනිස්සු." ඔබගේ රට ගැන සිතුවිල්ලට මගේ අචාරය හිස නමා පුදකරමි. ඔබලාගේ හැකියාව දක්ෂකම වෙනුවෙන් නැවත වතාවක් මගේ ආචාරය! මෙහි අදහස් දක්වා ඇති ලසන්ත නැමැත්තාගේ රෝගයටත් බෙහෙත්කර හොදකර දෙන්නට මානසික රෝග පිළිබද වෛද්‍යවරුන්ට හැකිවේවා ! (නි)
අපේ වෛද්‍යවරු දක්ෂයි. ලෙඩාට ඉක්මන් සුවය ලැබේවා! (නි)
කෝ? හොඳම හරිය නැහැනේ. කොහොමද ඕක කැපුනේ ? (නි)
වෛද්‍යවරුන්ගේ දක්ෂතාවය අගය කරනවා.ඒ වගේම ඒ මෝඩ මිනිසා වටේට නුවණ ඇති මිනිසුන් හිටපු නිසා ඔහොම බේරගත්තා (නි)
අපේ වෛද්‍යවරුන් සැබෑ දක්ෂයෝ. ඒ දක්ෂ වෛද්‍ය කණ්ඩායම ගැන මම නිහතමානීව ආඩමබර වෙනවා. (නි)
ලංකාවේ දක්ෂ දොස්තරලාට ඉතාලියේ සිට මගේ ප්‍රණාමය! ඉතාලියේවත් මේ වගේ වැඩ නැහැ (නි)
අපරාදේ ලෙහෙසියෙන්ම ගැහැනියෙක් කරන්න තිබුනා (නි)
මොනවා වුණත් ඔයින් ගියා මදැයි. නැත්නම් ඉතින් මොන දෙවියන්ට කියන්නද? වෛද්‍යවරුන්ට අපේ සුබ පැතුම්! ලෙඩාට කියන්න තියෙන්නේ මීට පස්සේ කඩු හරඹ , පිහි හරඹ ඔය කිට්ටුව පාතකින්වත් කරනවා එහෙම නෙමෙයි ගොයියෝ! (නි)
මේක කියවද්දී මට කඳුළු ආවා සතුට වැඩිකමට. අපි මේ ලෝකයේ ඉන්න දක්ෂම ජාතියක්. කාලයක් අපිට බැහැ කියන ඍණ ආකල්ප වලින් අපිව වට්ටලා තිබුනා. එහෙත් අද ඒවා වෙනස් වෙලා. ආසියාවේ නෙමෙයි මුළු ලෝකෙම ආශ්චර්යය ලංකාව කරන්න අපිට පුළුවන්. රට ඉස්සරහට ගෙනියන්නේ දේශපාලකයෝ නෙමෙයි,මේ වගේ රටට ආදරය කරන සැබෑ වීරයෝ... (නි)
බොහොම හොදයි. මීට කලිනුත් වාර්තාවෙලා තියෙනවා මේ විදියේ බද්දකම්. වර්ෂ 2008 යුරෝපීය රටක මේ විදියේ බද්ධයක් කරලා තියෙනවා.බී.ජේ.යූ.අයි. ඔක්තෝම්බර් 23 වෛද්‍ය සගරාවේ මේ බව සදහන් කරලා තියෙනවා. (නි)
ඡන්ද ඔට්ටුවක් පරදින්න ඇති (නි)
එහෙනම් අරාබියේදී දරුවන් ලැබුණූ අයත් ලංකාවේදී නැවත පිරිසිදු අය ලෙස කසාද බදින්නේ? (නි)
ධම්මික, මට ඔබ ගැන ආඩම්බරයි (නි)
ලංකාවේ වෛද්‍යවරුත් දැන් මේ වගේ සැත්කම් කරන එක ගැන සතුටට කරුණක්.මේ වගේ සැත්කම් කීපයක් පිටරටවල කරලා තියනවා මම මීට කලින් දැකලා තියනවා.ඒවත් සාර්ථක වුනා. මෙයත් එසේම වෙයි. (නි)
අපේ වෛද්‍යවරුන් ඉතා දක්ෂයින්.ඔවුන්ට අපේ ප්‍රණාමය. (නි)
ඕක කපාගෙන තියෙන්නේ මොකද? (නි)
අපේ දේශප්‍රෙමී අහවල් පාට මල්ලිාගේත් ඔය ටික කපල දාලා ආවා නම් අද ලංකාවම සතුටු වෙනවනේ. (නි)
ෂෙහාන්,ආසියාවේ නෙමෙයි මුළු ලෝකෙම ආශ්චර්යය ලංකාව කරන්න අපිට පුළුවන්.දැනටමත් අපි ලෝකෙම ආශ්චර්යය වෙලා ඉවරයි. (නි)
අනිවාර්යෙන්ම කොහේහරි ගිහින් ගෙදර භාර්යාවට මාට්ටු වෙන්න ඇති. (නි)
නම කුමාරිහාමි වුණාට හරිම වනචරයි.ඉදලා ඉදලා මේ වගේ ප්‍රවෘත්තියක් දාපු ගමන් අදහස් පලකරනවා (නි)
සාගරිකා, ඉතින් ඔයත් එහෙම කෙනෙක්නේ (නි)
මුලින් විහිළුවක් කළාට මේක නම් විශ්වකර්ම වැඩක්. අපේ උගත් වෛද්‍ය මණ්ඩලයට මගේ උපහාරය! නමස්කාරය!! (නි)
ලංකාවේ දොස්තරවරුන්ගේ වටිනාකම තියෙන්නේ මැදපෙරදිග රටවලට ආවට පස්සෙයි.අපේ දොස්තරවරු මොන තරම් දක්ෂද?මොන තරම් උගත්ද?ඒකට මෙහෙ ඉන්න ඉන්දියන් සහ පකිස්තාන් දොස්තරලා.....? (නි)
මෙම සැත්කම කළ අපේ වෛද්‍යවරුන්ට සුභපතනවා.(දිල්)
මේ සැත්කම අපේ රටට ආඩම්බරයක් ,අනික මෙය රජයේ රෝහලක ,ලාංකික වෛද්‍ය වරුන් විසින් සිදු කිරීම සතුටක්,වෛද්‍ය වරුන් ට දීර්ඝායු ලැබේවා !
වෛද්‍යවරුන්ට අපේ ප්‍රණාමය. ගෑනියෙක් නිසා මෝඩ තීරණ ගන්න එපා. (නදී)
මගේ උත්තමාචාරය වෛද්‍ය කණ්ඩායමට. මට නම් පුදුමයි රෝගියාම කරගත්ත කිවුවම. (නදී)
අපේ රටේ කොච්චර දක්ෂ වෛද්‍ය වරු ඉන්නවද ඉදිරි අනාගතයේත් මෙවැනි දක්ෂ සැත්කම් කරත්වා කියා ප්‍රර්ථනා කරනවා. අපි අපේ වෛද්‍ය වරුන්ට කවදත් නය ගැතියි.(නදී)
අවම පහසුකම් යටතේ දස්කම් කරන වෛද්‍යවරුන්ට ප්‍රණාමය, අවම මුදලින් හොඳ තත්වයේ ප්ලාස්ටික් සැත්කම් කිරීමේ හැකියාවක් තිබෙන නිසා විදෙස් රෝගීන්ට ප්‍රතිකාර කර රෝහලත් දියුණු කරන වැඩ පිළිවෙලක් කරොත්. (ස)
රෝගියා නිසි ක්‍රම වේදයට කොළඹ දක්වා යැවු අයටත් ගෞරවය හිමිවෙන්න ඕන. (ස)
ඇත්තටම දොස්තර මහත්වරු අගය කරනවා. මේ වගේ සුපිරි වැඩ කාරයෝ ලංකාවෙන් බිහි වීම ගැන. (ස)
වෛද්‍යතුමන්ලාට හද පිරි ස්තූතිය පිරිනමනවා. (ස)
නියම තත්වයෙන්ම හිටියද කියන එකයි සැක.දොස්තර මහත්වරු බුදු වේවා... (ස)
අපි ඉතා ආඩම්බර වෙනවා අපේ වෛද්‍ය කණ්ඩායම ගැන සහ කණගාටු වෙනවා අපේ ගොන් හරක් කරන වැඩ ගැන, අවාසනාවකට අපේ යුද්ධය කාලෙත් මේ පිරිස හිටියා නම් අපේ දක්ෂ රණ විරුවන් දහස් ගානකට ඔවුන්ගේ නැතිවුණා අවයව හදා දෙන්න තිබ්බා. අපගේ ගෞරවනීය ප්‍රණාමය ඔබ සියලු වෛද්‍ය මණ්ඩලයටම හා සම්බන්ධ සියලුම කාර්ය මණ්ඩලයටම. (ස)
වෛද්‍යතුමන්ලාට හද පිරි ස්තූතිය පිරිනමනවා වෛද්‍ය මණ්ඩලයට මගේ උපහාරය! (නදී)
පින් සිදු වේවා !!! (ස)
වෛද්‍ය තුමනි ඔබලා මෙලොව බිහිවුන දෙවිවරු ......... (ස)
සරත් මල්ලි ..මේ ක එමනුස්සයම කරගත් දෙයක් නොවන බව මමත් එක හෙලාම කියනවා ..එක්කෝ බිරිද විසින් කල දෙයක්..නොමනා වැඩක් නිසා .. එසේත් නැතිනම් ..රාත්‍රී කාලේ කෙනෙක් විසින් කල දෙයක් එත් උපරිම තරහකට විය යුතුයි ..ඔහුගේ නොහොබිනා වැඩකට ...? (අ)
ඕක කපාගන්න තරම් මිනිහට තිබුන ප්‍රශ්නේ මොකක්ද දන්නේ නැහැ.(නදී)
අපේ රට ගොඩක් වෛද්‍ය විද්‍යාව දැන් දියුනුයි. අපි සතුටු විය යුතුයි නේ.(නදී)
වනේ වන හතුරෙකුටවත් මේ වගේ අනතුරක් නම් වෙන්ට එපා. වෛද්‍ය කාර්ය මණ්ඩලයට අපේ ප්‍රණාමය.මෙතනත් මත් වතුර සම්බන්දයක් ඇති. (නදී)
බොහොම උසස් අගය කල යුතු වැඩක්.(නදී)
ලංකාවේ වෛද්‍යතුමන්ලාගේ විවකර්ම වැඩ .මගේ ප්‍රණාමය .(අ)
මූට්ටු කලාට ප්‍රජනනය කරන්න පුළුවන් වෙයිද? ශ්‍රී ලංකා වෛද්‍ය වරුනට විදේශයක සිට ප්‍රනාමය!!චන්ද්‍ර මේයාව ගන්න එපා. මිනි මරුවෝ සාම සමුළුවට සහභාගී කරවා ගැනීම මේ ලෝකේ දැන් පැෂන් එකක් වෙලා. අර ඉන්දියාවේ මොඩිව අගමැති අපේක්ෂක කළා වගේ.(නදී)
මාටින්,. ඇයි කුමාරිගේ අදහස මොකද? මොකද ගැහැනියකුට ලියන්න බැරිද? තමුන් පුරුෂ අදිපති වාදියෙක් මාටින් (නදී)
උතුම් දොස්තර මහතුන්ට මගේ ප්‍රණාමය' නිදහස් අද්‍යපනයෙන් බිහිවූ ඔබතුමන්ලා රටට ජාතියට නය නැහැ (නදී)
මේවා දැකල "මෙවැනි දේට" නම් දරාපු අපේ ප්‍රාදේශීය කට්ටිය හිතයිද දන්නේ නෑ, 'දැන්නම් බය වෙන්ඩ කාරී නෑ, හදිස්සියේ කාට හරි අහුවෙලා කැපිල යන්න පිහිපාරක් වැදුනත් බද්ධකර ගන්න පුළුවන්නේ' කියල. (නදී)
දොස්තරලා 6 දෙනෙක් මේකට සම්බන්ද වෙලා තියෙන්නේ. ටිකක් වැඩේ අමාරු වෙන්නත් ඇති.(නදී)
වෛද්‍ය කණ්ඩායමට අපේ ප්‍රණාමය.(නදී)
ඔහොම හොඳ කියන අයම තමයි පස්සේ දවසක දොස්තර කෙනෙක්ගේ අතින් පොඩි වැරද්දක් වුණොත් බල්ල එපැයැ කට ගන්නෙත් (අ)
ඔබලා වැනි උතුම් දොස්තර මහත්වරුන්ට සුභ පැතුම්.(නදී)
මේකට බිරිදත් වග කියන්න ඕන . දොස්තර මහත්තුරු ටිකට පින්සිද්ද වෙන්න වැඩේ ගොඩ ගිහින් .(අ)
මගේ භක්ති ප්‍රණාමය ඔබ සැමට. දළදා සමිදු සරණ ලැබේවා! (නි)
වෛද්‍යවරු කියන්නෙ මිහි පිට සිටින සැබෑම දෙවිවරු........ (ස)
පුත්තලමේ ඉන්න අය ඔය වගේ වැඩමයි කරන්නේ. පව් වෙන කපා ගන්න දෙයක් තිබුණෙම නැද්ද ? (ස)
අපේ දොස්තර මහතුන්ට ගොඩක් පින්. සුබ පැතුම් ! (නි)
මෙම ශල්‍යකර්මය මෙහෙයුම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උත්කෘෂ්ටයි!! අති අනර්ඝයි!!! අනගිභවනීයයි!!!! මෙම රෝගියා රෝහලට ගෙන එනු ලැබූ බුද්ධිමත් පිරිස , පුත්තලම රෝහලේ අදාල වෘත්තීයමය කාර්ය මණ්ඩලය, කොළඹ කාර්ය මණ්ඩලය සහ විශේෂයෙන්ම " 09 දෙනාගේ බල ඇණියට" ආයුරාරෝග්‍යාදී සම්පත් ලැබේවා!!! (නි)
දොස්තර මහතාට පින් (ස)
මුළු ලොවටම ලංකික වෛද්‍ය වරුන්ගේ බුද්ධිය, දැනුම සහ හැකියාවන් පෙන්වා දෙන තවත් අවස්ථාවකි මෙය. ඔබලාගේ හැකියාවන් තව තවත් දියුණු වේවා යනු අපගේ ප්‍රාර්ථනාවය . (ස)
එයාගේ බිරිය මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)
මෙම සැත්කම සාර්ථක කර ගැනීමට මිනිස්කමේ නාමයෙන් සහය දුන් දොස්තර විරුවන්ටත්, හෙද කණ්ඩායමටත් මගේ ආචාරය ..! නිවැරදිව ප්‍රථමාධාර දී තිබීම විශිෂ්ටයි ...! (ස)
මුහුණත් සමග තරහ වෙලා නහය කපාගත්තා වගේ වැඩක්නේ එයා කරගෙන තියෙන්නේ (නි)
මාටින්, කුමාරිහාමිව කේන්ති ගස්වන්න එපා (නි)
මේ දොස්තර මහත්වරු සෘෂිවරු, මට නම් දෙවියන්ටත් වඩා ඉහලයි. මම ආණ්ඩුවෙන් ඉල්ලන්නෙ සියලුම වෛද්‍යවරුන්ට රු. 2000 ක් වත් පඩි වැඩිවීමක් හෝ විශේෂ දීමනාවක් දෙන ලෙසයි. (ස)
ඔබ කෙරූ කාර්යය දේව කාර්යයක් හා සමානයි.දුකට පත් ජනතාව උදෙසා ඔබ කෙරූ දෙය අගය කරමි.මිනිසුන්ගේ ප්‍රශ්න, තරාතිරම් නොබලන ඔබ වැනි වෙදැදුරන්, සියළු දෙනාගේම යහපත පිණිස වේවා!!! (ස)
ඔබ සැම අපගේ රටට මහා සම්පතක්. මේ මහගු ක්‍රියාවට දායකත්වය දුන් දොස්තර මහත්වරුනට අපගේ ප්‍රණාමය! (නි)
දොස්තර මහත්වරුන්ගේ දක්ෂකම (ස)
ගොඩක් හොඳට වෛද්‍යවරු සැත්කම කරලා තියෙනවා. මගෙන් සුභ පැතුම් වෛද්‍යවරුන්ට. (ස)
විශ්වාස කරන්න අපහසුයි. ශරිරයේ වෙනත් අවයව වගේ නෙවෙයි මෙහෙම දෙයක් කරනවා කියන එක ලාංකිකයන් වශයෙන් අපිට අපේ දොස්තර මහත්තුරු ගැන ආඩම්බරයි ........රෝගියාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරන ගමන් මේකට සහය දුන් සැමට සුබ පතනවා. (ස)
අප සතුටු වනවා. (ස)
මෙවැනි දක්ෂ වෛද්‍යවරුන් දැඩි කල කිරීම නිසා සමහර අවස්ථා වල පිටරටවල් වල පදිංචියට යනවා. (ස)
දොස්තර මහත්වරු ලෙඩාට ස්තුති කරනවා ඇති. මේ වගේ වැඩක් ඇති කරලා දීපු එක ගැන. එනම් දොස්තරවරුන්ගේ දෙවියන් වන්නේ ලෙඩුන්. උදා: මොචරියේ මිනියක් කපලා ඉගෙන ගෙන උඩට එන්න කොයි තරම් දොස්තරවරු උත්සහ කරනවද.. (ස)
ඔබ තුමන්ලාට ගොඩක් පින් ලැබේවා !!!!! (ස)
අනේ හොදයි. එම රෝගියාට ඉක්මන් සුවය පතනවා (නි)
වැඩකාරයෝ හිටියට, ආඩම්බර උනාට වැඩක් නැහැ. මේ අයගෙන් සහ වැඩකාරයන්ගෙන්, මොල කාරයන්ගෙන් වැඩ ගන්න සැලැස්මක් අපට නැහැ. (ස)
මෙහෙ ලෝකයේ ඉහළම වටිනාකම් සහිත විද්‍යා උපකරණ තිබෙනවා.අර්ථ අරව පරිහරණය කරන්න උගත් වෛද්‍යවරු නැහැ.ලොකු ශල්‍ය කර්මයක් කරන්න නම් ලංකාවටම එන්න ඕනේ.මෙහෙ මම දන්නා කිහිප දෙනෙක්ම අසනීපය වැඩි කරගෙන ලංකාවට ගිහින් ගම්බද රජයේ රෝහල් වලින් ශල්‍ය කර්ම කරගෙන සාර්ථක කරගෙන නැවත මෙහෙ පැමිණ තිබෙනවා.අඩු පහසුකම් යටතේ වුනත් ඒ අතින් අපේ වෛදවරු මොන තරම් දක්ෂ ද??? (ස)
වෛද්‍යවරුන්ගේ කාර්යභාරය අගය කළ යුතුයි (නි)
අපේ දොස්තරලාගේ හැකියාවන් ලෝකයටම පෙන්වන්න අවස්ථාවක් ලබා දුන් ඒ මහත්මයාට බොහොම පින්. ඒත් මෙතන පොඩි වරදක් තියෙනවා. ඒ පුද්ගලයාට සියතින්ම තම ශරීර කොටසක් පියවි සිහියෙන් කපා ගන්න තරමට ඇති වුන පීඩනය, ඊට හේතුව, එයට අවශ්‍ය මානසික ප්‍රතිකාර, ගැන කවුරුත් වැඩි සැලකිල්ලක් නොදැක්වීම කනගාටුවට කරුණක්. (ස)
ඔබ වැනි දොස්තර මහතුන් සිටින අප රට කොතරම් වාසනාවන්තද? (නි)
පවු. කවුද දන්නේ නැහැ ඒ පුද්ගලයා? (නි)
උනේ කොහොමද දන්නේ නැද්ද? කොහොම උනත් ඩොක්ටර්ස්ලගේ වැඩේ අගය කරනවා... (ස)
ඔච්චර ආරක්ෂා සහිත ස්ථානෙක තියෙන දෙයක් කපා ගත්තා නම් ඇත්තටම පුත්තලම් බුරුවෙක්. (ස)
මෙම වෛද්‍ය කණ්ඩායමට තුති පුදන්නට මගේ ශබ්ද කෝෂයේ වචන මදි. අද බොහෝ වෛද්‍ය වරු සියල්ල තීරණය කරන්නේ මුදල් මත .මෙවන් වූ සද් කාර්යයකට දායක වන්නේ බොහොම සුළු පිරිසයි.අනෙක් කාරණය දියුණු රටවල් හා සසඳන විට ඔවුන් ඉතාමත් අඩු පහසුකම් මැද මේ කරන්නේ විශ්ව කර්මයක්. එහෙයින් අප ඔවුන්ට කට පුරා දෙවියන්යයි කියමු. ඔබ සැමටත් ඔබ වැනි අනෙක් සියලුම අවංක නිහතමානි වෛද්‍ය වරුනටත් දීර්ගායුෂ පතමු. (ස)
අපේ රටේ ඉන්න මේ වගේ අය ගැන අපිට හරිම ආඩම්බරයි. සුබ පැතුම්. (ස)
ජාතියේ මුර දේවතාවන්... (ස)
කරුණාකර දායක වූ සියලු දෙනාගේ නම් සඳහන් කරන්න. වෛද්‍ය කණ්ඩායමට සහයට කාර්යක්‍ෂම හෙද කණ්ඩායමක් ඉන්න ඇති. සියලු දෙනාට පිං සිදු වේවා.......! (ස)
කාට හරි කරදරයක් කරන්න ගිහින් බලෙන් කැපුවද දන්නේ නෑ...... (ස)
ශූර වෛද්‍යවරුන්ට ප්‍රණාමය හිමිවන අතර ඔවුන්ට ඉදිරියටත් මුදලට නොව මිනිස්කමට සේවය කිරීමට අවශ්‍ය ශක්තිය ලැබේවායි පතමි. එසේම මෙවැනි ශල්‍ය කර්මයක් ජීවිතයක වැදගත්කම අවශ්‍යතාව ඇති මිනිසෙකුට කලා නම් එහි වැදගත්කම දෙගුණ තෙගුණ වනු නො අනුමානයි. (ස)
හොඳයි......මිනිහා කවුරු වුනත් මේ මිනිහට මේක කපා ගන්න තරම් හිතුන හේතුවත් හෙව්වොත් හොඳයි....අපේ ඩොක්ටර්ස්ලට අපේ ප්‍රණාමය (ස)
ඉතාමත් අගය කළ යුතු කටයුත්තක්.(නදී)
මගේ සුබ පැතුම ප්‍රමාද වීම ගැන බලවත් කනගාටුව ..!! දෙවියන් වැනි මේ දොස්තර මහතුන් සහ උදව් කල සියලුම දෙනාට මගේ හද පිරි සුබ පැතුම් පිරිනමන අතරම ..!! ඔහුට ඉක්මන් සුවයත් පතමි ( මට මතක් උනේ අර මාතර රෝහලේ වැරැද්දෙන් අතක් අහිමි උන නැගණියයි )(නදී)
නියමයි.. (ස)
මේක සාර්ථක නම් ගොඩක් පිරිමි අයගේ අඩුපාඩු හදා ගන්න පුළුවන් වෙයි.(නදී)
මේක කපාගත් පුද්ගලයාටත් බොහොම පින් දෙන්න ඕනෑ.එහෙම නිවැරදි විදියට ඒක වුණ හින්දනේ දොස්තරලා මේ වීර ක්‍රියාව කළේ.අපේ අය මොන පැත්තෙන් ගත්තත් දක්ෂයි (නි)
මහරුෆ් වගේ අයට මෙච්චර ප්‍රාතිහාර්යයක් කරලත් ඒක අගය කරන්න බැරි හැටි? (නි)
මොකද්ද මෙතන වුණ ප්‍රශ්නය? (නි)
මිලානෝ වල පිටිගල හැමතිස්සෙම අමුතු අදහස් ලියන්නේ. හොදින් ප්‍රකාශ කරන්න බැරි නම් කරුණාකර නොලියා ඉන්නකෝ (නි)
මම හිතාගෙන හිටියේ ගණකාධිකාරීවරයෙක් වෙන්න. දැන් මටත් හිතෙනවා මෞත්‍ර ලිංගික ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න. (නි)
http://www.nytimes.com/1993/07/13/health/the-doctor-world-artful-surgery-reattaching-a-penis.html?pagewanted=all (නි)
මහරුෆ්, මොනවාහරි අගය කරන්න පුරුදු වෙන්න. (නි)
ඇති යාන්තම්! (නි)
මෙන්න දෙවිවරු වැනි වෛද්‍යවරු. සුභ පැතුම්! (නි)
ඔහුට අනවශ්‍ය නිසා නොවේද කපාගෙන ඇත්තේ? (නි)
නසාර් , මොකටද නැවත මේ වගේ සැත්කම් කරන්න පුළුවන් වෙන්න කියන්නේ? දන්නේ නැති නිසා ඇහුවේ (නි)
අපේ රටේ මිනිස්සුන්ට රටේ අගය තේරෙන්නෙ නැහැ, සියල්ල නොමිලයේ ලැබෙන නිසා (නි)
මෙන්න දෙවිවරු වැනි වෛද්‍යවරු. සුභ පැතුම්! (නි)
හර්ෂණ,අසංග,චන්දි, තුන්දෙනා මොනවා කියවනවද මන්දා? (නි)
ප්‍රේමකුමාර, ඔයා පළමුව හොදින් ඉගෙනගන්න (නි)
වෛද්‍යවරු මෙහෙම දෙයක් කරන්න පුලුවන් බව සොයාගත්තේ ඒ මනුස්සයා එහෙම පැමිණි නිසානේ. නැත්නම් මෙහෙම දෙයක් කරන්න පුලුවන් බව අපි දැනගන්නේ කොහොමද? (නි)
ප්‍රබාත්, යුද්ධ කාලයේ මේ වෛද්‍යවරු සහ අනෙක් කාර්ය මණ්ඩලය දිවා රාත්‍රී වාට්ටු වලම සිට සොල්දාදුවන්ට ප්‍රතිකාර කළා.සොල්දාදුවන් පමණි මේ වාට්ටුවල හිටියේ. ඊට අමතරව යුද හමුදා රෝහල, නාවික පොලිස් රෝහල් වලටත් ගොස් ස්වේච්ඡාවෙන් සේවය කළා. පැය 12 ,14 ගතවන විශාල සැත්කම් සොල්දාදුවන්ට කරලා ඔවුන්ගේ අත් පා බේරලා දුන්නා. ඒ දිනවල ශල්‍යාගාර 3ක් පැය 24 පුරාම වැඩ කළා. වෛද්‍ය දුලිප් ඇතුළු කණ්ඩායම රටටම ආදර්ශයක්. (නි)
මට ඕනෑ එකක් මතක් කරන්න, මේ හාස්කම කළේ නොමිලයේ! (නි)
බුදු අම්මෝ! මේකට අදහස් දා ඇති කට්ටිය සංඛ්‍යාවක තරම! කරලා තිබෙන හපන්කමට දොස්තර මහත්තුරුන්ට වැඩි වැඩියෙන් ශක්තිය ලැබේවා! හැබැයි ඔය පාන්දර තමා අතින් ඒක කැපුනේ කොහොමද දන්නෙ නැහැ (නි)
ඔහුම විසින් කපාගත්තා කියලා පැහැදිලි සාක්කි තියෙනවද දන්නේ නැහැ. මෙයට හේතුව මොකක්ද කියලා දැනගන්න පුළුවන් නම් හොදයි (නි)
අපේ පුංචි ලංකාව ගොඩක් ඉදිරියෙන් නේද. (අ)
අයියෝ පව් (අ)
මේ මනුස්සය මේක සුවවෙලා ගෙදර ගියොත් ගියපයින්ම බෙල්ල කපාගෙන ආයේත් එන්න පුළුවන් .. මේක නම් කීයටවත් මෙයා කරගත්ත වැඩක් වෙන්න බෑ.. මිට වඩා හොඳයි බෙල්ල කපාගත්තා නම් ..(අ)
වෛද්‍ය දුලිප් පෙරේරා ට අපේ ප්‍රණාමය (අ)
සුබ පැතුම් ,...මේවගේ මිහිපිට දෙවිවරු අවේ රටට තව තවත් බිහි වෙන්නයි පැතුම මෙවන් මිනිසුන් බිහි කරපු දෙමාපියන්ටත් පින්,...(අ).
මේ මනුස්සය මෙක කොහොම කපා ගත්තද මන්ද,,? මෙතන නොකියුන ලොකු කතාවක් තියනවා ඇති ; ඇ කොහොම උනත් අපේ දොස්තර මහත්තුරුන්ගේ උත්සාහය නම් අගය කරන්න ඕනි ,, ජය වේවා' (අ)
වැඩේ සුපිරි මේක උනේ කොහොමද කියලත් දන්නා ඕන. මොකද නිකන් ඕක කපන්න වෙන කෙනෙක් එන්නේ නැ (අ)
පින් සිද්ද වෙනව ඕක කඩෙන් ගන්න නැ නේ ?(අ)
දැන්නම් දෙවිවරු වගේ පෙන්නේ පොඩ්ඩ වැරදුනාම කියන්ඩ වචන නැහැ (අ)
ඩුබායි තිලක් ,මිනිපේ ලියල තියන අදහස බලන්ට .ඔබ කලින් අදහස් දාලත් ඔයටික විතරක් ලිවේ නැ.ඔබගේ රාජ්‍ය විරෝදය එයින්ම පෙනෙනවා .කොහොම උනත් දොස්තර මහත්තුරුන්ට ප්‍රණාමය .(අ)
ශල්‍යකර්මය සාර්ථකද කියලා දැනගන්න වෙන්නේ එයාගෙන්ම තමයි (නි)
කවුරුත් කතා කළේ වෛද්‍යවරු ගැන පමණයි. මේක ලස්සනට ඇදයක් නොකර වෙන්කරලා දුන් කෙනාව අමතක කරන්න හොද නැහැ. ඒත් සැබෑ දක්ෂයෙක් (නි)
ඉතා ඉක්මනින් සුවපත් වේවා! (නි)
ඒ මනුස්සයට එපා වූ ඒ අවයවය නැවත ලබා දෙන්න පැය 12ක් පුරා වෛද්‍යවරු ගත් උත්සාහයට ප්‍රණාමය! ජීවිතය වුවත් තමන්ට එපා වුණාට වෛද්‍යවරුන්ට වටිනවා. (නි)
ඔබලා අති ශ්‍රේෂ්ඨයි (අ)
ඔබලා සැබෑම වීරයෝ (දිල්)
ඔබලා සැම වීරයෝ (දිල්)
විශේෂඥ වෛද්‍ය දුලීප් පෙරේරා මහතා ඇතූළු සියලුම වෛද්‍ය කණ්ඩායමට සුභ පැතුම්.......!!(දිල්)
ජය වේවා,,,,සුබ පැතුම් ....(අ)
සුභ පැතුම් සහ තව තවත් දිරිය ලැබේවා! (නි)
වෛද්‍ය දුලිප් ඇතුළු අනෙකුත් වෛද්‍ය සහ කාර්ය මණ්ඩලය ඉතාමත්ම විශිෂ්ට සේවයක් කල බව මම අසා තිබෙනවා. යුද්ධය පැවති සමයේ රණවිරුවන්ට මේ අංශයෙන් විශාල සේවයක් සිදුවුවා. ඔබ සැමගේ නිහඬ සේවයට ජාතියේම උපහාර ලැබිය යුතුයි. අපිට හරිම ආඩම්බරයි මෙවැනි ජීවක උතුමන් තවමත් ලංකාවේ ජීවත්වීම. (අ)
මේ වාට්ටුවේ මමත් නැවතිලා හිටියා. ඉතාම දක්ෂ වෛද්‍යවරු මේ ඒකකයේ ඉන්නවා. (නි)
තමන් කරන වැඩ වල ප්‍රතිඵල තමන්ට ලැබෙනවාමයි (නි)
ශීර්ෂය ප්‍රධාන සුබසිංසන කැනඩා වේ අපෙන් .(අ)
බටහිර වෛද්‍ය දිවුරුම් ප්‍රකාශය අනුව ඔවුන්ගේ සැත්කම් හා පිළියම් ගැන ප්‍රසිද්ධියක් දීම කළ හැකිද? හැත්තෑව දශකයේ මෙවැනි ශල්‍යකර්මයක් නිසා මහත් ආන්දෝලනයක් වුණා නේද? (නි)
එක නොවෙයි .මේවා නැති කට්ටිය සෙල්ලමට වගේ ඕක කපල ගෙනල්ල ඒක බද්ද කර ගන්න උත්සහා කරයිද? (අ)
මෙය ලෝකයේ පළමු වතාවට සිදුකල ජනනේන්ද්‍රිය වෘෂණ කෝෂ සමගින් සම්පූර්ණයෙන් ශරීරයෙන් වෙන් වී තිබී නැවත සාර්ථකව සම්බන්ධ කිරීම නොවේ.මෙවැනිම සාර්ථක බද්ධ කිරීම් වෙනත් රටවල සිදුකර ඇත.ඒ බව සදහන්කිරීමට අදහස්කලේ මගේ රටේ ය දැනුවත් කිරීමට මිස අපගේ විශිෂ්ට විශේෂඥ වෛද්‍ය සේවය අවතක්සේරු කිරීමට නොවේ.(අ)
දැන් ඉතින් අපේ කට්ටිය පොඩ්ඩක් වරදිනකොට ඕක කපාගනීවිද දන්නෙ නැහැ. මොකද නැවත යථා තත්ත්වයට පත්කර දෙන බව දන්න නිසා. (නි)
ලසන්ත,කුහකකම පැත්තකට දාලා යමක් අගය කරන්න පුරුදු වෙන්න (නි)
අනේ මගේ මහත්තයාව මට මතක් වෙනවා (නි)
වෛද්‍ය කණ්ඩායමට උත්තමාචාරය! (නි)
ඇත්තටම විශ්වකර්ම වැඩක්. අපේ දොස්තරවරුන්ට අපගේ ප්‍රණාමය! (නි)
ඔහොම යමුකෝ. හැබැයි ඕකේ සුල- මුල හොයාගන්නකම් මට නම් නින්ද යන්නේ නැහැ. (නි)
සමහරවිට වැරදිලා කැපුනද දන්නේ නැහැනේ .මට වැඩිපුරම හිනා ගියේ සඳුනි ලියා තිබුන අදහසට. රටක් වටිනා දොස්තරවරුන්ට පින් දෙන්න ඕනෑ මේ වගේ සැත්කමක් කරලා ඔහු සුවපත් කළාට (නි)
මේකේ සුලමුල වෙනම කතාවක්. තමන් කපා ගත්තා කියන එක බොරුවක්. එක ප්‍රේක්ෂකයාට වැඩක් නැහැ. (ස)
දැන් ඉතින් ගෙදර ගිහිල්ලා ඉබි මස් ටිකක් එහෙම කාලා ඉන්න (නි)
මටත් මෙම ක්ෂේත්‍රය සම්බන්ධව උනන්දුවක් ඇති වුණා (නි)
ජීවිතයක් ගොඩ ගත්ත වෛද්‍යවරුන්ට සුබ ප්‍රර්ථනා කරනවා(දිල්)
ජාතික රෝහලේ වෛද්‍යවරුනට සුබ පෙතුම් . (ත)
අවයව කොටස් බෑග් එකේ දාගෙන ආවේ කවුද දන්නෙ නැහැ ඒ පාන්දර? දෙයියනේ! (නි)
විශේෂඥ වෛද්‍ය දුලීප් පෙරේරා මහතා ඇතූළු සියලුම වෛද්‍ය කණ්ඩායමට සුභ පැතුම්.....(දිල්)
මේයා මේක හිතල කපාගත්තනම්....ආයෙ සුව නොකර ඉන්නයි තිබ්බේ...ඒත් අපේ වෛද්‍ය වරුන්ගේ ඇති දේව ගතිගුණ නිසා මිනිහා බේරුනා (අ)
ඉතා හොදයි (නි)
ඔය අවයව කපා ගන්න ඉස්සර වෙලා හිරි වට්ටා ගන්න ඇති. සිහි බුද්ධියෙන් නම් ඔය වැඩේ කර ගත්ත වෙන්න විදියක් නැහැ . (දී)
පුදුම සැත්කම් තමයි දැන් තියෙන්නේ (දී)
සුව වුණත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා (අ)
මේ වගේ ප්‍රශ්න වලට කොහෙන් හරි ස්ත්‍රී කෙනෙකුගේ සම්බන්ද තාවයක් ඇති .බිරිඳ රට රක්ෂාවේ,පුරුෂය වෙනත් අනියම් ගැහැනියක් සමග තම රටේ යුගදිවය ගෙවයි, බිරිඳ හදිස්සයේ සියරටට පැමිණෙන බව දැන්විය. අනියම් ගැහැණියට යන්න කියූ නිසා,ඇය කෝපයට පත්වී පුරුෂයාගේ ජනනේන්ද්‍රය එදින රාත්‍රියේ තියුණු ආයුදයකින් කපා වෙන් කළා. මේ වගේ දේවල් නොයකුත් රටවලින් අහන්න ලැබෙනවා. (අ)
මම නිවැරදි නම් ප්‍රවෘත්තියක් බැලූ වැඩිම සහ ප්‍රතිචාර වැඩිම පුවත මෙය විය යුතුයි. මෙම ප්‍රවෘත්තිය මෙසේ පළ කළ ලංකාදීපයේ රේඛා තරංගනී ෆොන්සේකා මහත්මියට අපගේ ආචාරය පුද කරමු. (නි)
අමිල හරි. (නි)
අපේ රටේ සමහර මිනිස්සුන්ට තිබෙන අසහනේ මේකෙන් පෙනෙනවා.මේක අගය කරන්නෙ නැතුව අනවශ්‍ය අදහස් දානවා. කොහොම වුණත් මේක නම් විස්මිත ක්‍රියාවක්.වෛද්‍යවරුන්ට අපි සදා ණයගැතියි (නි)
ඔබගේ මෙම ක්‍රියාව අගය කරනවා. දිගුකල් ජීවත් වේවා! (නි)
මෙම අවයවය අනවශ්‍ය අය හට දැන් ඉතින් වෙන අයට පරිත්‍යාග කරන්නත් පුළුවන් වේවි (නි)
බද්ධ කළා වගේම ජීවිතයට හානියක් නොවී ඉවත් කරන්නත් මේ දොස්තර මහත්වරුන්ට පුළුවන් ඇති (නි)
මේ කර්තව්‍යට සහභාගී වු වෛද්‍යවරුන්ට පිං (දිල්)
මාටින්, මගේ නමෙයි වනචරකමෙයි සම්බන්ධය මොකද්ද? නම කුමාරිහාමි වුණාම කොහොමද ඉන්න ඕනෑ? (නි)
බස් වල සහ කාන්තාවන්ට ළමියින්ට කරදර කරන පිරිමින්ට වන්ෂොට් වෙන්න දෙන්න හිටියේ ශික් දැන් ඒකත් කරන්න වෙන්නේ නැහැනේ ..යන තැන අපිත් වක් පිහියක් අරන් යන්න ඕන..(නදී)
කාලීන වශයෙන් ඉතාමත් වටිනා, අමිල, විශ්මයජනක ක්‍රියාවක් තමයි අපේ දොස්තර මහත්වරු කරලා තියෙන්නේ. මේ වගේ අයට අපේ රට එපා වෙලා පරදේශ වල සේවයට යන තැනට පත් නොකර ඔවුන්ව රැකගෙන ජාතියේ රැකවරණය දිය යුතුයි. ඒ අයට අවශ්‍ය සියලු පහසුකම් වගේම ඉහළ වැටුප් දී රැකගන්න ඕනෑ. ජාතියේ මුර දේවතාවුන්ට මගේ හදපිරි උපහාරය! (නි)
වෛද්‍යවරුන්ට සුභ පැතුම් (දිල්)
වෛද්‍ය මෙහෙය ඉතා අගය කරනවා (දිල්)
අපේ රටේ ඉතා දක්ෂ වෛද්‍යවරු ඉන්නවා. එය අපේ රටට මහත් කීර්තියක්. එම වෛද්‍ය මණ්ඩලයටම අපගේ නොමද සුභ පැතුම්. (නි)
මටත් මගේ බිරිඳගේ දෝෂ දර්ශනයෙන් ගැළවෙන්න ක්‍රමයක් මේකට අදහස් දාන අයගෙන්වත් ගන්න පුළුවන් වුණොත් ඔයාලට ගොඩාත් පින් සිද්ධ වෙනවා (නි)
මම නරක ගැහැණියක් වුණත් කාටවත් ඒකේ ඇති අමාරුව මොකක්ද? (නි)
මෙහමත් දොස්තලා ඉන්න රටේ ප්‍රතිකාර ගන්න එන නෝනලට අතවර කරන හොර දොස්ටරලට් ඉන්නවා (අ)
ඉතින් එයා අවශ්‍ය නැති නිසානේ කපාගෙන තියෙන්නේ (නි)
අනවශ්‍ය නිසා කපාගත් දෙයකට වැයකළ දොස්තර මහත්වරුන්ගේ කාලය අපරාදේ! (නි)
වෛද්‍යවරුන්ගේ දස්කම් පෙන්නන්න අවස්ථාවක් දුන්නාට ඒ පුද්ගලයාටත් තෑග්ගක් දෙන්න ඕනෑ නේද? (නි)