IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ජාත්‍යයන්තර ජයග්‍රහණ දෙකක් රැගෙන ආ ඕෂධී

20160421OshadiHimasha-2

වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා බොහෝමයක් හරහා ඔබ හඳුනාගත් ඕෂධී හිමාෂා ශ්‍රී ලංකාවට නිරූපණය තුළින් විශාල ජයග්‍රහයණයක් ලබාදී ඇත.  ඒ තුර්කියේ පැවැති 'ෆියුචර් ෆැෂන් ෆෙස් ඔෆ් ද වර්ල්ඩ්' තරගාවලියේ පැජන්ට් ද්විත්වයක්ද දිනාගැනීමෙනි. වෘත්තීය මට්ටමේ මෝස්තර නිරූපිකාවක වන ඇය ඉදිරියේදී සිනමා රංගනයට පිවිසීමේ සූදානමකින් පසුවන්නීය. ඒ පිළිබඳව හා ඉදිරි කලා කටයුතු පිළිබඳව අපි ඕෂධීගෙන් මෙසේ තොරතුරු විමසුවෙමු.

 

2016-04-23-ent-01වර්තමාන තොරතුරු ගැන කතා කළොත්?

අවුරුදු නිවාඩුවත් එක්ක තාම වැඩ පටන් ගත්තේ නැහැ. ඉතිං අවුරුද්ද සමරලා ගෙදරට වෙලා ඉන්නවා.

 

පසුගිය දවස්වල ලංකාවෙ හිටියෙ නැහැ නේද?

ඔව්, පසුගිය දවස්වල පැජන්ට් එකක් සඳහා පිටරට ගියා. ලංකාව නියෝජනය කරමින් පැජන්ට් එකකට සහභාගී වුණා. පැජන්ට් එක ඇවිල්ලා "ෆියුචර් ෆැෂන් ෆෙස් ඔෆ් ද වර්ල්ඩ්" 2016. තුර්කියේ අනටාල්යාවල තමයි එය පැවැත්වුණේ. ඒක වර්ල්ඩ් පැජන්ට් එකක්. ඒ දේත් එක්ක පහුගිය දවස් ටිකේ ටිකක් කාර්යබහුල වුණා.

 

"ෆියුචර් ෆැෂන් ෆෙස් ඔෆ් ද වර්ල්ඩ්" පැජන්ට් එක ගැන කතා කළොත්?

ඒ සඳහා ලංකාව නියෝජනය කරමින් මම සහ තව තරුණයන් දෙදෙනෙක් ගියා. පැජන්ට් එකෙන් මම ලංකාවට ටයිටල් දෙකක් ගෙනාවා. ඒ තමයි, Best Model of the Asia සහ Best Tourism Model යන ටයිටල් දෙක. ඒ දෙකේ ජයග්‍රහණය මට හිමිවුණා.

 

එවැනි ජයක් තම රටට ලබාදීමට හැකියාව ලැබීම පිළිබඳව ඔබේ හැඟීම?

ඇත්තටම කිව්වොත් මට මං ගැනම ආඩම්බරයි. ඒ පිළිබඳව ගොඩාක් සතුටු වෙනවා. ඇත්තටම මට මේ පැජන්ට් එකට යන්න ගොඩාක් බාධක ආවා. මට හිතුවෙ නැති වෙලාවක ජයග්‍රහණයක් ලැබුණේ. නමුත් අධිෂ්ඨානයක් තිබුණා. කවදාකවත් මම හිතුවෙ නැහැ ටයිට්ල් දෙකක් ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා. මම ආඩම්බර වෙනවා එවැනි ජයග්‍රහණ දෙකක් ලංකාවට ගෙන ඒමට හැකියාව ලැබීම පිළිබඳව.

 

ඔබ කිව්ව ඒ බාධා මොනවාද?

පැජන්ට් එකට යන්න ලංකාවෙන් මට වීසා ලැබුණෙ නැති එක තමයි සිදුවුණු ලොකුම බාධකය. ලංකාව නියෝජනය කරලා පැජන්ට් එකට යන්න මාස එකහමාරට කලින් තමයි වීසා එකට ඉල්ලුම් කළේ. නමුත් මට වීසා එක ලැබුණේ පැජන්ට් එකට යන්න තියෙන ගුවන් යානයට පැය දෙකක් තියෙද්දියි. මට මේ තරගයට යන්න පුළුවන් වෙයිද කියලවත් විශ්වාසයක් තිබුණේ නැහැ. ඒනිසා ගොඩක් අතපසුවීම් වුණා සහ මම ඒ වේලාවෙ කලබල වුණා. මොකද මට වීසා ලැබුණේ ගුවන්යානයට පැය 02 ක කාලයක් තියෙද්දියි. විශේෂයෙන් මගේ හැන්ඩ් ලැ‍ගේජය පවා දාලා ගියා.

 

ලංකාවට ගරුත්වයක් ලබාදීමට උත්සාහ කරද්දී ලංකාව තුළින් ඔබට දායකත්වයක් ලබාදුන්නේ නැද්ද?

ක්‍ෂේත්‍රයේ ඉන්න අයගෙන් දායකත්වයක් ලැබුණා. විශේෂයෙන්ම කියන්න ඕන ලංකාවෙන් මට අන්තිම වෙන මොහොතක වෙනකම් වීසා එක නම් ලැබුණේ නැහැ මම දන්නෙ නෑ ඒකට හේතුව මොකද්ද කියලා. අපි ලංකාව නියෝජනය කරන්න ගියේ, ලංකාවට ගරුත්වයක් ලබාදෙන්න උත්සාහ කරද්දී ඒ අයට වගකීමක් තියෙන්න ඕනේ.

 

නිරූපණ ක්‍ෂේත්‍ර‘යේ හා රූප රචනාවල නිතර දකින ඔබ ඇයි සිනමාවට හා ටෙලිනාට්‍යවලට දායකත්වය ලබානොදෙන්නේ?

වැඩිපුරම දායකත්වය ලබාදෙන්නෙ මියුසික් වීඩියෝවලට සහ වෙළෙඳ දැන්වීම්වලට පමණයි.

 

ඒ සිනමාවට හා ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබුණේ නැති නිසාද?

ඇත්තටම කිව්වොත් මට ආරාධනා ගොඩක් ලැබිලා තිබෙනවා. දැනට අවුරුදු 4 ක කාලයක සිට මේ ක්‍ෂේත්‍ර‘යේ ඉන්නවා. ඒ නිසා මේ අවුරුදු කිහිපය තුළම මට ඒ සඳහා ආරාධනා ලැබුණා. ඇත්තටම කිව්වොත් ටෙලිනාට්‍ය පැත්තෙන් ඉදිරියට යන්න කැමැත්තක් නෑ. මොකද මාව නිරූපිකාවක් ලෙස හඳුන්වනවට මම කැමති නිසා. නිරූපණය ක්‍ෂේත්‍ර‘යේ මම හැම පැත්තක්ම ආවරණය කරලයි තියෙන්නේ. ඒ කියන්නෙ මියුසික් වීඩියෝ, වෙළෙඳ දැන්වීම්, මනාලියන් දැක්මවල්, Ramp Model කියන හැම පැත්තෙන්ම මම ලංකාවේ වැඩ කරල තියෙනවා. මට ටෙලිනාට්‍යවල සඳහා වේලාවක් වෙන්කිරීමට අපහසුතාවක් තිබෙනවා. මම ආස නෑ මගේ කාලය හිරකරගන්න. මොකද මට නිදහස අවශ්‍ය වෙනවා. ටෙලිනාට්‍යවලට ගියොත් මට තිබෙන නිදහස අඩුවෙනවා.

චිත්‍රපටය ගැන කතා කළොත් ඒ සඳහාත් මට ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් කිසිදෙයක් බාර අරගෙන නෑ. මම ආසයි හොඳ නිර්මාණයකට දායක වෙන්න. දැනට චිත්‍රපටයක් සඳහා ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙකුගෙන් ආරාධනා ලැබිලා තියෙනවා. ඒ චිත්‍රපටය ගැන වැඩි විස්තර කියන්න කැමති නෑ තාම. මේ අවුරුද්ද අන්තිම වෙද්දී චිත්‍රපටයේ රූගත කිරීම් කරන්න තිබෙනවා. සිනමාවෙන් ඉස්සරහට එයි කියලා හිතනවා.

 

අවුරුදු හතරක කාලයක් ක්‍ෂේත්‍රය තුළ රැඳී සිටින ඔබට ප්‍රවීණයන් ලැබෙන සහාය ගැන කතා කළොත්?

ක්‍ෂේත්‍ර‘යේ මම හඳුනන ප්‍රවීණයන් ගොඩදෙනෙක් ඉන්නවා. ඒ අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මොකද මම මිත්‍රශීලී සහ සරල කෙනෙක්. මම වැඩ කරන්න ගියාම ඉක්මනින් ඒ අයත් සමග සුහද වෙනවා. ඒ අයගෙන් ලැබෙන්න ඕන සහයෝගය මට හැම තැනදීම ලැබිලා තියෙනවා.

 

20160421OshadiHimasha-1නිරූපණ ක්‍ෂේත්‍රය පිළිබඳව ගොඩක්දෙනා බලන්නේ වපර ඇසින්. ඒ ගැන ඔබ දකින්නේ කොහොමද?

ඒකට වගකියන්න ඕන අපේ ක්‍ෂේත්‍ර‘යේ නියැළිලා ඉන්න සමහර අය. ඒ තැන, ඒ බලන විදිහ හදාගෙන තියෙන්නෙ අපේ ක්‍ෂේත්‍ර‘යේ ඉන්න සමහර අය විසින්. එක එක මිනිසුන් හිතන විධි තිබෙනවා. අපිට ඒවා වෙනස් කරන්න බෑ. නිරූපිකාවක් විදිහට තමන්ගේ ගමන පිළිබඳව තමන් දැනගන්න ඕන. ක්ෂේත්‍ර‘යේ අපිට යන්න පුළුවන් පැති 02 ක් තියෙනවා. ඒ හොඳ පැත්තට හෝ නරක පැත්තට. ඉතින් තමන් දැනගෙන තමන්ගේ ගමන යන්න ඕන ඉස්සරට. මිනිස්සු කියන දේවල් අපිට නවත්වන්න බෑ. නමුත් ඒ අය කියන ඇතැම් දේවල් ගැන අපේ අය වගකියන්න ඕන. ලංකාව සංස්කෘතියත් එක්ක නිරූපිකාවක් දිහා බලන විදිහ වෙනස්.

 

නිරූපණ ක්‍ෂේත්‍ර‘යේ ප්‍රවීණයන් චෝදනා කරනවා නවකයන් ප්‍රමිතියක් නැතිව එනවා යනවා කියලා. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස?

ඒකෙ ඇත්තක් නැත්තෙම නෑ. මේක ඇත්තක් තියෙනවා. තමුන් දැනගන්න ඕන තමුන්ට සුදුසුකම් තියෙනවාද නැද්ද කියලා. ඒකෙ වගකීම සම්පූර්ණයෙන්ම තමන් අතේ තියෙන්නේ. ආසාව වෙනයි, ආසාව වගේම ක්‍ෂේත්‍රයට එන්න කැපවීම, දක්ෂතාව වගේම ගුණාත්මක බවත් තියෙන්න ඕන. මොළේ ඇතිව කල්පනා කරලා බලන්න ඕන මේ ක්‍ෂේත්‍රයට එන්න ආසාවක් විතරක් තිබිලා ඇද්ද කියලා. මම ඉහතින් කිව්ව ගුණාංග ටික නැත්නම් මේ ක‍්ෂේත්‍රයට ඇවිත් වැඩක් නෑ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 


20160421OshadiHimasha-5 20160421OshadiHimasha-4 20160421OshadiHimasha-3



අදහස් (0)

ජාත්‍යයන්තර ජයග්‍රහණ දෙකක් රැගෙන ආ ඕෂධී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 72 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 1984 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 298 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 377 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1569 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1556 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38243 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 847 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 298 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site