IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ජාතික විධායක සභාව රැස්වෙයි

දින සියයේ වැඩසටහනට අනුව යෝජිත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේහපාලන පක්ෂ හා පුරවැසි සංවිධානවල නියෝජනයෙන් යුතු ජාතික විධායක සභාවේ ප්‍රථම රැස්වීම අද ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා, ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක,  ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා සහ සමස්ථ ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිශාඩ් බද්යුදින් යන දේශපාලන නායකයන් මේ සඳහා සහභාගී වූහ.

රැස්වීම අවසානයේ මාධ්‍යයට අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක කියා සිටියේ ජාතික විධායක සභාවේ පළමු රැස්වීම සාර්ථක වූ බවයි. එහිදී දින සියයේ වැඩසටහන ක්‍රියාත්මක කරණු ලබන දින වකවානු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් අවශ්‍ය ව්‍යවස්ථාමය වෙනස්කම් පිළිබඳ එකඟතා කිහිපයකට එළැඹීමට හැකි වූ බවත් ඒ මහතා කියා සිටියේය. තොරතුරු දැන ගැනීමේ පනත, ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සම්මත කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් ද සාකච්ඡා කළ දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් වංචා, දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ දැඩි අවධානයක් යොමුකර එ් සඳහා ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට ද තීරණය කළ බවයි.



අදහස් (0)

ජාතික විධායක සභාව රැස්වෙයි

බන්දුල පෙරේරා Friday, 16 January 2015 02:35 AM

මට නම් කියන්න තියෙන්නේ නිදහස් පක්ෂයේ සභාපතිත්වය හිමි විය යුත්තේ එහි උප සභාපති කරුණා මැතිතුමාටයි. ඔහුට උතුරේද ජන්ද ලබාගෙන කරුණා යුගයක් ගෙන ආ හැකිය (නදී)

:       0       0

වයිකෝ Friday, 16 January 2015 02:43 AM

ජනාධිපති, නාමල් සහ මහින්ද සමග පුද්ගලික සාකච්ඡා මොකටද ? (නදී)

:       0       0

ලෙස්ලි ලෝව් Friday, 16 January 2015 02:48 AM

පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න. පසුගිය අය කළදේවල් තාම හරියට එළියට ආවේ නැහැ.ඒවා දැනගන්නා විට කාටකාටත් හීන්දාඩිය දමාවි.අපේ රටේ වාසනාවට තමයි 8 වෙනිදා මේ බල පෙරළිය සිදුවුණේ (නි)

:       0       0

නිමල් ලාලිත Friday, 16 January 2015 02:49 AM

අතිගරු ජනාධිපතිතුමනි, පාඨලී චම්පික රණවක ඇමතිතුමනි,හිටපු යුද හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකා මහත්මයාණෙනි, සිංහලයන්ට මේ රට මිස වෙන රටක් නැත.එක කල්ලියක් අවුරුදු 30කට වැඩි කාලයක් තුවක්කුවෙන් ගැසුවා. සිංහල නම ඇති කෙනෙකුට පාර්ලිමේන්තු යන්නත් සිංහල යැයි කියන ජාතිය ඉතිරිවිය යුතුයි. එබැවින් අද ඇති සිංහල ජනගහණ ප්‍රතිශතය මේ අයුරින් හෝ රැකගන්නා ලෙස සිංහල ජාතිය නාමයෙන් ඉල්ලමි. (නි)

:       0       0

සේන Friday, 16 January 2015 03:19 AM

බණ්ඩාර, සතොස විතරද? ආසියාවේ හොඳම ආර්ථික වර්ධනය තිබුණේ ලංකාවේ. සමහරුන්ට තියෙන්නේ ඊර්ෂ්‍යාව විතරයි. මොළයක් නැහැ (නි)

:       0       0

අමල් Friday, 16 January 2015 03:20 AM

බණ්ඩාර, ඔයා වගේ අය නිසා තමයි මේ රට හැදෙන්නේ නැත්තේ.ඔයාලා කැපුවත් නිල් කියන අය.හරිදේට හරි කියන්න පුරුදුවෙන්න. දැන් අතීතය වැඩක් නැහැ. වර්තමානය සහ අනාගතය ගැන බලන්න.වැරදි දේ වැරදියි කියලා හරි දේ හරි කියන්න පුරුදු වෙන්න. (නි)

:       0       0

දිල්ශාන් Friday, 16 January 2015 03:39 AM

ඉස්සර කරපුවා හොයන්නද බලය දුන්නේ? පලි ගන්නද බලය ලබා ගත්තේ? විකාර නවත්වලා රටට වැඩක් කරපල්ලා. (නදී)

:       0       0

සුරනිමල Friday, 16 January 2015 03:46 AM

ශිරාණි බණ්ඩාරනායක මැතිනියට සාධාරණයක් ඉෂ්ට කිරීමට කථා කෙරුවේ නැද්ද ? (නදී)

:       0       0

ගාමිණී Friday, 16 January 2015 03:46 AM

ඔබ තුමන්ලාට ජය වේවා. බංඩාරලට නෙත් ඇරේාවා (නදී)

:       0       0

මංජු Friday, 16 January 2015 03:48 AM

සමහර පවුල් වල සොරකම් වංචා වලට ජානමය තත්වයක් තිබෙනවා. එක්තරා අස් උන ලොක්කෙකුගේ සහෝදරිය පුද්ගලික මුල්‍ය ආයතනයක සේවයෙන් ඉල්ලා අස් වෙන්න වුනේ මහා පරිමාණ මුල්‍ය වංචාවක් නිසා. ඒ පුද්ගලයා ඊට කලින් යම් කලක සහෝදරිය ලවා එම ආයතනයේ සේවකයන් උදේට වැඩට එනවිට ඡන්ද ප්‍රචාරක පත්‍රිකා මේස උඩ තබලා එතනත් මැතිවරණ ප්‍රචාරය කරලා. ඒවා බෙදන්න බැහැ කියපු පියන්ව රැකියාවෙන් අයින් කරනවා කියල බය කරලා. මේවා උඩ ඉන්න දෙයියන්ට තමයි දැන් කියන්න වෙන්නේ. (නදී)

:       0       0

පාලිත Friday, 16 January 2015 03:57 AM

තවමත් වැරදි කල උදවිය නීතිය ඉදිරියට පමුණුවන්න ලෑස්ති බවක් පේන්නේ නැහැ. මේක හොඳ ලකුණක් නෙවෙයි. සමහරුන්ගේ වැරදි පුද්ගලික න්‍යාය පත්‍ර අනුව යට ගහනවා නම් අපි ඊළඟ ඡන්දෙන් උත්තර දෙන්න ලෑස්තියි. (නදී)

:       0       0

රසිකා Friday, 16 January 2015 10:04 AM

මට හිතාගන්න බැරි සිංහල ජාතිය කියල හොරු ටිකක් බලයේ තියන්න කියන දේත්, යුද්දය දිනුව කියල හොරෙකුව සද කාලික බලයේ තියන්න කියන එකත් සාධාරණීකරණය කරන්න හදන කුලප්පුව. හමුදාවෙන් පැනල හොරකම් කරන හැමෝම නිදහස් කරන්න ඕනේ. මොකද යුද්ද කලා කියල, සිංහල කියල....(ස)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 16 January 2015 04:05 AM

ශ්‍රී ලංකා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ජනාධිපතිතුමා පත්වීමෙන් පසු එතුමා සියලු පාක්ෂික රටවැසියන්ට ස්වාධීන විය යුතු නිසා එතුමා දේශපාලන පක්ෂයක නායකත්වය නොගත යුතුය සහ එක පක්ෂයකින් පත්වූ මන්ත්‍රීවරයෙකු වෙනත් පක්ෂයකට මාරුවීමේදී ඔහුගේ හෝ ඇයගේ මන්ත්‍රීකම අහෝසි විය යුතුය යන්න ඇතුලත් කරන්නේ නම් ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රවාදය වඩාත් සුරැකෙනු ඇත. (නදී)

:       0       0

ශාන් Friday, 16 January 2015 04:10 AM

සේන, ලංකාවේ හොඳම ආර්ථිකයක් තිබ්බා නම් කොහොමද මිනිස්සු මෙච්චර මහින්දට විරුද්ධ උනේ. එතකොට ඔය කියන විදිහට ලංකාවේ බහුතරයක්ම ඉන්නේ බුද්ධිය නැති ඉරිසියාව විතරක් තියෙන අයද? අහල බලන්න කවද්ද හරියට සල්ලි ටිකක් ඉතුරු කරගන්න පුළුවන් උනේ. කෑවේ ඇන්දේ කොහොමද කියලා. එතොකට තේරෙයි හොඳම ආර්ථිකේද කියලා. (නදී)

:       0       0

සම්පත් Friday, 16 January 2015 10:23 AM

අද මුළු රටම සතුටින්! (නි)

:       0       0

සදුන් Friday, 16 January 2015 10:33 AM

දැන්නම් රටට වැඩක් වෙයි කියලා හිතෙනවා.(හේ)

:       0       0

ගයාන් Friday, 16 January 2015 04:51 AM

සතොස තනිකර ජාතික දනය ගිලින බහිරවයෙක්. එ්ක පුද්ගලික අංශය සමග මිශ්‍ර කරලා ගොඩ දාන්න හදපු එකේ 100ට 100ක් හරි. එ්ත් බල ලෝභී දේශපාලුවන් එයාලගේ වෘත්තිය සමිති උසි ගන්නලා වැඩේ බකල් කරලා රටට වැරදි චිත්‍රයක් ගෙනිච්චා. එදා එ්ක කරා නම් අද රජයට 50 පුද්ගලික අංශයට 50 තියෙන සාර්ථක සුපිරි වෙළඳසැල් ජාලය සතොස කාර්ගිල්ස් කීල්ස් අහලකවත් නැහැ (නදී)

:       0       0

නිමල් Thursday, 15 January 2015 04:29 PM

මෙම ආරම්භය ඉතාම හොඳ ප්‍රවණතාවක්. (නි)

:       0       0

ධනුක Friday, 16 January 2015 05:24 AM

මොනවා වුණත් මුදල් වංචා කළ අයට දඬුවම් දෙන්න ඕනෑ. නැත්තම් ඡන්දය දුන් අයට අසාධාරණයක් වෙනවා. (නි)

:       0       0

උපාලි වැලිමඩ Friday, 16 January 2015 05:41 AM

අනුර මහත්තයා, අපි ඔබ සමඟයි. නිවැරැදි දේ කරන්නේ ඔබ පමණි. (නි)

:       0       0

ප්‍රමුදික Thursday, 15 January 2015 05:09 PM

මේ පාරවත් පොරොන්දු ඉටුකළොත් දේශපාලකයන්ව අපිට‍ එපාවෙන එකක් නැහැ (නි)

:       0       0

බිමල් Friday, 16 January 2015 05:50 AM

දැන් මාස 6 ට කලින් මම ලංකාවේ යාලුවෙකුට කතා කළා. පාර අතුගාලා කීයක්හරි සොයාගෙන ඉන්න රටේම ඉන්න කියලයි මට කිවුවේ. අනේ මන්දා සේනලට ලැබෙන සංඛ්‍යා දත්ත කොහෙන් ලැබෙන ඒවාද කියලා? (නි)

:       0       0

ජෙනි Friday, 16 January 2015 05:55 AM

ලංකාවේ ආර්ථික තත්වය ඔයතරම් ඉස්තරම් නම් මිනිස්සු මෙතරම් අසතුටෙන් ඇයි? හැමෝම ආර්ථික විද්‍යාව හැදෑරුවේ නැතිවුණාට මිනිසුන්ට ඔය පසුගිය කාලයේ ඉදිරිපත් කළ ආර්ථික වර්ධනය ගැන දත්ත ටික පිටරකින් ආනයන කරලාදෝ කියලා තමයි හිතුනේ. (නි)

:       0       0

චතුරංග ප්‍රියසාද් Friday, 16 January 2015 06:13 AM

දිල්ශාන්, රට ඉදිරියට යන ගමන් පෙර වැරදි ඇති සියල්ලටම පාට පක්ෂ භේදයකින් තොරව දඬුවම් කළ යුතුමයි. එය වත්මන් හා අනාගත පාලකයන්ටත් බළධාරීන්ටත් පාඩමක් විය යුතුයි (නදී) වරද්ද ගන්න එපා මම කියන්නෙ මහින්ද ෆොන්සේකාට කලා වගේ දේශපාලනික පළිගැනීම් කරන්න කියලා නෙමෙයි!!

:       0       0

දුමින්ද Friday, 16 January 2015 06:30 AM

ඔබ අප සියලු දෙනා දිනක මැරෙන අපේ දරුවන්ට සහ උන්ගේ දරුවන්ට හිමි හෙටක් වෙනුවෙන් වැඩ කලොත් ලොකු පිනක් (නදී)

:       0       0

ගාමිණි Friday, 16 January 2015 06:42 AM

මේකේ ඉන්න ඕනෑම පුද්ගලයා තමයි මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ. උන්වහන්සේ නිසයි අද මේ සේරම මෙහෙම එකමුතු වුනේ.වහාම උන්වහන්සේ මේ විධායක සභාවට පත් කරන්න.(හේ)

:       0       0

සඳුන්. Friday, 16 January 2015 06:48 AM

රටට හොදක් වෙන ඕන දේකට අපි එකඟයි. එ්ත් අදිකරණයට ගල් ගහපු අයගෙන් පාරිශුද්ධත්වයක් ලැබිය හැකිද ? (නදී)

:       0       0

උයන්ගොඩ Friday, 16 January 2015 07:27 AM

ආශීර්වාද කරමි , හොඳ හෙටක් උදෙසා. (ස)

:       0       0

බණ්ඩාර Thursday, 15 January 2015 11:34 PM

ගියපාර සොතොස වික්කා. මේ පාර මහා බැංකුවත් විකුනනවා. (නදී)

:       0       0

සමීර Friday, 16 January 2015 08:09 AM

හොරු ටික අල්ලගෙන හිරේ යවන්න.(හේ)

:       0       0

භානු Friday, 16 January 2015 08:27 AM

සංවර්ධනයට නොයෙකුත් නිර්ණායක තිබෙනවා. ගොඩනැගිලි සහ යටිතල පහසුකම් විතරක් නෙවෙයි. මානව සම්පත් සංවර්ධනය සහ ආර්ථික සාමාජයීය ගුණාත්මක භාවය යන්නත් ඇතුලත්. තුන් වේලට පෝෂදායි ආහාර ලැබීමත් මන්දපෝෂණය තුරන් වීමත් සංවර්ධනයේ එක ලක්ෂණයක්. ඒ නිසා ජනතාවට කන බනේම කියල බනින උදවිය අඩු වශයෙන් සංවර්ධනය මනින නිර්ණායක මොනවද කියල හරියට දැනගෙන ඒ ගැන කතා කලොත් හොඳයි. (නදී)

:       0       0

නිශ්ශංක Friday, 16 January 2015 08:44 AM

මෙවැනි තැනක ජෙ වි පි එක ඉන්නවා කියන්නේ අපිට යම් සාධාරනයක් බලාපොරොත්තු වෙන්න පුලුවන් (නදී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 16 January 2015 02:21 AM

බණ්ඩාර , අපේ රටේ වාසනාවට මේ බල පෙරළිය සිද්ධවුණේ . නැත්නම් විකුණාගෙන කන්නවත් අපිට මහා බැංකුවක් ඉතුරුවෙන එකක් නැහැ (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 16 January 2015 08:50 AM

නිශ්ශංක, මෙවැනි තැනක ජේ වි පි එක ඉන්නවා කියන්නේ අපිට යම් සාධාරනයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඔබගේ අදහසට 100% මමත් ඒකගයි. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 16 January 2015 08:53 AM

බඩ ගින්නට පාන් ගෙඩියක් හොරකම් කරපු අසරණයෙක් නිවසටම ඇවිත් පස්සට පයින් ගහල කුදලාගෙන අරන් ගිහින් නඩු දාල බරපතල වැඩ ඇතිව අවුරුදු 5 ක් හිරේ යවන්න පුළුවන් රටේ ඩොලර් ට්‍රිලියන දහස් ගානක් හොරකම් කරපු"මෙගා හොරු" ගැන හොයන්න කරන කැපවිම නම් මදි. (නදී)

:       0       0

තිලක් -ඩුබායි Friday, 16 January 2015 08:55 AM

ශාන්, බන්දුල පෙරේරාගේ දත් ගෙවෙන කම් දත් මිටි කකා තවත් කල්ප කාලාන්තරයක් බලා ඉන්න වෙනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 94 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 587 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 646 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 257 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 717 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 2002 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38637 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site