ජාත්‍යන්තර පාසලක ළමයින් පහළොස් දෙනකු රැගෙන යමින් සිටි වෑන් රියක් පානදුර පින් වත්තේදී සෝදිසි කළ පොලීසිය එහි හැට හැවිරිදි රියදුරා අත්අඩංගුවට ගෙන ඔහු බීමත්ව සිටියේදැයි දැනගැනීමට අධිකරණ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කළ බව පොලීසිය කියයි.
ළමයින් වෙනත් රියකන් නිවෙස්වලට යවනු ලැබුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීයා ජාත්‍යන්තර 'පොරක්නේ' බලනකොට (නි)
හොඳ දෙයක්. අගය කරමි. (ස)
දොස්තර ගාවට යවපුවම රියැදුර බීලා නැහැ කිව්වොත් මොකද කරන්නේ? වැරැද්ද කළ බව සහතිකව සාක්ෂි ඇතුව දන්නේ නැතුවද අත්අඩංගුවට ගන්නේ? බීමත් රියදුරන් අල්ලන්න නම් ඒවට අවශ්‍ය උපකරණ අරගෙන යන්න ඕනෑ. (නි)
එහෙම තමයි පොලිස්සියේ මහත්තුරු වැඩ කරන්න ඕනී ...හොද වැඩක් අගය කරමි.......... (ස)
බීමතින් රිය පදවා අසුවී වැරදිකරුවෙකු උනොත් එම තැනැත්තාගෙයි/තැනැත්තියගෙයි රියදුරු බලපත්‍රය අවුරුදු පහකට අත්හිට විය යුතුයි. (ස)
පුළුවන් නම් රජයෙන් මත්පැන් නවත්වා පෙන්වන්න (නි)
බිවුවා නම් මාමේ දැන් විදවාපන් (නි)
රජයේ අරක්කු බිව්වහමක් අල්ලනවද? (නි)
ඇයි පොලිසියේ මහත්තුරු ලග බැලුම් තිබිල නැද්ද. බැලුම් නැත්තම් යන්න පුළුවන් කියල මේ රියදුරු මාමා දන් නැද්ද.(දී)
ලලිත් ,නුවන්, රියැදුරාව නවත්වා වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කළ පොලිස් නිලදරුවා ගියේ වෙනත් වැඩකට විය හැකිය.නමුත් මල් කැකුළුවන් දරුවන් 15 දෙනෙකු රැගෙන යන වාහනයේ ගමන් විලාශයේ වෙනස තේරුම් ගෙන ඇති වූ සැකය තමන් පැමිණි රාජකාරියෙන් පිට නිසා දෙඇස් වසාගැනීම හරිද? මල් පිදිය යුතු තැනට ගල් ගල්ගහන්න එපා (නි)