හිටපු තානාපතිවරයකු මෙන්ම උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායකවරයකුද වන මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 29 දෙනෙකු අනුරාධපුරයේදි මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රාහාරයකින් ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධි චෝදනා ලබා සිටින ප‍්‍රධාන විත්තිකරු 2016 වසරේ ජනවාරි 25 වැනි දා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු ඛේමා ස්වර්නාධිපති මහත්මිය නියෝග කළාය.
මෙම නඩුව 2016 වසරේ ජනවාරි මස 25, 26 සහ 27 තෙදිනෙහි අඛණ්ඩව විභාගයට ගැනිමටද මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය.
ප‍්‍රධාන සැකකාර උමාර් හබිතාබ්ට එරෙහිව නීතිපති අධි චෝදනා 48 ක් ගොනු කැර ඇත.
මේ අතර මෙම අපරාධයට අධාර අනුබල දුන් බවටත් ඒ සදහා කුමන්ත‍්‍රණය කළ බවටත් අනුරාධපුර මහාධිකරණය හමුවේ වරද පිලිගත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා හැරිමේ අංශයේ හිටපු කර්නල්වරයකුට වසර විස්සක බරපතල වැඩ සහිත සිර දඩුවමක් උතුරු මැද පළාත් බද හිටපු මහාධිකරණ විනිසුරු සහ වයඔ පළාත් බද වත්මන් මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා මීට පෙර නියම කළේය.
මෙම අපරාධයට අධාර අනුබල දිමේ වරදට වසර දහයක්ද කුමන්ත‍්‍රණය කිරිමේ වරදට වසර දහයක්ද වශයෙන් වෙන්ව මෙම විසි වසරක බරපතල වැඩ සහිත සිර දඩුවම නියම කෙරිණි. එසේ මීට පෙර දඩුවම් නියම වුයේ මෙම නඩුවේ දෙවන විත්තිකාර මඩකලපුව චෙන්කලඅඩි පදිංචි සම්මුගනාදන් සුදාහරන් නැමැති කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝමිබ පුපුරුවා හැරිමේ අංශයේ හිටපු කර්නල්වරයකුටය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
මැතිවරණ රාජකාරී සඳහා මරදාන පොලිස් ස්ථානයෙන් කහතුඩුව පොලිස් ස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරියෙකු අනවසරයෙන් පලා ගොස් පුද්ගලයකුගේ ජංගම දුරක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අදාළව දෙවැනි ගණනය කිරීමකට යෑමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජානක පෙරේරා ඝාතනයේ නඩු විභාගය ජනවාරියේ